IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වාලච්චේනේ හදන පොතක අකුරු ලියමු

 

  • එහෙනම් අපිත් වාලච්චේනයේ අභ්‍යාස පොතක ලියමුද?   
  • ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීය කර හදන වාලච්චේන කඩදාසිය
  • ඔන්න දැන් වාලච්චේන කඩදාසි පොත්වලත් ලියන්න පුළුවන්

 

කැලණිය නම් ටයර්, ඔරුවල නම් වානේ, වාලච්චේන නම් කඩදාසි යන වදන් කාලයේ වැලිතලාවෙන් වැසීගිය දේශීය නිෂ්පාදන සංස්කෘතියේ මතකයන්ය. සියල්ල පිටරටින් එන තෙක් දත නියවන ජාතියට ඉඳහිට හෝ කොනිත්තා ගැනීමට ඒ සංස්කෘතික උරුම පිළිබඳ මතකය අවධි වන්නේ ආර්ථික අර්බුදය විවිධාකාර ලෙස ගතට හිතට දැනෙන විටය.   

 

වාලච්චේන කඩදාසි කම්හල දේශීය නිෂ්පාදන සංස්කෘතිය තුළ ඉහළින්ම තිබූ උරුමයකි.   


නැගෙනහිර ජර්මානු රජයේ පරිත්‍යාගයක් ලෙස 1952 වර්ෂයේදී මෙරටට ලැබුණු කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර මඟින් දේශීය කඩදාසි නිෂ්පාදනය මුලින්ම ආරම්භ වන්නේ එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ ජී.ජී. පොන්නම්බලම් මහතාගේ මූලිකත්වයෙනි. පිදුරුවලින් කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරමින් ඉතා කෙටි කාලයක් තුළ කඩදාසි නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 35ක් දක්වා වර්ධනය වී තිබූ මෙම නිෂ්පාදනාගාරය 1993 වර්ෂයේ ඵලදායිතා සම්මානයටද හිමිකම් කීවේය.   
කඩදාසි නිෂ්පාදනය සමග ඓතිහාසික පුරාවෘතයක් නිර්මාණය වූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව තුළ එවකට සේවකයින් 4000ක් පමණ සේවය කර ඇති අතර 1990-94 කාලය මෙහි ස්වර්ණමය යුගය වීය. කෙසේ වෙතත් ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙළෙඳපොළට පැමිණීමත් ඉන්පසු රජයන් විසින් විවිධ අවස්ථාවලදී කඩදාසි ආනයනික බදු පහළ හෙළමින් ආනයනය වැඩි කිරීමත් මගින් මෙහි නිෂ්පාදන අලෙවිය පහත වැටිණි. 1994 දී ඉන්දීය රජය සමග අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට අනුව මෙම බදු මුදල 5% ක් දක්වා පහත හෙළිණි. දේශපාලනික හා ව්‍යාපාරික වුවමනා වෙනුවෙන් මෙලෙස තීරුබදු පහත හෙළීම හේතුවෙන් ආනයනික කඩදාසි මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. මේ හේතුවෙන් කඩදාසි කම්හලේ 20%ක්ව පැවැති සැපයුම 5.1% දක්වා පහත වැටිණි. කෙසේ නමුත් 1994 න් පසු දේශපාලකයින්ගේ දූෂිත ක්‍රියා නිසා කණකොකා හඬන වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දැමීමේ මග විවර විය.   


2019 දී එයට අත්වූ ඉරණම වූයේ අබලි යකඩවලට මෙම නිෂ්පාදනාගාරයේ යන්ත්‍ර විකුණා දැමීමට එවකට රජය තීරණය කිරීමය. කැබිනට් පත්‍රිකාවක් මඟින් යකඩවලට විකිණීමට ගිය කඩදාසි කම්හල් මැෂින් උපකරණ දෙක මස් කිරීමට පිරිසක් මග බලාගෙන සිටියහ.   


