IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


’මගෙන් රටට’ සභාපති ජුලි 5 දක්වා රිමාන්ඩ්

 


මනෝප්‍රිය ගුණසේකර


නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී නමැත්තිය විසින් නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බවට රහස් පොලිසියට පැමිණිලි කළ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා සමාජ මාධ්‍ය ඔස්සේ රහස් පොලිසියට අසත්‍ය චෝදනා එල්ල කළේ යැයි කියමින් ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කෙරිණ.

සාධාරණ හේතුවක් නොමැතිව නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම, පෙලිස් නිලධාරීන්ගේ කටයුතුවලට  බාධා කිරීම, සම්බන්ධයෙන් විමර්ශන කරන හෙයින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහු රිමාන්ඩ් බාරයට පත් කළේය. නීතිය ක්‍රියාත්මක කරන  රහස් පොලිසියට හා එහි නිලධාරීන් අගෞරවයට හා වෛරයට පාත්‍ර වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන ලදැයිද, යමෙකුට පාඩු, අලාභ සිදු කිරීමේ චේතනාවෙන් බොරු චෝදනා එල්ල කරන ලදැයිද කියමින් රහස් පොලිසියේ ත්‍රස්ත මර්දන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංජය මහවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා ඔහු රිමාන්ඩ් බාරයට පත් කළේය.

සැකකාර සංජය මහවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දුන්හ.

නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කරන ලදැයිද, පෙලිස් නිලධාරීන්ගේ කටයුතුවලට  බාධා කරන ලදැයිද, කියමින් මෙලෙස රිමාන්ඩ් බරයට පත් කළ සංජය මහවත්ත මහතා පෙර අවස්ථාවකදී රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ආරම්භ කළ විමර්ශනවලදී නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී නමැත්තිය නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ දැයි සෙවීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයෙන් ඇගේ බැංකු ගිණුම් 19ක් පිළිබඳ තොරතුරු රහස් පොලිසියට දීමට රාජ්‍ය බැංකු ඇතුළු බැංකු 08ක කළමනාකාරවරුන්ට නියම කෙරිණ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාවිත කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි 08ක් වටිනා ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම ඇතුළුව පියුමි හංසමාලී නමැත්තිය මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව කියමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඇගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දීමට බැංකුවල කළමනාකරුවන්ට නියම කෙරිණ.

 



අදහස් (0)

’මගෙන් රටට’ සභාපති ජුලි 5 දක්වා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

පුවත්

හිරුණිකාට තෙවසරක සිරදඬුවම්
2024 ජුනි මස 29 283 0

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්


විපක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයට
2024 ජුනි මස 29 266 0

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වා


’මගෙන් රටට’ සභාපති ජුලි 5 දක්වා රිමාන්ඩ්
2024 ජුනි මස 29 30 0

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී නමැත්තිය විසින් නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බවට රහස් පොලිසියට පැමිණිලි කළ ‘මගෙ


විජය පුවත්පත් සමාගම ජනාධිපති පරිසර සම්මාන 3 ක් දිනයි
2024 ජුනි මස 29 30 0

ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 ද‌ා) පස්වරුවේ පැ


2022 අප්‍රේල් සිට මේ දක්වා විදේශ ණය ගොඩට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලකුත් එකතුවෙලා - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
2024 ජුනි මස 29 19 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කටයුතු කරමින් සිටිය ද 2022 අප්‍රේල්


බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි
2024 ජුනි මස 29 19 0

අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 559 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1583 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3428 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site