IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉල් මහ ග්‍රහ ගමන ඔබේ ලග්නයට කරන බලපෑම

 

පොදු තත්ත්වය:-   


මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්න නක්‍ෂස්ත්‍රාධිපතීන් බලයෙන් යුක්තව ගමන් කිරීම සිදුවන මෙම මාසය තුළ අභියෝග ජයගෙන අවහිර බාධා මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වන්නේය. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්කර ගත හැකිවේ. වැඩි වශයෙන් ශූභ ඵල දායක මාසයකි. විශේෂයෙන් අලුත් දේ ඇරඹීමටත් අරමුණු සැලසුම් ක්‍රියාවට නැංවීමටත් මෙය උචිත මාසයක් ද වනු ඇත. අවසන් සති දෙක තුළ අපවාද චෝදනාවන්ට ලක්නොවන අයුරින් කටයුතු කරන්න.   


අධ්‍යාපන- ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- 

 
විද්‍යාස්ථානාධිපති හා විද්‍යාකාරක බුද බලයෙන් යුක්තව සිටීම නිසා මෙම මස තුළ ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලැබේ. අතපසුව ගිය ඉගෙනීම් කටයුතු නැවත ඇරඹේ.   


ඔබට මෙම මස තුළ ආර්ථික හා ආදායම් වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජන සැලසෙනු ඇත. එනමුදු ඔබ මෙම මාසයේදී ඉඩකඩම් යාන වාහන මෙන්ම දේපළ ආදියට මිලමුදල් යෙදවීමක් නොකරන්න. මුල් සතිදෙක තුළ ආර්ථිකය ශක්තිමත් වන මංපෙත් විවර වේ.   


අවසන් සති දෙක තුළ උසස් අයගෙන්, ස්වාමින්ගෙන් කරදර ඇතිවේ. ඒ අයගෙන් තමාට අවහිරකම් බලකිරීම් ආදියකින් පීඩා ගෙන දෙන සිද්ධි ඇතිවෙයි. එසේම මෙහිදී තම රක්ෂාව කරන කාර්යාලයේ හෝ ස්ථානයෙහි සිටින අය තමා ගැන අමනාප ගති ඇතිකර ගනියි. 

 
ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ප්‍රේම සම්බන්ධතා වලට බාධක එල්ල වීමට ඉඩ තිබේ. යුග දිවිය තුළ යම් යම් ප්‍රශ්නකාරී ගති මතු වීමක් තුළින් නිවස තුළ විසීමට පවා සිත් නොදෙන තත්ත්වයක් ඇති වීමටත් ඉඩ ඇත. එබැවින් ඒ කෙරේ දෙවරක් නොව තෙවරක්ම සිතා කටයුතු කරන්න. තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට හෝ අසනීපයක් පීඩාවක් ඇතිවිය හැක.   
   

පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති කිවි හා යෝගකාරකින් ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තම අත්‍යාවශ්‍ය වැඩකටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. අනපේක්‍ෂිත හා බලාපොරොත්තු රහිතව යම් යම් ඵල ප්‍රයෝජන සැකසෙන්නේය. එනමුදු ක්‍රියාශූරත්වයෙන් කටයුතූ කළ යුතූ මාසයකි. හදිසියට කලබලයට තීන්දු තීරණ නොගන්න. නොවැම්බර් අවසන් සති දෙකට වඩා මුල් සති දෙක සැනසිලිදායක බව ඇතිවේ.   


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


ඉගෙනීමේ කටයුතු වලට අවහිර බාධා ඇති නොකරයි. එනමුදු පොතපතට උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතු වලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න.   


ධන අය භාවාධිපතීන් ගේ සුබාසුබ හැසිරීම මත කිසියම් මුදලක් අතට ලැබීමෙන් බලපෑ මූල්‍ය ගැටලුවකින් නිදහස් වීමට ඉඩ කඩ සැලසේ. එහෙත් ඉඩකඩම් වලින් ලාභප්‍රයෝජන ලැබීම සුළු වශයෙනි. අනවශ්‍ය වියදම් ද යෙදේ. උත්සාහ ගතහොත් යම් යම් ආර්ථීකමය ප්‍රතිලාභ සලසා ගත හැකි වන්නේය. නිෂ්ප්‍රයෝජන වියදම් හා ගමන් බිමන්ද බහුල වන හෙයින් ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට වැඩි වශයෙන් යොමු වන්න. 

