අහසට දිස්වෙන කල්වාරිය
|
කුරුස කනුව අබියස
|
කුරුසියේ ඇණ ගැසූ අවස්ථාව
|
ප්‍රවේශ දොරටුව
|
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි. එහි සුන්දරත්වය ඔප්නංවනු වස් ගාලු කොටුපවුර ලාංකේය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බැව් කිව මනාය.
ගාලු දිසාවේ සුන්දරත්වය තව තවත් වැඩි කිරීමට අත්‍යන්තයෙන්ම උපකාරී වන්නේ නෙළුව, දෙල්ලව, උඩුගම, හිනිඳුම, ඉමදූව, හබරාදූව, වක්වැල්ල යනාදී ලෙස සතර දිගින්ම එක් වූ ගාල්ලට නෑකම් කියනා ප්‍රදේශයයි. දෙස් විදෙස් ආකර්ෂණය නිතැනින්ම ලබා ගැනීමට සමත් ව ඇත්තේ ගාලු කොටුව පමණක් නොව - ඉන් ඔබ්බට ගොස් උණවටුන හා මහමෝදර වෙරළ තීරය, රූමස්සල කන්ද, හික්කඩුව කොරල්පර යනාදිය ඔබ මම අපි කවුරුත් දන්නා කියනා ප්‍රදේශ වුවත් එකී ප්‍රදේශයන්ට පරිබාහිර කතාබහට ලක් නොවූ ස්ථාන පිළිබඳව ද අපගේ අවධානය යොමු කළ යුතුමය. කොට්ටව වනාන්තරය, කන්නැලිය වැසි වනාන්තරය, හිනිඳුම කල්වාරි කන්ද ඒ අතුරින් කිහිපයකි.
ඒ අතුරිනුත් හිනිඳුම් පුරවරයට ලැබෙනුයේ සුවිශේෂී ස්ථානයකි. මන්දයත් බෞද්ධ, හින්දු කිතුනු යනාදී මෙකී නොකී සියල්ලන්ගේම ජනාදරයට මෙන්ම - ගෞරවයට පාත්‍ර වූ උත්තරීතර පුදුබිමක් වූ ශාන්ත ආනා දෙව් මැදුර එසේත් නැතිනම් කල්වාරි පුදබිම් පිහිටා ඇත්තේ හිනිඳුම් පත්තුව තුළ නිසාවෙනි. ඓතිහාසික වටිනාකමකින් මෙන්ම, සංචාරක ආකර්ෂණය දිනාගත් කල්වාරි කන්ද - අදටත් අප අතර ජනප්‍රිය ය. කල්වාරි කන්ද ලෙස හඳුන්වනුයේ, යේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ කුරුසගතවීම සිදුවූ ස්ථානය වන කල්වාරි (Calvary) හෝ ගොල්ගෝථා (Golgotha) කන්දයි.
මෙහි ප්‍රකාශිත වෘත්තාන්ත හා ක්‍රිස්තියානි සම්ප්‍රදායයන්ගේ අර්ථයෙන් විශේෂිත ආගමික වැදගත්කමක් ඇත. යේසුස් ක්‍රිස්තු කල්වාරි කන්දෙහි කුරුසය මත මියගිය බව කතෝලිකයන් සහ ක්‍රිස්තියානි ආගමේ විශ්වාසයකි.
මෙම කල්වාරි දේවස්ථානය හා ඒ කුරුස කන්ද පිළිබඳ ව ඇත්තේ අපූරු කතන්දරයකි. කල්වාරි කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 2,167ක් උසකින් පිහිටා ඇති අතර, බෙන්තර ගඟේ ජීවනාලිය නම් වූ හිනිඳුම් කන්ද දකුණු පළාතේ උසම ස්ථානය වේ. එයට වසර 77 ක තරම් පමණ වූ ඉතිහාසයක් හිමිය. කිතුනුවන්ගේ පමණක් නොව, හින්දූන්ගේ මෙන්ම බෞද්ධයන් ගේද වන්දනාමානයට පාත්‍ර වී තිබෙන මෙකී පුදබිම - අදටත් ඔවුන් අතර ජීවමාන වන්නා සේම, කොයි කාගේත් හදවත් තුළ අමරණීය වූ පුදබිමකි.
හිනිඳුම කල්වාරියේ සුන්දරත්වය නරඹා එය වන්දනාමාන කිරීමට කොළඹ සිට පැමිණෙන්නෙකුට කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැමිණ ගාල්ලෙන් උඩුගමට විත්, උඩුගම - අකුරැස්ස මාර්ගයේ නෙලුව, තවලම දෙසට පැමිණිය යුතුය. එය මූලික ගමන් මාර්ගයයි. කල්වාරියට පැමිණීමට තවත් මාර්ග දෙකක් ද පවතී.