එහෙත් 2020 වර්ෂයේදී ඒ ඉරණම වෙනස් විය. එවකට කර්මාන්ත ඇමැතිවරයා වාලච්චේන තකඩදාසි කම්හලේ කළ නිරීක්ෂණයක දී මෙම නිෂ්පාදනාගාරය නැවත පිළිසකර කිරීමේ කටයුත්ත ආරම්භ විය. යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ආකාරයට විනාශ වී තිබුණද එම කම්හල පිළිසකර කර නැවත වැඩ බාරගැනීමේ අභියෝගය භාරගත් වර්තමාන සභාපති විමල් රූපසිංහ මහතාය. මහා භාණ්ඩාගාරයට බරක් නොවී මෙය ගොඩ නැගීමේ කාර්ය දියත් කළේ සීමිත සම්පත් ප්‍රමාණයකිනි. වසර තුනක් ගෙවී ගොස් අද වනවිට යකඩවලට විකුණන්න ගිය කඩදාසි කම්හල ලාභ ලබන තත්ත්වයට රැගෙන එන්නට ඔවුන්ගේ උත්සාහයට වටිනාකමක් ලැබී ඇත.   
‘වාලච්චේන කඩදාසි නගරය අද කොළඹට ඇවිත් අවසන්ය.’ වසර 26 කට පසුව 2020 වසරේ යළි උපන් වාලච්චේන කඩදාසි නගරය මේ වනවිට කඩදාසි වර්ග රැසක් වෙළෙඳ පොළට නිපදවන අතර වාලච්චේන කඩදාසි නිෂ්පාදනය කරනු ලබන්නේ ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙනි. මෙතෙක් කලක් රළු කඩදාසිය පමණක් නිපදවූ අතර මේ වනවිට ලංකාවේ නිෂ්පාදිත කඩදාසියකින් පළමු වතාවට පාසල් අභ්‍යාස පොතක් නිෂ්පාදනය කිරීමටද ඔවුන් සමත්වී ඇත. එමෙන්ම මේ වනවිට සමහර රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තමන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසිවලින් සපයා ගැනීමට පෙළඹීම සැබැවින්ම සතුටට කරුණකි.   

මේ ජාතික කඩදාසි සංස්ථාවේ වර්තමාන සභාපති විමල් රූපසිංහ මහතාගේ හඬයි.   


‘2020 නැවත පණ දුන් වාලච්චේන කඩදාසි කම්හලේ සභාපතිවරයා ලෙස වැඩ භාරගනිද්දී එවකට කර්මාන්ත ඇමැති ලෙස හිටපු විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස මගෙන් ඇහැව්වේ ‘මේක හොල්මන් මන්දිරයක් මිසක් වැඩ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මේක යථාතත්ත්වයට ගේන්න පුළුවන්ද කියලා විතරයි. මම ඒ අභියෝගය භාරගත්තාට මම ​මේක ගොඩ ගනීවි කියලා පිළිගන්න බැහැ කිව්වා. ප්‍රතිපාදන දෙන්නත් නැහැ කිව්වා. අභියෝගය දරුණු වුණත් මම ඒක නොසැලී බාරගත්තා.   
බොයිලේරුව පිළිසකර නොකර යන්ත්‍රය පණගැන්වීමට නොහැකි නිසා මුලින්ම විශාල පිරිවැයක් දරලා බොයිලේරුව පිළිසකර කළා. ඊට පස්සේ  කඩදාසි  යන්ත්‍ර පිළිබඳ මනා දැනුමක් තියෙන ඉන්දියානු විශේෂඥයකු සහ ඉංජිනේරුවන් පිරිසකගේ සහය ලබාගෙන සම්පූර්ණයෙන්ම මැෂින් එක අලුත්වැඩියා නොකර අඩු වියමකින් ක්‍රියාත්මක කළ හැකි කොටස මුලින්ම පණ ගන්වන්න තීරණය කළා. ඒ විදිහට පාර්ශ්ව කිහිපයකගේ එකමුතුවෙන් වාලච්චේන කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට ගේන්න හැකි වුණා.   


දැනට වාලච්චේන වැඩ බිමේ දැවැන්ත නිෂ්පාදන යන්ත්‍ර දෙකෙන් එකක් අක්‍රියවෙලා තියෙන්නේ. එහි අඩුව අපිට තදින්ම දැනෙනවා. දැනට ක්‍රියාත්මක කරන යන්ත්‍රයත් අඩුලුහුඬුකම් ඇතිව තමයි ක්‍රියා කරන්නේ.   


