මේෂ ලග්නය
ඔබගේ ලග්නයට අනුව යෝග කාරක ග්‍රහයන්ගේ ගමන මෙම නව වසර තුළ බලදුබල ස්වභාවයෙන් මිශ්‍ර බැවින් - 2025 වසරේ මැයි මාසයෙන් පසු ඔබ තමා කරන කියන නිරත වන සියලු කාර්යය කටයුතුවලදී නිසි වගකීමෙන් කල්පනාවෙන් දුර දිග සිතාබලා උපක්‍රමශීලී ඥානයෙන්ම කටයුතු කරන්න.
එනිසා ඔබ මෙම වසරේ දී ගනුදෙනු හා වියදම් කටයුතුත් ඉතා කල්පනාවෙන් කරන්න. ඔබ නඩුවකට බැස සිටින කෙනෙකු නම් නීතියත් තමාට අවාසියට හේතුවීම ද මුදල් නියම ප්‍රමාණයට වියදම් කිරීමට නොහැකිවීම ද නීතිමය කාරණාවලදී වැඩිහිටි අයගේ සාක්ෂි වැරදීම ද නිසා පරාජයට පත් වී විරුද්ධකරුවන් ගේ අලාභහානි පවා ගෙවන්ට සිදුවීම්ද නියමයි. එබැවින් ඔබ මෙම වසර ගතවන තුරු නඩුවලට නොබැසිය යුතුයි. වාහන තබාගෙන එයින් ජීවිකාව ගෙන යන අයට අමනුෂ්‍ය උපද්‍රව සහිත තැන්වල දී හෝ ජනශූන්‍ය තැන්වල දී හදිසි අනතුරුවලට වැටීමට ද කොම්පැණිවලට මුදල් ගෙවාගැනීමට නොහැකි වීමෙන් කරදර විඳින්ට සිදුවීම ද පරණ බඩු ගෙවී යාම නිසා නිතර අලුත්වැඩියා කිරීම්වලට මුදල් වියදම් වීමද පාලනයට ගත් අයගේ වංචා ප්‍රයෝග නිසා පාඩුවීම ද ආදී විපත්ති කරදර ඇතිවිය හැකියි. එසේම මේ කාලයේ දී පරණ බඩු මිලයට ගෙන පාවිච්චියට ගැනීම නිසාද පරණ බඩු අලුත්වැඩියා කර පාවිච්චියට ගැනීමට යාම නිසාද නිතරම අලාභහානි සහ කඩා බිඳ වැටීම් ඇතිවිය හැකි නිසාත් එවැනි කාර්යය කටයුතු ද ඔබට මෙම වසර නුසුදුසුයි.
කෙසේ වෙතත් මෙම වසරේ අගෝස්තු දෙසැම්බර් අතර කාල පරාසය දැඩි අපලකාරී ස්වභාවය පහව ගොස් කලින් තිබුණ තත්ත්වයට වඩා දියුණුවට කටයුතු සැලසේ. ලාභ ප්‍රයෝජනද වැඩිවීමට පටන් ගනී. මිල මුදල් අතින් ද දියුණට පැමිණේ. බලාපොරොත්තු රහිත හදිසි මිල මුදල්ද ලැබෙන්ට පුළුවන. සමහරවිට නපුරු වැඩටද සිත දුවයි. ආයතන තුළ තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වෙයි. ප්‍රසිද්ධිය ද ඇතිවේ. පොදුවේ ඔබට මෙම වසර තුළ ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. අසනීපයක් තිබුණේ නම් එය වැඩි වේ. ස්ථාන හෝ පදිංචිය නැතහොත් රාජකාරී ස්ථානත් වෙනස්වන අවස්ථාත් යෙදේ. මෙම ප්‍රතිපල කෙරෙහි ද අවධානයෙන් වසර පුරා තම දෛනික වැඩවල නිරතවීම වඩාත් හිතකරයි.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගතවූ වසරට සාපේක්ෂව මෙම උදාවන නව වසර තුළ තම අනාගත දියුණුව උදෙසා සාර්ථක, ප්‍රයෝජනවත් තීන්දු තීරණයන් ගැනීමට මෙන්ම සැලසුමක් ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයකින් නිසි ඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවන ව්‍යාපාරික ස්ථාන මාරුවකට කටයුතු පිළියෙල වන වසරක් ද වේ.