 
ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර ඵල ඇතිකරයි. අනවශ්‍ය හා ප්‍රයෝගකාරී කථා හේතුවෙන් ගොඩනැඟී තිබූ සබඳතා බිඳී යාමටත් ඉඩ පවතින බැවින් ඉන් ආරක්‍ෂා වන්න. මෙම මස තුළ ඔබගේ හැසිරීම යහපත් අයුරින් පවත්වා ගැනීමට හැකි වුවහොත් නව සබඳතා ගොඩනඟා ගැනීමටත් හැකිවන්නේය. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ සහකරු/සහකාරිය සමග අන්‍යෝන්‍ය විශ්වාසය, හොඳ හිත පළුඳු වන අන්දමේ හේතු පෙන්නුම් කරන නිසා නිතරම අන්‍යෝන්‍ය බැඳීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත.   

 


  
පොදු තත්ත්වය:-   


මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා යෝගකාරක සිකුරු පීඩාවකින් තොර බැවින් වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. උත්සාහයන්හි ප්‍රතිඵල අත්වෙයි. සැලසුම් සහගතව සොයා බලා කටයුතු කළහොත් තමා අතගසන වැඩ වරදින්නේ නැත. සැලසුම් සාර්ථක වන මාසයකි. ඇසුරු කිරීමට ලැබෙන අය කෙරේ සැලකිලිමත් වන්න.   


අධ්‍යාපන ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- 

 
විද්‍යාකාරක බුද හා විද්‍යස්ථානාධිපති බලවත්ව ගමන් කරන නිසා මෙය ඉගෙනීම් කටයුතු වලට යහපත් මාසයකි. ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතුවලට අදාළව අනාගත ශුභ සිද්ධියට හේතුවන ක්‍රියාවන් රැසක් සිදුවේ. අධ්‍යාපනයට අදාළව බලපෑ ප්‍රශ්න රැසක් විසඳේ. අලුත් යමක් ඉගෙනීමටත් අවස්ථාව උදාවේ.   
ධන - අය භාවාධිපතීන්ගේ බලය මත සැසදීමේදී ආර්ථික හා දේපළවල වැඩිදියුණුව අපේක්‍ෂිත අයුරින් සැකසේ. බලපැ ආර්ථික දුෂ්කරතා ජය ගැනීමේ මං පෙත් විවර වන්නේය. වැටුප් වර්ධක, දිරි දීමනා, මුල්‍යධාර ණය දීමනා වැනි දේ ලබා ගැනීමට බලපෑ බාධාද ඉවත්ව යෑමෙන් ඒවාටද යහපත් වාතාවරණයක් සැකසේ. එනමුදු විනෝදාස්වාදයට වැඩිපුර වියදම් කිරීමෙන් වළකින්න.   


රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවට කටයුතු පිළියෙල වන මාසයකි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාරාදියට බලපා තිබූ ගැටලුකාරී ස්වභාවයන් හා අවිනිශ්චිතභාවයන් පහව ගොස් බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. දෙස් විදෙස් රැකියා බලාපොරොත්තු ද උත්සාහය මත ඉටුකරගත හැකි වන්නේය.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


මෙම මස තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දේ සිදුවේ තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග සතුටින් හා සෙනෙහසින් කටයුතු කිරීමට හැකිවන්නේය. කෙසේනමුත් නොසොයා නොබලා හදිසියට සිතට ආ පරිදි කටයුතු නොකරන්න. අවිවාහකයනට විවාහ යෝඡනා ගෙන එනු ලැබේ. මෙවැනි දේට පවුලෙන් හට ගෙන තිබු ප්‍රශ්නකාරි දේ පහව යයි.   

