IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඉවත දමන ප්ලාස්ටික් බෝතලෙන් රටට ඩොලර් ගෙනෙන රජ වැඩ කාරයෝ

 

  • ඇමරිකාවට බුරුසු කන්ටේනර් 80 ක් යවනවා
  •  පොලියෙස්ටර් නූල් ටොන් 200 ක්
  • ඇඟලුම්  කම්හල්වලට ලබා දෙනවා

 

අත්හැරීමට නොහැකි තරමට අපේ ජීවිත හා බැඳී එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් මේ වන විට මුළු ලෝකයටම බරපතළ ගැටලුවක් බවට පත් වී අවසන්ය. ඊට හේතුව වී ඇත්තේ ප්ලාස්ටික් බෝතලයක් දිරාපත් වීමට වසර ද‌ාහකට අධික කාලයක් ගතවීමයි. ඒ වගේම සාගරවලට වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන දහතුනක් පමණ මුදාහැරෙන අතර එය කුණු ලොරියක් සාගරයට විසිකිරීම හා සමානය.  

මෙලෙස ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදාහැරීමෙන් සිදුවන විනාශයට ඔබ අප සියලු දෙනාම වගකිවයුතු කරුණක් වගේම භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බෝතල් නිසි පරිදි බැහැර කිරීම අප සතු යුතුකමකි. එහෙත් මෙම ගැටලුවට පරිසර ලෝලීන් කෙතරම් යෝජනා හා විසඳුම් හඳුන්වා දුන්නත් ඒවායින් සෑහීමකට පත්විය හැකි මට්ටමකට විසඳුම් නැති කාල සීමාවක පරිසරය විනාශ කරමින් තැන තැන ඉවතලන ප්ලාස්ටික් බෝතල් වලින් රටට විදේශ විනිමයක් ගේන්න පුළුවන් බව ඔබ දැන සිටියාද?  


පරිසරය ආරක්ෂා කරමින් ඉවතලන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචකීකරණය කර ඉන් නිමි ඇඳුම්, බුරුසු, කොසු ආදී නිෂ්පාදන කරමින් රටට ඩොලර් ගේන ශ්‍රී ලාංකීය ව්‍යවසායක ආයතනයකට ඔබව කැඳවාගෙන යන්නට සිතුවෙමි. මුළු රටටම සුවිශේෂී සේවාවක් කරන මේ ආයතනයේ නම Eco Spindles පුද්ගලික සමාගමයි. හොරණ අපනයන සැකසුම් කලාපයේ පිහිටා තිබෙන මෙම ප්‍රතිචක්‍රීකරණ කම්හල සහ (Yarn) නූල් කම්හලේ ප්‍රධානියා වන්නේ Eco Spindles හි මව් සමාගම වන BPPL Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය අනුෂ් අමරසිංහ මහතායි.  


ඇත්තටම Eco Spindles කියන්නේ කුමක්ද? මේ සමාගම හරහා ඉවත ලන ප්ලාස්ටික් වලින් කෙරෙන නිෂ්පාදන සහ ලංකාවට ලැබෙන වාසි මොනවද යන්න කතාබහ කරන්නට Eco Spindles පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝජ් උඩවත්ත මහතා සමග අපි සම්බන්ධ වූයෙමු.  


Eco Spindles ආයතනය ලංකාවේ තියෙන ප්‍රධානතම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ආයතනයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. 2009 දී තමයි අපි ගෲප් එකක් විදිහට එකතු වෙලා ඉවතලන ප්ලාස්ටික් වලින් බුරුසු, කොසු නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ. ඇමෙරිකාවට බුරුසු කන්ටේනර් 80 ක් විතර අපි අපනයනය කරනවා.  
අපේ ගෙදර දොරේ පාවිච්චි කරන බුරුසු, කොසු නිෂ්පාදනයට අවශ්‍ය කෙඳි අපි ගෙන්වූවේ පිටරටින්. ඒ අතරේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද PET ප්ලාස්ටික් භාවිතා කරලා ගුණාත්මක කෘත්‍රිම කෙඳි අපිම නිෂ්පාදනය කරන්න ආරම්භ කළේ 2009 වර්ෂයේදී. කුඩා පරිමාණයෙන් තමයි අපි මේක ආරම්භ කළේ. 2013 දී අපි වොෂින් ප්ලාන්ට් එකක් ගෙනැල්ලා පාවිච්චි කරලා ඉවත ද‌ාන වතුර බෝතල් පිරිසිදු කිරීමේ ක්‍රමවේදයන් තාක්ෂණයන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා.  


