ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසිම විද්‍යාඥයකුට හමුනොවීම සැබැවින්ම පුදුමයකි. එසේ නම් මෙම ජීවියා මෙතෙක් කල් අප සිරුරුවල ජීවත් වී ඇත්තේ අපට හොරා සැඟවී සිටිමිනි. “ඔබිලිස්ක්” යන නමින් නම් කර ඇති මේ ජීවියා - සිලින්ඩරාකාර හැඩයක් ඇති, එක් ජානයක් හෝ දෙකක් ඇති සතකු ලෙස හඳුනාගෙන ඇත. ඔබිලිස්ක් ඉංග්‍රීසි වදනකි. එකී වදනින් මෙම ජීවියා නම්කර ඇත්තේ උගේ හැඩය අනුවය. ඔබිලිස්ක් යන්නට සිංහල පදය ’සිරිලකුණ’ බව අමුතුවෙන් කිවයුතු නැත. මෙන්න මේ ඇති සිරිලකුණ () භාවිත කරන්නේ, ලිපියක පාදක සටහනක් ඇති බව ලිපිය තුළ දැක්වීමටය.
ඔබිලිස්ක් නම් පියවි ඇසට නොපෙනෙන මේ ක්ෂුද්‍රජීවීයා ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසකගේ සිරුරුවල වාසය කරන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ විස්මිත, ක්ෂුද්‍ර ජීවියා හමු වී ඇත්තේ ’ජාන පුස්තකාල’ වල තැන්පත් කිරීම සඳහා විවිධ ජාන හා ඒවායේ ජාන රටා එක් රැස් කිරීමේ දීය. මේ අමුත්තා වැඩිපුරම ජීවත් වෙන්නේ මිනිස් මුඛයෙහි හා බඩවැල්වල වෙසෙන බැක්ටීරියා ගහන ආශ්‍රිතවය. බැක්ටීරියාවක් තුළට රිංගා ගන්නා මේ අමුත්තා, අවුරුද්දක් තරම් කාලයක් ඒ තුළ ජීවත් වන බව මේ වනවිට විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත. එහෙත් , මේ ජීවීන් ව්‍යාප්ත වන්නේ කෙසේදැයි විද්‍යාඥයන් තවමත් හරිහැටි දන්නේ නැත.
ඔබිලිස්ක් ජීවියාට ඇත්තේ විරොයිඩ්ස් නමැති ක්ෂුද්‍ර ජීවියාට සමාන ආර්එන්ඒ ජිනෝම ලූපයකි. විරොයිඩ්ස් යනු ශාකවලට පමණක් සීමා වූ, ආසාදන ඇති කරන, ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවියෙකි. මේ ක්ෂුද්‍ර ජීවියා මිනිස් සිරුර ඇති බැක්ටීරියාවක් තුළ හමුවීම විද්‍යාඥයන්ට සැබැවින්ම ප්‍රහේලිකාවකි.
“ඇත්තටම පිස්සු හැදෙනවා, මේ සොයා ගැනීම ගැන ඇහුණාම ...” මෙසේ කියන්නේ, මේ පරීක්ෂණයට සම්බන්ධ නැති - සෛල සංවර්ධනය පිළිබඳ ජීව විද්‍යා විශේෂඥයකු වූ මාක් පීෆර් ය. ඔහු ’සයන්ස්’ විද්‍යා සඟරාවට මෙම ජීවියා සම්බන්ධයෙන් මෙසේ
පැහැදිලි කරයි.
“අපි මේවා ගැන වැඩියෙන් සොයන්න සොයන්න මහ අමුතු විකාර දේවල් තමයි හමු වෙන්නෙ.”
ඔබිලිස්ක් මිනිස් සිරුරට හානිකර ද? ප්‍රයෝජනවත් ද? කියන්න විද්‍යාඥයන් තවමත් හරිහැටි දන්නේ නැත. ඔබිලිස්ක් සොයාගත් විද්‍යාඥ කණ්ඩායම අනුමාන කරන්නේ, ඔබිලිස්ක් යනු අපේ සිරුරට රහසිගතව ඇතුළු වී , එහි ඉන්නා බැක්ටීරියා තුළ ලැගුම් ගෙන පරිණාමය වන අදියරක් පසු කරන සංචාරක ක්ෂුද්‍ර ජීවී විශේෂයක් විය හැකිය කියාය. එසේ ම ඔබිලිස්ක් ජීවීන් අද පෘථිවිය මත නැති අතීතයේ විසූ වඳ වී ගිය ක්ෂුද්‍ර ජීවී විශේෂයක් වීමටත් ඉඩ ඇතැයි විද්‍යාඥයෝ සැක කරති.
මේ ක්ෂුද්‍ර ජීවියා, යම් අයුරකින් මිනිස් සිරුරට හානිකර වියහැකි යැයි ද විද්‍යාඥයෝ අනුමාන කරති. ඒ, මෙම ජීවීන්ට උන්ගේ පරිණාම කාලය තුළ වෙනත් ක්ෂුද්‍ර ජීවී ආසාදනයන්ට ලක්කිරීමේ හැකියාවක් තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරන බැවිනි . ’හෙපටයිටිස් ඩී’ රෝගී තත්ත්වය ඇති කරනු ලබන්නේ ද මේ ජීවීයා අයත් වන විරොයිඩ්ස් වර්ගයේ ක්ෂුද්‍ර ජීවී විශේෂයක් විසිනි.
ඔබිලිස්ක්, විරොයිඩ්ස් හා වයිරස ආදීන්, තාක්ෂණිකව සැබෑ ජීවී ස්වභාවයන් ලෙස පිළිගැනෙන්නේ නැත. ඒවා සැලකෙන්නේ, ධාරකයා මත යැපෙන පරපෝෂිතයන් ලෙසය. එහෙත්, විරොයිඩ්ස් හා ඊට නෑකම් කියන ක්ෂුද්‍ර ජීවීන්, ඔබිලික්ස් පවා පෘථිවියේ පැරණිම ජීවී ස්වභාවයන් විය හැකි යැයි ඇතැම් විද්‍යාඥයන්ගේ පිළිගැනීමය.
ඔබිලිස්ක් සොයාගෙන - ඌ ගැන ලොවට අනාවරණය කරනු ලැබුවේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ ජෛව රසායන විද්‍යාඥ ඉවාන් ශෙලුදේව් ඇතුළු පිරිස ය. මොවුන්ට ඔබිලිස්ක් සොයා ගැනීමට හැකිවූයේ - මිනිස් මුවින් හා අන්ත්‍රවලින් ලබාගත් ස්‍රාවීය ද්‍රව්‍ය නිස්සාරණයක් නිරීක්ෂණය කරමින් සිටියදීය. ඔබිලිස්ක් වයිරස හා විරොයිඩ්ස් යන දෙවර්ගයට හෝ වෙනත් ජාන රටාවකට අයත් නොවන අමුතු සතකුගේ විලාශයක දසුනක් ඔවුන්ට දැකගත හැකි විය. විද්‍යාඥ කණ්ඩායම දිගින් දිගටම කළ විශ්ලේෂණවල දී, එකිනෙකට වෙනස් වර්ගවල ඔබිලිස්ක් විශේෂ 30,000ක් පමණ හමුවුණු බව ද පැවැසෙයි. ඔවුන්ගේ ජිනෝම කලින් විද්‍යාඥයන්ගේ අවධානයට ලක් නොවුණේ ඔවුන් එතෙක් හඳුනාගෙන වාර්තා කර තිබූ ජීවීන්ට සමාන නොවූ ඉතා සියුම් ප්‍රභේදයක් නිසා විය හැකිය.
මේ විස්මිත සොයා ගැනීම ගැන අධ්‍යයන වාර්තාවක් ද සයන්ස් සඟරාවේ පළ වෙයි. එහි අඩංගු කරුණු කාරණා අනුව, මේ විස්මිත අමුත්තා ලෝකයේ ජනගහනයෙන් අඩකගේ මුඛ ආශ්‍රිතව ජීවත් වෙයි. සියයට හතක් පමණ අන්ත්‍රවල සිටින බව පැවැසෙයි. මේ සතා සම්බන්ධයෙන් වැඩිදුර පර් යේෂණ කිරීම අවශ්‍ය බව විද්‍යාඥයන්ගේ අදහසය.
මිනිස් සිරුරේ හමුවන තැන අනුව ඔබිලිස්ක් වෙනස් වන බව ද පැවැසෙයි. එහෙයින්, ඔබිලික්ස් ක්ෂුද්‍ර ජීවියා කුමන වර්ගයේ දැයි හමුවුණු තැන අනුව කීමට පුළුවනි. දැනට සොයාගෙන ඇති ආකාරයට මේ ජීවියා ඔවුන්ගේ වර්ගයා බෝකර වසරකින් පමණ ඒ මිනිස් සිරුරෙන් ඉවත් වෙයි. ඔවුන් ගහණය වැඩිකර ගන්නේ බැක්ටීරියා තුළට වැදී එහි ජීවත් වෙමිනි. ඔවුන් වැඩිපුර ජීවත්වන්නේ දන්ත පථවල ඉන්නා ස්ට්රෙප්ටකොකස් සැන්ගුයිනිස් නමැති බැක්ටීරියාවේ යැයි ද හඳුනාගෙන ඇත. එහි සිටින්නේ, විශේෂ ඔබිලිස්ක් වර්ගයකි. මෙය පර් යේෂණ කටයුතුවල දී පහසුවක් වී ඇත. හේතුව, ඒ බැක්ටීරියාව පර් යේෂණාගාරය තුළ පහසුවෙන් වගා කළ හැකි නිසාය. අනාගතයේ දී ඔබිලික්ස් ජීවත්වෙන්නේ කෙසේද ? ඔවුන් ක්ෂුද්‍ර සෛලයක් තුළ වර්ගයා වැඩි කර ගන්නේ කෙසේද ? ආදිය ගැන කරන පර් යේෂණ පහසුවෙන් කර ගැනීමට හැකි වනු ඇතැයි ජෛව රසායන විද්‍යාඥ ඉවාන් ශෙලුදේව් පවසයි.
සෑම ඔබිලිස්ක් ජීවියකුගේම ඔබියුලින් නමැති ප්‍රෝටීනය ඇත. මෙම ප්‍රෝටීනය, අප දන්නා අනික් සියලු ප්‍රෝටීනවලට වඩා වෙනස්ය. එහෙත්, ප්‍රෝටීනයේ කාර්යභාරය කුමක්දැයි තාමත් විද්‍යාඥයන් විසින් සොයාගෙන නැත. ඔබිලිස්ක් සම්බන්ධයෙන් විද්‍යාඥයන් දන්නේ, ඔබිලිස්ක් පරිණාමය වන බව හා එහි පාරිසරික කාර්යභාරය පමණි. පරපෝෂිතයන් බැවින්, ඔවුන්ගෙන් සිරුරේ සත්කාර සෛලවලට හානි සිදුවීමට පුළුවනි. එසේත් නැතිනම් සත්කාර සෛලවලට, ඒවායින් හානියක් සිදු නොවෙනවා වෙන්නත් පුළුවනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු අනාගත පර් යේෂණවලින් තහවුරු වනු නිසැකය. එසේ වුවහොත් මේ අමුතු ජීවියා මිනිසාට හිතකර, මිනිසාගේ මිතුරකු විය හැක.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අපට හොරෙන් අපේ සිරුරේ ඉන්න අමුතු සතෙක් හමුවෙලා