දේපළ ආරවුලක් නිරවුල් කර ගැනීමටත් හැකි වේ. තිබුණාට වඩා තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. කරගෙන ආ කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතු ද වැඩි දියුණුවට පත්වන වසරකි. ආදායම වැඩිවේ. එසේම මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම සැලසුම් ඉෂ්ට වන වසරක් ද වේ. උනන්දුවේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්වන සුභදායී දේවල් සැකසෙන සිතට සතුට දනවන යම් යම් දෑ සිදුවන වසරක් බවටත් මෙම 2025 වසර පත්වේ.
ගතවූ වසරට වඩා ගතට සිතට සතුට සැපත ගෙනදෙන අයුරින් ගතවෙයි. ඔබගේ ක්‍රියාශූරත්වය ඥාති හිත මිතුරන් වෙතින් හඳුනාගැනීම නිසාත් එමගින් ද ඔබට යම් යම් ලාභ ප්‍රයෝජන සැලසෙයි. ප්‍රධානියකු හෝ ස්වාධීන බලයෙන් යුතු අයකු ලෙස මෙම වසරෙහි දී ඔබ කටයුතු කරනු ඇත. අනුන් සමග කටයුතු කිරීම වාසි සහගත වනු ඇත. මිතුරන් අසල්වාසීන් සමග සමාජශීලීව කටයුතු කරයි. අනුන්ගේ සහයෝගය ලබා ගැනීමට, උද්යෝගී හැඟීමෙන් සතුටුවීමට හොඳ වසරකි. වෙහෙසී කරන කටයුතුවල ඵල ලැබෙනු ඇත.
වැඩ කටයුතු ව්‍යාප්ත කිරීමට විවේක ගැනීමට හා උනන්දුව ඇතිකර ගැනීමටත් මෙය ශුභදායක වසරකි. විනෝද ක්‍රීඩාවල යෙදෙයි. සතුරන් පරදවයි. අඩපණව පැවති ආදායම ඉපැයීම් මාර්ග ද ශක්තිමත් වේ. අවශ්‍යතාව පරිදි දේපළ, ගෙවල් ඉඩම් ආදිය ද ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධනලාභ ද ලැබෙනවා ඇත. සුදුසු වයස නම් විවාහය පවා ස්ථිර වේ. තම තත්ත්වය ස්ථිර වේ. ප්‍රසිද්ධියත් සමගම ලාභ ද ලැබෙන්ට පුළුවන. තමාගේ කාර්යය කටයුතුවලට යහපත් හිතවත් වැඩකරුවන් ද ඔබට මෙම වසර තුළ ලැබෙනවා ඇත.
මිථුන ලග්නය
ඔබට මෙම උදාවන නව වසර සුබාසුබ මිශ්රපල ඇති කරයි. වරින් වර ප්‍රීතිමත් ගමන් යෙදුණත් යම් යම් අවස්ථාවල ගරු සැලකිලි ලැබුණත් විනෝදයට සිත නොයොදන්න. ඔබ මෙම වසරේ දී තරග වාද විවාද ප්‍රිය කරයි. එනමුදු තමා කරන කියන කටයුතුවලින් සිත් සතුට ගෙන නොදෙයි.
බලාපොරොත්තු අතපසු වන මනසට වද දෙන දෑ සිදු වේ. මුල් මාස හතර තුළ අනවශ්‍ය ගමන් බිමන් නිසා කරදර ඇති වෙයි. එසේම ඇසුරු කරන අය නිසා බලාපොරොත්තු රහිත ගැටලු මතු වෙයි. වියදම් ගෙන දෙන නමුත් මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ප්‍රතිඵල අඩුවෙයි. අඹු-සැමි මත ගැටුම් ඇතිවීමේ අවදානමක්ද පවතින නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
පොදුවේ ඔබට 2025 වසර සිත් තැවුල්, දුක් දොම්නස් ධන හානි මුදල් හානි ඇති කරන වසරකි. ශරීරාබාධ සාදන්ට පුළුවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ ඇති අය ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ඖෂධ පාවිච්චිය නිසි වේලාවට කරගන්න.
