IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


2024 ජනපති වරණය විදෙස් මාධ්‍යවේදීන්ට වීසා ගැටලුව හරස් වෙයි


උපුල් වික්‍රමසිංහ


සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන විදේශ මාධ්‍යවේදීන්ට පවතින වීසා නිකුත් කිරීමේ ගැටලුව හේතුවෙන් රටට පැමිණීම දුෂ්කර වී ඇතැයි වාර්තාවෙයි. 

එක් එක් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාලවලින් හෝ මෙරටට පැමි‌ණීම සඳහා වීසා (ව්‍යාපාරික) අයැදුම් කරන ලද විදේශ මාධ්‍යවේදීන්ගේ අදාළ ලියකියවිලි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇතත් එවැනි අයැදුම්පත්වලින් බොහොමයකට මේ දක්වා අනුමැතිය ලබා දී නැති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් ඇතැම් විදේශ මාධ්‍යවේදීන් සංචාරක වීසාවලින් රටට පැමිණ පසුව ඒවා ව්‍යාපාරික වීසාවලට පරිවර්තනය කර ගැනීමට කටයුතු කළ ද එය ද අපහසු කටයුත්තක් වී ඇතැයි පැවසේ. එබැවින් ඔවුන්ට මාධ්‍ය කටයුතුවල නියැළීමට අවසරය ලැබෙන මාධ්‍ය හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ද දැනගන්නට ඇත.

අප මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා විදේශ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් කිහිපදෙනකුගේ අයැදුම්පත් ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවලින් අමාත්‍යාංශයට ලැබුණු පසු ඒවා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට යොමු කළ ද ඒවායෙන් බොහොමයකට මේ දක්වා අනුමතය ලැබුණු බවක් දැනගන්නට නොමැති බවය.

අප මේ සම්බන්ධයෙන් විමසීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය  දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

 



අදහස් (0)

2024 ජනපති වරණය විදෙස් මාධ්‍යවේදීන්ට වීසා ගැටලුව හරස් වෙයි

ඔබේ අදහස් එවන්න

පුවත්

නාඩු වී ගොවීන්ට අක්කරයකින් රුපියල් 20,000ක පාඩුවක්
2024 සැප්තැම්බර් මස 09 48 0

වී අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම නිසා නාඩු වී වගා අක්කරයකින් ආසන්න වශයෙන් රුපියල් 20,000කට වැඩි පාඩුවක් ගොවීන්ට සිදුව තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහ


තැපැල් ඡන්ද සලකුණු කිරීමට තවත් දින දෙකක්
2024 සැප්තැම්බර් මස 09 26 0

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දී තිබූ 4, 5, හා 6 තෙදිනෙහි අවස්ථාව නොලද තැපැල් ඡන්ද දායකයන්ට ලබන 11, 12 යන දින දෙකේ සිය ඡන්දය සලකුණු කිරීමේ අ


ඡන්දපොළේ කලබල කළොත් වෙඩි මැකෝගෙන් පොලීසියට උපදෙස්
2024 සැප්තැම්බර් මස 09 29 0

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරමින් මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනය සඳහා වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැ


උපාධිධාරීන් 331ක් උ.පෙළ සමත්තු 14,952ක් හිරේ
2024 අගෝස්තු මස 31 112 0

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තාවලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වි


චෝදනා ඉදිරිපත් කරන්න - රංගෙ බණ්ඩාර කියයි
2024 අගෝස්තු මස 31 202 0

තමාට විරුද්ධව තිබෙන චෝදනා සියල්ල ඉදිරි සතිය ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශුද්ධවන්තයන්ගෙන් සහ ශුද්ධවන්තියන්ගෙන් ඉල්ලා සිටින බව පාලිත රංගෙ බණ්ඩාර පිටකෝට්ට


සජිත්ට සියයට 50 ක් ලැබිලා ඉවරයි - මරික්කාර්
2024 අගෝස්තු මස 31 59 0

සමගි ජනබලවේගයට තිබූ සියයට40 ක ඡන්ද පදනම මේ වනවිට තීරණාත්මක ලෙස වර්ධනය වී ඇති බවත්, දෙවැනි මනාපයක් ගණන් නොකර සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකිබවත් සජබ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site