IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


කවිරත්නගේ කවිය

 

අතකින් සම්මාන අතකින් අවමාන
උදයෙන් පොළට ආවද ඔබ කවිරත්න?

පළවෙනි කවිරත්න
කවි අධිරාජ්‍යයේ සක්විති
පහත් කරගෙන හිස
සසර අබලන් මග යන

ගන්න කලට ණය මිහිරිය මී සේ
ගෙවන කලට දුක් දැඩි වෙයි ගිනි සේ
මාස් පඩිය සේදෙයි එක දවසේ
ඒත් ලියයි කවි ලෝකෙට බෝ සේ!

"මේ පොළේ බොහෝ
ලාබ බඩු තිබේ
චීනෙන් ආ කවර අස්සෙ
නටන හැටි අගේ!"

කවිරත්න
පුතා ගැන හිතයි
කවිරත්න
දුව ගැන හිතයි
ඇවිද ඇවිද පොළ පුරා හත් විඩක්
ලාබම ලාබ සෙල්ලම් බඩු තෝරා ගෙනාවැයි
අමනාප නොවී පුතු
සිනාසෙයි තුරුළුව.
ඇවිද ඇවිද ලොසින්ජර කඩ ගානේ
ලාබම ලාබ රස කැවිලි ගෙනාවැයි
අමනාප නොවී දූ
සිනාසෙයි තුරුළුව.

කවිරත්නට
බිරිඳ සිහිවෙයි
අම්මා තාත්තා සිහි වෙයි

"පාන් පෙත්තෙ සම්බොල් ගා සතුටින් කන බිරිඳ ඔබය
වාට්ටුවෙන් දුන් බෙහෙතෙන් නැගී සිටින අම්ම ඔබය
සියලු පහර දුක් පිරිපත නිහඬව ගත් පියා ඔබය
බැංකුවටත් වඩා නිතින මං ඔබලට ඉතිං ණයය"

කවිරත්නට
ඔක්කෝම ගැන සිහිවෙයි
තමා ගැන සිහි නොවෙයි!

සමිත බී. අටුවබැන්දෑල



අදහස් (0)

කවිරත්නගේ කවිය

ඔබේ අදහස් එවන්න

තඹරවිල

මල් ඇට
2024 සැප්තැම්බර් මස 17 10 0

වැහිබර වලාවක හදවත නවතා අසාගෙන සැප දුක පා කර යවන්නට ඉඟිකොට යායක දිගා වෙයි හිරු ඇස


කෙන්ද කන්දක්ව
2024 සැප්තැම්බර් මස 17 14 0

ඊයෙ රෑ වැටුණු වැස්සට සේදිලා කඳුළු ඔක්කොම හඬා නිදහස් වුණ අහසක් වගෙයි ඔයා අද උදෑසන


හිරු ඇවිත් කලියෙන්
2024 සැප්තැම්බර් මස 17 14 0

ඉරාගෙන තිමිර පට නැවුම් දවසක් අරන් හිරු ඇවිත් කලියෙන් නිමල පැතුමක් දරන් පිබිදෙන්න නොලසින් මිදී මෝහ නිද්‍රාවෙන් විවර කර කවුළු පත් දකින්නට


රාත්‍රිය හඬනවා
2024 සැප්තැම්බර් මස 17 12 0

දහවලේ හිනාවෙන් සඟවාගත් පිණි කඳුළු


කවිරත්නගේ කවිය
2024 සැප්තැම්බර් මස 10 13 0

අතකින් සම්මාන අතකින් අවමාන උදයෙන් පොළට ආවද ඔබ කවිරත්න?


කවිය @ ජීවිතය
2024 සැප්තැම්බර් මස 10 11 0

ගලපවා එළිවැට සමය යවහන් ද මුල් ගුරු දොස් හැර


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site