 


   
පොදු තත්ත්වය:-   


යෝගකාරකයින් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබට අලුත් ප්‍රවේශයකට අනුව නව මඟක ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේය. උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල මැනවින් ලැබේ. සිතට සතූට උපදවන දෑ සිදුවෙයි. තම නම ප්‍රසිද්ධ වන විදියේ යහපත් දෙයක් සිදුවේ. ආගිය තැන කැපී පෙනෙන තත්ත්වයකට පත්වේ.   
අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


විද්‍යාස්ථානාධිපති විද්‍යාකාරකද සමග සංයෝගවී බලයෙන් යුක්තව ගමන් කිරීම හේතුකොට අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතු වල නියුතු වන කටක ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාවයන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. 

 
ඔබේ ලග්නයේ ග්‍රහ බලය බලවත් බැවින් ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථකවීම ද සිදුවේ. ඔබට මෙම මාසය තුළ මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එපරිද්දෙන්ම ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. උරුම හිමිකම් ලාභාදියද ලැබේ. අවශ්‍යතා සපුරා ගැනිමට කෙසේ හෝ මුදල් ලැබෙන මාසයකි.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


විවාහකාරක සිකුරු බලයෙන් යුක්තව ශුභ යෝගයන්ගෙන්ද යුක්තව ගමන් කරන නිසා ප්‍රේම දිවිය හා යුග දිවිය තෘප්තිමත්ව ගත කිරීමට හැකිවේ. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කාර්යය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පසුබිම සැකසෙන්නේය. ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීන්දු තීරණයන්ට නිගමනවලට එළඹීමට හැක. නව විවාහ යෝජනා ප්‍රේම සබඳතා සැකසෙන්නේය. කෙසේ නමුත් හෑගීමි වලට වහල් නොවන්න.   

 


   
පොදු තත්ත්වය:-   


සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම මාසයේ මුල් සතිදෙක වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන්නේය. ක්‍රියා ශූරත්වයෙන් යුතුව දෛනික කාර්යය කටයුතුවල නිරත වීමටත් එහිදී හැකි වන්නේය. 

 
අධ්‍යාපන-ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


විද්‍යස්ථානය බලයෙන් යුක්ත බැවින් ඉගෙනීමට පොත පතට වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණයන් අත්පත් වන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහයත් ලැබේ. අධ්‍යාපනික වශයෙන් විවිධ හැකියා කූශලතා පෙන්විය හැකී මාසයකි.   


සමස්ථයක් වශයෙන් ගත්කල ඔබට ආර්ථික හා දේපලමය වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන අතර විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වන්නේය. ගනුදෙනු වලින් නොසිතූ වාසි ප්‍රයෝජන අත්වේ.   
නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන කාර්යයන් සාර්ථක වන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ඔබගේ ආදර සබදතා හා විවාහයට අදාළ කාර්යය කටයුතුවල බලාපොරොත්තු සහගත බව ගොඩනැගේ. එසේම මේවායේ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ.මේ සම්බන්ධ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවේ. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ද ඇතිවේ.   

 


   
පොදු තත්ත්වය:-   


මෙම මාසය තුළ පූර්ව පුණ්‍යස්ථාන ගතව කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති රාජයෝග බලයක් උදාා කොට ඇති නිසා තමා සැලසුම් කළ අපේක්‍ෂා කළ කාර්යයන් ඉටුවී, නොසිතු මාර්ග වලින්ද යහපතට දියුණුවට කටයුතු පිළියෙල වන්නේය. ආත්ම ශක්තිය, යම් යම් දේට ඉදිරිපත් විමේ හැකියාව හොදින් ගොඩනැගෙන මාසයකි. සාමාජ ගෞරවයදඔබට හිමිවේ.   


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


මෙම මස තුළ ඉගෙනීම් කටයුතු උනන්දුවෙන් ක්‍රියාශීලී භාවයෙන් යුතුව කරගෙන යාමට හැකිවන අතර, අධ්‍යාපන ආයතනය තුළ තම හැකියා කුසලතා මැනවින් අගය කරන දෑ සිදුවේ. විශේෂයෙන් නව විෂයන් හා පාඨමාලාවලට සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබේ. උගත් දෙයින් ඵල ප්‍රයෝඡන ලැබෙන, ඉගෙනිමට බාධා නොයෙදෙන මාසයකි.   


