IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ඕවල් පිටියෙන් ගාල්ලට


එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පාඩමක් ඉගැන්වීමට වේග පන්දු යවන්නන්ට ගැළපෙන තණතිල්ලක් එංගලන්තය හැදූ විට එය පැයට කි.මී. 125-135 අතර වේගයෙන් පන්දු යවන අපේ පන්දු යවන්නන්ට වාසිදායක බව ද අපි කීවෙමු. මේ තත්ත්වය පිටියේ දී මැනවින් තේරුම්ගත් ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් ක්‍රීඩා කළහ. දඟ පන්දු යවන්නෙකු නොමැතිව ක්‍රීඩා කිරීම යම් විමතියක් ගෙන දෙන්නක් වුවද එය එසේ නොවන බව පළමු ඉනිමේ දී මෙන්ම විශිෂ්ට දෙවැනි ඉනිමේ දී ද ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ පෙන්වා දුන්හ. ඒ අනුව දඟ පන්දුවෙන් තොරව එංගලන්තයේ දී ටෙස්ට් ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය. 

මේ තරගයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය, එංගලන්ත දෙවැනි ඉනිම ඕවර 34 කට සීමා කිරීමයි. තුන්වැනි ඕවරයේ බෙන් ඩකට් දවා ගැනීමෙන් පසු දිගින් දිගටම ඉදිරි පෙළ කඩුලු දවා ගැනීමත් සමග එංගලන්තය නොසිතූ පසුබෑමකට ලක්විය. විශේෂයෙන්ම විශ්ව ප්‍රනාන්දු විසින් 15 වැනි ඕවරයේ ජෝ රූට් දවා ගැනීමත්, 17 වැනි ඕවරයේ හැරී බෲක් දවා ගැනීමත් තරගය සම්පූර්ණයෙන්ම අනෙක් අතට හැරවූ අවස්ථාව විය. කෙසේ වුවද ඔයිලි ස්ටෝන් පන්දුවට පහරදීමට පැමිණි පසු ඔහුට කෙටි පන්දු යොමු කිරීමට ගොස් පන්දු ඕවර 7 ක් තුළ ලකුණු 62 ක් එංගලන්තයට ලබාදීම යම් ආකාරයක අර්බුදයක් විය. මෙය මේ තරගයේ දී ශ්‍රී ලංකාව ඉගෙන ගත් පාඩමක් ලෙස දැක්විය හැකිය. 

තරගයේ පළමු ඉනිමේ එංගලන්තය වඩාත් පහසුවෙන් ඉදිරියට ගමන් කරද්දී දෙවැනි දිනයේ අවසන් එංගලන්ත කඩුලු 7, ලකුණු 64ක් තුළ දවා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් තමන්ගේ කණ්ඩායම තරගයට ගෙනා පළමු අවස්ථාව විය. එසේ නොවන්නට එංගලන්තය ලකුණු 400 ඉක්මවනු ඇත. අනෙක් සුවිශේෂ අවස්ථාව පළමු ඉනිමේ ලකුණු 93 කට කඩුලු 5 ක් වැටී තිබූ අවස්ථාවේ දී ධනංජය සහ කමිඳු අතර වූ ලකුණු 127 ක සබඳතාවයි. මේ සබඳතාව නොවෙන්නට ශ්‍රී ලංකාව යළිත් විශාල ලකුණු ප්‍රමාණයක් පසුපසට යනු ඇත. කමිඳු - ධනංජය සබඳතාවේ දී එංගලන්තයට වැරදුන තැන වූයේ, ආලෝක තත්ත්වය අඩු වූ පසුව පන්දු ඕවර 14 කට වැඩි ප්‍රමාණයක් දඟ පන්දු යවන්නන්ගෙන් යොමු කිරීමයි. මෙහි වාසිය ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා උපරිමයෙන් කටයුතු කළ අතර එයින් අස්වැසිල්ලක් ලැබුණි.  

