IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඕවල් පිටියේ ටෙස්ට් ජයක්


එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ගෞරවණීය පරාජයක් ලැබීය. ඒ අනුව මැන්චෙස්ටර් පිටියේ අතීත අභිමානය රැක ගැනීමට එංගලන්තයට හැකියාවක් ලැබුණි. මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ බව කිව යුතුව තිබේ. එසේ කියන්නේ ඔවුන් මේ තරගය දින හතරක් දක්වා ගෙන ආ නිසාය. පසුගිය සතියේ දී අප කියූවේ මේ තරගය ඕවර් 350 ක් දක්වා ගෙන යාමට හැකි නම් එය ජයග්‍රහණයක් බවයි. මේ තරගය ඕවර් 300 ක් දක්වා ඇදී ගිය අතර එහිදී ශ්‍රී ලංකාව සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීය. 

තරගයේ දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකාවේ පරිණත පිතිකරුවන් තිදෙනා සහ කමිඳු මෙන්ඩිස් ඉනිම ශක්තිමත් කළහ. දිමුත් ආරම්භයේ දී අවශ්‍ය වූ පරිදි යම් කාලයක් අන්තය රැකගත් අතර මැතිව්ස් සහ චන්දිමාල් වටිනා අර්ධ ශතක රැස් කළහ. කමිඳු, මේ දෙදෙනා සමග එක්ව ඉදිරියට ගියේ, ඔහු මෙතක් රැස් කළ වටිනාම ටෙස්ට් ශතකය විදහා දක්වමිනි. තරගයේ 40 වැනි ඕවරයේ දී, හැඩය වෙනස් වූ පන්දුව වෙනුවට සමාන තත්වයේ පන්දුවක් නොව, ඕවර අඩු ප්‍රමාණයක් යැවූ පන්දුවක් ලබා දීමෙන් පසුව මැතිව්ස් දැවී යෑම ශ්‍රී ලංකාව පැත්තෙන් පාඩුවක් විය. එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිතර සිදු නොවන වැරැද්දකි. එංගලන්ත විචාරකයන්ට අනුව නම් මෙය විශාල වරදක් නොවුණ ද එම පන්දුව ලබාගත් පසුව පන්දුව වැඩි වශයෙන් දෝලනය වෙනු දැක ගත හැකි විය. ඒ වෙනවිට මැතිව්ස් සහ කමිඳු විශ්වාසයෙන් පහර දෙමින් සිටි නිසා එංගලන්තය සිටියේ කර කියාගත හැකි දෙයක් නොමැතිවය. මේ නිසා පන්දුව මාරු කිරීම එංගලන්තයට වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මේ සිදුවීම නොවෙන්නට, ශ්‍රී ලංකාවට තවත් ඉදිරියට යෑමට අවස්ථාවක් තිබූ බවට තර්ක කළ හැකිය. 

කෙසේ වුවද, එංගලන්ත දෙවැනි ඉනිමේ දී ප්‍රභාත් ජයසූරිය දිගින් දිගටම පා ඉන්න ආක්‍රමණය කිරීම පාඩුවක් වූ බව අපේ හැඟීමයි. එංගලන්ත පිතිකරුවන් ඉදිරි​යෙන් පන්දු රකින්නන් යොදවා ග්‍රහණය දැඩි කිරීමට අවස්ථා බොහොමයක් තිබුණ ද, ඒවා ලබා ගැනීමට අප උත්සාහ නොගත් බව කිව හැකිය. එසේම පළමු ඉනිමේ පන්දුවට පහර දෙද් දී ඉදිරි පෙළ පිතිකරුවන් අතින් විශාල වැරැද්දක් සිදුවිය. එසේ නොවෙන්නට මේ තරගය මීට වඩා තරගකාරී මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබුණි. අප මේ තරගයට පෙර කියූ ආකාරයටම මැන්චෙස්ටර් හි දී එංගලන්තය පරාජය කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එහෙත් ඔවුන්ට මෙවැනි අභියෝගයක් ලබා දීම වැදගත්ය. අනෙක් අතින් එංගලන්තයේ ‘බෝල්බෑස්’ ක්‍රමය අවශ්‍ය ආකාරයට කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොදීම ද වැදගත්ය. ප්‍රහාරයකට ලක්වුව ද අසිත ප්‍රනාන්දු එංගලන්තයට තර්ජනයක් වෙන ආකාරයට පන්දු යැවූ බව අමතක කළ යුතු නැත. 

