IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


කාම්බෝජ යුද අතීතය ලොවට කියන සියම් රියප් කෞතුකාගාරය


ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි. 1967 දී ඇඹුණු මෙම යුද්ධය 1975 දී අවසන් වූ පසුව කළ ගණන් බැලීම් අනුව 275000 – 310000 අතර ජීවිත විනාශ වී තිබු බව තහවුරු කෙරුණි. ඒ අනුව ඉතිහාසයේ අති දරුණු සිවිල් යුද්ධයක් බවට කාම්බෝජ සිවිල් යුද්ධය නම් කළ හැකිය. 

මේ සිවිල් යුද්ධය නිමාවෙන් පසුව, දුප්පත්කමේ පතුළටම වැටුණු කාම්බෝජය, ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගන්නේ 1990 දශකයේය. සංචාරකයන් අතර කාම්බෝජය ජනප්‍රිය ගමනාන්තයක් වෙන අතර එහිදී වැඩි අවධානය යොමු වෙන්නේ ‘අංකෝර් වට්’ නම් ලොව විශාලම බෞද්ධ සිද්ධස්ථානය වෙතය.  ‘අංකෝර් වට්’ වෙනම කතාවකි. 






අංකෝර් සිද්ධස්ථාන පිහිටා ඇත්තේ සියම් රියප්  නගරය ආශ්‍රිතවය. කුඩා ගුවන්තොටුපොළක් (මත්තල වැනි) ඇති සියම් රියප් නිතර සංචාරකයින් පැමිණෙන නගරයකි. මේ නගරයට එන බොහෝ දෙනා සියම් රියප් හි යුද කෞතුකාගාරය නැරඹීමට යති. එය යුද්ධයක් පැවති අප වැනි රටක සංචාරකයෙකුට පැය දෙකක පමණ කටයුත්තක් වෙන අතර යුද්ධයකට මුහුණු නොදුන් අයෙකුට නම් පැය හතර පහක අධ්‍යයනයකි. මූලික වශයෙන් මෙය හඳුන්වා දිය හැක්කේ එළිමහන් කෞතුකාගාරයක් ලෙසිනි. එයට හේතුව, යුධෝපකරණ බොහොමයක් එළිමහනේ ස්ථාපතික කර ඇති හෙයිනි. එහෙත් මේ නිසාම ඒවායේ බාහිර පෙනුමට හානි වී තිබෙන අයුරු දැක ගත හැකිය. 

සිවිල් යුද්ධයේ දී භාවිත කළ යුධෝපකරණ, ගිනි අවි සහ කාම්බෝජ යුද්ධයේදී වැඩියෙන්ම භාවිත වූ යුදඅවියක් වූ බිම් බෝම්බ ආදියත් එයින් සිදුවූ  හානිය පිළිබඳවත් මෙම කෞතුකාගාරයට පැමිණෙන පිරිසට ඉතා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය. එසේම යුද්ධය සම්බන්ධයෙන් ලියැවුණු විවිධ කෘති අලෙවි කරන පොත්හලක් ද මෙහි තිබේ. ඇතැම් අවස්ථාවල එම කෘති ලියූ ලේඛකයන් යැයි කියන්නෝද සිටිති. හොඳ භාෂා පරිවර්තකයෙකු සිටියි නම් මේ පිරිස සමග කතාබහ කර ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමේ අවස්ථාවක් ද සංචාරකයන්ට තිබේ. සියම් රියප් වෙත යන අයෙකුට, නරග මධ්‍යයේ සිට ඩොලර් 4 කට හෝ ඊට මදක් වැඩි මුදලකට ත්‍රීරෝද රථයකින් ගොස් මෙම යුද කෞතුකාගාරය නැරඹීමට හැකිය. සියම් රියප් හි ත්‍රීරෝද රථ රියැදුරන්ට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමේ හැකියාව සහ යම් ප්‍රමාණයකට සන්නිවේදනය කිරීමේ හැකියාව තිබේ. මේ නිසා ගමන පහසුය. මේ ගමන අතරතුර, පැරණි බෞද්ධ විහාරද ඔබට දැක ගත හැකිය. සියම් රියප් වෙත යන ඔබට, ඇමෙරිකානු ඩොලර් ළඟ තබා ගැනීම වටී. විශේෂයෙන් ඩොලර් එක,දෙක, පහ වැනි නෝට්ටු මෙහිදී නිතර භාවිත කිරීමට සිදුවෙයි. ඒ බොහෝ ගනුදෙනු ඩොලර්වලින් සිදුවෙන නිසාය. මේ නිසා වෙනත් රටවලදී වැඩි ඉල්ලුමක් නැති කුඩා නෝට්ටු, කාම්බෝජයේ සංචාරක නගරවලදී වැඩි වශයෙන් භාවිත කළ හැකි බව මතක් කළ යුතුය. 

අපේ රටේද යුද්ධයක් තිබුණි. එහෙත් යුද කෞතුකාරගාරයක් නැත. යුද කෞතුකාගාරයක් යනු වෛරය වපුරණ ස්ථානයක් නොවේ. යුද්ධයේ ඛේදය පෙන්වන ස්ථානයකි. එහෙත් එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ආදායම් ලැබිය හැකි ස්ථානයකි. ඒ ගැන බලධරයන් මතක තබා ගැනීම වටී.


සටහන/ඡායාරූප
කාංචන දසනායක


 



අදහස් (0)

කාම්බෝජ යුද අතීතය ලොවට කියන සියම් රියප් කෞතුකාගාරය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

කොදෙව් බල බිදීම
2024 ඔක්තෝබර් මස 16 33 0

විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3කට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 ත


හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 16 35 0

ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය.


කාම්බෝජ යුද අතීතය ලොවට කියන සියම් රියප් කෞතුකාගාරය
2024 ඔක්තෝබර් මස 15 24 0

ලෝක ඉතිහාසය ගැන දන්නා බොහෝ දෙනෙකුට කාම්බෝජය යැයි කියූ සැනින් මතක් වෙන්නේ ලොවම බලා සිටි කාම්බෝජයේ සිවිල් යුද්ධයයි.


අපේ රටේ නවසීලන්තය
2024 ඔක්තෝබර් මස 15 29 0

අප රටේ ඇති බොහෝ දෙනෙකු වැඩිපුර නොයන තැන් ගැන අපටත් වඩා බොහෝ විට දන්නේ විදේශීය සංචාරකයින්ය.


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය
2024 ඔක්තෝබර් මස 15 43 0

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්
2024 ඔක්තෝබර් මස 15 36 0

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 623 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site