මාදං කහට වෑහෙන කිරි මඳහසක
තාමත් පුන්සරා පොපියන මල් මතක
බාලේ පටන් දලුලන මුදු ලියවැලක
කාලය වෙළී මා ගෙනයයි මඳනලක
අකුරට ගිහින් ලද අලුයම් කිස පිණිස
කෑවෙමු කඩාගෙන රස කිඹුලා බනිස
කිසියම් දිනක වතුසුදු මල් පිපි මනස
පතුලට වැටුණි නොකියන පෙම්බර විනිස
කිරිසුදු ළමා සාරිය ඉණ වට නෙරිය
සුලලිත ගමන නළවන ඉඟසුඟ සිරිය
කොරවක්කනුත් දැනගෙන මා විඳි හිරිය
හැලගෙම්බන්ට කිව්වා කිව යුතු හරිය
පෙරහැර වඩින කඨිනේ හේවිසි මැද්දේ
සර සර ගගා මින්දද හීසර විද්දේ
ඇසි පිය අතර දිදුලන තරු එළි යුද්දේ
බකමූණන්ට හූමිටි ගිලුණා බැද්දේ
පුරහඳ වුවන බබළන නිල් අහස යට
කැලඹෙන හදකි සොබමන් යස රන්රුවට
ඇඹරෙන කලට මා පෙරහැර ඇදෙන විට
හිරිකිත ගතිය දැනුණා දියබරියන්ට
ළැමේ පිපෙන පෙති ගෝමර රටාවක
ගමේ බඹරු මන්මත්වී මුළාවක
නුඹත් දුරු ව ගිය පසු වෙන දිහාවක
අනේ අපට නම් කවදත් අමාවක
කඩුගන්නාව ඇඳගෙන මිහිදුම් සළුව
අම්බලමකට වෑහෙයි කළුවර ගොළුව
විඳ විඳ ගගන ඉඟිලන තරු ඉඟිනළුව
මතකය තවම මා රිදවයි දොඩමළුව
උලකින් සිදුරු වූ හදවත රිදුම ගෙන
කොළඹට උඩින් හඳ පායයි කරුණු දැන
තනතුරු සමඟ නිදි වැද තනි යහන පැන
නිදියන හිතට සෙත් කවියක වඩිනු මැන
විසිකොට දැහැටි දඬු බුරුසුව ගෙන අතට
මැද මැද සිනාසෙමි බොරුවට මම ලොවට
කඩදාසියක නොලියන කවියක බරට
දාඩිය කඳුළු පිරුණා බේරේ වැවට
කුමාර හෙට්ටිආරච්චි
මාදං කහට වෑහෙන කිරි මඳහසක තාමත් පුන්සරා පොපියන මල් මතක බාලේ පටන් දලුලන මුදු ලියවැලක කාලය වෙළී මා ගෙනයයි මඳනලක
වහලේ සිදුරු අතරින් වැහිබිඳු බේරේ ගොම මැටි නොගෑ බිම පොඩි වලවල් හෑරේ කටු මැටි බිත්තියේ පොළොවට බර තීරේ මැටි ගැලවිලා දියකඳ යයි ගෙය පාරේ
’ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා’1* මං යන්නේ වැඩට ඕ එල් ඉවර වෙලා අත් පුරවා නුඹලාටත් කෑම නෙළා යළි එන්නේ බඩගිනි නැති පුතෙකු වෙලා!
ගෑනි ලෙනෙන් පිටවෙනවට ඔය මොන සිංහයත් බයයි කතන්දරවල විතරයිනෙ ලෙනේ දොර බින්දේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුන්සරා