IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?


ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ඇරඹෙන්නේ බොහෝ විට ඔබ මේ සටහන කියවන සෙනසුරාදා දිනයේ දීය. පල්ලෙකැලේ දී සෙනසුරාදා ඇරඹෙන විස්සයි20 තරගයෙන් පසු අනෙක් තරග දෙක ඉරිදා සහ අඟහරුවාදා පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින තරග, අතීතයේ දී අතිශය උණුසුම් විය. එහෙත් විස්සයි20 ජාත්‍යන්තර තරගවල වාසිය ගත්තේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග ගැන විග්‍රහ කරන විට තරග පැවැත්වෙන රට වැදගත් වෙයි. මේ නිසා අප අවධානය යොමු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පැවැත්වූ විස්සයි20 තරග දෙසටය. මේ තරගවලින් ශ්‍රී ලංකාව තරගාවලියක් ජයගත්තේ 2021 දීය. එවර ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය දෙවැනි පෙළ කණ්ඩායමකි. එහෙත් ඒ කණ්ඩායමට ඇති තරම් අයි.පී.එල්. අත්දැකීම් තිබුණි. එවර දසුන් ශානක නායකත්වයට පත්ව තරුණ කණ්ඩායමක් සමග ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේය. මේ තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ 2-1 කිනි. ඉන් පසුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ දී හමුවෙන්නේ මෙවරය. 

මෙවර අපට හමුවෙන්නේ ලෝක ශූරයන්ය. ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ රෝහිත් ෂර්මා, කෝලි, ජඩේජා සමුගෙනය. ඒ අනුව මේ පැමිණෙන්නේ අනාගතයේ තරග කරන ඉන්දීය විස්සයි20 කණ්ඩායමයි. ඒ කණ්ඩායමේ අඩුවකට ඇත්තේ බුම්රා පමණි. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවෙන අභියෝගය සුළුපටු නොවේ. විශේෂයෙන්ම, හර්දික් පාණ්ඩ්‍යා කණ්ඩායමේ නායකයා නොවීම හරහා ඔහුගෙන් ලැබෙන සහයෝගය වඩාත් වැඩි වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. 

