IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට


ප්‍රංශයේ  පැරිස් නුවරදී  33 වැනි නූතන ගිම්හාන ඔලිම්පික්  උළෙල ඊයේ (26) එරට ජනාධිපති  එමානුවෙල් මැකරොන් මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ විය. ඒ සදහා රටවල්  හා ජාතීන් 206 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714 දෙනෙකු සහභාගිවී සිටින අතර ඔවුන්ගේ පරිවාර නිලධාරීන්  හා ස්වෙච්ඡා  සේවක  සේවිකාවන් 30000 කට ආසන්න පිරිසක්ද ක්‍රීඩා උළෙල  අවසන් වන අගෝස්තු  12 වැනිදා දක්වා පැරිස් නුවර ඇතුළුව ක්‍රීඩා ඉසව් පැවැත්වෙන  නගර 16 ක ගත ‍‍‍  කරමින් සේවය කරනු ඇත.

වසර 2017 දී පේරු  රාජ්‍යයේ  ලීමා නුවරදී  ප්‍රංශයේ පැරිස්  නුවරට නිල වශයෙන්  33 වැනි ඔලිම්පික් උළෙලේ ත්කාරය ප්‍රදානය කෙරුණි. මෙවර ක්‍රීඩා ඉසව් 32 ක් සදහා තරග ඉසව් 329 ක් ඇතුළත් කර තිබේ

ඒ සදහා  ශ්‍රී  ලංකාවෙන් ක්‍රීඩා ඉසව්  තුනක් යටතේ  ක්‍රීඩිකාවන් සිව්  දෙනෙක් හා ක්‍රීඩකයන් දෙනෙක් සහභාගිවී සිටිති.

ශ්‍රී  ලංකා  මලල  ක්‍රීඩකයන් වන කණ්ඩායම්  නායිකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා දිල්හානි  ලේකම්ගේ, මීටර්  800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න  හා මීටර් 400 ක්‍රීඩක අරුණ  දර්ශන  ඔවුන්ගේ පුහුණුකරුවන් වන ප්‍රදීප්  නිශාන්ත, සුසන්ත  ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන මහත්වරු බදාදා  (24) රාත්‍රියේදී  දිවයිනෙන්  පිටත්ව ගියහ. 

මේ අතර ක්‍රීඩා  ඇමැති   හරින් ප්‍රනාන්දු  ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල් මහාචාර්ය  ෂේමාල් ප්‍රනාන්දු  ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති  සුරේෂ්  සුබ්‍රමනියම්, එහි මහ ලේකම්  මැක්ෂ් වෙල් ද සිල්වා එහි ක්‍රීඩකයන්ගේ  කමිටුවේ සභාපති හිටපු සුපිරි  බැඩ්මින්ටන්  ක්‍රීඩක නිලූක කරුණාරත්න යන මහත්වරුන් සමාරම්භක  උත්සවය  හා ජාත්‍යන්තර  ඔලිම්පික්  කමිටුවේ සැසිවාරයට සහභාගිවීම සදහා  පැරිස්  නුවර බලා  මේ වන විට පිටත්ව  ගොස් තිබේ.

පැරිස්  ඔලිම්පික්  උලෙළේ  ආරක්ෂා ව සම්බන්ධයෙන්  ප්‍රංශ රජය දැඩි  සැලකිලිමත්වී ඇතැයිද වාර්තාවේ.එය කෙතෙක්ද යත්  නැවත නැවත සලකා  බලමින් සමාලෝචනය කරමින්  සිටින බවද  වාර්තා වේ.  විශේෂයෙන්ම ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව එහිදී දැඩිව අවධානය යොමු කර තිබේ.

මෙම  ස්ථානයේදීම සමගාමිව මීළඟ  පැරලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ  අගෝස්තු  28 සිට සැප්තැම්බර් 8 වැනිදා  දක්වාය. ඒ සඳහා  රටවල් 184 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4400 ක් එක්වීමට නියමිතය.පැවැත්වෙන  ඉසව් ගණන  549 කි.

ගිය වර ටෝකියෝ  (2022) පැරලිම්පික්  උලෙළේදී ශ්‍රී  ලංකා  ක්‍රීඩක  දිනේෂ්  ප්‍රියන්ත හෙල්ල විසි කිරීම - එක් අතක් අප්‍රාණික  හෝ ආබාධිත  කාණ්ඩයෙන් බිහි කිරීම මෙහිලා සිහිපත් වේ. කෙසේ වූවත් ඔහු මේ වන විට පැරලිම්පික්  ක්‍රීඩාවෙන් ඉවත් කර තිබේ.

