IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


2023 දී නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයට කෝටි 66ක් වැයවෙලා

ජේ. ඉඳුරුවගේ 
ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත් වුවද ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් 655,096,226 ක මුදලක් වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවට අදාළව ඉකුත් වසර වෙනුවෙන් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

මෙම වියදම්වලින් සියයට 15 ක් අතිකාල හා නිවාඩු දින වැටුප් සඳහාද, සියයට 23 ක් ලිපිද්‍රව්‍ය සඳහාද, සියයට 07ක් ඉන්ධන සඳහාද,  සියයට 31 ක් මුද්‍රණ කටයුතු සඳහාද, සියයට 07ක් සංග්‍රහ කටයුතු සඳහාද, සියයට 04 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ වියදම් සඳහාද, සියයට 13 ක් අනෙකුත් වියදම් සඳහාද වැය කර ඇති බව විගණනයෙන් පෙන්වා දී ඇත.
ඉකුත් වසරේ මාර්තු 19 දිනෙන් ධුර කාලය අවසන් වූ පළාත් පාලන ආයතන වෙනුවෙන් එම වසරේ ජනවාරි 04 දා නාමයෝජනා ප්‍රකාශයට පත්කර ඡන්ද විමසීමේ දින හා ඒවා අවලංගු කිරීමට අදාළව ගැසට් පත්‍ර තුනක් නිකුත් කර තිබූ බවද විගණනයෙන් පෙන්වා දෙයි. එමෙන්ම ඉකුත් වසරේ සැප්තැම්බර් 30 දිනට තව දුරටත්  ගෙවිය යුතු රුපියල් 15,933,472ක් පැවති බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම ඡන්ද විමසීම නියමිත පරිදි පවත්වා 2023 මාර්තු 19 දිනට පෙර සභිකයන් තෝරා පත්කර අවසන් කිරීමේ අවශ්‍යතාව අනුව මෙම වියදම් දැරීමට සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව විගණනය වෙත කරුණු දක්වා ඇත.
මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සපුරාගතයුතු මූල්‍ය හා වෙනත් අවශ්‍යතා පූර්ණ නොකර කටයුතු කිරීමෙන් රාජ්‍ය මූල්‍ය නාස්තියක් වන අතර අනාගතයේ මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කළයුතු බව විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාව වෙත නිර්දේශ ලබාදී තිබේ.



අදහස් (0)

2023 දී නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයට කෝටි 66ක් වැයවෙලා

ඔබේ අදහස් එවන්න

පුවත්

වැස්සෙන් කෘෂිකර්මයට කෝටි 8500 ක පාඩුවක්
2024 දෙසැම්බර් මස 08 50 0

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත


හෙක්ටයාර 16,000ක එළවළු හා පලතුරු වගාව විනාශයි
2024 දෙසැම්බර් මස 08 46 0

පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි,


2023 දී නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයට කෝටි 66ක් වැයවෙලා
2024 දෙසැම්බර් මස 08 22 0

ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත් වුවද ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් 655,096,226 ක මුදලක් වැයකර


ඇමැති ජනපති බංගලා ගැන ලබන සතියේ තීරණයක්
2024 දෙසැම්බර් මස 08 36 0

ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය. ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් ප


කළ උදව් මතකයි...
2024 දෙසැම්බර් මස 08 81 0

මහනුවර ජාතික රෝහලේ වසර දහ අටක් පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන් පිරිසකට තම වෘත්තීය දැනුම ලබා ගැනී


කිරි එළදෙනක් රුපියල් ලක්ෂ 4යි
2024 දෙසැම්බර් මස 08 58 0

කිරි ගවයන්ගේ මව් සතුන් හිඟයක් ඇති වී තිබෙන නිසා මව් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ හතර දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික කිරිගොවි ව්‍යාපාරය සඳහන් කරයි. මව්සතුන්


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 164 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 177 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 84 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site