එසේ තිබියදීත් අපි දිනකට ටොන් 15-20 අතර දෛනික නිෂ්පාදනයක් කරනවා. ඒවගේම අනෙක් මැෂින් එකත් සකස් කරගන්න පුළුවන් නම් මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් 50%ක නිෂ්පාදනය කරන්න අපිට හැකියාව තියෙනවා.   

 

දැනට වාලච්චේන කඩදාසි නිෂ්පාදනාගාරය හරහා කෑම පැකින්වලට අවශ්‍ය කඩදාසිය, සුදු කඩදාසිය, රළු කඩදාසිය, A4 කඩදාසිය, කඩදාසි බෑග්වලට අවශ්‍ය කඩදාසිය නිෂ්පාදනය කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත, ගොවිසෙත ටිකට් පත් මුද්‍රණය කළෙත් වාලච්චේන කඩදාසියෙන්. පස්සේ ඉන්දියාවෙන් අඩු මුදලට එයාලා කඩදාසි ගත්තා. දැන් ජාතික ලොතරැයි මණ්ඩලය අපෙන් කඩදාසි ගන්නේ නැහැ. ඒ මුදල සොයා ගන්න අපි ගුණාත්මක භාවයේ අභ්‍යාස පොතක් මුද්‍රණය කරන්න පසුව තීරණය කළා.  

 


අපි අයිති වෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයට වුණත් අපි ආණ්ඩුවෙන් මහාභාණ්ඩාගාරයේ මුදලින් නඩත්තු වෙන්නේ නැහැ. කොටින්ම කියනව නම් අපි රජයට බරක් වෙලාම නැහැ. අපි මේක දුවන්නේ 2021 දී මහජන බැංකුවෙන් ගත්ත ණය මුදලින්. ඒ ණය මුදල ගෙවන්නෙත් මේ කඩදාසිවලින් ලැබෙන ආදායමින්. 2020ට කලින් මේ කර්මාන්තය වහලා දාද්දි එකතු වුණ ලයිට් බිල් තියෙනවා හිඟ රුපියල් මිලියන 120ක්. ඒකත් අපි කොටස් වශයෙන් ගෙවාගෙන යනවා. මේක වහන්න කලින් සේවකයෝ 4000ක් සේවය කරලා තියෙනවා. අපි නැවත මේක ආරම්භ කරද්දී අපි බඳවාගත්තේ කලින් වැඩ කරපු පුහුණු ශ්‍රමිකයින්මයි. පළපුරුදු අය යොදා ගත්ත නිසා තමයි අපිට මේක ගොඩගන්න පහසු වුණේ. දැනට සේවකයෝ 120ක් අපි එක්ක වැඩ කරනවා. මම ඒ සියලුම දෙනාට ස්තුති කරනවා අමාරුම තැන්වලදී අපිව අත් නොහැරපු එකට.   

ඉස්සර මේ කඩදාසිය නිෂ්පාදන කරලා තියෙන්නේ පිදුරු උපයෝගී කරගෙන. අපි දැන් කඩදාසිය හදන්නේ ඉවතලන කඩදාසි නැවත ප්‍රතිචක්‍රීයකරණය කරලා. ලංකාවෙන් ඉන්දියාවට මාසෙකට ටොන් දහ දාහක් පරණ පත්තර කඩදාසි පටවනවා. අපි ඒ අයගෙන් තමයි කඩදාසි මිලදී ගන්නේ. ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවෙන් එකතුවෙන උත්තර පත්‍ර අපිට දෙනවා. ඒ වගේ රාජ්‍ය ආයතනවල ඉවත් කරන කඩදාසි හා කාඩ්බෝඩ් අපිට ලබාදෙනවා. මේ මැෂින් වසර ගණනාවක් පැරැණියි. කඩදාසිවල ගුණාත්මක භාවය යම් යම් විදිහට අඩු වැඩි වෙනවා. පිටරටින් ගෙන්වන කඩදාසියට වඩා ඒත් ගුණාත්මක මට්ටමේ කඩදාසියක් වෙළෙඳපොළට දෙන්න අපිට හැකියාව තියෙනවා.  
දැනට වාලච්චේන කඩදාසි නිෂ්පාදනාගාරය හරහා කෑම පැකින්වලට අවශ්‍ය කඩදාසිය, සුදු කඩදාසිය, රළු කඩදාසිය, A4 කඩදාසිය, කඩදාසි බෑග්වලට අවශ්‍ය කඩදාසිය නිෂ්පාදනය කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත, ගොවිසෙත ටිකට් පත් මුද්‍රණය කළෙත් වාලච්චේන කඩදාසියෙන්. පස්සේ ඉන්දියාවෙන් අඩු මුදලට එයාලා කඩදාසි ගත්තා. දැන් ජාතික ලොතරැයි මණ්ඩලය අපෙන් කඩදාසි ගන්නේ නැහැ. ඒ මුදල සොයා ගන්න අපි ගුණාත්මක භාවයේ අභ්‍යාස පොතක් මුද්‍රණය කරන්න පසුව තීරණය කළා.  