චමරි ඇතුළු කාන්තා ක්‍රිකට් පිල

එල්.පී.එල්. තරගාවලියේ දක්ෂතා දැක්වූ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු සහ චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත. එය විය යුත්තක් ලෙස දැක්විය හැකිය. කෙසේ වුවද මේ ක්‍රීඩකයන් සියලු දෙනාම ක්‍රීඩා කරනවාද නැද්ද යන්න ගැන අදහසක් ගත නොහැක. කුසල් මෙන්ඩිස් එල්.පී.එල්. තරගාවලියේ අවසන් තරග 3 දී ලකුණු අතරට පැමිණීම නිසා කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ බව පැහැදිලිය. මේ නිසා අවිශ්ක, කුසල් සහ චන්දිමාල්ගෙන් කවුරුන් ක්‍රීඩා කරයි ද යන ගැටලුව තිබේ. තරගාවලියේ දැක්වූ දක්ෂතා සහ අවසන් විස්සයි20 දක්ෂතා දෙස බලන්නේ නම් පැතුම්, මෙන්ඩිස්, කමිඳු, අසලංක, හසරංග, ශානක, මහීෂ්, මතීෂ සහ නුවන් තුෂාර ගේ ස්ථාන තහවුරු බව පෙනේ. ඉතිරි ස්ථාන 2 ට කුසල්, චන්දිමාල්, චමිඳු, වෙල්ලාගේ සහ අවිශ්ක ප්‍රනාන්දු තරග කරති. මේ නිසා තරග 3 ට ක්‍රීඩකයන් 14 දෙනෙකු මාරුවෙන් මාරුවට අවසන් 11 ට ගෙන ඒමේ ක්‍රමයක් තේරීම් කමිටුව අනුගමනය කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන්ම වෙල්ලාලගේ සහ චමිඳු වික්‍රමසිංහට වැඩි අවස්ථාවන් ලැබෙන්නේ නම් වැදගත් වෙයි. මේ තරගාවලියේ විශ්වාසය තැබිය හැකිම ක්‍රීඩකයා වනිඳු හසරංගයි. ඔහු තමන්ගේ උපරිමය මේ තරගාවලියේ දී දෙන බව පැහැදිලිය. වනිඳු එහෙමය. ඔහු කණ්ඩායමේ තරුව වීම නායකයා වීමට වඩා වැදගත් බව පසුගිය කාලයේ දී පැහැදිලි විය. අනෙක් අතින්, වනිඳුගේ නායකයා වෙන්නේ පාසල් කාලයේ සිටම ඔහුව මෙහෙය වූ අසලංකයි. ඔහු නායකත්වයට පත්වීම කණ්ඩයම යම් ආකාරයකට සන්සුන් වීමක් ලෙස දැක්විය හැකිය. අසලංක උපරිමය දෙන  , කලබල නැති නායකයෙකි. නායකත්වය වෙනුවෙන්ම කුඩා කාලයේ සිට පුහුණුවක් ලැබූවෙකි. එය මේ වෙලාවේ හැටියට අවශ්‍ය දෙයක් ලෙස පෙනේ. මේ නිසා 2021 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී අලුත් නායකයෙකු යටතේ ශ්‍රී ලංකාව ගමන් ඇරඹූ ආකාරයෙන්ම, වසර 3 කට පසුව අසලංක යටතේ යළිත් ගමන් අරඹා තිබේ. එය කණ්ඩායමේ අර්බුය හෝ නිර්මාණය කළ අර්බුදය පෙන්වයි. කෙසේ වුවද තවත් අවුරුදු 3 කින් තවත් නායකයෙකු යටතේ ක්‍රීඩා නොකරන තැනට කණ්ඩායම ශක්තිමත් කළ යුතු  වෙයි. 

මෙවර තරගාවලිය ඇරඹෙන්නේ ඉන්දියාව ශක්තිමත් කණ්ඩායම ලෙස පැහැදිලිව සිටින අවස්ථාවකය. එහෙත් ඉන්දීය කණ්ඩායමට දැඩි ආක්‍රමණයක් දීමට  ශ්‍රී ලංකාවට ඉතා හොඳ අවස්ථාවක් තිබේ. එසේ කියන්නේ ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන විට ඉන්දියාවට යම් ආකාරයක පීඩනයක් ඇති නිසාය. කෙසේ වුවද, අක්සාර් පටේල් සහ රවි බිෂ්නෝයිගෙන් ආරක්ෂා වීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවනු ඇත. අර්ශ්දීප් සිං සහ මොහොමඩ් සිරාජ්ට වඩා ප්‍රශ්න ඇති විය හැක්කේ මෙම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් බව අපේ හැඟීමයි. අනෙක් අතින්, ඉන්දීය පිතිකරුවන් හිඩැසක් සොයා ගැනීමට හැකියාවක් නැත. මේ තරගාවලියේ දී තමන්ගේ උපරිම ශක්තියෙන් පන්දු යැවීමට සෑම පන්දු යවන්නෙකුටම සිදුවනු ඇත්තේ මේ නිසාය. ඉන්දියාව පල්ලෙකැලේ දී වැඩි වශයෙන් විස්සයි20 ක්‍රීඩා කර නැත. මේ වාසිය ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුය. 