ඔය අතරේ පොලියෙස්ටර් නූල් (Yarn) නිර්මාණය කිරීමේ හැකියාවන් අපිට තියෙන නිසා 2017 දී අපි ඒ පිළිබඳවත් පරීක්ෂණ, නිරීක්ෂණ කරලා Yarn ප්ලාන්ට් එකක් වැඩිදියුණු කරලා ඇඳුම් නිර්මාණයට අවශ්‍ය වන පොලියෙස්ටර් නූලත් අපි නිර්මාණය කළා. මේ වෙනකොට Yarn පොලියෙස්ටර් නූල් මෙට්‍රික් ටොන් 200 ක් විතර නිමි ඇඳුම් කර්මාන්තශාලාවලට අපි ලබා දෙනවා.  


 ඇඳුම් නිර්මාණයට අවශ්‍ය මේ නූල ලංකාවේ ගාමන්ට්වලට ගෙනාවේ පිටරටින්. Yarn කිලෝ එකක් පිටරටින් ගෙනාවේ ඩොලර් 3 ක් වගේ මිලකට. මාසෙකට මෙට්‍රික් ටොන් 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් පොලියෙස්ටර් නූල් මෙරටට ගෙන්නුවා. පොලියෙස්ටර් නූල් ගෙන්වන්න විශාල ඩොලර් ප්‍රමාණයක් වැය වුණු එක මේ ව්‍යාපෘතිය හරහා දැන් නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය ගේන්න දැන් ලංකාවෙන් ඩොලර් පිටට යෑම ගොඩක්ම අඩුවෙලා තියෙනවා.  

 


Eco Spindles Ltd සමාගමේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමෙන් පසුව මේ වෙනකොට ඇඟලුම් අපනයන සඳහා රටේ පොලියෙස්ටර් නූල් අවශ්‍යතාවයෙන් 7% ක් අපේ සමාගමෙන් සැපයීම සිදුකරනවා....  
ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරමින් උසස් තත්ත්වයේ නව නිෂ්පාදන පෙළක් ජාත්‍යන්තර    වෙ​ෙළඳපොළට නිකුත් කරමින් තිරසාර නිෂ්පාදනයන් සඳහා පෙරමුණ ගෙන සිටින Eco Spindles සමාගමේ ක්‍රියාවලිය ද ඒ මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.  


‘මුලින්ම කලාපීය සැපයුම්කරුවන් හරහා ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් ටික අපේ ආයතනයට ගෙන්වා ගැනීම තමයි පළමු පියවර වෙන්නේ. මාසෙකට මෙට්‍ර්ටික් ටොන් 10 පමණ අපි ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුකරනවා. ඒ වගේම ප්ලාස්ටික් වර්ග අනුව වෙන් කරලා සහ පාට අනුවත් වෙන් කිරීමක් සිදුකරලා තාක්ෂණානුකූලව බෝතල් පිරිසිදු කරලා අවශ්‍ය චිප් එක අපි මුලින් නිෂ්පාදනය කරගැනීම සිදුකරනවා.  
ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරලා හදන පොලියෙස්ටර් නූල් එක හැදෙන්න පියවර ගණනාවක්ම තියෙනවා.  


