IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා

(යොහාන් භාසුර)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (21) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන ආණ්ඩුව චෝදනා කරන බව කී ඉන්දික අනුරුද්ධ මහතා එවැනි චෝදනා කර විශාලා ඝෝෂාවක් නගලා වර්තමාන ආණ්ඩුව එය හොයලා පැය ගාණකින් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගේනවා යැයි පම්පෝරි ගසමින් ආණ්ඩු බලය ලබාගත් බව ද සඳහන් කළේය.

ක්‍නාධිපතිවරයා පොරොන්දු කඩකිරීමෙන් කතෝලික සභාව, කාදිනල්තුමාට, කතෝලික ජනතාවට මෙන්ම ඒ අගතියට පත්වූ වින්දිතයින්ට දැඩි අසාධාරණයක් කළ බවත් ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් ගානේ පාස්කු ප්‍රහාරය මතක් කර අහිංසක මිනිස්සුන්ගේ තුවාල පෑරවූ බවත් ඔහු කීය.

ඉන්පසු මහා මැතිවරණයෙදි නැවත නැවතත් පල්ලියේ අල්තාරයේ පියතුමන්ලා ලව්වා මාලිමාවට ඡන්දය දෙන ලෙස කියවාගැනීමට අනුර කුමාර ජනාධිපතිතුමා පාස්කු වින්දියින්ට සාධාරණයක් කරන්නේ යැයි පැවසූ බවත් එසේ ප්‍රකාශ කළ ජනාධිප‘තිවරයා මාස හයකින් පසුව ජනාධිපති කොමිෂන් වාර්තාව සීඅයිඩියට භාරදුන්නේ යැයි ප්‍රකාශ කළ බවත් ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

කොමිසමේ නිර්දේශ වෙනුවෙන් ජනාධිපතිතුමා කිසිදු සාධනීය උත්තරයක් නොමැතිව නීතියක් ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ගැටලුව මතුවන බව කී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ඉදිරියෙන් තබාගෙන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද සොයනවාද යන සැකය මතුවන බවත්ය.

රාජපක්‍ෂ කඳවුර පාස්කු ප්‍රහාරය කළේ යැයි කියවා ගැනීම ආණ්ඩුවේ උත්සහ බවට පත්ව ඇති බවත් ජනාධිපතිතුමාට රාජපක්‍ෂලා සමඟ ඇති පෞද්ගලික තරහා කදිනල්තුමා ලවා, කතෝලික ජනතාව ලවා ඉස්මතු කරගන්න හදනවා නම් එය කෙනාකරන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දික අනුරුද්ධ මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා

ඔබේ අදහස් එවන්න

 

 
 

test

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 468 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 768 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 1286 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා
2025 අප්‍රේල් මස 17 670 1

හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරම


විකිරණ පරීක්ෂණවලට විකල්ප වැඩපිළිවෙළක්
2025 අප්‍රේල් මස 10 6 0

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීයව පැවතියත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළ


නීතීවිරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි
2025 අප්‍රේල් මස 10 615 0

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site