මෙම මස තුළ ඔබගේ ආර්ථික තත්ත්වයේ වර්ධනයක් සිදුවේ. නව ආදායම් ලැබෙන මාර්ග එළි පෙහෙළි වීම පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතු වල නිරත ඔබට ඉතා යහපත් මාසයකි. පොදුවේ මෙය නිශ්චල චංචල දේපළ පිළිබඳව මෙතෙක් නොවිසඳී පැවතුණු ගැටලුවක් විසඳෙන මාසයකි.   
රැකියා ව්‍යාපාර බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන්නේය. හවුල් ව්‍යාපාර තවදුරටත් දියුණු තත්ත්වයට පත් වෙයි.   


ගෘහ ජීවිතය සහ විවාහ දිවිය:-   


විවාහ කාරක සිකුරු හා ලග්නාධිපති බුද සුභ අසුභ මිශ්‍ර නිසා ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් ශුභාශුභා මිශ්‍ර ඵල ගෙන දෙන්නේය. නව ආදර සබඳතා හා විවාහ යෝජනාදිය ගොඩනැගුණත් නොසොයා නොබලා හැඟීම් වලට වහල් වී ක්‍ෂණික තීරණ මත යම් යම් නිගමනයන්ට නොඑළඹෙන්න. යුග දිවි ගෙවන්නන්, තම විරුද්ධ ලිංගිකයා සමග කටයුතු කිරීමේදී මතබේද ප්‍රශ්න ඇති කර නොගන්න. කෙසේ නමුත් නොවැම්බර් අග දෙසතිය තුළදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට උපදවන කාර්යයන් රැසක් ගොඩනැගෙනු ඇත.   

 


 
පොදු තත්ත්වය:-   


තුලා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හා ලග්න නැකත් අධිපතීන් රාජ යෝග බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ ඔබගේ දෛනික කාර්යය කටයුතු බොහොමයක් සැලසුම් කළ පරිදි සාර්ථක වන්නේය. තෘප්තිමත්ව කාර්යය කටයුතුවල නිරත විය හැක. ශූභඵල දායක මාසයකි. ධර්ම කර්මාධිපති රාජ යෝගය හේතුකොට ගෙන ආගිය තැන කැපී පෙනෙමින් කටයුතු කළ හැකිවෙයි. එසේම මෙය දක්ෂතාවට හැකියා කුශලතාවට නිසි තැන ලැබෙන මාසයක් වනු ඇත.   


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


සිය අධ්‍යාපනික කටයුතු කෙරෙහි හා දැන උගත් අයගේ ඇසුර උදෙසා උනන්දුවක් ඕනෑකමක් දක්වයි. සැලසුම් සහගතව උද්යෝගයෙන් සිය ඉගෙනීම් කටයුතු වල නියුතු වීමටත් හැකියාව ලැබේ. ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කෙරෙන මාසයකි. ඔබ අලුත් වෘත්තීය පාඨමාලාවන්ට සම්බන්ධ වෙයි. තරග විභාගවලින් ජය ලැබේ.   


රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ. විශේෂයෙන් රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතු වල නව වෙනසක් සිදුවන මාසයක්ද වන්නේය. උසස්වීම් වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්‍ෂාවක්ද ඉටුවී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකිවේ. සම්මුඛ පරීක්ෂණයකින් ජය ලැබි නව රැකියා අවස්ථාවක්ද හිමිවන තැනට කටයුතු පිළියෙල වේ 

 
ගෘහ ජීවිතය සහ විවාහ දිවිය:-   


මංගල භාවාධිපති හා විවාහ කාරක සිකුරු බලයෙන් හැසිරෙන නිසා ඔබට පසුගිය කාලය තුළ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇතිවී තිබූ අසහන සිත් තැවුල් වලින් මිදී කටයුතු කිරීමට හැකිවන්නේය. එමෙන්ම මේවාට බලපා තිබූ වැඩිහිටි විරෝධතාද නැතිවී ඔවුනගේ ආශිර්වාදයද ලැබේ. නව සබඳතා ඇතිවේ. ප්‍රශ්නකාරී ස්වභාවයට, මතභේදයට ලක්ව පැවති ප්‍රේම සබඳතා නැවතත් සාමකාමී තත්ත්වයට පත්වේ.   

