සුදර්ශනී කෝණාර
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කරයි.
ජීවිත ආරක්ෂක ඖෂධ 12ම මේ වන විට හිඟ බව එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
එමෙන්ම වැටුප් සහ යහපත් වෘත්තීය පරිසරයක් නොතිබීම හේතුවෙන් පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයේ දී වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් ද විශේෂඥ වෛද්‍යවරුන් 750කට ආසන්න ප්‍රමාණයක් ද රට අතහැර ගොස් ඇති බව හෙතෙම තව දුරටත් පැවසීය.
ප්‍රධාන වශයෙන් භාවිත වෙන වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180කට අධික ප්‍රමාණයක ද රෝහල් පද්ධතියේ ඖෂධ 40කට අධික ප්‍රමාණයක ද හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
ඖෂධ තොග බෙදාහැරීම හා තොග කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ හෝ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවේ අවශ්‍ය ඖෂධ තිබුණ ද අදාළ රෝහල්වලට එම ඖෂධ නිසි පරිදි නොලැබීම යන කාරණා මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය ලබා දී කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සහ පියවර සහිතව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පාර්ශ්ව මැදිහත්විය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව
මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ
මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්