දෙවැනි ටෙස්ට් තරගයේ දී පැතුම් නිස්සංක ක්‍රීඩා කළ ආකාරයට අනුව ඔහු ඉතාම හොඳ රිද්මයක සිටින බවත් තෙවැනි තරගයේ දී ඔහුගෙන් විශාල දායකත්වයක් ලැබෙනු ඇති බවත් පසුගිය සතියේ අපි කීවෙමු. ඒ අනුව පැතුම් තමන්ගේ ටෙස්ට් ජීවිතයේ වටිනාම ඉනිම දෙවැනි ඉනිමේ දී ගොඩනැංවීය. ඔහු පළමු ඉනිමේ දීද පහර දීමේ වේගය 100 ඉක්මවා තබාගනිමින් අර්ධ ශතකයක් රැස් කළ අතර තරගය අවසන් කළේ ද පහරදීමේ වේගය 100ට වැඩි ශතකයක් සමගිනි. එංගලන්තය හඳුන්වා දුන් “බෝල් බෑස්” ඔවුන්ටම පාරාවළල්ලක් කිරීමට පැතුම් සමත් විය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පවා පැතුම් පළමු තරගයේ සිටියේ නැද්දයි විමසන්නට වීම, ජාත්‍යන්තර තරග විචාරකයන් සහ කණ්ඩායම්වල ක්‍රීඩකයන් අතර දැඩි කතාබහක් මතු කළේය.

කොදෙව්වන් හමුවේ 2021 දී ශතකයක් ලබා ටෙස්ට් දිවිය ඇරඹූ පැතුම් 2002 ජූලි මස අවසන් වූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ අසාර්ථකවීමත් දෙවැනි ටෙස්ට් තරගයේ දී කොවිඩ් රෝගයට ගොදුරුවීමත් නිසා පැතුම්ට එයින් පසුව පැවති පාකිස්ථාන තරගාවලිය අහිමි විය. මේ තරගාවලියේ දී ආරම්භක පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දු ඉතා හොඳින් ක්‍රීඩා කළත්, ඊට මාස 10 කට පසුව නවසීලන්තයේ පැවැති ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අසාර්ථකවීමෙන් පසු එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඉතා හොඳ දස්කම් දැක්වූ නිෂාන් මධුෂ්ක කණ්ඩායමට ඇතුළත් කෙරුණි.  එම තරගයෙන් පසු ඇරඹි අයර්ලන්තයට එරෙහි තරගාවලියේ ද්විත්ව ශතකයක් ලැබූ මධුෂ්ක ගැන විශ්වාසයක් තැබීමට තේරීම් කමිටුව කටයුතු කළේ අවස්ථාව දීමේ වැදගත්කම නිසාය. එහෙත් එංගලන්තයට එරෙහිව පළමු තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේ දී ද අසාර්ථකවීම නිසා ඔහුට ස්ථානය අහිමි විය. ඒ වෙනවිට පැතුම් උපරිම රිද්මයේ සිටියේය. මේ නිසා මේවා නැති ප්‍රශ්නය. පැතුම් සිටියා කියා අප දෙවැනි තරගය ජයගත්තේ නැත. ක්‍රීඩකයෙකු දස්කම් දැක්වූ විට කොහේ සිටියා දැයි ඇසීම නොව ඔහුට ස්ථානය අහිමිවීමේ වටපිටාව සොයා බැලිය යුතුය. එයින් පසුව ඔහුට නැවතත් එන්නට අවස්ථාවක් දිය යුතුය. එහෙත් ඔහුගේ ස්ථානය ගත් ක්‍රීඩකයා සාර්ථක වුවහොත් නැවත පැමිණීමක් නැත. හරියට 2001 අළුබඳුන තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මයිකල් ස්ලේටර් වෙනුවට පැමිණි ජස්ටින් ලැන්ගර් තමන්ගේ ස්ථානය තහවුරු කරගත්තා වාගේය. ශ්‍රී ලංකාවේ කළුවිතාරණ වෙනුවට පැමිණි සංගක්කාර තමන්ගේ ස්ථානය තහවුරු කර ගත්තාක් මෙනි. 

මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ වීරයා වූයේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු තරග තුනේ දීම තීරණාත්මක ඉනිම් ක්‍රීඩා කළේය. පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා දුන් කමිඳු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දීද සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. තෙවැනි ටෙස්ට් තරගයේ දී ද ඔහු තීරණාත්මක අර්ධ ශතකයකින් දායක විය. මේ නිසා අංක 07 සිට කමිඳු සුවිශේෂ මෙහෙයක් කරමින් සිටියි. මැතිව්ස් සහ චන්දිමාල්ගෙන් පසුව කමිඳු ඉහළ අංකයකට පැමිණෙනු ඇත. එතෙක් ඉදිරිපෙළ මීට වඩා සාර්ථක වෙන්නේ නම් කමිඳුට තවත් බොහෝ ලකුණු රැස්කරන්නට ද අවස්ථාවක් ඇති බව අමතක කළ යුතු නැත. එයට හේතුව මේ ටෙස්ට් ක්‍රිකට් වීමයි.

කෙසේ  වසර 26 කට පසුව අප බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලැබුණි. මෙයින් පසු යළිත් එංගලන්ත ගිම්හානයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකාවට සංචාරයක් ලැබේ දැයි සැකසහිතය. එහෙත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. සමස්ත තරගාවලියේ දී අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ඉතා සාර්ථකව පන්දු යැවූහ. එංගලන්තයේ පන්දුවට පහරදීමේ ක්‍රමය අනුව ඔවුන් වේගයෙන් පන්දුවට පහරදීම වෙනම දෙයකි. එහෙත් එංගලන්ත පිතිකරුවන්ට අභියෝග කරන්නට අපේ වේග පන්දු යවන්නන් සමත් වීම අගය කළ යුතු තත්ත්වයකි. අවසන් තරගයේ එංගලන්ත කඩුලු 20 න් 18 ක්ම වේග පන්දු යවන්නන් දවා ගැනීම ඔවුන්ගේ දක්ෂතාවල උපරිමය පෙන්වීමකි. තරගයෙන් පසුව සනත් ජයසූරිය කියූ පරිදිම මේ ජයග්‍රහණය 1998 ජයග්‍රහණයට වඩා ඉදිරියෙන් තැබිය හැකිය. දඟ කැවුණු තණතිල්ලක මුරලි තරගයේ කඩුලු 16 ක් දවා ගනිද්දී පිතිකරුවන් තමන්ට හුරු තත්ත්වයකදී ඉතා ඉහළ දක්ෂතා දැක්වූහ. එදා පළමු ඉනිම නිමාවෙන විට ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාවයි. දෙවැනි ඉනිමේ නව වැනි කඩුල්ල වෙනුවෙන් මාක් රාම්ප්‍රකාශ් සහ ඩැරන් ගෆ් පන්දු ඕවර 42 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ එම ඕවර 42 දී ලකුණු 53 ක් පමණක් රැස් කරමිනි. මෙවර තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. තරගය පුරාම වැහි වළාකුළු තිබුණි.

එසේම සීතල ඉහළ මට්ටමක තිබුණි. පළමු ඉනිම දෙක අවසන් වෙනවිට ඉදිරියෙන් සිටියේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව බරපතළ ලෙස එංගලන්ත දෙවැනි ඉනිමේ දී ඉදිරියට පැන්නේය. එදා මුරලි කඩුළු 16 ක් ගනිද්දී මෙදා වේග පන්දු යවන්නෝ කඩුළු 18 ක් දවා ගත්හ. එහෙයින්ම මේ ජයග්‍රහණය ඉදිරියෙන් තැබිය හැකිය. 