ආයතන මට්ටමින් හෝ සමාජීය වශයෙන් ද තත්ත්වය පහළ වැටේ. කරදර ද විපත්ති ද ඇති කළ හැකියි. එහෙත් දරු ශිෂ්‍ය ලාභවලට ද ඉඩ තිබේ. වැඩ කටයුතු වැඩි වේ. ඉගෙනීමේ කටයුතු අතපසු වේ. කීර්තිය ප්රසංසාව නැති වේ. නොයෙක් කරදර පැටලෙනවා ඇත. පව් වැඩ කීපයක් කෙරෙන්ට පුළුවන. තනතුරුවලින් පහළ වැටේ. උසස් වීමට බාධාවන ආකාර නොයෙක් අවහිරකම් මතු වේ. ගොවිතැන් කටයුතුවලට ද ඉඩ කඩම්වල කටයුතුවලට ද කරදර පාඩු සහ අවහිරකම් ඇති වේ. සමහරවිට ඒවායේ අලාභහානි හෝ පැටළුම් සිදුවිය හැකියි.
සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම වසරේ අවසන් මාස හතර තුළ ආර්ථික රැකියාවැනි අංශ තුළ ප්‍රගතියක් ගොඩනැගේ. පසුගිය මාසවල අතපසු වූ වැඩ එම කාලය තුළ අවසන් කරගැනීමට හැකි වේ. ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කිරීමෙන් ප්‍රගතියක් අත්පත්කර ගැනීමටත් හැකි වෙයි. බාධක අවහිර මධ්‍යයේ නමුදු විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කළහොත් රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසාගත හැක.
කටක ලග්නය
මෙම නව අලුත් අවුරුද්ද තුළ ඔබගේ ලග්න නැකැත් අධිපතීන් ගේ හා යෝගකාරක ග්‍රහයින් ගේ හැසිරීම පරිදි ඔබට මෙම අලුත් අවුරුද්ද ශුභා ශුභ මිශ්‍ර ඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. මෙම වසරේ මැයි, ජුනි හා ජූලි මාසවලදී ඔබට තම කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. මිල මුදල් අතින් අගහිඟ වන්නේ නැත.
අප්‍රසිද්ධ වශයෙන් නොව ප්‍රසිද්ධ වශයෙන් කටයුතු කර මුදල් උපයා ගැනීමට ඔබට එහිදී හැකිවෙයි. ඔබව සමාජයට ප්‍රියවෙයි. පවුලේ වැඩිමල් සහෝදරාදීන් සමග ද පෙරට වඩා හොඳින් සම්බන්ධකම් පවත්වා ගනිමින් බලාපොරොත්තු කඩකර නොගෙන තත්ත්වය උසස් කර ගත හැක. විශේෂයෙන් එම කාලපරිච්ඡේදය තුළ දේපළ ඉඩකඩම්වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ. එම මාස තුන සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් ලෙසට ගතවේ. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙනු ඇත. තමා යෙදෙන වෙළඳ ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැබෙනවා ඇත.