මේ අතර ඉන්දීය සංචාරය ඇරඹීමට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විනය හැදීම ගැන තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය කතා කර තිබුණි. එය හොඳ දෙයකි. කෙසේ වුවද, ‘‘ටැටූ බැහැ කොණ්ඩ බෑ’’ වගේ කතාවක්ද පැතිරී යයි. ක්‍රීඩකයන්ගේ විනය නැතිවෙන්නේ කරාබුවකින්, කොණ්ඩයකින් හෝ පච්චයකින් යැයි 2024 දීත් සිතන්නේ නම් එය නම් මුළාවකි. එසේ නම් විරාත් කෝලිට විනයක් නැත. ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට, හර්දික් පාණ්ඩ්‍යාට විනයක් නැත. ඩේවිඩ් බෙකම්ට, ලියෝ මෙසීට විනයක් ඇත්තේම නැත. විනය හැදෙන්නේ බාහිර පෙනුමෙන් නොවේ. විනය හැදෙන්නේ ක්‍රීඩකයෙකුගේ පසුබිමෙනි. කොණ්ඩය කපා පැත්තට පීරා විනය විරෝධී වැඩ කරන්නෝ එමටය. ක්‍රීඩකයෙකුගේ පසුබිම හොඳ නැත්නම්, එහෙත් ඒ ක්‍රීඩකයා දක්ෂයෙකු නම්, කළ යුත්තේ ඔහුගේ දක්ෂතාව හඳුනාගත් සැණින් ඔහුට සමාජයේ හැසිරීම, කතාබහ මේ සියල්ල ගැන පුහුණුවක් ලබා දීමයි. හික්මීම ඇති කිරීමයි.  මාධ්‍ය හමුවේ කතා කරන ආකාරය පමණක් නොව තවත් කෙනෙකුට වට්ස්අප් පණිවුඩයක් යවන ආකාරය පවා ක්‍රීඩකයන්ට කියා දිය යුතුය. සමාජ මාධ්‍ය නීති රීති, කාන්තාවන් සම්බන්ධයෙන් ඇති නීති රීති මේ සියල්ල කියා දිය යුතුය. අනෙක් අතින්,  කැපීපෙනෙන්නේ සුදු හමක ටැටූ ගැසූ විට බවත් කළු හෝ තළෙලු සමක ටැටූවක් ආකර්ෂණය අඩු බවත් මේ ක්‍රීඩකයන්ට කියා දිය යුතුය. විරාත් කෝලි සහ සූර්යකුමාර් යාදව් සැසඳීම ඒ සඳහා සෑහේ.  ක්‍රීඩකයන්ට මෙවැනි පුහුණුවක් දිය යුත්තේ ක්‍රිකට් ආයතනයයි. ඒ ක්‍රිකට් ආයතනයට මුදල් ගෙ​ෙනන මැෂින් මේ ක්‍රීඩකයන් නිසාය. එසේ නොකර ක්‍රීඩකයාගේ කළමනාකරු එය කරනකම් බලා සිටීම විහිළුවකි. දැන් කළමනාකරුවන් කරන්නේ ක්‍රීඩකයන්ගෙන් ජීවත්වීම මිස, ක්‍රීඩකයා සිටින තැනින් උඩට ගෙන ඒම නොවේ. 

ක්‍රීඩකයන්ගේ විනය හදන්නට උත්සාහ කිරීම මෙන්ම ඊට පෙර කළ යුතු පළමු කාර්යය වන්නේ මුදල් යනු සියල්ල යැයි සිතන තැනින් ක්‍රීඩකයන් මුදා ගැනීමයි. අසීරු පවුල් පසුබිම්වලින් පැමිණෙන තරුණ ක්‍රීඩකයන්ට මුදල් අත්‍යවශ්‍ය දෙයකි. ඒවා වැඩියෙන් ලැබෙද්දී අලුත් සිහින එකතු වේ. ඒ සිහින පසුපස හඹා යෑමෙන් සිදුවිය හැකි හානිය කියා දිය යුත්තේ පෙර සිටි ක්‍රීඩකයන් නොවේ. පෘථග්ජනයන් වන පැරණි ක්‍රීඩකයන්ට අලුත් ක්‍රීඩකයන්ට ලැබෙන මුදල ගැන ඊර්ෂ්‍යා සිතීම නතර කළ නොහැක. එවිට ප්‍රශ්න ඇතිවෙයි. මේවා කියා දිය යුත්තේ අදාළ ක්ෂේත්‍රවල නිපුණයන්ය. එවිට ක්‍රීඩකයන් පුහුණුවීම් අතරතුර වැඩි ආදායමක් ලැබීමට මුදල් ආයෝජනය කරන ආකාරය හෝ භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කතා නොකර තමන් අතින් ක්‍රීඩාවේ දී වන වැරදි ගැන කතා කරනු ඇත.  

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එසේ ඉන්දියාව සමග තරග කරද්දී ක්‍රිකට් ප්‍රේමීන් බොහෝ දෙනා බලා සිටින්නේ ඉරිදා දිනයේ ආසියානු කුසලාන කාන්තා අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් දැක ගැනීමටය. ශ්‍රී ලංකාව සිටින රිද්මය අනුව සිකුරාදා අවසන් පූර්ව තරගය ඔවුන් ජයගනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව තවත් ආසියානු කුසලාන අවසන් තරගයකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්වෙනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු. 

ආසියානු කුසලාන කාන්තා තරගාවලිය ආරම්භ වූයේ 2004 වර්ෂයේදීය. පළමු ආසියානු කුසලානය පැවතියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය. එහිදී තරග පහකින් 5-0 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. එහෙත් ඉතිහාසය පෙන්වන්නේ ආසියානු කුසලානයේ අනුශූරියන් ශ්‍රී ලංකාව බවය. 2005-06 ආසියානු කුසලානයට පාකිස්ථානයත් එක් වූ අතර එයින් පසු 2008 දක්වා තරගාවලිය එක්දින තරගාවලි විය. එහිදී ඒ සෑම තරගාවලියකම අනුශූරියන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. 2012 න් පසුව විස්සයි20 තරගාවලියක් බවට ආසියානු කුසලානය පත්වූ අතර එයින් පාකිස්තානය දෙවරක් අනුශූරියන් වූ අතර ඉන්දියාව 2018 දී අනුශූරියන් වූයේ පළමු වතාවට ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරන්නට නොහැකි වූ ඉන්දීය කණ්ඩායම වෙමිනි. කෙසේ වුවද 2022 දී ඔවුන් යළිත් ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකාව අනුශූරියන් විය. මෙවර ඉන්දියාවේ ගමන නවත්වන්නට චමරි ප්‍රමුඛ කණ්ඩායමට හැකි වේයැයි දැඩි බලාපොරොත්තුවක් ක්‍රිකට් ප්‍රේමීන්ගේ සිත් තුළ තිබේ. 

තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මැනවින් දැකගත හැකි විය. විශේෂයෙන්ම බංග්ලාදේශයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ හැකියාව ඉතා හොඳින් දැක ගත හැකිවිය. එසේම චමරි අතපත්තු නොමැතිව විශ්මි සහ හර්ෂිතා ඉනිම ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය පැහැබර බව පෙන්වමිනි. මැලේසියාවට එරෙහි තරගයේ දී චමරි තමන්ගේ බලය පෙන්වූ අතර තායිලන්තයට එරෙහි තරගය තවත් පහසුවෙන් ජයග්‍රහණය කළ  තරගයක් විය. 

මේ තරග දෙකම පහසු තරග වූ අතර පළමු අභියෝගය සිකුරාදාය. එය ජයගෙන ඉරිදා දිනයේ ඉන්දියාව පරාජය කරන මෙහෙයුම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දියත් කරනු ඇතැයි අපේක්ෂාසහගතව අපි බලා සිටිමු. ඉරිදා දිනයේ දී චමරි අතපත්තු ප්‍රධාන තරගාවලියක ජයග්‍රාහී කුසලානයක් ඔසවනු දැකගැනීමට බලා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේමීන් ඉරිදා තරගය අත් නොහරිනු ඇත.  සෙනසුරදා දිනයේ දී පිරිමි කණ්ඩායම ඉන්දියාව පරාජයට පත් කළහොත් එය ක්‍රීඩිකාවන්ට උත්තේජනයක් වන බව අමතක කළ යුතු නැත.


  • කාංචන දසනායක

 



අදහස් (0)

ඉන්දියාව පරදන දිනයක් මේ සතියේ එයි ද?

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site