IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අවසන් මොහොතේ මොළයේ හැසිරීම


අප මරණයට පත්වන අවස්ථාවේ දී‍ මොළය තුළ සිදුවන්නේ කුමක්දැයි යන්න - සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවක් ව තිබුණි. එහෙත් දැන් ස්නායු වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමකට - මිය යන මොළයක් තුළ, ඒ අවසන් තත්ත්පර කීපයේ සිදුවන ක්‍රියාවලිය ප්‍රථම වතාවට පටිගත කරගැනීමට හැකි වී ඇත. විද්‍යාඥයන් පවසන්නේ ඒ අවසන් මොහොතේ ජීවිතය දෙස පසුවිපරමක් සිදුවන බවය.

සැත්කමක දී මරණයට පත්ව එසැණ යළි සිහිගන්වනු ලැබූ අය වැනි ජීවිතයේ මරණාසන්න අත්දැකීම් විස්තර කරන්නන් ගේ නොයෙකුත් කතා අපට අසන්න ලැබී ඇත. බොහෝ විට එවැනි අය පවසන්නේ මුළු ජීවිතය පුරා ම සිදුවූ දේවල් ක්ෂණිකව වේගයෙන් චිත්‍රපටයක් වාගේ ඇස් පනාපිට පෙනීගිය බවය. 

මරණයට පත්වන අවස්ථාවේ දී‍ මොළය තුළ සිදුවන්නේ කුමක්දැයි විද්‍යාඥයන් පටිගත කරගෙන ඇත්තේ පසුගිය දිනෙක 87 හැවිරිදි අපස්මාර රෝගියකුට ප්‍රතිකාර කරද්දීය. ඒ රෝගියා හදිසියේ ඇතිවුණු හෘද කන්තුක අකරණයකින් නැත්නම් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. ඒ මොහොතේ ප්‍රතිකාර ලබා දෙමින් සිටි වෛද්‍යවරුන් විසින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වය ආවේක්ෂණය කිරීම සඳහා රෝගියාගේ හිසට උපකරණයක් සවිකර තිබුණි. රෝගියා මියගියත් ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වයෙන් තත්පර 900 ක් පටිගත කර ගන්නට මොළයට සවිකර තිබුණු උපකරණය නිසා ස්නායු විද්‍යාඥයන් පිරිසට හැකි විය. රෝගියාගේ මරණාසන්න මොහොතේ සහ මරණින් මතු - එනම් ඔහුගේ හදගැස්ම නතර වූ පසු තත්ත්පර කීපය ඇතුළු තත්පර 30 ක් මේ පටිගත කිරීමට ඇතුළත් වන බව පැවැසෙයි.

“අප කාලාන්තරයක් තිස්සේ විශ්වාස කළ දෙයක් තමයි - අප මැරෙන මොහොතේ අපට ජීවිතය පුරා සිදු වූ දේවල් එක මිටකට ගෙන සිහිපත් වන බව මරණාසන්න මොහොතේ ලත් අත්දැකීම් ප්‍රකාශ කරන අයත් මේ ගැන කියලා තියෙන බව අප දන්නවා. ඒ අවස්ථාවේ දී මොළය නිකුත් කරන තරංගවල මානයන් තුළින් ඒ සිදුවන දෝලනය තුළින් අපට ඒ අවස්ථාවේ දී සිදුවන දේ පිළිබඳව අපට සිතා ගන්න පුලුවන්” යැයි ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි හී ලුවර්වල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය අජ්මාල් සෙමර්, මේ පිළිබඳව අදහස් දක්වමින් පැහැදිලි කරයි. 

“මෙම සොයාගැනීම් ජීවිතය හරියටම අවසන් වන්නේ කවදා ද යන්න පිළිබඳව අපගේ අවබෝධයට අභියෝග කරනවා. ඒ වගේ ම ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීමට ඇති කාලය හා සම්බන්ධව වැදගත් ප්‍රශ්න කීපයක් ද මතු කරනවා.” ඔහු වැඩිදුරටත් කියා සිටී.

ආචාර්ය සෙමර් ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව අධ්‍යයන වාර්තාවක් “ෆ්‍රන්ටියර්ස් ඉන් ඒජින්” නමැති ස්නායු විද්‍යා සඟරාවේ පළකර ඇත. ඒ වාර්තාවට අනුව අපස්මාරයට ප්‍රතිකාර කිරීමට ඔවුන් වෙත ගෙනා කැනේඩියානු ජාතිකයකුට එම රෝගය - “මීමැස්මොරය” ඇති වන අවස්ථාවේ දී මොළයේ තරංග විහිදෙන ආකාරය විද්යුත් විච්ඡේදනය මගින් පරීක්ෂා කිරීම සඳහා ඊඊජී උපකරණ සවිකිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි. එහිදී සිදුවන්නේ හිස්කබලට පිටතින් අමුණන උපකරණයෙන් ලබාගන්නා මොළයෙන් නිකුත් කරන තරංග විද්යුත් සංඥා බවට පත්කොට රැලි සහිත රේඛා ලෙස පෙන්වමින් සටහන් ගත කිරීමකි.

