(නිමල කොඩිතුවක්කු)
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීයව පැවතියත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.ඒ.එල් රණවීර මහතා පැවසීය.
විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වනවිටත් දැනුම් දී ඇති බවත්, අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීයවීම හේතුවෙන් විකිරණ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් ම අඩාල වී ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
බිඳවැටුණු යන්ත්‍ර දෙකම පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර බවත්, ක්‍රියාකාරී තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රය පසුගිය සදුදා දින සිට අක්‍රීය තත්ත්වයට පත් ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරම
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර අක්‍රීයව පැවතියත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළ
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක , ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වූ බව කියන මීගහකිවුලේ නිමේෂ් සත්සර (25) තරුණයා ගේ මළ සිරුර මිහිදන් කළ ඔහුගේ නිවසට යාබද සුසානභුමියට ඊයේ (09) රාත්‍රියේ
ශ්රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විකිරණ පරීක්ෂණවලට විකල්ප වැඩපිළිවෙළක්