මෙවර පැරිස්  ඔලිම්පික්  උළෙල  ක්‍රීඩාංගණවලට පැමිණ නරඹන පිරිස මිලියන 15 ක් ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ

ජූලි 26 වැනිදා  පැවැත්වෙන  සමාරම්භක  උළෙල  වඩාත් විචිත්‍රවත් වන්නේ මධ්‍යම  පැරිසිය හරහා ගලා බස්නා සෙන් නදිය ඔස්සේ  කිලෝමීටර්  හයකට ආසන්න  දුරක් සහභාගි  වන රටවල කණ්ඩායම්  බෝට්ටු  ඔස්සේ  ගමන් ගන්නා බැවිනි.

එහෙත් ආරක්ෂක  තත්ත්වයන්  සැලකිල්ලට ගනිමින් සමාරම්භක  උත්සවය  ලක්ෂ තුනකට පමණක් සීමා කරන බව සංවිධායකයෝ පවසති.පැරිස්  ඔලිම්පික්  ආරක්ෂාවට පොලිස්  හා යුද හමුදා  සෙබළුන් 60000 කට වැඩි පිරිසක්  තිබේ. ඒ අතර විදෙස්  රටවල හමුදා  පිරිස්ද වෙති.

පැරිස්  ඔලිම්පික්  උලෙළේ  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  මූලික  වටයේ  තරග වැදීම.‍‍( ශ්‍රී ලංකා  වේලාවෙන්)

• බැඩ්මින්ටන්  ක්‍රීඩක  විරේන් නෙත්තසිංහ  -ජූලි 27   පස්වරු 2.30 -: කේවල (පිරිමි).
• පිහිනුම් ක්‍රීඩිකා - ගංගා සෙනවිරත්න - ජූලි 29 පස්වරු 2.30 -( මීටර්  100  පසුපස ආර - කාන්තා)
• පිහිනුම්  ක්‍රීඩක කයිල් අබේසිංහ   ජූලි30 පස්වරු 2.30 - ( මීටර්  100  - නිදහස් ආර) 
• මලල  ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න
අගෝස්තු 02 රාත්‍රි 11.15 - මීටර්  800 (කාන්තා)
• මලල  ක්‍රීඩක අරුණ දර්ශන - අගෝස්තු 04 පස්වරු 10.35 - මීටර්  400 (පිරිමි )
• මලල ක්‍රීඩිකා  දිල්හානි ලේකම්ගේ අගෝස්තු 07 පස්වරු1.55 - හෙල්ල  විසි කිරීම ( කාන්තා)

නූතන  ඔලිම්පික්   ඉතිහාසයේ   මේ දක්වා දකුණු ආසියානු  කලාපයේ  පදක්කම් සටහන 

රට
රන් රිදී   ලෝ.  
ඉන්දීයාව 10 09 16  (35)
පකිස්තානය  03  03  04  (10)
ඇෆ්ගනිස්තානය  02  (02)
ශ්‍රී ලංකාව  02  (02)

  • නාමල්  පතිරගේ

ප්‍රංශයේ  පැරිස්  නුවර සිට


 



අදහස් (0)

ඔලිම්පික් උළෙල ඇරඹේ පැරිස් නුවර සීරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මිතුරු වෙස් ගත් සතුරු උවදුර මයික්‍රෝ ප්ලාස්ටික් වසංගතය
2024 සැප්තැම්බර් මස 03 27 0

අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්
2024 සැප්තැම්බර් මස 02 30 0

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබු


පැරිස් දෙවෙනි ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 25 ක්
2024 සැප්තැම්බර් මස 02 19 0

පැරිස් ඔලිම්පික් උළෙල නිමාවට පත්ව දින 17 කට පසුව එහිදීම ආරම්භ වූ ගිම්හාන පැරලිම්පික් උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (29) සිට ආරම


ගුවනින් බර අදින්නන්ට 67 යි
2024 සැප්තැම්බර් මස 02 69 0

එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බල


ලොව නිදි යාමේ බංකර් ඇතුළේ
2024 සැප්තැම්බර් මස 02 70 0

යුධ බිමේ බංකර් සෑදීම අමුතුම කලාවකි. එසේම එය බොහෝ දුෂ්කර කටයුත්තකි. ඒ සඳහා සටන් බිමේ සිටින ඕනෑම සෙබළෙකුට ශ්‍රම දායකත්වය ලබාදිය හැකි මුත්, නිසි ප්‍රමිතිය


දෙලොවක් අතර තනිවූ රණවිරුවෝ
2024 අගෝස්තු මස 27 111 0

උතුරු පළාතේ ස්ථාපිතව තිබූ ප්‍රධානතම මාර්ග බාධකය හා මුරපොළ පිහිටා තිබුණේ ඕමන්තේ ය. ඉන් ඔබ්බෙහි වන උතුරේ මුදා නොගත් ප්‍රදේශ වෙත යන සෑම වාහන සහ පුද්ගලයින


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site