මෙකී කන්ද තරණයට පැමිණෙන භක්තිකයන්, අවම සතියක් තරම් වූ කාලයක් පේවී වන්දනාමාන සිදු කිරීමට සැරසී පැමිණෙයි. එය ඔවුන්ගේ හදවත් තුළ පවතින්නා වූ අසීමාන්තික භක්තියත්, දයාවත් හේතුවෙන් බව කිව යුතුමය.
“කල්වාරි” යන නාමයෙන් හැඳින්වීමට පෙරාතුව, 1958 දී මෙය “ඩියෝසිසන් පුදබිම” ලෙස හඳුන්වා ඇත. ගිං ගඟෙන් එතර වී සොබාව සෞන්දර්ය ඒකාත්මිකව අත්විඳීමට මෙන්ම, අළුබදාදායින් ඇරඹෙන ආගමික වතාවත් සදහා ද, ගාල්ල දිස්ත්‍රික්කයේ හේකොක් කඳුපාමුල හිනිඳුම කල්වාරි පුදබිම දෙසැම්බර් මාසයේදී නම් වඩාත් ජනප්‍රියය. හිනිඳුම කල්වාරි කන්ද කතෝලික බැතිමතුන් සඳහා විශේෂ වැදගත් ස්ථානයකි. විශේෂ ආගමික වතාවත් මෙහිදී පවත්වන අතර, "හත් දු:ඛස්ථාන" (Stations of the Cross) යාච්ඤාවක් ද මෙහිදී සිදුකෙරේ. මෙම පුදබිම බැතිමතුන්ට පෙර සඳහන් කළ පරිදි යේසුස් ක්‍රිස්තුගේ වදන් සහ කුරුසගත වීමේ සිද්ධිය සිහිපත් කරවීමට සහ ආගමික භාවනාවට අවස්ථාව සලසයි.
මෙහි ඉතිහාසය වසර 1948 දක්වා දිවයයි. ශ්‍රි ලංකාවේ ප්‍රධානතම පුද බිමක් වන කල්වාරි පුදබිම ස්වර්ගස්ථ වූ සිරිල් එදිරිසිංහ පියතුමන් මීට වසර 77කට ඉහත දී නිර්මාණය කරන ලද්දකි. එතුමා 1948 වසරේ මහ සිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක පල්ලිය ඉදිරිපිට ඇති කන්දේ ගින්නක් හටගෙන තිබෙනු දැක ඇති අතරම, පල්ලියට අයත් බිම් කඩ නිසාවෙන් පියතුමා තවත් බැතිමතුන් සමග එක්ව එම ගින්න නිවා දැමීමට රාත්‍රිය පුරාම කටයුතු කර ඇත.
කෙසේ වෙතත් උදෑසන වනවිට එම කඳුමුදුන කොළ පාටින් දිස්වනවා වෙනුවට අඟුරු වී ගිය කන්දක් ඔහු දැක ඇත. ඒ අතරතුර පියතුමා විශේෂ දෙයක් දැක ඇත. එනම් කන්දේ ගිනිගත් ගස් අතරේ ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීමයි. මෙය දැකපු පියතුමා තවත් බැතිමතුන් රැගෙන කන්ද තරණය කොට ඒ කුරුසය ලෙස දිස්වුන ගිනිගත් ගස් තිබුණු තැන් ලී කුරුස වලින් සලකුණු කර ඇත. පසුව පියතුමා මෙම ප්‍රදේශයේ භාරකරු ලෙස පත්වෙද්දී ඔහුට හමුවුණු බුදුපිළිම නෙලන දක්‍ෂ ශිල්පියෙකු වූ සෝමදාස නම් මහතෙකු සමග එකතුවී ඔහු සටහන් කළ කුරුස ලකුණු ඇති තැන්වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කිරිමට පටන් ගෙන ඇත. ඉන් පසුව 1958 දී මෙය ඩියොසිසන් පුදබිම ලෙස නම් කිරීමට ඔවුන් ක්‍රියා කොට තිබේ.
