IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


“හයිවේ” පස් ජාවාරම

 පස් ජාවාරමට ජනතා විරෝධය

 

  • කණු මතින් පාර ඉදිකිරීම වෙනුවට පස් කඳු මතින් පාර හදන්නේ පස් ජාවාරමට

 

ගම්පහ ‘පස්’ දැන් රත්නපුරයේ මැණික්වලටත් වඩා ඉල්ලමක් වී තිබෙන ආකාරය දක්නට හැකිය. වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමකින් යුත් කොළඹ හා ගම්පහ ‘ඉඩම්’ ලෙස කුඹුරු හා වගුරු බිම් ගොඩ කරන්නට යොදාගත් පස්වල වටිනාකම තවත් වැඩි වූයේ කොළඹ-නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම ආරම්භයක් සමගය.   
ගම්පහ ‘පස්’ ව්‍යාපාරයක් නොව ජාවාරමක් බවට පත්වන්නේ ‘පස්’ සඳහා වෙනම පාතාලයක් බිහිවීමත් සමගය. දේශපාල‌නඥයින්ගේ රැකවරණ මත පස් ජාවාරමේ සියලු කටයුතු සිදු කළේය. පස් ජාවාරමේ තිබුණු සල්ලි ඉල්ලම නිසාම පස් පාතාලය ද දෙකඩ වී ඔවුනොවුන් මරා ගැනීම ආරම්භ වූයේ 2003 වසරේ නොවැම්බර් 13 වැනි දින සිදු වූ මහා පරිමාණ පස් ජාවාරම්කරුවකු වූ ‘කළු ගාමිණී’ගේ මරණයෙනි. තවත් පස් ජාවාරම්කරුවකු වූ පාතාලයේ ‘අසිත’ගේ පාර්ශ්වය විසින් එම ඝාතනය සිදු කළේය. එදා සිට මේ දක්වා පස් ජාවාරම නිසා 43 දෙනකු ඝාතනයට ලක්ව ඇති අතර, ඉන් ආසන්නතම මරණය වාර්තා වූයේ 2018 පෙබරවාරි 6 වැනි දින කෙහෙල්බද්දර පදිංචිකරුවකු වූ 65 හැවිරිදි නෙවිල් පෙරේරාය. ඔහු පස් ජාවාරමට සම්බන්ධ අයකු නොවූ නමුත් ඔහුගේ පුත්‍රයකු පස් කැපීමට සම්බන්ධ නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවත් හෙළි විය.   
පස් කැපීම නිසා ජලපෝෂක කඳු පන්ති කපා විනාශ කර දමා මෙරට සිදු වූ විශාලතම පරිසර හානිය සිදුව ඇත්තේ මිනුවන්ගොඩටය. අද වනවිට එම ප්‍රදේශ තුළ පස් කැපීම අවම වී ඇත්තේ පස් කපන්නට ස්ථානයක් පවා සොයා ගන්නට අපහසු වීම නිසාය.   

 

දේශපාලඥයකුට අයත් දිවුලපිටියේ පස් කපන ස්ථානයක්

 


පස් පාතාලයෙන් පස් ජාවාරම ක්‍රමයෙන් ගිලිහී යද්දී එය දේශපාලනඥයින්ගේ අතට පත්වන්නේ පස් සඳහා ගෙවනු ලබන ඉහළ මිලත් සමගය. කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයට අවශ්‍ය කරන පස් කියුබික් මීටර් බිලියන ගණනත් සමග දේශපාලනඥයාගේ වඩා අවධානය යොමු වන්නේ ‘පස් ජාවාරම’ටය. පසුගිය කාලයේදී වැලි මිලටත් වඩා වේගයෙන් පස් මිල ඉහළ ගියේය. 2010 වර්ෂයේදී තම නිවසේ අවශ්‍යතාවකට ගම්බද ජනතාව සැපැයුම්කරුවකුගෙන් පස් කියුබ් එකක් මිලට ගත්තේ රුපියල් 1,500කටය. දැන් ගම්බද ප්‍රදේශවල කියුබයක මිල රුපියල් 5,000කි. අධිවේගී මාර්ග සඳහා තොග වශයෙන් අද වනවිට මිලට ගන්නේ පස් කියුබ් එකක් 3,500ත් 4,000ත් අතර මිලකටය. ඒ අනුව පස් කියුබ් 3.5ක් අඩංගු ටිපර් රථයක පස් සඳහා අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මගින් රුපියල් දසදහසක්-පහළොස්දහසක් අතර මිලක් සැපැයුම්කරුවන්ට ගෙවයි. කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ එක් අදියරක් සඳහා පස් කියුබික් මීටර් බිලියන අටක් පමණ අවශ්‍ය බව පැවැසෙන අතර, පස් සඳහා පමණක් වෙන් කර ඇති මුදල පිළිබඳව ඔබට සිතාගත හැකිය.   


