සුජිත් හේවාජුලිගේ
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන කළ 2022 - 23 අධ්‍යයනයේ දී තොරතුරු හෙළිවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
එම ප්‍රතිශතය ඒ වර්ෂයේ මාර්තු මාසය වෙන විට පැවතියේ සියයට දාහතක් වශයෙනි. මේ අනුව පසුගිය 2023 මාර්තු වෙන විට තිස්හත් ලක්ෂ හතළිස් හය දහස් දෙසිය අනූවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත තත්ත්වයේ සිටි අතර 2023 සැප්තැම්බර් වෙනවිට පනස් දෙලක්ෂ අසූඅටදහස් අටසිය අසූ අටක් දක්වා පහළොස් ලක්ෂ හතළිස් දෙදහස් පන්සිය අනූවකින් එය ඉහළ ගොස් ඇති බව පෙනී යයි.
වතු අංශයේ ආහාර අනාරක්ෂිතතාව සියයට 42 සිට සියයට පනස් දෙක දක්වා අනූතුන්දහස් පන්සිය අනූ තුනකින් ඉහළ ගොස් ඇත. ග්‍රාමීය අංශයේ ආහාර අනාරක්ෂිතතාව සියයට දාහතේ සිට 25 දක්වා දහතුන් ලක්ෂ අසූඅට දහස් හත්සිය හතළිස් හතකින් ඉහළ ගොස් ඇත. ආහාර අනාරක්ෂිතතාව වැඩි වශයෙන් ඉහළ ගොස් ඇත්තේ කාන්තාවන් ගෘහ මූලිකයන් ලෙස සිටින පවුල්වල බවද එම අධ්‍යයනයේදී හෙළි වී ඇත. මේ අනුව සියයට 23 සිට 32 දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරයි. පිරිමින් ගෘහ මූලිකයන් ලෙස සිටින පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 16 සිට සියයට 22 දක්වා ඉහළ ගොස් තිබේ. සමෘද්ධිලාභී පවුල්වල ආහාර අනාරක්ෂිතතාව සියයට 43 සිට 57 දක්වා ඉහළ ගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇත.
සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක ඉහළ නායකත්ව තනතුරු ලබාගැනීමට කණ්ඩායම් කිහිපයක් රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පසු
ශ්‍රී ලංකාවේ නිසි පරිදි ප්‍රමාණවත් ආහාර නොලැබෙන පිරිස (ආහාර අනාරක්ෂිත පිරිස) පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වෙන විට සියයට 24කින් පමණ ඉහළ ගොස් ඇතැයි එක්සත
මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවකදී වෙඩි තබා 11 දෙනෙකුගේ මරණ සිදුකිරීමේ සිද්ධියට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීමට නොවැ. 22 වැනිදා අ
ප්‍රමිතියෙන් බාල පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව ආරක්ෂක අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා වයි. ඩී. එන්.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිර
ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කම්කරුවන් සැලකිය යුතු පිරිසක් රැකියා සඳහා විදෙස් රටවලට යෑම සහ පෞද්ගලික ආරක්ෂක සේවය ඇතුළු වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉදිර
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ලංකාවේ බඩගින්න වැඩි වෙලා ලෝක ආහාර වැඩසටහන කියයි