පෙර වදන......
කඩා බිඳගෙන වැක්කෙරෙද්දී
අපහාස සොරොව්ව
නුඹ නමින් වෑ වුනා
කරවටක්....දුක් කඳ
වට පිටින් රසකර
වැටුනත් ලුනු ඇඹුල
ඉරණු තැන්...මැකුණු තැන්
ජීවිතේ බෝම......
රසක් නැති ජීවිතය
මැදි හිතින් වළඳන
පාසල ළඟ අඹ ගහ යට
වෙරළු අච්චාරු විකුණන
හතේ පන්තියෙ....කොනේ බංකුවේ
පියසිරිගෙ අම්මා.... සිරියාවතී....මම
පසු වදන.......
මොර සූරන වැසි මැදත්
ඇහිඳිද්දී වෙරළු ගැට
අහක බැලුවා....කූඩැල්ලනුත්
ලේ සිඳුණු දෙපා දැක
පිට පාරෙන්ම ගිය
පතිනි වරයට......නොහැඬුව
පවු නොකළ වුන් ගහන ගල්
සිනහවෙන් ඉවසුව
නුඹ නොදත් කවි...කතා
මා සමග... වනපොත් කළ
අර පේන අඹ ගහ යට
වෙරළු අච්චාරු.....විකිණුවා
අකුරු බැරි සිරියගෙ.... පුතා
විදුහල්පති......
පියසිරි.....මම
ෂර්මිලා බංදුනී දංවත්ත
මා අතැර මාගේ ආත්මය වණ වදුළු තුල ළපලු තුරු පත් අතුල සුදු වැලි තලා මත සැරිසරයි.........
වී ගබඩාව පාමුලට වහල තියෙනව අපේ අම්මගෙ මළකඳ.......... මාල ගිරවියො රන්මාල බැන්ඳාට අනේ අම්මේ උඹට මං කොච්චරක්නම් කිව්වාද.............
හෙල්මැලි පතින් පත කියවන බසට රිසී පවනැලි ඇවිත් සියොළඟ දිය බිඳිති ඉසී
පෙර වදන...... කඩා බිඳගෙන වැක්කෙරෙද්දී අපහාස සොරොව්ව නුඹ නමින් වෑ වුනා කරවටක්....දුක් කඳ වට පිටින් රසකර වැටුනත් ලුනු ඇඹුල ඉරණු තැන්...මැකුණු තැන් ජීවිතේ බෝම......
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දිගම දිග කතාවක්