IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බේරුවල

 

(තුසිත කුමාර දසිල්වා)

බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට  මනෝජ් 3 බහු දින යාත්‍රාවෙන්මුහුදු ගිය ධීවරයන් හය දෙනකුගෙන් එක් අයෙකු මුහුද මැදදී  මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද (28) කිය.

මෙසේ මියගොස් ඇත්තේ අනගිපුර රොෂාන් මධූක (55) නැමැති කන්දවත්ත, මග්ගොන, පයාගල ලිපිනයේ පදිංචිව සිටි ධීවරයෙකු බව පොලිසිය කියයි.

මෙම ධීවරයන් රැගත් බහුදිනයාත්‍රාව ඉකුත් සිකුරාදා 25 දින බේරුවල ධීවර වරායේ චීන වරාය ජැටියෙන් පිටත්ව ගොස් ඇති අතර   ඒ යන අතරතුර  මෙම ධීවරයා  කිසියම් අසනීප තත්ත්වයකින් මියගොස් ඇති බව යාත්‍රා හිමිකරුට  දැන්වීමෙන් අනතුරුව ඔහු බේරුවල පොලිසියට  මේ සම්බන්ධයෙන්පැමිණිලි කර තිබේ.

ඒ අනුව  එම යාත්‍රාවේ සිටි සෙසු ධීවරයන් මියගිය ධීවරයා සමග  27 රාත්‍රි 8.30 ට පමණ බේරුවල ධීවර වරාය වෙත නැවත පැමිණ ඇති බවත් මියගොස්  සිටි  ධීවරයා හා යාත්‍රාවසම්බන්ධයෙන් අද (28)  බේරුවල පොලිසිය හා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ( සොකෝ) පරීක්ෂාවට  ලක්කර අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක්  සිදුකිරීමට නියමිත බව බේරුවල පොලිසිය කිය. 

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම  යාත්‍රාවේ ගමන් ගත් සෙසු ධීවරයන් පස්දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති  අතර     අද(28) මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට වෙ  සිරුර රැගෙන  යාමට  පොලිසියකටයුතු කළහ.

 



අදහස් (0)

බේරුවල

ඔබේ අදහස් එවන්න

 

 
 

test

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 611 1

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


බේරුවල
2025 අප්‍රේල් මස 28 3 0

බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට මනෝජ් 3 බහු දින යාත්‍රාවෙන්මුහුදු ගිය ධීවරයන් හය දෙනකුගෙන් එක් අයෙකු මුහුද මැදදී මියගොස් ඇතැයි බේරුවල පොලිසිය අද (28)


දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි
2025 අප්‍රේල් මස 25 1261 6

පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැ


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1653 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 8 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුකාරී තත්ත්වයක් හටගෙන තිබේ .


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 1232 1

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1032 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 589 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site