පොදුවේ ඔබට මෙම වසර තුළ අනාගත ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කර යම් යම් වැඩ කටයුතු කිරීමට සිදුවෙන නමුත් ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ කලක් ගත වූවාට පසුවය. (එනම් 2027 කාලයේදීය) දරු ශිෂ්‍යාදීන් ගේ දියුණුවට මුදල් වියදම් කිරීමට ද කටයුතු සැලසෙයි. ඒවායින් මතුවට ප්‍රයෝජන ලැබෙනවා ඇත. මෙය රහස් මිත්‍ර සම්බන්ධයක් හෝ රහස් ආලය බැඳීමක් ඇතිවෙන වසරකි. ඒ නිසාම රහස් ගමන් ද යාමට සිදුවේ. එසේම රහසිගතව හෝ අප්රසිද්ධව යම් යම් කටයුතුවලට මුදල් වියදම් කරන්ට සිදුවේ. සමහර විට පුණ්‍ය වැඩවලට මුදල් පරිත්‍යාග කරනවාද ඇත. එසේම ඔබ අප්රසිද්ධව අසරණයන්ට උදව් කරන වසරකි. එහෙත් නිතරම සිත් තැවුලෙන් කාලය ගතවේ. වියදම් අධිකවීමත් මුදල් හානියත් නිතර නිතර ඇති කරයි. බොරු චෝදනාවලට අපවාද අසන්නට සිදුවේ. කරන කියන වැඩ කටයුතුවලට අවුල් වියවුල් මතුවේ. ඥාතීන්ගෙන් ද කරදර හිරිහැර ඇතිවන අවස්ථා යෙදේ. නඩු හබවලට හෝ සතුරු වියවුල්වලට ද පැටලෙන්ට ඉඩ තිබේ. ඇතැම් බලාපොරොත්තු ඉෂ්ට නොවී යයි. අනවශ්‍ය කළ කෝලාහලයකට ද තමාටත් මැදහත්වීමටද සිදුවන බැවින් එවැනි දෙයින් ද මෙම වසරේ ප්‍රවේසම් විය යුතුයි.
සිංහ ලග්නය
කන්‍යා ලග්නය
කන්‍යා ලග්නය හිමි ඔබගේ යෝග-කාරක ග්‍රහයින් ශූභා ශූභ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදාවෙන නව වසරේ ජුනි - සැප්තැම්බර් අතර කාලය හා නොවැම්බර් යන මාස බාධා මධ්‍යයේ නමුදු ක්‍රමක්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කර ගත හැක. මැයි තෙක් කාලය පැහැදිලි සුබඵල රැසක් ගෙන නොදෙනු ඇත. සමස්තයක් වශයෙන් ගත්කල මෙම වසර පුරාවට ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි.
පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප්රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. ධන අය භාවාධිපතීන් ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම වසර තුළ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ණය ගනුදෙනුවලට අදාළ බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන්වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ගවල නිරතවන්න. අධ්‍යාපනය, ආර්ථික, රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියටත් 2025 මැයිවලින් පසු කාලය සුබදායි වේ.
පොදුවේ ඔබට මෙම අවුරුද්ද කෘෂිකාර්මික කටයුතුවල නිරතවන හා මිල මුදල් පිළිබඳ කටයුතු කරන අයත් එම වැඩ නිතර නිතර සොයාබලා අවශ්‍ය සත්කාර හා ක්‍රියාදාම අනුගමනය කොට කැපවී නිරත වන්න. වරෙක අලුතෙන් දැන හඳුනගන්න ලැබෙන අය සමග වැරදි මාර්ගවලට උත්සාහ කරන්න වුවත් පෙලඹෙන නිසාත් ඒවාට නතු නොවන්න. දියුණුව උදෙසා ගන්නා වූ අධික උත්සාහයන් ගේ ප්‍රතිඵල අඩුකරයි. රාජකාරී ස්ථාන වෙනස් විය හැකියි. තත්ත්වයද වෙනස් වේ. ගමන් බිමන් අධික වෙතත් එයින් ප්‍රයෝජන ලැබෙන්නේ අල්ප වශයෙනි. දේපළ ප්‍රශ්න හෝ ඒවායින් ප්‍රයෝජන රහිතවීම ද පෙන්නුම් කරයි. උසස් අයගෙන් හෝ ස්වාමියාගෙන් අකරුණාව ද අප්‍රසාදය ද ලැබෙන්ට පුළුවන. කනගාටුවට කරුණු යෙදෙයි. සමහරවිට ආරවුල්වලට මැදහත්වන්නට ඉඩ තිබේ. ගෙදර දොරද ආරවුල් මතු වේ. සමහරවිට උසස් අය හා ආරවුල් කර ගැනීමට කරුණු යෙදේ. අවාසනාවන්තදායක ස්ථාන වෙනස්වීමක් හෝ තත්ත්වයෙන් පහළ වැටෙන ආකාරයට කටයුතු වෙනස්වීමක් ඇතිවිය හැකි බැවින් ඉතා ප්රවේසම්ව වගකීමෙන් වැඩකරන්න. වැඩකරුවන් සමග ආරාවුල් කරගනී.වියදම් අධික වේ. ඇතැම් විට වරින් වර සුළු වශයෙන් ලාභ ද ලැබෙන්ට පුළුවන. කරදරදායක ඇවිදිලි ඇති වේ. අලාභහානිවලින් නිතර පාඩු ඇතිවිය හැකි බැවින් ඉතා ප්‍රවේසම් විය යුතුයි.