ලංකාවේ පාසල් දුවාදරුවන්ට අභ්‍යාස පොත් මිලදී ගන්නවා කියන්නේ මේ කාලේ හරිම අමාරු දෙයක්. ඒ තරමට පොත් මිල ඉහළ ගිහින් තියෙනවා. අපි හිතුවා අපිට පුළුවන් ආකාරයට පහසු අඩු මුදලට දරුවන්ට පොත් ටික මුද්‍රණය කරලා දෙන්න.  

පාසල් දරුවන්ට අවශ්‍ය සී.ආර්. සාමාන්‍ය අභ්‍යාස පොත් සාධාරණ මිල ගණන්වලට වාලච්චේන නිෂ්පාදිත අභ්‍යාස පොත් කට්ටල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙච්චර කාලයක් වාලච්චේන කඩදාසි කොළඹට ගෙනැල්ලා විකුණන්න තැනක් අපට තිබුණේ නැහැ. අපි අවම පහසුකම් යටතේ ගුණාත්මක බවෙන් ඉහළ අභ්‍යාස පොතක් ගහලා ‘වාලච්චේන කඩදාසි නගරය කොළඹ ඇවිත්’ කියන තේමාව යටතේ අඩු මුදලට අභ්‍යාස පොත් මිලදී ගැනීමට හැකි අලෙවි පියසක් කොළඹ ආරම්භ කළා.  


කිරුළපන ස්ටැෆඩ් ඇවනිව්හි අංක 61 දරන ස්ථානයේ මේ අලෙවි පියස ක්‍රියාත්මක වෙනවා. එහිදී වාලච්චේන කඩදාසියෙන් නිෂ්පාදිත අභ්‍යාස පොත්, සුදු මුද්‍රණ කඩදාසි, කෑම ඔතන කඩදාසි ආදී විවිධ කඩදාසි වර්ග අඩු මුදලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ නිෂ්පාදිත කොළයකින් පළමු වතාවට තමයි අභ්‍යාස පොතක් අපි මුද්‍රණය කළේ.   
පත්තර මුද්‍රණයට අවශ්‍ය කඩදාසියක් මුද්‍රණයට ඉදිරියේදී අපි ලෑස්තියි.  


දැනටමත් එක් ළමා පුවත්පතක 60%ක්ම මුද්‍රණය කරන්නේ වාලච්චේන කඩදාසියෙන්. පුවත්පත්වලට අවශ්‍ය කඩදාසියක් අපිට සැකසීමේ හැකියාව තියෙනවා. එයට අවශ්‍ය උපකරණ කිහිපයක් තියෙනවා. දැනට ඒ උපකරණ අපි ළඟ නැහැ. ඒ අවශ්‍ය උපකරණ, කෙමිකල් සපුරා ගන්න හැකියාව ලැබුණු විගස අපි පුවත්පත්වලට අවශ්‍ය කඩදාසිය ලංකාවේම හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අවශ්‍ය තාක්ෂණය සහ පළපුරුද්ද අපි ළඟ තියෙනවා. උපකරණවල අඩුව තමයි තියෙන්නේ.  


කඩදාසිවලින් වැඩ ගන්න අපේ රටේ ඉන්න සියලුම දෙනා වාලච්චේන කඩදාසි අපෙන් මිලදී ගන්න පෙලඹිලා ඉන්නවා. ඇත්තෙන්ම ඒක අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. අභ්‍යාස පොත් වෙළෙඳපොළට නිකුත් කරපු දවසේ අභ්‍යාස පොත් ගන්න ආවේ පෝලිමේ.  

