ඉන්දික හේවාවිතාරණ
වරාය අධිකාරියේ සේවකයන්ට ලබන වසරේ ජනවාරි 01 වැනි දින සිට සියයට තිස්හයක (36%) වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවත් එම ඉල්ලීමට මේ මස 08 වැනි දින යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් වරාය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කරයි.
2024 ජනවාරි 01 වැනි දින සිට 2026 වසර දක්වා වසර තුනක කාලයක් සඳහා 36% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වරාය පාලන අධිකාරියට පසුගිය 26 වැනි දින යොජනාවක් භාර දුන් බවත්, මීට අමතරව වරාය වාර්ෂීක ලාභයෙන් 10% ක මුදලක් සේවකයින්ට ප්‍රසාද දීමනා වශයෙන් ලබාදීමට වෙන්කරන ලෙසට හා දැනට වැටුප් වර්ධකයට ගෙවන මුදල දෙගුණයක් සිදුකරන ලෙසටත් ඉල්ලීමක් සිදුකළ බවත් එම එකමුතුවේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පසුගිය 02 වැනි දින වරාය වෘත්තිය සමිති හා පාලන අධිකාරිය අතර සාකච්ඡාවක් සිදුකළ බවත්, එහිදී 15% ක වැටුප් වැඩිවිමක් හා රුපියල් දොළොස් දහස් පන්සියක (12,500) දීමනාවක් ලබා දීම පිළිබඳව පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කළ බව ද පවසා සිටියේය.
පාලන අධිකාරිය විසින් සිදුකළ යොජනාවට වෘත්තිය සමිති කැමැත්ත පළනොකළ බවත්, මේ අනුව මේ මස 08 වැනි දින යළිත් පාලන අධිකාරිය සමග සාකච්ඡා කිරීමට තිරණය කළ බවත් සඳහන් කළේය.
වරාය සේවකයන්ට වැටුප් වැඩිවීම් සිදුවෙන්නේ වසර තුනකට වරක් බවත්, මේ අනුව 2021 වසරේදී අත්සන්කළ සාමුහික වැටුප් ගිවිසුම මේ වසරේ දෙසැම්බර් 31 වැනි දින අවසන් වෙන බවත්, මේ අනුව 2024 වසරේ සිට 2026 දක්වා කාලයට අදාළව සාමුහික ගිවසුම් අත්සන් කළ යුතු බවත් පවසා සිටියේය.
වරාය අධිකාරිය විසින් අදායම් උපදවා දෙන ආයතනයක් බවත් එහෙත් අඩුම ප්‍රසාද දීමනාව හිමිවෙන්නේ වරයා සේවකයින්ට බවත් මේ නිසා සමස්ත ලාභයෙන් 10% ක් ප්‍රසාද දීමනා ලෙස ලබා දීමට මුදල් වෙන්කරන ලෙසටත් ඉල්ලා තිබෙන බවත් පවසා සිටියේය.
පවතින ආර්ථික ගැටලු නිසා හා අසාධාරණ ලෙස බදු අයකර ගැනීම් නිසා සේවකයන්ට ලැබෙන වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන නිසා වැටුප් වර්ධකය ලෙස ලබා දෙන මුදල ජනවාරි මාසයේ සිට දෙගුණයක් බවට පත් කරන ලෙසටත් පාලන අධිකරියට දැන්වු බවද සඳහන් කළේය.
පසුගිය වසර සැලකීමේදී වරාය අධිකාරිය රුපියල් බිලියන හතළිස් දෙකකට (42) වැඩි මුදලක් ලාභ ලෙස උපයා ගෙන තිබෙන බවත්, අදාළ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර නොලබුණහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
සංචාරකයන් විසිදහස් පන්සිය පහළොවක් (20,515) මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්
ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පොල් මිල පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (24) පැවැති පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක මිල රුපියල් 105ක මට්ටමක පවත්
ඉදිරි කාලයේදී සහල් හිඟයක් ඇති නොවී සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට නම් ගොවීන් සතු තිබෙන වී තොග වෙළෙඳපොළට පැමිණිය යුතු බව එක්සත් සහල් නිෂ්පාදකයන්
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට වෙනස්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තු ඡන්ද විමසීම පනතේ 10 වගන්තිය අනුව මැතිවරණයට දින
සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රුපියල් 57,500ක අවම වැටුපක්, රු. 25,000 දක්වා ජීවන වියදම් දීමනවක් සහ සියයට 24ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් ල
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සියයට 36 ක වැටුප් වැඩිවීම නොදුන්නොත් වරාය අවුල්