තමා නිරත රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල ඔබට මෙම වසර තුළ උනන්දුවෙන් නිරත වීමට වාතාවරණය සැකසෙන්නේ නමුදු රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් විවිධ ප්රශ්නකාරි දෑ හටගනී. සතුරු කුමන්ත්‍රණ විරුද්ධවාදිකම් නිසා සිතේ සහනයෙන් තෘප්තිමත්ව මේවායේ නිරතවීමට අසීරු වන හෙයින් උපේක්ෂාවෙන් සිතා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. කෙසේ නමුත් දක්ෂතාවට තැන ලැබෙන වසරකි.
තුලා ලග්නය
තුලා ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරකයින් මෙන්ම ලග්න නැකත් අධිපතින් පීඩාවකින් තොරව වසර පුරාවටම ගමන් කිරීම මත ඔබ මෙම වසරේදී සමාජයට මුහුණදීම සඳහා ඔබගේ ආත්ම විශ්වාසය අලුත් කරමින් හදිසි උනන්දුවක් හා උත්සාහයක් ඔබ තුළින් ජනිත වේ. ඵල ප්‍රයෝජන සැලසෙන කාර්යයකට හැඩගැසීමට ඉඩප්රස්ථා සැලසෙනු ඇත. මෙම වසර දිවියෙහි නව ආරම්භයක් පෙන්නුම් කරන බැවින් ඉහත උපදෙස් අනුව වැඩ කරන්න.
ඔබට අනුකූල වනු ඇති නෑ හිත මිතුරු හා විරුද්ධ ලිංගිකයන් සමග සමීප ඇසුර ඇතිවේ. එම සබඳතා බලවත් විය හැක. පලුදු වූ සබඳතා ඇති අය සමග මුදු මොළොක් ලෙස කතා කිරීමෙන් ඒවා යළි සැකසෙනු ඇත. කණ්ඩායම් කටයුතු, ජනතාව ඉදිරියෙහි පෙනී සිටීම හා කටයුතු කිරීම සඳහාද ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහාද හොඳ වසරකි. අන්‍යයන් සමග සබඳතා සුහද වනු ඇත.
සමූහ කටයුතුවලදීත් තම අදහසට අනුව වැඩ කටයුතු සිදුවේ. සිතට සැනසීම ගෙන දෙන වසරකි. සිතූ දෙය ඉෂ්ට කරගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන වසරකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්ට ඉඩ ලැබේ. ධන ලාභ ලැබේ. තම හැකියා කුසලතාවය ක්‍රියාවෙහි යොදවන්ට හැකි වේ. උසස් අය සමගද වයසින් වැඩිහිටි අය සමගද හිතමිත්‍ර සම්බන්ධකම් පවත්වන්ට ඉඩ ලැබේ. මෙම වසර දේශපාලනයෙහි යෙදුණ අයගේ විශේෂ දියුණුවක් ඇති කරන වසරකි. තම තත්ත්වය උසස් කරයි. තනතුරුවලින් ඉහළ යයි. තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ.
