IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


හෙක්ටයාර 16,000ක එළවළු හා පලතුරු වගාව විනාශයි

ඉන්දික හේවාවිතාරණ
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි, ගෝවා, මාලු‍ මිරිස්, වම්බටු, කරවිල, වැටකොලු‍, තක්කාලි, පතෝල හා වට්ටක්කා යනාදී වගාවන්ට විශාල වශයෙන් හානි සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය.

කෙසෙල්, කොමඩු සහ ගස් ලබු ඇතුළු පලතුරු වගාවන්ට සැලකිය යුතු හානියක් සිදුව ඇතත් මෙම කිසිදු වගාවකට රජයේ වන්දි මුදල් නොලැබෙන බව හෙතෙම පැවසීය.
රජයේ වන්දි මුදල් හිමිවන්නේ වී හා මිරිස් ඇතුළු භෝග වගා හයකට පමණක් නිසා රට තුළ වැඩි වශයෙන් වගා කරන එළවළු හා පලතුරු වගා සඳහා රක්ෂණ ක්‍රමයක් ඇති කරන ලෙස වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳහන් කළේය. 
මෙවර සිදුව තිබෙන හානි සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන  වන්දි ලබා දීමේ නව ක්‍රමයක් සකස් කළ යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පැවසීය.
දැනට රජය විසින් වන්දි ලබා දෙන භෝග වර්ග හයට අදාළ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා සිටියේය. අදාළ භෝගවලට ලබා දෙන වන්දි මුදල තීරණය කර තිබෙන්නේ  මීට වසර හතකට පමණ පෙරය. මේ වන විට වගා සඳහා පිරිවැය තුන් හතර ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.මෙවර වගාකන්නයේදී ආසන්න වශයෙන් හෙක්ටයාර 56,000කට ආසන්න ප්‍රමාණයක එළවළු හා පලතුරු වගා කර තිබෙන අතර ඉන් හෙක්ටයාර් දහසය දහසක පමණ ප්‍රමාණයකට හනි සිදුව තිබෙන බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

හෙක්ටයාර 16,000ක එළවළු හා පලතුරු වගාව විනාශයි

ඔබේ අදහස් එවන්න

පුවත්

වෙබ් අඩවිය සෝදිසියට සී.අයි.ඩි.ය මැතිසබයට
2024 දෙසැම්බර් මස 23 43 0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා


“ඥ” අකුර දැන්වත් හෝඩියට ඇතුළත් කළ යුතුයි ඏ/ඐ අකුරු හෝඩියෙන් ඉවත් කරන්න - සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක
2024 දෙසැම්බර් මස 23 74 0

වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ


යාචකයන් හා නිවෙස් අහිමි ජනයා ගැන සංගණනය අවසන්
2024 දෙසැම්බර් මස 23 20 0

මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක


අලි මංකඩවල් 12ක් අල්ලාගෙන අලින්ට විරෝධතා දැක්වීම වැරදියි - පරිසර යුක්ති කේන්ද්‍රය
2024 දෙසැම්බර් මස 23 19 0

වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු


හිටපු ඇමතිවරුන් 66 වාරයක් ගුවනින් ගිහින් වියදම රජයෙන්
2024 දෙසැම්බර් මස 23 60 0

හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු


2019 න් පසු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි
2024 දෙසැම්බර් මස 23 24 0

වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 169 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 130 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site