 


   
පොදු තත්ත්වය:-   


වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක ග්‍රහයින් මෙම මස තුළ දුෂ්ඨස්ථාන ගතව හැසිරීම මුල්කොට ඔබගේ අත්‍යාවශ්‍ය කාර්යයය කටයුතු හා වැඩ කොටස් වලටද ශුභාශුභ මිශ්‍ර බවක් ගෙන දෙන්නේය. ඒ නිසා සෑම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. රත්පිත් රක්ත දෝෂ හා උදරාබාධ වැනි අසනීපයන්ටද ඉඩ පවතී. කාලයට ඉඩ දී කටයුතූ කළ යුතූ මාසයකි. මෙම මස තුළ ඔබ සැලසුම් කරන වැඩ කටයුතු අපේක්ෂිත අයුරින් සාර්ථක කරගැනීමට අසීරුය.   


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- 

 
විශේෂයෙන් ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිර හා බාධා මධ්‍යයේය. එමෙන්ම උනන්දුව අඩු වී උදාසීන බවක්ද මතුවේ. අවසන් සති දෙක මෙම ස්වභාවය පහ වී ගොස් පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතු වල නිරත වීමටත් හැකි වේ. පොතපතෙහි කටයුතු ක්‍රමවත්භාවයට පත් වේ. ඉගෙනීම් කටයුතු වලට බාධා ඇතිනොවේ. 

 
ඔබට ආර්ථිකමය වශයෙන් එතරම් යහපත් නොවන හෙයින් මෙහිදී ගණූදෙණු කෙරෙන් පරිස්සම් වන්න. පොදුවේ බලන කල ඔබට මෙම මස තුළ යම් මූල්‍ය ලාභ ගෙන දුන්නත්, විකිණීම් මිලයට ගැනීම්වලින් ලාභ ප්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. අනවශ්‍ය වියදම් අඩුකරගෙන දෛනික මුදල් පරිහරණයේ නිරත වන්න. නැතහොත් ආර්ථික දුෂ්කරතා මතු වේ.   
විශේෂයෙන් මෙම මස මුල් සති දෙක තුළදී තම රැකියා ව්‍යාපාරාදිය කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරතාවයන් හා බාධා මධ්‍යයේය. එනිසා ඉවසීමෙන් සිතා බලා නිතරම වැඩකටයුතුවල නිරත වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කරන විට ප්‍රශ්න මතබේද ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න. අවසන් සති දෙක තුළ රාජකාරියට අදාළ හෝ ආයතන තුළින් බලපෑ අවුල් වියවුල් වලින් නිදහස ලැබේ. නව රැකී රක්‍ෂා තනතුරුවලට පත්වීමටත් පසුබිම සැකසේ.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ප්‍රේමදිවිය හා යුගදිවිය කල්පනාකාරීව සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් ගත කළ යුතුයි. යුගදිවියේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබේ. පෙම් සබඳකම් වැනි ප්‍රශ්න වලදීද ඉතාමත් සැලකිලිමත් වන්න. යම් යම් අයගේ උපදෙස් හා මැදිහත්වීම් හේතුවෙන් මේවායේ අනවශ්‍ය ප්‍රශ්න හා අවුල්ද හට ගැනීමටත් ඉඩ පවතින බැවින් දෙදෙනාට දෙදෙනා පමණක් අනෙf්‍යා්න්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන්න.   

 


   
පොදු තත්ත්වය:-   


ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාර ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන් විමසිල්ලෙන් ක්‍රියා කරන්න. පොදුවේ මෙම මාසය ඔබට ශූභා ශූභ මිශ්‍ර ඵල සහිතයි. තමාට උදව් උපකාර කිරීමට යම් යම් අය ඉදිරිපත් වේ.   