එංගලන්ත තරගාවලිය එසේ ගෞරවාන්විතව අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ සතියේ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට මුහුණ දෙයි. 18 වැනිදා ඇරඹෙන පළමු තරගය මෙන්ම 26 වැනිදා ඇරඹෙන දෙවැනි තරගය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩා පිටියේ දීය. මේ නිසා මේ තරගාවලිය ආරම්භයේ දීම ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ ඉදිරියෙනි. එහෙත් අමතක නොකළ යුත්තේ 2019 ශ්‍රී ලංකාවේ පැවති ටෙස්ට් තරගාවලිය 1-1 ලෙස නවසීලන්තය අවසන් කළ බවයි. ඔවුන් එම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 65 කිනි. එසේම පසුගිය දෙසැම්බරයේ බංග්ලාදේශයේ මීර්පූර්හිදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ජයක් ලබා එම තරගාවලියද 1-1 ක් ලෙස නිමකිරීමට නවසීලන්තය සමත් විය. මේ නිසා ඔවුන් දඟ කැවෙන තණතිලිවල කලාව හොඳින් අවබෝධ කරගෙන සිටිති. කේන් විලියම්සන්, ටොම් ලෙතම්, ඩෙවන් කොන්වේ, රචින් රවීන්ද්‍රා, ඩැරල් මිචෙල් සහ ග්ලෙන් ෆිලිප්ස් යන ප්‍රධාන පිතිකරුවන් සියලු දෙනාටම දඟ කැවෙන තණතිලිවල ක්‍රීඩා කිරීමේ හැකියාව තිබේ. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් විශාල පාඩුවකි. අනෙක් අතින් අජාස් පටේල් සහ මිචෙල් සැන්ට්නර් පළපුරුද්දෙන් ඉහළය. මයිකල් බ්‍රේස්වස්වල් වෙත යොමු වුවද ඔහු සහ රමේෂ් මෙන්ඩිස් අතර වැඩි වෙනසක් නැත. ඒ සියල්ල අතරේ මෑතක දී පන්දු යවන්නට පටන්ගත් ග්ලෙන් ෆිලිප්ස් හොඳින් පිට දඟ පන්දු යවයි. මේ අනුව ශ්‍රී ලංකාවට මෑත කාලයේ පැමිණෙන ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට ගැළපෙනම කණ්ඩායමක් ලෙස මෙවර පැමිණෙන නවසීලන්ත කණ්ඩායම නම් කළ හැකිය. එහෙයින් තරගාවලිය කිසිසේත්ම ලෙහෙසි නැත.  එංගලන්ත සංචාරයේ දී අසාර්ථක වූ දිමුත් කරුණාරත්නට මේ තරගාවලියේ වැඩි වගකීමක් පැවරේ. අවම වශයෙන් ඔහුගෙන් දීර්ඝ ඉනිම් දෙකක් අවශ්‍යය. එසේම කුසල් මෙන්ඩිස්ට ද මෙම තරගාවලිය අතිශය වැදගත්ය. කුසල්ට කාලයකින් නොලැබුණ ශතකයක් මේ තරගාවලියේ දී ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩිය. අනෙක් අතින් රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරියට පැවරෙන වගකීම වැඩිය. ශ්‍රී ලංකාව මේ තරගයට එන්නේ දඟ පන්දු යවන්නන් 4 දෙනෙකු සමග වීමට ඇති ඉඩ වැඩිය. ඒ ප්‍රභාත්, රමේෂ්, ධනංජය සහ කමිඳු මෙන්ඩිස්ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ තණතිලිවල දී විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දුට යම් විනාශයක් කිරීමේ අවස්ථාවක් තිබේ. අතීතයේ දී ද අපි මෙවැනි තත්ත්වයන් දැක ඇත්තෙමු. විශේෂයෙන්ම එංගලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල පිතිකරුවන් ශ්‍රී ලංකාවේ වේගය අඩු තණතිල්වල දී මඳ වේග පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වනු දැක තිබේ. ඒ අනුව තෝරාගැනීම අසීරු විය හැකිය. 

නවසීලන්තය ඉතාම ශක්තිමත් කණ්ඩායමක් යොමු කරනු ඇත. දඟ පන්දු යවන්නන් සිටියදී භයානකම පන්දු යවන්නා වන්නේ මැට් හෙන්රිය. ඔහු වාසනාවන්තයෙකි. මේ නිසා ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ඉතා කල්පනාකාරීව ක්‍රීඩා කළ යුතු වෙයි. 

මේ සියල්ල දෙස බලන විට එංගලන්ත ජයග්‍රහණයේ සතුට සැමරීමට වැඩි කාලයක් නැත. වැස්ස විශාල බාධාවක් නො කළොත් ගාල්ලේ දී 1-0 ක ජයක් ලියාගෙන ශ්‍රී ලංකාව මේ තරගාවලිය ආරම්භ කරන බව ලියා තැබිය යුතු ය.  


කාංචන දසනායක


 



අදහස් (0)

ඕවල් පිටියෙන් ගාල්ලට

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 33 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 17 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 27 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 32 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 82 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site