ඔබ මේ සටහන කියවන විට, දෙවැනි ටෙස්ට් තරගය ලෝඩ්ස් හිදී පැවැත්වෙයි. ​අතීතයේ සිටම ලෝඩ්ස් පිටියේ දී ශ්‍රී ලංකාව විශ්වාසයෙන් ක්‍රීඩා කළ බව අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. මේ නිසා අපට අවශ්‍ය වෙන්නේ මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමකි. පසුගිය කාලයේ දී එංගලන්ත වේග පන්දු යවන්නන් ලෝඩ්ස් පිටියේදී වැඩි දක්ෂතා දක්වා තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙයි. මාක් වූඩ් වෙනුවට ඔයිල් ස්ටෝන් ක්‍රීඩා කිරීම නිසා වේගයේ වෙනසක් සිදු​ නොවන බව පැහැදිලිය. 

ලෝඩ්ස් තරගයෙන් පසුව තෙවැනි තරගය ඇරඹෙන්නේ ​ඕවල් පිටියේ දීය. මේ තරගය වසර 26 කට පසුව ශ්‍රී ලංකාව ඕවල් පිටියේ තවත් ටෙස්ට් ජයක් සොයා යා යුතු තරගය ලෙස නම් කරන්නට අපි කැමැත්තෙමු. 1996 දී මුරලිගේ විස්මිත පන්දු යැවීමත්, සනත් සහ අරවින්ද ගේ පිතිහරඹයත් හමුවේ එංගලන්තයේ දී ලැබූ පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාව ලැබුවේ මේ පිටියේ දීය. එදා මෙන්ම මෙවරත් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයකය. තණතිල්ල බොහෝ දුරට දඟ කැවෙනු ඇත. ශ්‍රී ලංකාව වසර ගණනාවකට පසුව දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමග එංගලන්තයේ දී ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකි තරගය මෙයයි. එහෙත් පසුගිය වසර කිහිපයේ සැප්තැම්බරයේ මේ පිටියේ පැවති තරග දෙස බලනවිට, ප්‍රතිවාදින් සතුව ප්‍රබල දඟ පන්දු යවන්නන් සිටී නම් එංගලන්තය දඟ පන්දු යවන්නන්ට වැඩි සහායක් නොලැබෙන තණතිලි හදන්නට උත්සාහ ගෙන ඇති බව පෙනේ. මේ නිසා කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා යන දෙදෙනාට දෙවැනි දඟ පන්දු යවන්නාගේ චරිතය කිරීමට සිදුවිය හැකිය. කෙසේ වුවද, ඕවල් පිටිය සැප්තැම්බරයේ දී වේග පන්දු යවන්නන් වෙනුවෙන් සැකසූ  අවස්ථාවල දී පැයට කි. මී. 125 ත් 135 ත් අතර වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයන්ට වාසිදායක වූ බව පැහැදිලි වෙයි. මේ අනුව අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, විශ්ව වැනි පන්දුව දෝලනය කරන මඳ වේග පන්දු යවන්නන්ට මෙහි වාසියක් අත්වීමට ඉඩ තිබේ. කෙසේ වුව ද මේ තරගය ජය ගැනීමට එංගලන්තය සියලු සැලසුම් හදනු නියතය. එහෙත් වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාව තමන්ට අවශ්‍ය පරිදි ප්‍රතිවාදීන්ට පීඩනයක් දීමට අවශ්‍ය ආකාරයට පන්දු යැවීමයි. 

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 5 ක් ක්‍රීඩා කර ඉන් 2ක් ජයගෙන තිබේ. තරග 3 ක් පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකාව සිටින්නේ පස්වැනි ස්ථානයේය. එංගලන්තය උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන් මේ අවස්ථාවේ සිටින 4 වැනි ස්ථානයෙන් ඉහළට පැනීමටයි. මේ නිසා ඕවල් පිටියේ තරගය අතිශයින් වැදගත් එකක් වෙනු ඇත. අනෙක් අතින්, එක්දින සහ විස්සයි-20 තරගවල යාන්තමින් ඔලුව උස්සන ශ්‍රී ලංකා කණ්ඩායමට, ටෙස්ට් ජයක් ලැබේ නම් එය අතිශය වැදගත් එකක් වෙනු ඇත. වසර 26 කට පෙර මුරලි, සනත් , අරවින්ද රඟපෑ චරිත මෙවර තිදෙනෙකු නොව එකොළොස් දෙනාටම ප්‍රති නිර්මාණය කරන්නට හැකි නම්, කාලයකට පසු එංගලන්තයේ දී ටෙස්ට් ජයක් අපේක්ෂා කළ හැකි හොඳම තරගය මෙය බව මතක් කළ යුතුය.

  • කාංචන දසනායක 

 



අදහස් (0)

ඕවල් පිටියේ ටෙස්ට් ජයක්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 18 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 9 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 23 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 72 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site