වෘශ්චික ලග්නය
අලුත් අවුරුද්ද උදාවන මොහොතට ඔබගේ ලග්න නැකැත් අධිපතීන් ගේ හා යෝගකාරක ග්රහයින්ගේ හැසිරීම මිශ්‍ර බලයෙන් යුක්ත හෙයින් ඔබට මෙම අලුත් අවුරුද්ද සුබාසුබ මිශ්‍ර ප්රතිඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. අදහස් හුවමාරු, කතා බහ, ලිපි හෝ දුරකථන ඇමතුම් ඔස්සේ අන්‍යයන් දක්වන ප්‍රතික්‍රියා නිසා ඔබ කලබලයට අවුලට පත්විය හැක. ඔබ මෙම තත්ත්වයෙහිදී නම්‍යශීලීව සිටීමෙන් මෙමගින් ඇතිකරන සිත් තැවුල් හා කලබැගෑනි ජයගත හැකි වනු ඇත.
ව්‍යාපාර සඳහා ඇතිකර ගන්නා සම්මුති ගිවිසුම් හා එකඟතා වෙනස්විය හැකි බැවින් ඒවාට එළඹිය යුත්තේ සුපරීක්ෂාකාරීව ය. වැරදි අවබෝධය සහ සැක සහිත ස්වභාව මගහරවනු පිණිස හුදකලා වීමට උත්සාහ කරන්න. කීමට ඇති දෙය කරුණට අදාළව පවසන්න.
කතාව අදහස් හුවමාරුව හා හැඟීම් එකට මිශ්‍ර වී පටලැවී යා හැකි බැවින් ඒ ගැන විශේෂයෙන් පරීක්ෂාකාරී වන්න. විරුද්ධ ලිංගිකයන් විශේෂයෙන් ස්ත්‍රීන් සමග කතා බහේ දී ඔබ මෙම වසර තුළ වඩාත් පරීක්ෂාකාරී විය යුතුව ඇත.
වසරේ ආරම්භක මාස හතරේ දී ගෙදර දොර කටයුතු පිළිබඳව ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත.
අලංකාර වස්තු ලැබෙන කාලයකි. හිතවතුන් ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන අවස්ථා යෙදේ. මුදල් ලාභ ලැබේ. හිතවතුන් හිතවතියන් ගේ ආශ්‍රය ඇතිවේ. ආදර බන්ධන වැඩිදියුණු වේ.
පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ද ස්ත්රීන්ට පුරුෂයන් සමග ද හොඳ හිතවත්කම් පවත්වන්ට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියක් සමාජයට ප්‍රියවීමත් මේ කාලයෙහි ඇතිවෙන විශේෂ ලක්ෂණයකි.
සිත මෙහෙයවා කරන කටයුතු හා සැලසුම් වාසි සහගත වේ. සිත නිරවුල්ව පැහැදිලි නිසා අදහස් හුවමාරුව හා කතා බහ තුළින් ද ප්‍රයෝජන ගතහැක. එසේම මෙහිදී ව්‍යාපාර සඳහා සම්මුති හෝ ගිවිසුම්වලට ඔබට එළඹිය හැක.
ධනු ලග්නය
ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතීන් පීඩාවකින් තොරව සිටින මොහොතේ උදාවන නව වසරේ වැඩි දින ගණනක් ක්‍රම ක්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කරගත හැක.
