IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට

උපුල් වික්‍රමසිංහ
දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ අජිත් විජේමාන්න ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වලට වැසි පතිත විය හැකි බව ද සවස් හා රාත්‍රී කාලවලදී දිවයින පුරා වැසි ඇති විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලිසහගත ස්වභාවය ලබන 15 වැනිදායින් පසු අඩු වෙතැයි අපේක්ෂා කරන බව කී කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයා ඒ අනුව එදින සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වෙන බව ද ප්‍රකාශ කළේය. ඉකුත් 11 වැනිදා වැඩිම වර්ෂාපතනයක් හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත් එය මිලි මීටර් 276 ක් බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුගිය 11 වැනිදා නිකුත් කොට තිබූ වාර්තාවක දැක්වුණේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එදින වෙන විට පවුල් 9,835 කට අයත් පුද්ගලයන් 31,006 දෙනකු පීඩාවට පත්ව සිටි බවය.
මේ අතර ඉකුත් 11 වැනිදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගාල්ල, කළුතර, මාතර, කෑගල්ල, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව නායයෑම් සම්බන්ධයෙන් අවධානයෙන් (අනතුරු ඇඟවීමේ මට්ටම 2) පසු විය යුතු බවය.

 

 



අදහස් (0)

වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

පුවත්

ජාතික ලැයිස්තුව පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 14 95 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


රාජ්‍ය සේවයේ පුරප්පාඩු නිසා සේවා ගැටලු
2024 ඔක්තෝබර් මස 14 56 0

රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්


වැස්ස 15 දා දක්වා පුද්ගලයන් 31,000 ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 14 15 0

දැනට පවතින වැසි තත්ත්වයෙහි යම් අඩු වීමක් හෙට (12දා) සහ අනිද්දා (13දා) යන දින දෙකේදී අපේක්ෂා කළ හැකි වුවත් ලබන 15 වැනිදා දක්වා වැසි සහිත කාලගුණය පවතින බව කාලගු


නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේපයි පක්ෂ හා කණ්ඩායම් 616ක් ඡන්ද සටනට දිගාමඬුල්ලෙන් 64ක්
2024 ඔක්තෝබර් මස 14 21 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමිෂන් සභ


ලොකු ලූනු ආනයනික බදු වැඩි කිරීමෙන් ගැටලු රැසක්
2024 ඔක්තෝබර් මස 14 43 0

දේශීය ලොකු ලූනු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික බද්ද රුපියල් 20 කින් ඉහළ දැමීමෙන් සිදු වූයේ පාරිභෝගික ජනතාවට වැඩි මිලට ලොකු ලූනු මිලදී ගැනීමට සිදුවීම පමණක


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ
2024 ඔක්තෝබර් මස 07 141 0

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 623 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site