උපුල් වික්‍රමසිංහ
ශානි අබේසේකර ඇතුළු දක්ෂ විමර්ශකයන් යටතට සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය පත් කිරීමට සැලසුම් කර ඇති බව නම හෙළි කිරීමට අකමැති වූ අමාත්‍යවරයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව පසුගිය කාලයේ දී විවිධ හේතු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු දක්ෂ විමර්ශන නිලධාරීන් යටතට ලසන්ත ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන සිදුවීම්වල විමර්ශන පත් කෙරෙනු ඇති බව ද එම අමාත්‍යවරයා කීවේය.
එම නිලධාරීන් ලසන්ත ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන සිද්ධිවලට අදාළ විමර්ශන මෙහෙයවමින් සිටිය දී පැවති ආණ්ඩු විසින් ඔවුන් ඒ විමර්ශනවලින් ඉවත් කරනු ලැබ එකී විමර්ශන ඉදිරියට යෑම වැළැක්වීමට පියවර ගත්ත ද වත්මන් රජය යටතේ අදාළ විමර්ශන කරගෙන යන බව ද හෙතෙම සඳහන් කළේ ය.
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගො
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්
ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර
කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රා
කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවස
වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලසන්ත ඝාතන විමර්ශන ශානි යටතට