 

සටහන
නදීශා අතුකෝරළ

 



අදහස් (5)

වාලච්චේනේ හදන පොතක අකුරු ලියමු

Akitha Friday, 07 April 2023 04:14 PM

අහන්නත් සංතෝසයි... ලංකාවේ කඩදාසි නිෂ්පාදනය නැවත ලාභ ලබන තත්වයට ඇවිල්ලා කියලා. ලාභ ලභනවා කිව්වාම අපේ දේශපාලකතුමාලාට ඕනෙ වෙනවා ඕකට අත දාන්න. එතකොට මේ සභාපතිතුමාව ගෙදර යවලා හෙංචයියෙකුට දෙනවා. කර්මාන්තශාලා ගොඩ දැමීම සහ සාර්තකව පවත්වාගෙන යාම හැමෝටම කරන්ඩ බෑ කියලා තේරෙනෙකොට අශ්වයා පැනලා ගිහිල්ලා තියෙයි.

:       0       131

Prabash Friday, 07 April 2023 05:20 PM

මෙන්න කොල්ලෝ... මේ තමයි නියම වීරයෝ...!

:       0       74

himal Monday, 10 April 2023 11:00 AM

කොළඹට එන්නම ඕනැ නෑ. තැපැල් දෙපාර්තමේන්තුව එක්ක එකතුවෙලා කුරියර් ක්‍රමයට පොත් විකුණන්න පටන් ගත්තා නම් ලංකාව වටේම අයට ගන්න තිබ්බා.

:       2       13

Pradeep Kumara Monday, 10 April 2023 01:10 PM

හොඳ වැඩක්...

:       0       25

CC Wednesday, 12 April 2023 11:43 AM

අපේ රට ගොඩදාන්න නම් මෙවැනි දේශීය කම්හල් හැකිතරම් ආරම්භකර සාර්ථකව ඉදිරියට පවත්වා ගත යුතුයි. මෙහි නිෂ්පාදන රටේ ජනතාවට හුරුකර අපේ දේ වැළඳ ගැනීමට සමස්ථ ජනතාවගේ සහයෝගය ලබාගත යුතුයි. ඒ සඳහා තේමා පාඨය වියයුත්තේ " ආදරණීය දරුවනි, ඔබේ සහයෝගය අපේ දියුණුවයි රටේ අනාගතයයි " මෙයට බලලෝභී දූෂිත දේශපාලුවන්ගේ බැල්ම වැටුණොත් ඉවරයි. මෙය දියුණු කිරීමේ වෑයමට උරදෙන කළමනාකාර මහතාණෙනි, ඔබේ කැපකීරීම මහන්සිය හා ඔබගේ සැලසුම් සහගත වැඩපිළිවෙලට අපගේ ප්‍රණාමය පුද කරමු. ඔබට ජයවේවා!!! රටට ජයවේවා!!!.

:       0       39

ඔබේ අදහස් එවන්න

පුවත්

ජනපති අපේක්ෂකයෝ විස්සක් මහ ඡන්දෙට
2024 සැප්තැම්බර් මස 21 116 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින බව බුද්ධි අංශ සහ දේශ


ඡන්දයෙන් පසු කෝලාහල කරන අයට වෙඩි
2024 සැප්තැම්බර් මස 21 74 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක


‘මැ.කො.’ මහ ඡන්දෙට සූදානම් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස්
2024 සැප්තැම්බර් මස 21 28 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ම දිස්ත්‍රික් ත


මැතිවරණ වියදම් සීමාව ඉක්මවා කටයුතු කළ අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර
2024 සැප්තැම්බර් මස 21 32 0

ජනාධිපතිවරණයේ දී මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ප්‍රකාශයට පත්කර ඇති මුදලට වඩා වියදම් කර ඇති අපේක්ෂකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පැෆ්රල් සංව


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවුණාද?
2024 සැප්තැම්බර් මස 21 39 0

පසුගියදා පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණයෙන්ම පිටවී ඇති බව විභාගය සඳහා ඉදිරිපත් වූ දරුවන්ගේ මවුපියෝ චෝදනා කරති.


නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්
2024 සැප්තැම්බර් මස 09 82 0

වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site