නවසීලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් පසුව මේ සටහන ලියැවෙයි. පළමු තරගය ඉතා සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදී ලකුණු 324 ක් රැස් කිරීමට සමත් වීම ශ්‍රී ලංකාව පැත්තෙන් හොඳ ඉදිරි පියවරකි. කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි තරගයේ දී ලකුණු අතරට පිවිසි කුසල් සහ අවිශ්ක, ශතක ලැබීම ඔවුන් නැවත රිද්මයට පැමිණීමක් ලෙස දැක්විය හැකිය. මෙයින් කුසල් මෙන්ඩිස්ට යළිත් ආපසු හැරීමක් නැත. මේ ශතකයෙන් පසුව ඔහුට යළිත් තරග 15 ක්, අර්ධ ශතකයක් හෝ නොමැතිව සිටිය නොහැකිය.
ඔහු දැන් නොනවත්වා, එනම් 2026 ලෝක කුසලානය දක්වා ඉදිරියට යා යුතුය. එසේම අවිශ්ක, තමන්ට ලැබුණු අවස්ථා නිසි ලෙස ප්‍රයෝජනයට ගතයුතුය. තවත් ලහිරු තිරිමාන්න කෙනෙකු අපට අවශ්‍ය වෙන්නේ නැත. මේ තරගය දෙස බැලූ විට 3-0 ජයක් කරා යෑමට ශ්‍රී ලංකාවට හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අවම වශයෙන් මෙය 2-1 ක ජයග්‍රහණයක් විය යුතුය. අනෙක් අතින්, දෙවැනි තරගයද ජයගතහොත් සංචිතයේ සිටින ක්‍රීඩා නොකරන ක්‍රීඩකයන්ට අවස්ථාවක් දීම ඉතාම අවශ්‍යය. එහිදී පරාජයක් බාර ගැනීමටද අප පසුබට නොවෙමු.
නවසීලන්තය සමග පැවැත්වෙන අනෙක් එක්දින තරග දෙක පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදීය. කොදෙව් තරගාවලියේ දී කියූ ආකාරයටම මේ පිටිය අපට බොහෝ හිතවත් පිටියක් නොවේ. කෙසේ හෝ වේවා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය. කොදෙව්වන් සමග පැවති තරග දෙකම හඹා ගොස් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තෙවැනි තරගය කොදෙව්වන් ජයගත්තේ හඹා යෑමෙනි. මේ පිටියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගවල දත්ත පෙන්වා දෙන්නේ, පළමුව පන්දු යැවීම බොහෝ විට වාසිදායක වී ඇති බවයි. එහෙත් ඒ තරග බොහොමයකට වර්ෂාව බාධාවක් වී තිබෙන බවද අමතක කළ යුතු නැත. කෙසේ වුවද නවසීලන්ත වේග පන්දු යවන්නන් හමුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය රාත්‍රියේ දී ප්‍රශ්නයක් විය හැකි බව අපේ මතයයි. මේ නිසා පළමුව පන්දුවට පහරදීම වාසිදායක වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
නවසීලන්තය සමග පැවති විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාව නිම කරගත්තේ 1-1 ක් ලෙසිනි. මේ අනුව සාපේක්ෂව දුර්වල නවසීලන්ත කණ්ඩායම ද තමන්ගේ අභිමානය තවදුරටත් ශ්‍රී ලංකාවේ දී රඳවාගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකාව පැත්තෙන් පහළ වැටීමකි.
මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව පුරුදු පරිදි දඟ කැවෙන තණතිලි නිර්මාණය කළේය. නවසීලන්තය වැනි ශ්‍රී ලංකාවේ තණතිලිවල හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් හමුවේ, වුවමනාවටත් වඩා දඟකැවෙන තණතිලි නිර්මාණය කිරීමේ පාඩුව ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ දී අත්දකින්නට ඇත. ඉන්දියාව තමන්ගේ රටේ දී දඟ කැවෙන තණතිලි හදා, නවසීලන්තය හමුවේ පාඩමක් ඉගෙන ගත්තා සේම ශ්‍රී ලංකාවද පාඩමක් ඉගෙන ගත්තේය. මේ තරගාවලිය ආරම්භයේ දීම අප කියූවේ සැන්ට්නර්, බ්‍රේස්වල්, පිලිප්ස් සහ සෝදි යනු සුදු පන්දුවේ හොඳ දඟ පන්දු යවන්නන් බවය. ශ්‍රී ලංකාව මෙය නොදැන සිටියා නොවේ. වනිඳු, මහීෂ්, දුනිත් මේ පන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිලි වුවත් අවස්ථාවේ හැටියට නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් වැඩක් ගත හැකි බව නවසීලන්තය පෙන්වා දුන්නේය.