“පසුව, එම රෝගියා යන්ත්‍රයට සවිකර ක්‍රියාත්මක කර තිබිය දී හදිසි හෘදයාබාධයකින් මිය ගියේය. රෝගියා මියගිය පසුත් ඊඊජී යන්ත්‍රය දිගට ම සිය ආවේක්ෂණ කාර්යභාරය ඉටුකර තිබේ. ප්‍රථම වතාවට මරණයට පෙර මෙහොතේ සිදුවන්නේ කුමක් ද සාක්ෂි ලබා ගැනීමට මෙහිදී ද හැකි විය. ‘‘හදවත නතරවන්නට පෙර හා පසු මොහොතේ මොළයේ සිදුවන වෙනස්කම් අපට ස්නායු තරංග දෝලනය වන ආකාරයෙන් දැක ගත හැකි වුණා. අපට පෙනුණා විශේෂ තීරුවක් වශයෙන් ස්නායු දෝලනයන් විද්යුත් රේඛනවල සටහන් වෙනවා. ඒවා ගැමා කිරණවලින් පටන් ගෙන ඩෙල්ටා තීටා ඇල්ෆා හා බීටා වශයෙන් වෙනස්කම් සහිත තීරුවලින් සටහන් වුණා” යැයි ආචාර්ය සෙමර් වැඩි දුරටත් පැහැදිලි කර ඇත. 

“මොළයේ එක එක ක්‍රියාකාරීත්වයන්ට හා එහි ඇති සංජානයන්ට අනුව එයින් තරංග නිකුත් වීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ගැමා නිකුත් කෙරෙන්නේ අධි ක්‍රියාකාරිත්වයක් ඇති විටය. අතීත සිදුවීම් සමාලෝචනයක් මොළයෙන් සිදු කෙරෙන විටය. මොළයේ තරංග වැඩියෙන් දෝලනය වීම සිදුවන්නේ මතකාවර්ජනයකදීයි. මැරෙන්න කලින් ඉතා සුළු කාලයක් තුළ ජීවිතයේ වැදගත් සිදුවීම් මෙනෙහි කර ගැනීම තමයි මෙතැන දී සිදු වෙනවා ඇත්තේ. එලොව ගිහින් මෙලොව ආ අය කියනවා වගේ දෙයක් ‍තමයි, සිදුවෙනවා ඇත්තේ” යැයි ආචාර්ය සමර් කියනවා. 

පර් යේෂකයන් ඒ අධ්‍යයනයෙන් යෝජනා කරන්නේ එක වරම මරණයට පත් නොකර පුද්ගලයා මරණයට පත්වීමට පෙර මොළය ඒ සඳහා ජීව විද්‍යානුකූලව සූදානම් කිරීම සුදුසු බවය. ඒ සඳහා ඔහු වෙනුවෙන් සැකසූ මනෝවිද්‍යාත්මක හා ස්නායු විද්‍යාත්මක වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කළ හැකි බව ද ඉන් පැහැදිලි කර දෙයි.

පාරභෛතික ඇසින් බැලුවොත් ඔබට මේ වැනි දේ ඇසෙනවා නම් මතකාවර්ජනය සිහින දැක්වීම් සහ භාවනා ආදියේ දී සිදුවන මොළයේ ක්‍රියාකලාප රටා ආදිය අප මරණයට මුහුණ දෙන අවස්ථාවේ දී ඔවුන්ගෙන් ඇ‍සෙනවා කියලා කීවොත් ඒක කුතුහලය දනවනසුලුයි. ඒ නිසා. මියයන අවසන් තත්පරවල ජීවිතයේ ප්‍රත්‍යාවලෝකනයක් ලබා ගන්නවා විය හැකියි. ආධ්‍යාත්මික අතින් බැලුවොත්. එය සන්සුන් වීමට අදාළයි යැයි මා හිතනවා. මම මේවාට මුහුණ දෙනවා. ඔබට මරණයට ළං වූ රෝගීන් සිටින විට ඔවුන්ගේ පවුල්වලට කතා කිරීමට සිදුවුවහොත් ඔබට ඔවුන් වෙත නරක ආරංචි ගේන පුද්ගලයා වීමට සිදුවෙනවා. දැන් මෙතෙක්. මරණයට පත් වෙමින් සිටින ඔවුන්ගේ ආදරණීයයාගේ මොළය ඇතුළේ සිදුවන්නේ හරියට ම කුමක් දැයි යන්න ගැන අප කිසිවක් දන්නේ නැහැ. ඒත් ඔවුන්ගේ මොළය තුළ යමක් සිදුවෙනවා. ඔවුන්ගේ සුන්දර මතකයන් සිහිපත් කරගෙන සිටිනවා කියලා අප දැනගන්නවා නම් ඒක අපට ඒ පවුල්වලට කියන්න පුළුවන්. ඒ මොහොතේ සිතින් කඩා වැටෙන ඔවුන්ට එය සුළු සහනයක් වේවි” සමර් තවදුරටත් කියයි.

ජීවිත සමාලෝචනයක් මරණාසන්න මොහොතේ සිදු වෙනවාදැයි විද්‍යාඥයන් තවමත් නිශ්චිතව දන්නේ නැත. ඒත් ඒ ගැන මත කීපයක් ඔවුහු පළ කරති. එකක් නම් ජීවිත තර්ජනයක් ඇති මො‍හොතක දී ඔක්සිජන් හිඟයක් ඇති වුණොත් නියුරෝ සම්ප්‍රේෂණයේ වෙනසක් ඇතිවීමෙන් වේගවත් තරංග නිකුත්වීමක් සිදුවීමට ඉඩ තිබේ. එවිට සක්‍රියතාව වැඩි වී මතක හා රූප වේගවත්ව පෙනී හා හැකිය.

තවත් අදහසක් නම් විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට ආවේගජනක මතකයන් රඳවන තැනක් ලෙස සැලකෙන මොළයේ ඇමිග්දලාව නම් කොටසේ ප්‍රචාරයක් නිසා මෙවැන්නක් සිදුවිය හැකි බවය. හදිසි අනතුරුදායක අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් සටන් කීරීමට හෝ පලායාමට තීන්දුව දෙන්නේ එම කොටසින්ය. එහෙයින් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දෙන රෝගියකුට මොළයේ ඒ කොටස සක්‍රීය වීම නිසා මොළයෙන් නිකුත් කෙරෙන තරංග මගින් ඒ මො‍හොතේ සජීවීව මතක විදහා පෑමක් සිදුවිය හැකිය. 

ආචාර්ය සෙමර්ගේ මේ විස්තරයෙහි හෝ වෙනත් තැනක කිසිවක් තහවුරුව පවසා නැති අතර, ඒ අවස්ථාවේ සිදුවන දෙයක ප්‍රතිචාර මෙසේ විය හැකිදැයි යෝජනා කර ඇත. මොළයෙන් නිකුත් කෙරෙන තරංග ඉලෙක්ට්‍රොනිකව සටහන් කිරීමක් තුළින් ඔහුගේ අත්දැකීම කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වෙයි. ඔහුගේ මේ සොයාගැනීමෙන්, අප මියයන වේලාව පිළිබඳ නිශ්චිත අවබෝධයක් ගැනීම සඳහා අපට අභියෝගයක් ඉදිරිපත් කර ඇත. මෙය හරි හැටි දැනගැනීමෙන් අවයව දායකත්වයේ දී පහසුවක් විය හැකියි. මේ නිසාම දැනට හදවත නතර වීම දක්වන හෘද කන්තුක රේඛනය යොදාගැනීම මෙන්ම මොළයේ ක්‍රියාත්මකවීම දක්වන ඊඊජී සටහන් ගැනීමත් අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. 

සෙමාර් අවසන් වශයෙන් මෙසේ කියයි.  අප නිශ්චිතවම මිය යන වේලාව සොයා ගතයුතුයි. අනික් අතට විද්‍යාත්මකවම බලන විට මෙහි දත්ත විශ්ලේෂණය කිරීමද අසීරුය. මන්ද මෙහිදී මොළයේ රුධිරය ගැලීම, ස්නායු කම්පන තරංග නිකුත් කිරීම, අපස්මාර ගැස්ම ඇතිවීම, ප්‍රදාහය වැනි දේ සිදුවිය හැකියි. එපමණක් නොව මෙය තවත් එක් අත්දැකීමක් පමණක් වන නිසා තවත් මෙවැනි පර් යේෂණ කර තවත් සොයා ගැනීම් කරන තුරු තීන්දු තීරණවලට එළඹිය නොහැකියි.


ලුසිත ජයමාන්න
      ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

අවසන් මොහොතේ මොළයේ හැසිරීම

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 49 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 22 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 31 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 456 0

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව අතරයිටිස් ද ?
2025 මාර්තු මස 04 92 0

කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ
2025 මාර්තු මස 03 40 0

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site