යොහාන් භාසුර
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධිතාක්‍ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා යොදාගැනීමෙන් රුපියල් ලක්‍ෂ 200කට අධික පාඩුවක් කර ඇති හෙයින් එම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට උපදෙස්දීම සහ අලාභහානි කිරීම යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය වරාය සේවක පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායකගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාළ නවීණ අධිතාක්‍ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
හිටපු සභාපතිවරයාගේ පැසසුම් බලාපොරොත්තුවෙන් වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සංවිධානය කළ එම විනෝද චාරිකාවේදී එම යාත්‍රාවේ රාජකාරියට නියමිත නිලධාරීන් දෙදෙනා වෙනුවට පළපුරුද්ද අඩු පුද්ගලයකු යාත්‍රාව පැදවීමට නීත්‍යනුකූල නොවන ලෙස යොදවා ඇති බවත් එම නිලධාරියාගේ පළපුරුද්ද අඩුවීම හේතුවෙන් යාත්‍රාව මාබල් බීච් ප්‍රදේශයේදී ගල්පරයක හැපී අනතුරට පත්වූ බවත් එහි සඳහන් වේ.
සැපයුම් කොට්ඨාසයේ මිලදී ගැනීමේ වාර්තා අනුව රුපියල් මිලියන 20 ක් හෙවත් රැපියල් කෝටි දෙකකට අධික මුදලක් යාත්‍රාව අලුත්වැඩියා කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට වැයවී ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් වැයකර එම යාත්‍රාව අලුත්වැඩියා කළ ද යාත්‍රාව භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ලොග් සටහනක් හෝ ලිඛිත සාක්‍ෂි නොතැබූ වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා බලය පාවිච්චි කර සිද්ධිය යට ගැසූ බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම යාත්‍රාව නැවත වරක් අලුත්වැඩියා කිරීමට නාවික හමුදාව වෙත පැවරීමේ සූදානමක් පවතින බව කියන වරාය සේවකයෝ වරාය අධිකාරියේ දක්‍ෂ ඉංජිනේරුවන් සිටියදී එහි පිරිවැය පිළිබඳ තොරතුරු හෙළිවීම වැළැක්වීම සඳහා නාවික හමුදාවට අලුත්වැඩියාව පවරන බව සඳහන් කරති. මෙම අපරාධය පිළිබඳව වරාය අධිකාරියේ සේවකයන් කීපවරක්ම පැමිණිලි කළ ද වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පවතින සෑම ආණ්ඩුවකම මැති ඇමතිවරුන් පසුපසින් යමින් සිද්ධිය යටපත් කළ බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්‍රදානය කළ නවීන අධි
පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටකට වැඩි පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා තරග ව
ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේ 25 වැනි අදියර ජනවාරි මස 7 වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හ
ලන්ච්ෂීට් හා ෂොපින් බෑග් නිෂ්පාදනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැන වූ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පොලිතින
පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරුවලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් සමග ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි ම
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අයකර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වරායේ ලොක්කෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්