පළමු තරගයේ දී නවසීලන්තය පාලනය කළ ශ්‍රී ලංකාව, දෙවැනි තරගයේ දී නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ පාලනය විය. දෙවැනි තරගයේ දී කුසල් මෙන්ඩිස් කඩුලු රකින්නා ලෙස අතිරේක ලකුණු 11 ක් ලබා දීම අනුමත කළ නොහැකි තත්ත්වයක් විය. එපමණක් නොවේ, ලකුණු 108 ක් හඹා යෑමේ දී ඒ වෙනවිට ආබාධ තත්ත්වයකින් සිටි කුසල් ආරම්භක පිතිකරුවා කරන්නට ශ්‍රී ලංකා පුහුණුකරුවන් ගත් තීරණය නිවැරදි නොවීය. ඕවර දෙකක් අවසානයේ ලකුණු 6 ක් පමණක් ලබාගැනීම නිසා මෙය වරදක් බව තහවුරු විය. එහිදී ද කුසල් පන්දු 7 කින් ලබා තිබුණේ ලකුණු 2 ක් පමණි. සැන්ට්නර්ගේ සැලසුම් අවුල් කිරීමට කුසල් පෙරේරා පන්දුවට පහර දීමට පැමිණියේ නම් තත්ත්වය මීට වෙනස්වෙනු ඇත. එහෙත් පීඩනය නිසා පෙරේරාද අසාර්ථක විය. ශ්‍රී ලංකාව වරද්දාගත් අනෙක් තැන චරිත් අසලංකගේ දැවී යෑමයි. නියත වයිඩ් පන්දුවක් වූ එම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ ඇයිද යන්න දන්නවා ඇත්තේ ඔහුම පමණි. හඹායෑමේ තෙවැනි වරද සිදුවූයේ වනිඳු හසරංග පිටියට එවීමෙනි. දුවන්නට නොහැකි තත්ත්වයක සිටි වනිඳු 11 වැනි ඕවරයේ දී පිටියට එවීමෙන් වේගය අඩාළ වූවා පමණක් නොව, අවසන් මොහොතේ හයේ පහරක් ගසාගැනීමට තිබූ අවස්ථාව ගිලිහුණි. ඇතැම් විට මේවා වැඩි දුර නොසිතා ගත් තීරණ විය හැකිය. එහෙත් එයින් වූ හානිය ප්‍රතිවාදීන් සිතාමතා සකස් කළ සැලසුම්වලටත් වඩා බරපතළය.
මේ තරගයෙන් පසුව බොහෝ දෙනා දඟ කැවෙන තණතිලි නර්මාණය කිරීම ගැන කතා කරන්නට වූහ. තමන්ගේ රටේ වාසිය ගැනීම කිසිසේත්ම පාඩුවක් නොවේ. එහෙත් එය කළ යුත්තේ ප්‍රතිවාදියා දෙස බලාය. ඉන්දියාවේ දී නවසීලන්තයත්, ඔස්ට්‍රේලියාවේ දී පාකිස්ථානයත් සත්කාරක රටවලට ඉගැන්වූයේ මේ පාඩමයි. ප්‍රතිවාදියා ශක්තිමත් නම් අපේ ශක්තිය කුමක් වුවත් ඔවුන්ගේ ශක්තියට තණතිලි නිර්මාණය කිරීම බරපතළ තත්ත්වයකි. එහෙයින් මෙය නතර කළ යුතු තත්ත්වයක් නොවේ. එය එක්දින තරගවලදී ද දැක ගත හැකි විය. පළමු එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 300 පසුකර ගියේ දඟ කැවෙන තණතිල්ලකය. ඒ අනුව ප්‍රවාදියාගේ හැකියාව මත වැඩිදුර කටයුතු කිරීම නුවණට හුරුය.
කාංචන දසනායක
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක
උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පි
චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක.
මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිස
1998 වර්ෂයේ “නගරයට ආ මුවැත්තිය” හා 2003 වර්ෂයේ “නිශ්ශබ්ද” ලෙසින් කාව්‍ය කෘති දෙකක් ජනගත කළ අනුර කේ. එදිරිසූරිය විසි වසරක දිගු නිහැඬියාවකට පසු “ආදර වස්තුවක්
ක්‍රීඩා සමාජ 12 ක පමණක් සහභාගිත්වයෙන් අවසන් වරට (2022-25) පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හයියක් නොතිබුණ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එක්දින ගමනේ ඉදිරියට