පස් ජාවාරම මිනුවන්ගොඩ සිට දිවුලපිටියටත්, එතැනින් මීරිගමටත් පැතිරෙන්නේ දේශපාලන බල මහිමයේ පිහිටෙනි. මිනුවන්ගොඩට පසුව දැවැන්තම පස් කැපීම වාර්තා වන්නේ දිවුලපිටියෙනි. පසුව එය මීරිගමට ද පැතිර ගියේය. මේ පස් ජාවාරම පිටුපස සිටින්​නේ රජය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකි. තම ඥාතීන් හා හිතවතුන්ගේ නමින් අවසරපත ලබාගෙන දේශපාලනඥයා විසින් මහා පරිමාණ පස් ජාවාරම ක්‍රියාත්මක කරනු ලබයි.   


රජයක් විසින් සිදුකරනු ලබන අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති රටට අත්‍යවශ්‍යය. කොරෝනා වසංගතය මැද වුව ද රටේ සංවර්ධනය නවතාලිය නොහැකිය. එහෙත් සංවර්ධනයට මුවා වී සිදුකරනු ලබන ජනතා මුදල් ගසාකෑම් අනුමත කළ නොහැකිය. 

 
කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ අදියරෙහි වැඩි දුරක් කණු මතින් ඉදිවන බව මුලින් ප්‍රකාශ වුව ද දැන් සූදානම් වන්​නේ වැඩි ප්‍රමාණයක් පොළොව මට්ටමින් ඉදිකිරීමය. කණු මතින් ඉදිකිරීම වෙනුවට එම ක්‍රමය ලාබදායි වුව ද පොළොව ගොඩ කිරීම සඳහා අවශ්‍ය වන පස් තොගය හා ඊට යන වියදම සලකා බැලූ විට සැලකිය යුතු ලාබයක් ලැබේදැයි සැක සිතෙන තරම්ය. ඊටත් වඩා සැකයට තුඩුදෙන කාරණය වන්නේ පස්වලින් තමන්ට ලැබෙන ලාබය ගැන සිතා උඩින් යන්ට ගිය අධිවේගය පහළින් ගමන් කළේ කාගේ වුවමනාවට ද යන්නයි.   

 

පස් කඳු ගොඩගැසීම නිසා වර්ෂාවට පිටාර දමා ඇති ජලය

 


අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා පහසුකම් සපයන යටිතල මාර්ගය ඉදිකිරීම සඳහා විශාල පස් තොගයක් බිමට එළා ඇති අතර, ඊට අමතරව අඩි 10-15 පමණ උස පස් කඳු ගම්පහ සිට මීරිගම දක්වා වූ කොටසේ තැනින් තැන ගොඩගසා තිබෙනු දක්නට ලැබේ. ඒවා බොහෝවිට ගොඩගසා ඇත්තේ වෙල්යායවලය. නැති නම් වගුරු බිම්වලය. වර්ෂා ජලය ගලා යෑම අවහිර වීම නිසා පසුගිය දිනවල ගම්පහ මෙන්ම මෙම ප්‍රදේශවල නිවාස රැසක් ගංවතුරට හසුවිය. ගංවතුර නිවසට පැමිණ දින ගණනාවක් ගියත් බැස නොගියේ ජලය බැස යන ස්වාභාවික බිම් පස් කඳු නිසා අවහිර වීම නිසාය. එම නිසා සෑම වර්ෂා කාලයේදීම මෙම ගැටලුව ඇති වී වින්දිතයන්ට වන්දි ගෙවිම් වැනි දෑ සලකා බැලූ විට කණු මතින් ඉදිවන්නට තිබූ අධිවේගය පහළට ගෙන ඒමෙන් වාසියක් වනු ඇත්දැයි දෙවරක් සිතා බැලිය යුතුය.   


මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මේ වනවිට පස් කැපීමේ ස්ථාන සියයකට වැඩි ගණනක් ඇති අතර තවත් ස්ථාන සිය ගණනක් සඳහා අවසර ඉල්ලා තිබේ. වැඩිම පස් කැපීමේ ස්ථාන පිහිටා ඇත්තේ මීරිගම-කණ්ඩලම සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව මායිම දක්වාය. මීරිගම පස් කැපීමේ ආදීනව කෙතරම් ද යත් දැනටමත් පානීය ජල මූලාශ්‍ර සිඳී ගිය ග්‍රාම නිලධාරි වසම් 42කට පමණ බවුසර් මගින් පානීය ජලය ලබා දේ.   