අධ්‍යාපනය ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


විද්‍යාස්ථානාධිපතිගේ පිහිටීම මත බලන කල ඔබට සිය අධ්‍යාපනික කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවන්නේ අමතර කාර්යයන් වල හා අනවශ්‍ය ක්‍රියාවල නිරත නොවුණහොත් පමණි. එනිසා ඒ කෙරෙහි අවධානයෙන් ක්‍රියා කරන්න. කෙසේ නමුත් අධ්‍යාපනයට අදාළව අනුමානයට කරන දෙයකින් ඉදිරිදැක්මක් පෙන්නුම් කරයි. ඉගෙනීම් කටයුතු වලට අයහපත්ම නොවේ.   


ධන අයභාවාධිපතීන්ගේ තත්ත්වය මතආර්ථීක තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව සැලසේ. යම් යම් මුදල් ලාභ හිමිවෙයි.ණය ගණුදෙනු අපේක්‍ෂා සඵල වේ.තමාට අය කරගන්නට තිබූ ණය ගණුදෙණුවක් ලැබේ. නිවසට අවශ්‍ය විසිතුරු බඩු බාහිරාදිය මිලදී ගැනීමට ද අවස්ථාව උදාවේ. එසේම අවශ්‍යතා පිරිමැසීමට මිල මුදල් අත මිට ගැවසේ.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන ශුභාශුභ මිශ්‍ර බවක් ඇතිවන්නේය. නව ආදර සබඳතාවකට හෝ විවාහ ගිවිසුමකට පසුබිම සැකසුනත්, බාහිර කරදර බාධා මතුවීමෙන් මෙවැනි දෙයට අදාළ සැලසුම් යෝජනා වෙනස්වීමකට වුව ඉඩ යෙදේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගතවේ. ගමන් බිමන් විනෝද චාරිකාවක් මගින් හදිසි දැන හැඳිනුම් ඇතිවන මාසයකි. එහෙත් එ්වාට යම් යම් විරුද්ධවාදිකමි ද ඇති වේ. 

 

 
   
පොදු තත්ත්වය:-   


මකර ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරකයින් බලයෙන් යුක්තව මෙන්ම රාජ යෝගයක්ද උදා කරමින් ගමන් කරන මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. සිතැඟි පරිදි සිය කාර්යයන් ඉටු වන්නේය. උත්සාහයේ ප්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. තම නම ප්‍රචලිත වන කාර්්‍යයන් රැසක් ගොඩනැගේ. උසස් අයගේ ඇසුර වැඩිවේ. ඔබට විවිධ පුද්ගලයින් ඇසුරට අවස්ථාව සැකසේ. ප්‍රමාද වු වැඩ කටයුතු රැසක් සිතැගි පරිදි සාර්ථකවේ. 

 
අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම මාසය තුළ අවස්ථාව සැලසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතු වලට යහපත්ය. තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය දිනවලදී පැවති බාහිර හා අභ්‍යන්තරික දුෂ්කරතා ප්‍රශ්න මඟහැරී යයි. 

 
තම රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැකියාවේ ඉදිරි ගමනක් ඇතිවේ. හවුල් ව්‍යාපාර වල නිරත ඔබට යම් යම් වාසි සැලසේ. රාජකාරි ස්ථානය තුළ ගෙනදී තිබූ කිසියම් කලකිරිම් සහගත ස්වභාවයක් පහව යයි. එමෙන්ම රැකියාවට පැවති ගමන් දුෂ්කරතා ප්‍රවාහන අපහසුතා වැනි ප්‍රශ්නයක් ද විසඳේ.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:- 


ඔබට මෙම මස තුළදී ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ඨ සිද්ධකර ගැනීමට හැකිවන්නේය. සමාජීය ඇසුර, විවිධ ගමන් බිමන් මුල්කොට විරුද්ධ ලිංගික සබඳකම් ගොඩනැගේ. මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන්, ප්‍රශ්නකාරී ස්වභාවය පහව යයි. විරුද්ධ ලිංගික ඇසුර වැඩි වශයෙන් ලැබෙන මාසයකි. යුගදිවි ගෙවන්නන් තුළත් පැවති මතබේදකාරී ස්භාවයන් පහව යන වාතාවරණය ගොඩනැගේ.   

