ඉන්දික හේවාවිතාරණ
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
විදේශ රටවලින් ගෙන්වන බීජ කිලෝවක මිල රුපියල් 18,000 – රුපියල් 20,000 අතර පවතින බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. දේශීය බීජ කිලෝවක මිල රුපියල් 30,000 ඉක්මවා ගොස් තිබෙන අතර මෙම මිලට ද ඇතැම් ප්‍රදේශවල දේශීය බීජ සොයා ගැනීමට නොමැති බව ඔහු පවසා සිටියේය.
විදේශ රටවලින් ගෙන්වන බීජවල ගුණාත්මකභාවය පිළිබඳව වරින් වර ගැටලු ඇති වී තිබෙන නිසා දේශීය බීජ නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය..
මෙරට ලොකු ලූනු වගා කරනුයේ වසරකට එක් වතාවක් පමණක්, එනම් යල් කන්නයේ පමණක් බවද සභාපතිවරයා පැවසීය.
වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 280,000ක ප්‍රමාණයෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
“වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් හෙක්ටයාර් 15,000 ක් හෙවත් අක්කර 37,500ක් පමණ ලොකු ලූනු වගා කළ යුතුයි.
මෙකී වගා ඉලක්කය කරා යෑමේ කිසිදු වැඩපිළිවෙළක් රටේ නැහැ. මේ හේතුවෙන් ලොකු ලූනු ගොවිතැනින් ගොවීන් ඉවත් වෙමින් තිබෙනවා.
අක්කරයක් සඳහා ආනයනික බීජ කිලෝ තුනත් තුනහමාරත් අතර ප්‍රමාණයක් හා දේශීය බීජ කිලෝ දෙක හමාරත් තුනත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වී තිබෙන්නේ බීජ ගැටලු. අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හා වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට ස්ථානයක් නොමැතිවීමත් ගැටලුවක්.
දැනට පවතින ගැටලු නිසා මෙවර යල් කන්නයේ දී හෙක්ටයාර 1000කට ආසන්න ප්‍රමාණයකවත් ලොකු ලූනු වගාව සිදුකළ නොහැකියි.
පසුගිය කාලයේදී ලොකු ලූනු වගාවෙන් ලද පාඩුව නිසා සිය වගා බිම් වෙනත් බහු වාර්ෂික භෝග වගා සඳහා යොදා ගැනීමට ඇතැම් ගොවීන් කටයුතු කර තිබෙනවා.
ලොකු ලූනු වගාව සිදුකළ හැකි භූමි පිළිබඳව විස්තරයක් 2022 වසරේ අවසන් කාර්තුවෙහිදී එවකට පැවති ආණ්ඩුවට භාර දී තිබෙනවා. දැනට ලොකුලූනු වගා කරන ප්‍රදේශවලට අමතරව තවත් හෙක්ටයාර් 15,000කට වැඩි ප්‍රමාණයක ලොකුලූනු වගා කළ හැකියි.”
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගො
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පාවිච්චි කිරීමට ඉඩ දෙන්නැයි ආයතන ප්
ඉන්දු-ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු සමග සාකච්ඡා කළ බවත් එය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර
කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රා
කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවස
වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බීජ මිල ඉහළ යෑමෙන් ලොකු ලූනු වගාව අඩාළයි