දුලක්ෂි ලියනගේ
වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අගයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවැනි කාර්තුවට අදාළව නිකුත් කරනු ලැබ ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තුව පරිදි 2023 වර්ෂයේ තෙවැනි කාර්තුවේ ස්ථාවර මිල (2015 ගණන් යටතේ) අනුව ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වී තිබූ බවත් එය 2024 වර්ෂයේ තෙවැනි කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු 2024 වර්ෂයේ තෙවැනි කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙළින් සියයට 8.2 ක්, සියයට 27.3ක්, සියයට 55.5ක් වශයෙන් දැක්වෙන බව ද භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු 2024 වර්ෂයේ තෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය සියයට 8.9 ක් ලෙස එම වාර්තාවල සඳහන්ව ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
2024 වර්ෂයේ තෙවැනි කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල වර්ධනය සියයට 3.0 ක් ලෙසත්, කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 10.8 ලෙසත්, සේවා ආර්ථික කටයුතු සියයට 2.6 ක් වශයෙනුත් ධන වර්ධනයක් වාර්තා වී තිබෙන බව එම දත්තවලින් තහවුරු වේ.
එහිදී කර්මාන්ත ආර්ථික කටයුතුවල වර්ධනය විශේෂ තැනක් ගන්නා අතර එය 2023 වර්ෂයේදී පැවතුණේ 0.7 ක පසුබෑමකය. එය 2024 තෙවැනි කාර්තුවේදී සියයට 10.8ක ධන අගයක් ගෙන ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ලිමේන්තු නිලධා
වර්තමාන සිංහල අක්ෂර මාලාවෙහි (හෝඩියෙහි) “ඥ” අක්ෂරය නොමැති වුව එය සුලභව භාවිත වෙන හෙයින් එම අක්ෂරය හෝඩියට ඇතුළත් කළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහ
මෙරට යාචකයන් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත්වන පුද්ගලයන් පිළිබඳ සංගණනයක් සිදුකළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජන හා නිවාස සංගණනයේ ක
වගාවන්ට හානි කරන අලි ඇතුන්ට එරෙහිව විවිධ විරෝධතා රට පුරා ඇති වී තිබුණත් අලිඇතුන් ගමන් කරන අලිමංකඩවල් 12ක් මිනිසුන් අත්පත් කරගෙන තිබීම වරදක් බව පරිසර යු
හිටපු ඇමැතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගු
වසර 2019 පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති වැඩිම වර්ධන වේගය 2024 වසරේ තෙවැනි කාර්තුවේදී සිදු වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව සියයට 5.5ක ධනාත්මක අග
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
2019 න් පසු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි