උපුල් වික්‍රමසිංහ
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු කෙරෙන බව රජයේ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. ඒ අනුව එම ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට හා නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවලට ලබා දුන් අරමුදල් මෙසේ අඩු වෙන බව හෙතෙම කීවේය.
මේ සමගම ඇමෙරිකානු ආධාර මත ක්‍රියාත්මක වූ රජයේ ව්‍යාපෘති 4ක් ද අඩපණව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වසර 2024 දී පමණක් එම ආයතනයෙන් රුපියල් බිලියන 21 ක ව්‍යාපෘති ආධාර රජයට හා පෞද්ගලික අංශයට ලැබී ඇතැයි කී හෙතෙම මේ තීරණයත් සමග එම ප්‍රදාන ඇණ හිටින බව ද ප්‍රකාශ කළේ ය. මේ ගැන සාකච්ඡා කිරීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා නියෝජිතයාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද මෙතෙක් ඊට ප්‍රතිචාර නොලැබුණු බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර විදෙස් මාධ්‍ය පසුගිය 27 වැනිදා වාර්තා කළේ ඩොලර් බිලියන 60 කට වැඩි වටිනාකමක් සහිත සංවර්ධනය සඳහා වෙන එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ලෝකයේ විවිධ රටවලට ලබා දී ඇති මූල්‍යාධාර සියයට 90 න් අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇති බවය.
එම ආයතනයේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති නතර කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වෙන විටත් ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ය.
උද්ගතව ඇති මේ තත්ත්වය හමුවේ විකල්ප අරමුදල් පහසුකම් සොයා ගැනීම වෙනුවෙන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුරෝපීය තානාපති කාර්යාල සමග සාකච්ඡා කර ඇතත් ඒවායෙන් යහපත් ප්‍රතිචාර ලැබී නොමැති බව ද ඔහු අනාවරණය කළේ ය.
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වෙන ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයෙන් (USAID) මෙරටට ලැබෙන මූල්‍යාධාර එළැඹෙන අප්‍රේල් මාසයෙන් පසු සියයට 90 කින් පමණ කප්පාදු ක
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
දුම්රියෙහි වන අලින් ගැටී මිය යෑම දිගින් දිගටම වාර්තාවීම නිසා එය වළක්වා ගැනීමේ ස්ථිර වැඩපිළිවෙළක් සකස් කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට තීරණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස කෙරුණු ඉල්ලීම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින
ආදි ශිෂ්‍ය සංගම්වලට පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර තිබුණ ද ඇතැම් පාසල්වල පවත්වනු ලබන ආගමික උත්සව, පාගමන්, පොළ ආදී විවධ උත්සව ව
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
අප්‍රේල් සිට ඇමෙරිකාව දුන් ආධාර 90% කින් කැපේ