IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


හරන්තක.....! ඒක රත්තරන් නෙමෙයි රෝල්ගෝල්ඩ්..........!!!

තඹරවිල

 

වී ගබඩාව පාමුලට 
වහල තියෙනව අ⁣පේ අම්මගෙ
මළකඳ..........
මාල ගිරවියො රන්මාල බැන්ඳාට
අනේ අම්මේ උඹට මං
කොච්චරක්නම් කිව්වාද.............

කැරට් විසිදෙක
ඉමිටේසමින් ඔප කළ
හම මඩ පාට ඇයි
ලේ පාට රතු අල
නමයෙ කණුවේ එළවළු කඩේ ළඟ
වීසිකර තිබුනා යකඩ දම්වැල ........

දිරපු පොල්ගස් බෙන කුහර මත
ජීවිතේ අලෝගත් බටු ගිරවුන්ට
සදළුතල සී මැඳුරු කවුළු උඩ
සිටුවර ගිරවුන්ට වාගේ
මාලෙ පිහිටන්නෙ නැති කොට...........

අනේ අම්මේ මං උඹට 
කොච්චරක්නම් කිව්වාද..............

මාල කඩනා එෆ් ඉසෙඩ් වාහනේ
ගාල්කර තියෙනවලු කළුතර ආසනේ
කනප්පු කරකවන පොලිසියට 
පෙනීයන් මේ කාරණේ.........................

යකඩ දම්වැල අදිනකොට
අනේ අම්මේ උගුරු දණ්ඩට රිදුනද...

ලොන්ඩරියෙ ණයට ගත් සාරිය 
ලේ ගෑවිලා පෙඟී ගිය වාටිය
රන් රිදී ප්ලැටිනම් පාට කාරිය
දිය කරන හැටි දිළිඳු වටකුරු දාඩිය.....

තල්ලුකර කුණු ඇළට
වයසක ⁣ගෙදර බුදුන්ව
දැන් සතුටුයිද හරන්තක 
සේරිවාණිජ වරෙන් මරණෙට.............

වී ගබඩාව පාමුළ 
වහල තියෙනව 
අපේ අම්මගෙ මළකඳ.......!!!


නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් 



අදහස් (0)

හරන්තක.....! ඒක රත්තරන් නෙමෙයි රෝල්ගෝල්ඩ්..........!!!

ඔබේ අදහස් එවන්න

තඹරවිල

මාගේ ආත්මය......
2024 ඔක්තෝබර් මස 15 11 0

මා අතැර මාගේ ආත්මය වණ වදුළු තුල ළපලු තුරු පත් අතුල සුදු වැලි තලා මත සැරිසරයි.........


හරන්තක.....! ඒක රත්තරන් නෙමෙයි රෝල්ගෝල්ඩ්..........!!!
2024 ඔක්තෝබර් මස 15 8 0

වී ගබඩාව පාමුලට වහල තියෙනව අ⁣පේ අම්මගෙ මළකඳ.......... මාල ගිරවියො රන්මාල බැන්ඳාට අනේ අම්මේ උඹට මං කොච්චරක්නම් කිව්වාද.............


සම්මාන නොලද තරු
2024 ඔක්තෝබර් මස 15 8 0

කරලියෙහි රූ රටා මවන්නට කන්කලුව නාද රස වයන්නට


ඉල්ලීමක්
2024 ඔක්තෝබර් මස 08 16 0

වල් වැදුණු හිත්වලට ඕනෑලු ජාතකය දැන ගන්න.......


මිතුරු කවිය
2024 ඔක්තෝබර් මස 08 17 0

හෙල්මැලි පතින් පත කියවන බසට රිසී පවනැලි ඇවිත් සියොළඟ දිය බිඳිති ඉසී


දිගම දිග කතාවක්
2024 ඔක්තෝබර් මස 08 21 0

පෙර වදන...... කඩා බිඳගෙන වැක්කෙරෙද්දී අපහාස සොරොව්ව නුඹ නමින් වෑ වුනා කරවටක්....දුක් කඳ වට පිටින් රසකර වැටුනත් ලුනු ඇඹුල ඉරණු තැන්...මැකුණු තැන් ජීවිතේ බෝම......


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1558 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site