 


   
පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති ශනි හා යෝග කාරක සිකුරු බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය ඔබට ශුභ ඵල දායක වන්නේය. අලුත් වැඩකටයුතු රාශියක් ගොඩනැගීමට අවස්ථාව සැලසේ. වැඩකටයුතුවලට පැවති අවහිර බාධා පහව යයි. ආත්ම විශ්වාසයෙන් ක්‍රියා ශුරතාවයෙන් සියලු කටයුතු ජයගනී. සැප පහසුවට අදාළ දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන් ආශ්‍රයට යොමුවන මාසයකි. උත්සාහයන්හි ප්‍රතිඵල අත්පත් වනු ඇත.   
අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


විද්‍යස්ථානාධිපති පීඩාවකින් තොරව ගමන් කරන නිසා ඉගෙනීම් කටයුතු වලට බාධා අවහිරතා නොයෙදෙන අතර සිය අධ්‍යාපනික කටයුතු සාර්ථක වන්නේය. උගතුන්ගේ ඇසුර ලැබීමටත්, නව විෂයයන්ට හා පාඨමාලාවන්ට අනුයුක්ත වීමටත් ඉඩ කඩ සැලසේ. අහිමි වූ නේවාසික පහසුකම් හා අධ්‍යාපනික ආයතන නැවතත් ඔබට ලැබේ. සිතේ සහනයෙන් සතුටින් ඉගෙනීම් කටයුතු වල නිරත වීමට පසුබිම සැකසේ.   
අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර පොදුවේ ඔබට විවිධ ආදායම් මාර්ග එළි පෙහෙළි වෙයි. මූල්‍ය හිඟකමින් පසු බැස තිබූ වැඩ කටයුතු රැසක් නැවතත් ඇරඹීමට පසුබිම සැකසේ. ඔබ ක්‍රියා ශූරත්වයෙන් මිල මුදල් උපයන අවස්ථා බහුල වන මාසයකි. දේපළ ආදායම් දියුණුවන මං පෑදේ. හදිසි මූල්‍ය ලාභයකට ඉඩකඩ සැලසෙයි. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට හැකිවේ. පොදුවේ මෙය යම් යම් මුදල් ලාභ ඔබ වෙත ලැබෙන මාසයක් ද වනු ඇත.   


ගෘහ ජීවිතය සහ විවාහ දිවිය:-

   
ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැකග සහකරු සහකාරියගේ පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ යමක් ලැබීමෙන් සිතට සතුටක් ගෙනදේගප්‍රේම දිවිය හොඳින් ගතවේගආදර සබඳතාවක හෝ විවාහ දිවියේ පැවති ප්‍රශ්නයක් පවුලේ ඥාතියෙකු මාර්ගයෙන් විසඳා ගත හැක. ඒ එසේ නමුදු අනපේක්‍ෂිත සබඳතාවන්ට නතු නොවන්න

 


   
පොදු තත්ත්වය:-   


ඔබගේ ලග්නාධිපති හා යෝගකාරකයින් ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්තව සිටීම නිසා ඔබටද මෙම මාසය ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙන්නේය. එබැවින් තම අරමුණු සැලසුම් සාර්ථක කරගැනීමට වඩාත් කැපවන්න. මුල් සති දෙක වැඩ කටයුතුවලට වැඩි වශයෙන්ම බාධා ඇති කළත් අවසන් සති දෙක ශූභ ඵල සහිතයි.   


