IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


2022 අප්‍රේල් සිට මේ දක්වා විදේශ ණය ගොඩට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලකුත් එකතුවෙලා - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

 


උපුල් වික්‍රමසිංහ


වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කටයුතු කරමින් සිටිය ද 2022 අප්‍රේල් සිට එම ණය හා ඊට අදාළ පොලිය නොගෙවීම නිසා එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා වැඩි වී ඇතැයි ද, ඒ අනුව මුළු වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 18 දක්වා වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.

2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිරීම නිසා ද්වීපාර්ශ්වීය හා වාණිජ ණයවලට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලක් එකතු වී ඇති බව කී ඒ මහතා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඒ ගැන කිසිවෙකු කතා නොකරන බව ද සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ යුතු මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් බවත්, එයින් ඩොලර් බිලියන 11 ක් ද්වීපාර්ශ්වීය ණය බවත් කී හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා එසේ වුවත් ඉකුත්දා අවසන් කළ ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ප්‍රතිව්‍යුහගතකරණය කර ඇත්තේ ඩොලර් බිලියන 10 ක මුදලක් පමණක් බව ද ඉතිරි ඩොලර් බිලියන 1 ට සිදු කර ඇත්තේ කුමක් ද යන්න අපැහැදිලි බව ද ප්‍රකාශ කළේය.

පසුගියදා අවසන් කළ ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ  2028 දක්වා ණය වාරික ගෙවීමක් සිදු නොවුණ ද එම ණයවලට අදාළ පොලිය ගෙවිය යුතු බවත්, ඒ අනුව වසරකට ඩොලර් මිලියන 500 ක මුදලක්‍ ණය හිමි රටවල් සඳහා ගෙවීමට රජයට සිදුවෙන බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (0)

2022 අප්‍රේල් සිට මේ දක්වා විදේශ ණය ගොඩට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලකුත් එකතුවෙලා - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ඔබේ අදහස් එවන්න

පුවත්

හිරුණිකාට තෙවසරක සිරදඬුවම්
2024 ජුනි මස 29 283 0

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගැන්වීම සඳහා සිය ආරක්‍ෂක නිලධාරීන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවන්


විපක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයට
2024 ජුනි මස 29 266 0

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වා


’මගෙන් රටට’ සභාපති ජුලි 5 දක්වා රිමාන්ඩ්
2024 ජුනි මස 29 30 0

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී නමැත්තිය විසින් නීති විරෝධී හා සැක කටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බවට රහස් පොලිසියට පැමිණිලි කළ ‘මගෙ


විජය පුවත්පත් සමාගම ජනාධිපති පරිසර සම්මාන 3 ක් දිනයි
2024 ජුනි මස 29 30 0

ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28 ද‌ා) පස්වරුවේ පැ


2022 අප්‍රේල් සිට මේ දක්වා විදේශ ණය ගොඩට ඩොලර් බිලියන 6.6 ක හිඟ මුදලකුත් එකතුවෙලා - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
2024 ජුනි මස 29 19 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය කටයුතු කරමින් සිටිය ද 2022 අප්‍රේල්


බදු නොගෙවා සිටීමේ කාලය අවුරුදු 2 ට අඩු වෙයි
2024 ජුනි මස 29 19 0

අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 559 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1583 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3428 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site