සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණත් ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝග හා වෙනත් අධිකරණ කටයුතු හේතුවෙන් ඒවායේ ඡන්ද විමසීම් පැවැත්විය නොහැකි තත්වයක් මතුව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු දේ කිරීමට ප්‍රථම පළාත් පාලන ආයතන සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් කර ගත යුතු බවයි. ඊට පසුව කොමිෂන් සභාව රැස්වී දිනය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දැනටමත් වාරණ නියෝග නිකුත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට දැනගන්නට ඇත.
එහෙත් ඒවායේ නඩු වාර්තා තවමත් නිශ්චිත වශයෙන් කොමිෂන් සභාවට ලැබී නැති හෙයින් කොමිසමේ නිලධාරි කණ්ඩායම් එම වාර්තා ලබා ගැනීමට අධිකරණයට යොමු කර ඇති බව සභාපතිවරයා පැවසීය.
මෙයට අමතරව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තවත් නඩු තීන්දු ගණනාවක් ඉදිරි දිනවල ලැබීමට නියමිතය.
තවද අධිකරණ කටයුතු පවතින පළාත් පාලන ආයතනවලට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නවත්වා ඇත. දැනට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැර ඇත්තේ එවැනි ගැටලු නැති පළාත් පාලන ආයතන 114 ක් සඳහා පමණි.
මේ සියලු කරුණු හේතුවෙන් පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනට පැවැත්වීම බරපතළ ගැටලුවක් වනු ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කොටසින් කොටස පැවැත්වීම ලොකු මුදල් නාස්තියක් වන බව බොහෝ පිරිස් පෙන්වා දීම හේතුවෙන් ඒ කාරණය පිළිබඳව ද කොමිසමේ විශේෂ අවධානය යොමු වී ඇත.
දිවයින පුරා පළාත් පාලන ආයතන 336ක මැතිවරණය ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලුම භාණ්ඩ මිලදීගෙන ඇතැයි එම කොමිසම සඳහන් කරයි.
වැලිගම හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බ්‍රහස්පතින්
කිලෝ වොට් 100ට වැඩි විදුලිබල පරිහරණයක් සහිත සූර්යබල පද්ධති භාවිතය අප්‍රේල් 11 සිට 21 දක්වා තාවකාලික ව නැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සඳහා ප
බන්ධනාගාරවල පවතින අධික තදබදය නිසා රාත්‍රියෙහි නිදාගැනීම සඳහා කාලවේලා බෙදා ගැනීමට රැඳවියන්ට සිදුවී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන්
ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකම මේ වන විට සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි රජයේ විකිරණ විද්‍යා ත
පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නැති බ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සභා රුසකට වාරණ: පුංචි ජන්දය කල්යයි? අධිකරණ කටයුතු අවසන් කරගන්න වෙනවා - කොමිසමේ සභාපති