කොහොම නමුත් දැනට බෝතල් මිලියන 10 ක් පමණ මාසෙකට එකතු වෙනවා. ඒත් බෝතල් මිලියන 20 ක් අපිට මාසෙකට දැන් අවශ්‍ය වෙලා තියනවා. ඒ ප්ලාස්ටික් බෝතල් මිලියන 20 සොයා ගැනීමේ අරගලයේ තමයි දැන් නියැලෙමින් ඉන්නේ. අපි කියන්නේ ජනතාවට පාවිච්චි කරලා වීසිකරන ප්ලාස්ටික් බෝතලේට දැන් කරන්න දෙයක් තියෙනවා. රටට ​ඩොලර් ගෙනෙන අතරේ පරිසරය සහ මහා සාගරය සතා සිවුපාවුන් ආරක්ෂා කරගන්න ඒ මහා පුණ්‍යකර්මයට ඔබටත් දායක වෙන්න පුළුවන්. රටට වැඩදායි ව්‍යාපෘතියට ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ප්ලාස්ටික් බෝතල් සපයන අයට වෙළෙඳපොළේ පවතින මිලට වැඩිම මිලක් ලබා දෙන්නත් අපි සූදානම්.  


ප්ලාස්ටික් බෝතල් ගෙනත් දෙන්න කැමැත්තෙන් ඉන්නව නම් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය එකතු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඇලුමිනියම්, ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, බියර් කෑන් වැනි ද්‍රව්‍යයන්, එම මධ්‍යස්ථානවලට ගෙනැවිත් ලබා දෙන්න පුළුවන්. අපි හොඳ මිලකට ඒ ස්ථානවලින් අපද්‍රව්‍ය මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකොට එය පානදුර, රත්නපුර, මීගමුව, කළුතර, මාතර යන ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වෙනවා. අනෙක් දිස්ත්‍රික්ක වලත් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න කටයුතු කරමින් යනවා. (කළුතර - 0704657112), (රත්නපුර - 0778874008), (මීගමුව - 0767486159), (මාතර - 0777228578) දුරකථන අංක හරහා ප්‍රාදේශීය ප්ලාස්ටික් එකතු කරන නියෝජිතයන් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා.  


ඊට අමතරව අපි තව ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා 'Waste 2 Value' ඇප් එක කියලා. Google Store සහ Apple Store හරහා මෙය බාගත කරගෙන ළඟම තියෙන ප්ලාස්ටික් එකතු කරන ස්ථානයක් මේ ඇප් එක හරහා සොයා ගැනීමේ පහසුවක් සලසා තියෙනවා. මේ වසර අවසන් වන විට Eco Spindles බස්නාහිර පළාතේ Drop OFF bins 700 ක් සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල drop - off bins 300 ක් තැබීමට සැලසුම් කර තිබෙනවා.  


ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් MAS විසින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා T-20 ලෝක කුසලාන ජර්සිය සහ 2020 ඔලිම්පික් ජර්සිය නිර්මාණය කිරීම සුවිශේෂත්වයකි. ඇක්ටිව් සහ ඔවුන්ගේ සැපයුම් ජාල හවුල්කරුවන් වන ටේරෂෙල් ෆැබ්රික් (පුද්ගලික) සමාගම සහ Eco Spindles එක්ව ඉවත දැමූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් එමගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කර උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදනය සඳහා මේ වන විට ඉහළ දායකත්වයක් ලබා දී ඇත.  
ඒ වගේම මෙම ව්‍යාපෘතිය හරහා කෙරෙන අනෙකුත් නිෂ්පාදන පිළිබඳව මනෝජ් මහතා පැහැදිලි කළේ මෙලෙසය.  


‘මෙම ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පොලියෙස්ටර් නූල් සහ බුරුසු, කොසු වැනි දේවල් අපි නිෂ්පාදන බවට පත් කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් ආයතන හරහා ශ්‍රී ලංකන් ක්‍රිකට් ජර්සිය, 2020 ඔලිම්පික් ජර්සිය මේ ප්ලාස්ටික් වලින් නිපදවන පොලියෙස්ටර් නූලෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම Nike Decathlon වගේ ලෝකේ තියෙන ප්‍රධාන Brands වලට Yarn (ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරන පොලියෙස්ටර් නූල නිෂ්පාදනය කිරීම) කරන්නෙත් අපේ ව්‍යාපෘතිය හරහා. මේ වෙනකොට අපි නිෂ්පාදනය කරන බුරුසු, කොසු බංගලාදේශය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් ගණනකට අපනයන කරනවා.  


