IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩිජිටල් හැදුනුම්පත දත්ත ඉන්දියානු සමාගමට යන්නේ නෑ ජීව දත්ත එකතු කරන්නේ පුද්ගලයන්ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් පමණයි සමාගම පත් කරන්නේ කමිටුවක නිර්දේශ මතයි. ඩිජිටල් ආර්ථික වැඩබලන ඇමති කියයි

උපුල් වික්‍රමසිංහ
ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ඉන්දියානු සමාගමකින් ලබා ගත්ත ද එයින් මෙරට පුරවැසියන්ගේ දත්ත කිසි ලෙසකත් එම සමාගමට ලබා ගත නොහැකි බව ද තෝරා ගනු ලබන ඉන්දියානු සමාගමෙන් කෙරෙන්නේ මෙම ව්‍යාපෘතියට අදාළ පද්ධතිය සකස් කිරීම පමණක් බව ද සමාගම තෝරා ගනු ලබන්නේ ඒ සම්බන්ධව කටයුතු කිරීමට පත් කරනු ලබන කමිටුවක නිර්දේශ මත පමණක් බව ද ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය එරංග වීරරත්න මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
පුරවැසියන්ගේ ජෛව මිතික දත්ත එක් රැස්කිරීම කරනු ලබන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පමණක් බව ද ඉදිරියේ දී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන ආයතනයක් මගින් මෙම වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉන්දියානු සමාගමකට තබා මෙරට සමාගමකටවත් මෙහි දත්ත ලබා ගැනීමට ඉඩක් නොමැති බව ද ඔහු සහතික කළේ ය.

ව්‍යාපෘතියට අදාළව පසුගිය ආණ්ඩුව සහ ඉන්දියානු ආණ්ඩුව අතර අස්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමෙහි කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මේ වෙනවිට ඉන්දියාව දැනුම්වත් කර ඇතැයි ද ඒවාට ඉන්දියානු ආණ්ඩුව එකඟ වී ඇතැයි ද කී අමාත්‍යවරයා ඒ අනුව, සංශෝධිත අවබෝධතා ගිවිසුමට මේ මාසයේ අග දී හෝ ලබන මාසය ඇතුළත දී හෝ දෙරට විසින් අස්සන් තබනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. ඉන් පසු දෙරටේ රජයන් නියෝජනය කරන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර එයින් ලැබෙන නිර්දේශ අනුව සමාගම තෝරා ගනු ලබන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
ලංකා රජයේ හෝ රජයට අනුබද්ධ ආයතනයක් ද මේ වෙනුවෙන් පත් කරන බවත් ඉන්දියානු සමාගම සමග එම ආයතනය ද ක්‍රියාත්මක වෙන බවත් අවශ්‍ය තාක්ෂණික දැනුම එම දේශීය ආයතනය විසින් ලබා ගනු ලැබූ පසු මේ ව්‍යාපෘතියෙහි සියලු කටයුතු එම ආයතනය යටතේ සිදු වෙන බවත් වීරරත්න මහතා කීවේය.
ඩිජිටල් හැඳුනුම්පත් ලබා ගැනීම අනිවාර්ය නොකළ ද ඉදිරියේ දී රජයේ සේවා ලබා ගැනීමේ දීත් බැංකු ගිණුම් විවෘත කිරීම, විදේශ ගුමන් බලපත්‍ර ලබා ගැනීම, සිම්කාඩ් පත් ලබා ගැනීම,‌ අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම ඇතුළු තවත් සේවා රැසකදීත් ඩිජිටල් හැඳුනුම්පත ඔස්සේ තමන්ගේ අනන්‍යතාව නිවැරදිව ඔප්පු කිරීමට සිදු වෙනු ඇති බව ද එබැවින් ඩිජිටල් හැඳුනුම්පතක් තිබීම අත්‍යවශ්‍ය වෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. දැනට වෙන අපරාධ වැළැක්වීමේ අරමුණින් ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මාසයේ මුල සිට පටන් ගන්නා බවත් එතැන් සිට ඉදිරි මාස හයක කාලයේදී අලුත් හැඳුනුම්පත් නිකුත් කිරීම ඩිජිටල් ක්‍රමයට සිදු කරන බවත් කී අමාත්‍යවරයා වසරකට ලක්ෂ එකහමාරත් දෙකත් අතර ප්‍රමාණයක් පළමු මාස 6 ක කාලයේදී නිකුත් කිරීමට හැකි වෙනු ඇති බවත් පළමු මාස 6 න් පසු පරණ හැඳුනුම්පත් හිමියන්ට ඔවුන්ගේ හැඳුනුම්පත් ඩිජිටල් කර ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් පැවසීය.
පළමු මාස 6 දී ඇඟිලි සලකුණ සහ මුහුණේ හැඩ රුව පමණක් ලබා ගන්නා බව ද එයින් පසු ඇසේ කළු ඉංගිරියාව ලබා ගැනීම ආරම්භ කරන බව ද එම ජෛවමිතික දත්තවලට අමතරව වෙනත් කිසිදු දත්තයක් ලබා නොගන්නා බව ද වීරරත්න මහතා සහතික කළේ ය.
“පුරවැසියන්ගෙන් ලබා ගන්නා දත්ත කිසිම විදියකින් ඉන්දියානු සමාගමට යන්නෙ නෑ. පද්ධතිය සකස් කිරීම පමණයි ඉන්දියානු සමාගමක් සම්බන්ධ කරගෙන සිදු කෙරෙන්නෙ. දත්ත ලබා ගැනීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විතරයි කෙරෙන්නෙ. එම දෙපාර්තමේන්තුවේ ඇති ශාඛා කාර්යාල ඔස්සේ ඒ කටයුතු සිදු කෙරෙනවා. 
ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් මගින් මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික දැනුම සහ ඉදිරියට මේ පද්ධතිය නඩත්තු කර ගෙන යෑමේ වැඩපිළිවෙළක් ඉදිරියට එනවා. පුරවැසියන්ගෙන් ලබා ගන්නා ජීව දත්ත ඇතුළු කිරීමට පෙර සියලුම ආරක්ෂණ පියවර අපි අනුගමනය කරනවා. 
බාහිර පාර්ශ්වවලට දත්ත නොයන බවට සහතික කර ගැනීමෙන් පසු පමණයි පද්ධතියට දත්ත ඇතුළු කරන්නෙ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

 

 



අදහස් (0)

ඩිජිටල් හැදුනුම්පත දත්ත ඉන්දියානු සමාගමට යන්නේ නෑ ජීව දත්ත එකතු කරන්නේ පුද්ගලයන්ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවෙන් පමණයි සමාගම පත් කරන්නේ කමිටුවක නිර්දේශ මතයි. ඩිජිටල් ආර්ථික වැඩබලන ඇමති කියයි

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 20 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 19 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 13 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 26 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 24 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 170 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site