ඉන්දික හේවාවිතාරණ
විශ්වවිද්‍යාල 17 හා උසස් අධ්‍යාපන ආයතන සැලකීමේදී පොදුවේ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය සියයට විස්සත් විසිපහත් දක්වා ඉහළ ගොස් තිබෙන බව අනධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.
මේ නිසා අනධ්‍යයන සේවක ස්ථාන මාරුවීම්වලට දැඩි ලෙස බලපෑම් සිදුව තිබේ. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු ඇතුළු විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩිව බලපෑම් සිදුවෙමින් තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
පවතින සේවක හිඟය නිසා තමන් පදිංචි ආසන්න ප්‍රදේශයක පිහිටි විශ්වවිද්‍යාලයකට මාරු වීමක් ලබා ගැනීමට වසර ගණන් බලා සිටීමට සිදුවන අතර සමහර සේවකයන් විශ්වවිද්‍යාල දෙකක් පසුකරමින් තමන්ගේ සේවා ස්ථානවලට ගමන් කරන බවත් ඔවුහු සඳහන් කරති.
මේ නිසා දෛනිකව විශාල කාලයක් ගමනාගමනයට වැය වෙන බවද ලැබෙන සුළු වැටුපෙන් විශාල මුදලක් ගමන් වියදම් ලෙස භාවිත කිරීමට සිදුව තිබෙන බවද පෙන්වා දෙති.
පොදුවේ විශ්වවිද්‍යාල පද්ධතිය සැලකීමේදී ආර්ථික හා වෙනත් හේතු මත සේවකයන් සේවයෙන් ඉල්ලා අස්වීම්, සේවය අතහැරයෑම් හා විශ්‍රාම ගැනීම් සිදුවෙමින් තිබුණත් ඊට සාපේක්ෂව බඳවා ගැනීම් සිදු නොවන බව අනධ්‍යයන සේවකයෝ සඳහන් කරති.
පසුගිය රජය සමයේදී ආනයනය කෙරුණු ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ ජනක ඖෂධවල තිබී ඇත්තේ වතුර බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය. ඒ පි
ජපාන රජය මෙරටට ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙන ගිවිසුමට පසුගිය සිකුරාදා (07දා) ජපාන රජය සහ ශ්‍රී ලංකාව
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සේවක හිගය නිසා සරසවි අනධ්‍යන ස්ථාන මාරුවීම්වලට දැඩි බලපෑම්