රටට මේ ව්‍යාපෘතියෙන් ලැබෙන වාසිය:-  


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල යටතේ පාලනය වන Eco Spindles ආයතනයෙන් වතුර එකක් බීලා වීසි කරන ප්ලාස්ටික් වතුර බෝතලයෙන් මාසෙකට අපි ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකහමාරක් ඍජු අපනයන ආදායමක් ලබා ගන්නවා. ඊට අමතරව අපි හදන Yarn පොලියෙස්ටර් නූලෙන් ඇඟලුම් කර්මාන්ත හරහා හත්ගුණයක පමණ ආදායමක් ලබා ගන්නවා. මේ වෙලාවේ අපට රටට ඩොලර් ගෙන්වන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට රැකියා උත්පාදනය වෙලා තියෙනවා. මාසෙකට ලක්ෂ 3 බෝතල් එකතු කරලා එදිනෙදා ජීවත් වෙන්න කීයක් හරි සොයාගන්න මිනිස්සු අපි එක්ක වැඩ කරනවා. ඒ වගේම පරිසරයට වෙන හානිය මේ ව්‍යාපෘතිය හරහා අවම කරගන්න පුළුවන්. මහා සාගරයට, සතුන්ට වගේම මිනිස් ජීවිතවලටත් දැඩි තර්ජනයක් වී තිබෙන ප්ලාස්ටික් ගැටලුවට මේ ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වෙනවා.  
ඒ නිසා ඔබ භාවිතා කරන ඉවතලන ප්ලාස්ටික් නිසි පරිදි බැහැර කරමින් රටට විදේශ විනිමය රැගෙන එන මේ ව්‍යාපෘතියට ඔබත් දායක වෙනව නම් ප්ලාස්ටික් තර්ජනයට යම් පමණක හෝ විසඳුමක් ලැබේ යැයි අපගේ විශ්වාසයයි.

 

 

 

සටහන
නදීශා අතුකෝරළ

 



අදහස් (6)

ඉවත දමන ප්ලාස්ටික් බෝතලෙන් රටට ඩොලර් ගෙනෙන රජ වැඩ කාරයෝ

mahee Sunday, 31 July 2022 01:33 PM

මෙන්න මෙහෙම හැමෝම හිතනවා නම්. I wish you brothers !

:       0       25

NNihal Harischandra Sunday, 31 July 2022 08:34 PM

බොහෝ ම හොඳ වැඩක්. කොළඹ අවට හිස් බෝතල් එකතු කරන්න ස්ථානයක් ආරම්භ කරන්න.

:       0       20

Vajira Perera Monday, 01 August 2022 09:49 AM

බොහෝම හොඳ වැඩක්... ගනේමුල්ල අවට ඉවත දමන ප්ලාස්ටික් බෝතල් එකතු කරන්න ස්ථානයක් ආරම්භ කරන්න...

:       0       14

Madurapperuma Thursday, 04 August 2022 05:45 AM

ඉතා අගනා ව්‍යාපෘතියක් කරුණාකර කෑගල්ල නගරයේත් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න...

:       0       0

Jinasiri Senarathne Tuesday, 20 September 2022 11:39 AM

ප්ලාස්ටික් බෝතල් එකතු කර දෙන්න මට පුළුවන්.. මාව හැකිනම් ඔබ හා එකතු කර ගන්න..!

:       0       0

LOYALAIFERANANDO Thursday, 06 June 2024 01:13 PM

අප ප්ලාස්ටික් බෝතල් එකතුකරනවා මිලදීගන්න ආයතනයක් කරැණාකර කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 54 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 31 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 39 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 49 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 25 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 63 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site