පස් ජාවාරම පස් ජාවාරම්කරුට පමණක් නොව ඉදිකිරීම් ​​​ක්‍ෂේත්‍රයේ සිටින බොහෝ දෙනාගේ සාක්කු පිරෙන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. ඒ සියල්ලන් සඳහාම සැලකිය යුතු මුදලක් පස් ජාවාරම්කරුගෙන් ලැබෙයි. පස් කැපීම සඳහා අවසර ගත යුතු නියාමන ආයතනයේ නිලධාරියාගේ සිටම මෙම මුදල බෙදේ. දිනකට කැපිය යුතු පස් ටිපර් ගණන හා පොළොව හෑරිය යුතු අඩි ගණන අවසර පත්‍රයේ සඳහන් වුව ද ඒ පිළිබඳ කිසිදු නියාමනයක් නැත.   


අධිවේගී මාර්ගය සඳහා කුඹුරු ඉඩම් ගොඩ කිරීමේදී අධිවේගයේ පිහිටෙන් තමන්ගේ කුඹුරු ගොඩ කරගෙන ගොඩ ගිය පිරිස් ද සිටිති. දැන් සමහරුන් ඒවා ගොඩ ඉඩම් ලෙස විකිණීමට ද සූදානම්ය. ගෙන එනු ලබන පස් ටිපර් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක පස් සඳහන් බිලක් අනුමත කර දෙන්නේ නම් අමතර මුදල ඒ නිලධාරියාටය. එම මුදල පස් කියුබ් 100කට නම් රුපියල් ලක්‍ෂ හතර ද ඉක්ම වූ මුදලකි. ප්‍රදේශයේ දේශපාලනඥයාට කියුබ් එකකින් රුපියල් පන්සියයක මුදලක් හිමිවන බව කියවේ. ප්‍රාදේශීය දේශපාලනඥයාට කියුබ් එකකට රුපියල් 100ක් හා ප්‍රදේශය භාර පරිපාලන නිලධාරියාට ද රුපියල් 100ක් හා පස් ප්‍රවාහනය මහාමාර්ගයේ නියාමනය කරන අංශවලට ද පස් කියුබයකින් යම් මුදලක් සන්තෝෂම් මුදලක් ලෙස ලබාදෙන බව පැවැසේ.   
2003 වසර වනතෙක් පස් ප්‍රවාහනය සඳහා අවසර පත්‍රයක් අවශ්‍ය නොවූ අතර, එම කාලයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මහා පරිමාණ පස් ජාවාරමට එරෙහිව කෙහෙල්බද්දර ප්‍රදේශයේ පරිසර හිතවාදීන් පිරිසක් ගම්පහ දිසා අධිකරණයේ නඩුවක් පැවැරූ අතර, 2002 මාර්තු 5 දින අධිකරණය තීන්දුව ප්‍රකාශ කළේ පැමිණිලිකරුවන්ට ජය අත්කර දෙමිනි. 53059/02/පී.සී. අංක දරන එම නඩු තීන්දුවට අනුව අවසර නොමැතිව පස් ප්‍රවාහනය කිරීම තහනම් විය. පස් ප්‍රවාහන නීතියට පනතක් පාර්ලිමේන්තුවේදී ගෙන ආවේ 2003 දී පමණ ඒ නඩු තීන්දුවට අනුවය. නමුත් වත්මන් රජය මගින් පස් ප්‍රවාහනය යළිත් නිදහස් කළේය.  
වත්මන් රජයේ ස්ථාවරය වූයේ යම් අයකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් වේ නම් ග්‍රාම නිලධාරිගේ අවසරය ඇතිව පස් කියුබ් 35ක් කපා ප්‍රවාහනය කරගත හැකි බවය. ජනතාව ගැන සිතා රජය ඒ තීරණය ගත්තත් එම නීතියෙන් ද අද ප්‍රයෝජන ගන්නේ ජාවාරම්කරුවාය. විවිධ අයගේ වුවමනාවන් සඳහන් කරමින් ඒ අවසරය ද අද ඔවුහු අපයෝජනය කරමින් සිටිති.   


මේ සියලු අකටයුතුකම් සිදුවන්නේ මේ කටයුතු නියාමනය සිදු කිරීමට වගකීම ඇති රාජ්‍ය නියාමන ආයතන හා පරිසරය භාර ඇමැතිවරයාගේ ඇස් වසමිණි. පස් කැපීමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමත්, පස් කැපීමට නුසුදුසු ස්ථානවල පස් කැපීමට අවසර නොදීමත්, පස් කපන ලද ස්ථාන පුනරුත්ථාපනය කිරීමත් ඔවුන්ට අයත් කාර්යයකි. එසේ සිදු නොකොට ඔවුන් ද පස් ජාවාරමේම කොටස්කරුවන් වේ නම් අපේ පරිසරයට දෙවියන්ගේම පිහිටය.

