IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්

ඉන්දික හේවාවිතාරණ
දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක් බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. 

දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න අගෝස්තු 15 වැනි දින සිට වෙළෙඳ පොළට පැමිණීම ආරම්භ වීම අනුව අස්වනු විශාල කොටසක් මේ වන විට විකුණා අවසන් බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
අස්වැන්න වෙළෙඳ පොළට පැමිණි මුල් අවස්ථාවෙහිදී ලොකු ලූනු කිලෝවක් රු. 120-රු.130 අතර මුදලකට මිලදී ගත්තද අස්වැන්න ලැබීම ක්‍රමානුකූලව අඩු වීමත් සමග ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රු. 180-රු.200 අතර මිලකට ඉහළ ගිය බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව  විසින් දේශීය ගොවියාගේ අස්වැන්නට හොඳ මිලක් ලබා දීම සඳහා පසුගිය 06 වැනි දින සිට රු.10ක්ව පැවති ආනයනික ලොකු ලූනු බද්ද රු. 30 දක්වා රු. 20කින් ඉහළ දමා ඇතත්  තවමත් ලොකු ලූනු කිලෝවක් ගොවීන්ගෙන් මිලදී ගන්නේ රු. 200කට ආසන්න මුදලකට වීම නිසා බදු ඉහළ දැමීමේ වාසිය ගොවීන්ට නොලැබෙන බව ඔහු පැවසීය.  
රජය විසින් බදු ඉහළ දැමීමත් සමග වෙළෙඳ පොළේ රු.250-රු.270 අතර මුදලකට අලෙවි කළ දේශීය ලොකු ලූනු කිලෝවක මිල රු. 320-රු.350 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව කිලෝවක් රු. 120 කට මිලදී ගෙන ගබඩා කරගෙන සිටි ව්‍යාපාරිකයන් මේ වන විට ලොකු ලූනු කිලෝවක් රු. 320 ඉක්ම වූ මිලකට අලෙවි කරමින් අධික ලාභයක් උපයා ගන්නා බව අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.
දැනට රු.200කට මිලදී ගන්නා දේශීය ලොකු ලූනු කිලෝවක් පවා ජනතාවට අලෙවි කරනු ලබන්නේ රු.320 ඉක්මවූ මුදලකට බව ඔහු කීය.
දේශීය ගොවීන් ලොකු ලූනු වගා කටයුතු ආරම්භ කරන්නේ සෑම වසරකදීම මාර්තු හා අප්‍රේල් මාසවලදී වන අතර අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන්නේ අගෝස්තු මාසයේදීය.
දැනට පවතින තත්වය අනුව වාර්ෂිකව අවශ්‍ය වන ලොකු ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් පමණ වේ. මෙම ප්‍රමාණයෙන් මෙරට නිෂ්පාදනය කරන්නේ සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් නිසා දේශීය වශයෙන් වගා කරන භූමි ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ දමා ගොවියාගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණීමට ආසන්න කාලවලදී ආනයනික බදු ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

 



අදහස් (0)

ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

පුවත්

ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 14 95 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
2024 ඔක්තෝබර් මස 14 56 0

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 14 15 0

දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු


නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
2024 ඔක්තෝබර් මස 14 21 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්
2024 ඔක්තෝබර් මස 14 43 0

දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 141 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 622 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site