අධ්‍යාපන- ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


අධ්‍යාපනය කෙරෙන් ඔබ තුළ පවතින දක්‍ෂතාව හැකියාව බොහෝ දුරට යටපත් වන බවක් දක්නට ලැබේ. පවුලේ කෙනෙකුගේ හෝ ඇසුරු කරන අයෙකුගේ අවශ්‍යතාවට පිහිට වීමට සිදුවීමෙන් අධ්‍යාපන කටයුතු අතපසු විය හැක.   
නිශ්ඵල ගමන් බිමන් නිසා හෝ බාහිර විවිධ කරදර නිසා හෝ නිකරුණේ මිල මුදල් වියදම් වේ. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතු කෙරේ.   
කැපවීමෙන් රැකියා ව්‍යාපාරික කටයුතු වල නිරත වන ස්වභාවය මෙම මස තුළදී ඹබෙන් පිළිඹිබු නොවන්නේය. එමෙන්ම තම රැකියා ව්‍යාපාරාදියේ කිසියම් ප්‍රගතියක් අත්පත් වුවත් අනපේක්ෂිත ගමන් බිමන් හේතුවෙන් රාජකාරිය ක්‍රමවත්ව කරගැනීමට අසීරුවෙයි.   


ගෘහජීවිතය සහ විවාහ දිවිය:-   


ඔබට විරුද්ධ ලිංගිකයන් සමග විවිධ අයුරින් සම්බන්ධ වීමට, එකට කටයුතු කිරීමට අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන බැවින් යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. පොදුවේ යුගදිවි ගෙවන්නන් වඩාත් ඥානාන්විතව මෙම මාසයේදී කටයුතු කරන්න. ඒ සම්බන්ධ කටයුතු වලදී අපවාද චෝදනා වුව එල්ලවීමේ අවදානමක් පවතී. ඒ කෙරේ අවබෝධයෙන් ක්‍රියා කරන්න. යම් යම් සබඳතා නිසා පසුතැවීමටත්, කළ කිරිම් ඇතිවීමටත් ඉඩ තිබෙන මාසයකි.   


www.hirumadala.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යෝතිෂ ලිපි මෙන්ම සුබනැකැත් ආදි ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා රාශියක් සපුරාගත හැක.   

 

ජ්‍යෝතිෂවේදී   
බෙන්තොට - හේමන්ත   

 



අදහස් (1)

ඉල් මහ ග්‍රහ ගමන ඔබේ ලග්නයට කරන බලපෑම

Kumar (Gulf) Tuesday, 02 November 2021 02:27 AM

පට්ට බොරු. රට හා මිනිසුන් රව්ටන

:       0       1

ඔබේ අදහස් එවන්න

පුවත්

මාලිමාවට බහුතර බලය ස්ථිරයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
2024 සැප්තැම්බර් මස 30 0 0

ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහතික ලෙස ලබාගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් වංචා දූෂණ කිසිවකට සම්බන්ධ නැති පටු පෞද්ගලික අරමුණු නැති විශිෂ්ට


මොරටුව හා ඌවවෙල්ලස්ස වෛද්‍ය පීඨවලට ස්ථිර ගොඩනැගිලි නැතිකමෙන් ගැටලු රැසක්
2024 සැප්තැම්බර් මස 30 0 0

මොරටුව හා ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපනය ලැබුවත් තවමත් මෙම පීඨ දෙක සඳහා ස්ථිර ගොඩනැගිලි හෝ මහාචාර්ය ඒකක නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්


හුස්ම සහ සක්වළ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 30 1 0

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම” සහ “සක්වළ” ප්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ම


විශ්‍රාමික ජනපතිවරු නඩත්තුවට වසර තුනට කෝටි 27 ක්
2024 සැප්තැම්බර් මස 30 2 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස


මුං ඇට ආනයනය නිසා ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට
2024 සැප්තැම්බර් මස 30 2 0

පසුගිය කාලයේදී විදේශ රටවලින් අධික ලෙස මුං ඇට ගෙන්වීම නිසා මෙවර යල කන්නයේ අස්වනු සඳහා ගොවීන්ට නිසි මිලක් නොලැබෙන බව ගොවි සංවිධාන සඳහන් කරයි. යල කන්නයේද


ජනපති අපේක්ෂකයෝ විස්සක් මහ ඡන්දෙට
2024 සැප්තැම්බර් මස 21 134 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින බව බුද්ධි අංශ සහ දේශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site