 

සටහන හා ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම 



අදහස් (7)

“හයිවේ” පස් ජාවාරම

Tharindu Perera Saturday, 12 June 2021 05:53 PM

සර්' පස් කපන්න අවසර නොදුන්නා නම් තමයි පුදුමේ...!

:       1       91

wasantha Saturday, 12 June 2021 08:46 PM

රජයක් විසින් මහජනයාට කළ හැකි ලොකුම උදව්ව නම් සංවර්ධනය නොකර සිටීමයි. පසුගිය වසට 30 තුළ අධිවේගී සංවර්ධනය නිසා (1) ගංවතුර ඇතිවීම, (2) රට ණය වීම, (3) කුඹුරු නැතිවීම (4) පුරාණ ගම් විනාශ වීම, (5) මාෆියා ඇතිවීම (6) මහජනයාට විශාල ඉඩම් ප්‍රමාණ නැතිවීම සහ තවත් විශාල පාඩු ඇතිවිය. ඇතිවූ වාසිය නම් තමන්ගේ වාහන තියන පොහොසත් අය‍ට වේගයෙන් ගමන් යා හැකි වීමයි...

:       2       75

pradeep Saturday, 12 June 2021 09:59 PM

පස් පොඩ්ඩා ප්‍රබලම දේශපාලකයෙක් සමග නිදහසේ සැරිසරයි...!!! 

:       0       51

Nalaka Sunday, 13 June 2021 06:25 AM

මේක පිටිපස්සේ ඉන්නේ පස් ඉන්දික..!!!

:       0       25

AsankaTuesday, 15 June 2021 12:58 PM

ඕක මුලු ගම්පහම දන්න ප්‍රසිද්ධ රහසක්... මට හැකියාවක් තිබ්බා නම් ඔලුවටම වෙඩි තියලා දානවා. වෙන කිසිම ක්‍රමයක් නැහැ. මේ දේශපාලන පාතාලයෝ නවත්වලා අපේ ජීවත්වීමේ අයිතිය බේරගන්න..

:       0       1

pakeer Tuesday, 15 June 2021 12:59 AM

මිනිහෙක් උපයන ගාණට වඩා වියදම් කරන්න ගියොත්... එතැන වෙන්නේ පරිහානිය.. ඒක රටකටත් පොදුයි. ඒක බොහොම සරල ධර්මතාවයක්...

:       0       0

nandasiri Tuesday, 15 June 2021 05:00 AM

අවසානයේදී අධිවේග පමණක් ඉතිරි වේවි... මිනිසුන් විනාශ වේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

පුවත්

මාලිමාවට බහුතර බලය ස්ථිරයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
2024 සැප්තැම්බර් මස 30 29 0

ජාතික ජනබලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහතික ලෙස ලබාගැනීමට හැකි බවත් ඒ වෙනුවෙන් වංචා දූෂණ කිසිවකට සම්බන්ධ නැති පටු පෞද්ගලික අරමුණු නැති විශිෂ්ට


මොරටුව හා ඌවවෙල්ලස්ස වෛද්‍ය පීඨවලට ස්ථිර ගොඩනැගිලි නැතිකමෙන් ගැටලු රැසක්
2024 සැප්තැම්බර් මස 30 15 0

මොරටුව හා ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපනය ලැබුවත් තවමත් මෙම පීඨ දෙක සඳහා ස්ථිර ගොඩනැගිලි හෝ මහාචාර්ය ඒකක නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්


හුස්ම සහ සක්වළ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මකයි
2024 සැප්තැම්බර් මස 30 8 0

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම” සහ “සක්වළ” ප්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ම


විශ්‍රාමික ජනපතිවරු නඩත්තුවට වසර තුනට කෝටි 27 ක්
2024 සැප්තැම්බර් මස 30 10 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස


මුං ඇට ආනයනය නිසා ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට
2024 සැප්තැම්බර් මස 30 14 0

පසුගිය කාලයේදී විදේශ රටවලින් අධික ලෙස මුං ඇට ගෙන්වීම නිසා මෙවර යල කන්නයේ අස්වනු සඳහා ගොවීන්ට නිසි මිලක් නොලැබෙන බව ගොවි සංවිධාන සඳහන් කරයි. යල කන්නයේද


ජනපති අපේක්ෂකයෝ විස්සක් මහ ඡන්දෙට
2024 සැප්තැම්බර් මස 21 140 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන්ගෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙමින් සිටින බව බුද්ධි අංශ සහ දේශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site