මෙහි ඇති ප්‍රතිමා කතෝලික භක්තිකයෙකු පමණක් නොව, ඕනැම ආගමික භක්තිකයෙකු වුව ද අතිශයින් සංවේදී කරන අයුරින් නිර්මාණය කොට තිබේ. අතිශය සංවේදී වු ද, හැඟීම්බර වු ද, අතිශය කලාත්මක අයුරින් වනගත පරිසරයක නිර්මිත මෙම කල්වාරිය වන්දනාමාන නොකළ කිතුණුවෙකු වේ යැයි සිතිය නොහැක.
මුලදී මෙම පුදබිම වන්දනාමාන කිරීමට කන්ද ආරම්භයේ ඇති ගිංගඟ හරහා ගොස් වන්දනා කරන්නට බැතිමතුන්ට සිදුවිය. ඔවුන් කඳු පාමුලින් ගලන්නා වූ ගිංගඟ හරහා ගොස් වන්දනා මාන කරන ලද අතර, පසුකලෙක ගඟ හරහා වැල් පාලමක් සෑදුවද, පිටාර ගලන කාලයේදී එය විනාශ විය. මෙසේ කාලය ගතවීමත් සමග, 1994 දී ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් ඩී. බී. ද සිල්වා පියතුමාගේ අධීක්‍ෂනය යටතේ ඉදිකෙරුණි.
නමුත් 2003 දී ඇතිවූ අධික ගංවතුර තත්ත්වය නිසාවෙන් එයද විනාශයට පත්විය. පසුව බොනිෆස් පෙරේරා පියතුමාගේ මෙහෙයවීමෙන් - දැන් පවතින කල්වාරි පාලම සකස්කර බැතිමතුන්ට පහසුවෙන් වන්දනාමාන කිරීමට හැකිකම ඇති කරවනු ලැබුණි.
දෙස් විදෙස් බැතිමතුන්ගේ ගෞරවාදරයට පත් වූ කල්වාරි කන්ද මහත් වූ භක්තියකින් යුතුව වන්දනාමාන කරනු ලබන්නේ, කොයි කාලයක්ට වුවත් පොදු වූ ධර්මතාවන් පෙරදැරි කරගෙනය. මෙම ස්ථානය වන්දනා මාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අවසන් මොහොත හැඟුම්බරව ස්මරණය කරගැනීමේ හැකියාව ලැබේ.
කල්වාරිය අවට පරිසරයේ ස්වභාවික සෞන්දර්යය කොයි කාගේත් සිත්සතන් සොරා ගැනීමට හේතු වෙනු නිසැකය. ගිං ගං කොමළිය පිස හමාඑන සීතල සුළං ගෙන දෙන මදපවන වන්දනාකරුවන්ගේ මනස සහ සිරුර සන්සුන් කරවන අතරම - හිනිඳුම කල්වාරි කන්දට ප්‍රවේශ වීම සඳහා හිනිඳුම දේවස්ථානය ඉදිරිපිට සිට කඳු මුදුනට යාත්‍රා කළ හැක. මෙම ස්ථානයේ ආගමික වතාවත් සහ විශේෂ උත්සව සමය තුළ විශාල පිරිසක් සහභාගී වන අතර, බැතිමතුන්ට සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කර ඇත. මෙම කන්ද තරණය කිරීම නුපුරුදු බැතිමතෙකුට එතරම් පහසු ක්‍රියාවක් නොවන්නේමය.
එසේ වූවත් බැතිමතුන් භක්තිය පෙරදැරිකොට ගෙන කල්වාරිය තරණය කිරීම නිසාවෙන්, එය අපහසු ක්‍රියාවක් නොවන බව ජනප්‍රවාදයේ එන අදහසකි. කෙසේ වෙතත් මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති නිසාත්, ජාති ආගම් කුල මල භේද නොසලකා හැර කොයි කාටත් එකසේ වන්දනාමාන කළ හැකි නිසාත්, වරක් වත් දැකගතයුතු සහ තරණය කළ යුතුම ස්ථානයක් ලෙස කල්වාරි කන්ද හඳුන්වා දිය හැකිය. අද වන විට නන් දෙසින්, සිවු දෙසින් මෙම ආශ්චර්යමත් පුදබිම වැඳ පුදා ගැනීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙනවා සේම, එකී පුදබිම සුරක්ෂා කරගැනීමද අපගේ පරම යුතුකමක් හා වගකීමක් වන්නේමය.
මදූෂා දිල්ශානි
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
අභ්‍යවකාශ වික්‍රම ගැන කතා කරද්දී අපට නිතැතින්ම මතක් වෙන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. නාසා ආයතනය පසුගිය දෙසැම්බර් මාසයේ තවත් අපූරු වික්‍රමයකට සම්බන්ධ ව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට