IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ඉරට හාදු දුන් නාසා ’නෑයා ’


අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ වුණේ වාර්තා අතරට ද යමිනි. ඒ වික්‍රමය නම්, ඔවුන්ගේ හිරු ගවේෂණ රොබෝ යානය, තව තවත් සූර්යයා ආසන්නයට යැවීමය. මෙවැන්නක් මීට පෙර සිදු වී නැත. රොබෝ ගවේෂණ යානයක් මීට පෙර මේ අයුරින් හිරුට ළං වී නැත. හිරු අසලටම ගියා පමණක් නොවෙයි, හිරුගේ අධික තාපයට සහ විකිරණවලට ඔරොත්තු දුන් යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද නාසා විද්‍යාඥයන් ලොවට දැනුම් දුන්නේ මහත් ආඩම්බරයෙනි.

මේ වික්‍රමය කළේ නාසා ආයතනය හිරු ගවේෂණය කිරීමේ අරමුණින්, හිරුට යවා ඇතිි පාකර් සූර්ය ගවේෂණ (පාකර් සෝලර් ප්‍රෝබ්)   රොබෝ යානයයි. පාකර් හිරු ගවේෂණ යානය එසේ මෙසේ යානයක් නොවෙයි. හිරුගේ විකිරණවලින් සහ අධික තාපයෙන් ආරක්ෂා වීමට මෙම යානය සුවිශේෂී ආකාරයකින් නිර්මාණය කර තිබේ. මෙම යානය හිරු වෙත ගියේ පැයට කිලෝමීටර් 70,000 ක වේගයෙනි. 

පසුගිය දෙසැම්බර් 24 වැනිදා පාකර් සූර්ය ගවේෂණ යානය, හිරුට ආසන්න වී, හිරුගේ රැස්වළල්ලට පිවිසියේ කිලෝමීටර් මිලියන 6.1 ක දුරක් ගෙවමිනි. යානය හිරුට ළං වෙද්දී සෙල්සියස් අංශක 982 කට වැඩි උෂ්ණත්වයකට එය නිරාවරණය විය. නාසා විද්‍යාඥයන් පැවැසූවේ දින දෙකක් වනතුරු යානයෙන් පණිවුඩයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවත්, යානය යහතින්දැයි දැන ගැනීමට පවා නොහැකි වනු ඇති බවත් ය. නාසා විද්‍යාඥයන්ට ඒ දින දෙක දීර්ඝ කාලයක් ලෙස දැනෙන්නට ඇත. 

දින දෙක ගෙවී යද්දී මම හොඳින් ඉන්නවා’ යැයි යානයෙන් ඔවුන් බලාපොරොත්තු වූ පණිවුඩය ලැබිණි. එයින් නාසා ආයතනයේ ජෝන් හොප්කිනිස් විද්‍යාගාරයේ විද්‍යාඥයෝ මහත් ප්‍රබෝධයට පත්වූහ; යළිත් යානය හා සම්බන්ධ වෙමින් කටයතු කරන්න පටන් ගත්හ. මෙම පර් යේෂණ කටයුතු මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ජනපදයේ ලෝරෙල් හි පිහිටි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ඇති අභ්‍යවකාශ පර් යේෂණාගාරයේ විද්‍යාඥයන් විසිනි. 

හිරුගේ රැස්වළල්ල අතරින් ගොස් ලබාගත් දත්ත මේ යානය විසින් මුලින්ම එවනු ලැබුවේ  පසුගිය ජනවාරි පළමු වැනිදාය. එදා සිට මේ දක්වා එවන ලද තොරතුරු අනුව අප දන්නා සූර්යයා ගැන අප නොදන්න බොහෝ දේ අපට දැනගන්න ලැබිණි. නාසා ආයතනයේ පාකර්’ සූර්ය ගවේෂණ යානය පෘථිවියෙන් පිටත් කර සූර්යයා වෙත යැවීම සිදුවූයේ මීට අවුරුදු 6 කට කලිනි. එය සූර්යයා වටා යමින් සෙමින් සෙමින් හිරුට ළඟාවිය. 2021 වසරේ දී ද යානය හිරුගේ ඉහළ වායුගෝලය නැතිනම් රැස්වළල්ලට සමීප වී සූර්යයා ස්පර්ශ කළේය. ඒත් එය වඩාත් සූර්යයාට සමීප වූයේ මේ දෙසැම්බර් 24 වැනිදාය.

හිරුගේ ඉහළ වායුගෝලය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ කොරෝනා’ කියාය. සිංහලෙන් මෙයරැස් වළල්ල’ ලෙස හැඳින්වෙයි. කොරෝනා’ ලතින් වදනකි. එහි අර්ථය ඔටුන්න’ යි. හිරුගේ රැස් වළල්ල ඔටුන්නක් ලෙස දිස්වන බැවින් ඊට ද කොරෝනා යන වදන භාවිත කෙරේ. 

කොවිඩ් 19’ වයිරසය ‘කොරෝනා’ ලෙස හැඳින්වූයේ වයිරස සෛල ඔටුන්නක හැඩය පෙන්නුම් කරන බැවිනි. පාකර් හිරු ගවේෂණ යානය, රැස් වළල්ල’ අතරින් ගමන් කරද්දී, හිරුගේ අංශු සාම්පල ලබා ගැනීමත්, චුම්බක ක්ෂේත්‍රයට අදාළ දත්ත ලබා ගැනීමත් සිදු කළේය.   

පාකර් හිරු ගවේෂණ යානය, හිරු බලා යැවීම සිදු වූයේ 2018 වසරේ අගෝස්තු 12 වැනිදාය. යානය, හිරුට ළං වීම අදියරෙන් අදියර සිදුවිය. යානය, පළමුවෙන් ම රැස් වළල්ල අතරින් යමින් දත්ත රැස් කළේ 2021 වසරේ අප්‍රේල් මාසයේය. රැස් කළ එම දත්ත සහ යානයේ අධෝරක්ත කිරණ කැමරා ආධාරයෙන් රූ ගත කළ දසුන් පෘථිවියට එවීමටත්, ඉන්පසු ඒවා අධ්‍යයනය කිරීමටත් විද්‍යාඥයන්ට මාස කීපයක් ගත විය. 

හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් පාකර් හිරු ගවේෂණ යානය නිර්මාණය කළ හපනුන් වන්නේ ජෝන් හොප්කිනිස් පර් යේෂණාගාරයේ විද්‍යාඥයන්ය. පාකර් හිරු ගවේෂණ යානය නිර්මාණය කර ඇත්තේ කාබන් සංයෝජනය කළ අමුද්‍රව්‍යවලිනි. යානයේ තාප පළිහ’ට ෆැරන්හයිට් අංශක 2,500 (සෙල්සියස් අංශයක 1,377) ක උෂ්ණත්වයක් දරාසිටීමට හැකිවෙයි. හිරුගේ අධික උෂ්ණත්වයට යානය ඔරොත්තු දෙන්නේ ඒ අනුවය. පාකර් හිරු ගවේෂණ යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ක සුපිරි වේගයකිනි. හිරුට ළං වෙද්දී සහ හිරු රැස්වළල්ල අතරින් යද්දී යානයේ වේගය අඩු වැඩි වෙයි. පාකර් හිරු ගවේෂණ යානයේ ආයු කාලය වසර 7 කි. යානයේ බර කිලෝ ග්‍රෑම් 555 කි. 2025 වසරේ දී හිරුගේ මධ්‍යයට යෑමට යානයට උපදෙස් ලැබී ඇත. ඒ සමඟම, පාකර් හිරු ගවේෂණ යානයේ සියලු‍‍ මෙහෙයුම් ද අවසන් වනු ඇත. පාකර් හිරු ගවේෂණ යානය නිපදවීමට වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි. 

පාකර් හිරු ගවේෂණ යානය මෙම රොබෝ යානය නම් කර ඇත්තේ ඇමෙරිකන් විද්‍යාඥ යූජීන් නිව්මන් පාකර්ට ගරු කිරීමක් ලෙසය. 94 හැවිරිදි යූජීන් නිව්මන් ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා මහාචාර්යවරයෙකි. නාසා ආයතනය ඔවුන්ගේ යානයක්, ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් නම් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1950 දශකයේ, සුපර්සොනික් සූර්ය සුළං පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළේත්, පිටත සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය චුම්බක ක්ෂේත්‍රයේ සර්පිලාකාර හැඩය පිළිබඳ පුරෝකතනය කළේත් යූජීන් පාකර්ය.   

මිනිසා සඳ ගැන දැනගත්තේ සඳට මිනිසුන් යවමිනි. අධික උණුසුම නිසා, හිරු වෙත මිනිසුන් යැවීමට නොහැකි වුවත්, රොබෝ යානයක් යවා හිරු ගවේෂණය කිරීමෙන් හිරු සම්බන්ධයෙන් දන්නා දේ තහවුරු කර ගැනීමටත්, නොදන්නා දේ දැන ගැනීමටත්, විද්‍යාඥයන්ට හැකියාව ලැබේ. සූර්යයා යනු හයිඩ්‍රජන් සහ හීලියම්වලින් සමන්විත, නිරන්තරයෙන් පිපිරීම් සිදුවන වායු ගිනි බෝලයකි. හිරු එසේත් නැතිනම් සූර්යයා, සෞර ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රීය වස්තුව වෙයි. සෞරග්‍රහ මණ්ඩලය’ යන නමින් නම් කර ඇත්තේ ද සූර්යයා වටා සෙසු සියලු‍‍ ග්‍රහ වස්තු භ්‍රමණය වන බැවිනි. සූර්යයා ද තරුවකි. රාත්‍රී අහසේ නිවි නිවී දිලෙන්නේ තරුය. පෘථිවියට ළඟින්ම ඇති තරුව හිරුය. හිරුගේ උපත සිදුවූයේ වසර බිලියන පහකට පමණ පෙරය. හිරුගේ ආලෝකය පෘථිවියට ළඟා වීමට ගතවන කාලය මිනිත්තු 8 කි. පෘථිවියේ ජීවය පවතින්නේ ද හිරු නිසාය.  


ලු‍සිත ජයමාන්න
     ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

ඉරට හාදු දුන් නාසා ’නෑයා ’

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

අපට හොරෙන් අපේ සිරුරේ ඉන්න අමුතු සතෙක් හමුවෙලා
2025 ජනවාරි මස 15 0 0

ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි


ඉරට හාදු දුන් නාසා ’නෑයා ’
2025 ජනවාරි මස 06 63 0

අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව


නවසීලන්තයේ සුදු අභියෝගය
2025 ජනවාරි මස 01 77 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු


2025 ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 403 0

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ


ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?
2024 දෙසැම්බර් මස 31 260 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප


විනාඩියක ප්‍රමාදයෙන් මරණයෙන් බේරුණු හැටි
2024 දෙසැම්බර් මස 31 145 0

2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 227 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 555 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 306 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site