පොදුවේ ඔබට මෙම වසරේ මැයි ජුනි මාස දෙක එතරම් යහපත් නොවේ. ඉතා ඉවසිලිවන්තව බුද්ධිමත්ව තීන්දු තීරණවලට එළැඹිය යුතු මාස දෙකකි. ඔබ මෙහිදී තමන්ට කරන්නට තිබෙන මූලික අවශ්‍යතා අමතක කරමින් කිසිදු වැදගැන්මකට නැති කරුණුවලට මුදල් වියදම් කරමින් ඒ පිළිබඳ සිතමින් සිත් තැවුලෙන් පසුවීමටත් ඉඩ යෙදෙන නිසා එවැනි දේට නතු නොවන්න. මෙහිදී ඔබට තමන්ගේ කටයුතු අතපසු කරමින් අන් අයගේ කටයුතු පිළිබඳව වෙහෙසී, අවසානයේ අවනම්බු, අපහාස හෝ අමනාපවලින් මෙන්ම පාඩුකර ගැනීම්වලින් ඒවා කෙළවර වනු ඇත. ප්‍රේමය ආදරය සම්බන්ධ බලාපොරොත්තු ආදියේ අනපේක්ෂිත ලෙස අවුල් මතුවේ. අදහස් කළ ඕනෑම කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට පෙර වරක් දෙවරක් නොව කීපවරක් සිතාබලා කළ යුතුවේ. එසේම හැඟීම්වලට වහල් නොවී කටයුතු කළ යුතු ද වේ.
සෙසු මාස තුළ ඔබගේ යටි සිතේ බලපැවැත්වූ වැදගත් ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. ගේ දොර හා තම ව්‍යාපාරික ස්ථානවල අලංකාරයට පියවර ගනී. ස්වයං ව්‍යාපාරවල නිරත අයට නොසිතූ වාසි ඇතිවේ. එසේම පසුගිය දිනවල සිතට වදයක්ව පැවැති ප්‍රශ්නයක් ද විසඳෙයි. එසේම මෙම කාලය තුළ තරගකාරී කටයුතුවලින් ජය අත්වේ. අලුත් වැඩ පිළිවෙළකට අත ගසයි. බිරිඳ, ස්වාමියා හා සමගිය නැවත ගොඩ නැගේ. නව රැකියා අපේක්ෂාවක් ද සඵල වන තැනට කටයුතු පිළිවෙළවේ.
බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග අන්‍යයන් සමග සැලැසුම් කිරීමට එම කාලය සුදුසුය. අනුරාගයද බුද්ධියද එකට සංයුක්ත වීමෙන් සෞන්දර්යය, චිත්‍රය, සංගීතය හෝ කවිය පිළිබඳ උනන්දුවක් ප්රබෝධයක් ඔබ තුළ ඇති කරයි. බුද්ධිමතුන් සමග කතා බහ කිරීම හා ඒ අය වෙතින් ඉගෙනීම ප්‍රයෝජනවත් වනු ඇත. ඔවුන් ඔබගේ අදහස් හුවමාරුව වඩාත් හොඳින් තේරුම් ගනු ඇත. ගෙදර දොර වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදාවේ. සිතට කයට සැප පලවන බොහෝ දේ ලැබෙන වසරකි. සාමාන්‍යයෙන් දියුණුවට මග හෙලිවේ.
මකර ලග්නය
කුම්භ ලග්නය
සමස්තයක් වශයෙන් බලන කල ඔබගේ ග්‍රහ ගමන බලවත්ව පවතින මොහොතේ උදාවන නව වසර සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය. 2025 වසර අවසන් වීමට පෙර වැදගත් කටයුතූ කිහිපයක් සාර්ථක කරගැනීමට පිළිවන.
පොදුවේ ඔබට මෙම වසරේ පැහැදිලි ශුභ ඵල රැසක් ගොඩනැගේ.
උපක්රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින් කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට හැකි වන්නේය.
ලාභ බලාගෙන වියදම් කරන ඔබට මෙම වසර ශුභදායකවේ. විශේෂයෙන් විනෝද ක්‍රීඩාවන්ට හා ප්‍රීති උත්සව ආදියටත් සහභාගිවන්නටත් ඉඩ ප්රස්ථා ලැබෙන වසරක් වන අතර සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත.
පොදුවේ ඔබට මෙම වසර තුළ මිත්‍රයන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන් ගෙන් උපකාර ලාභප්‍රයෝජන තෑගි භෝගාදිය ද ලැබෙනු ඇත. හිතවතුන් සමග විනෝද ගමන් යාමට ද අවස්ථා සැලසේ. සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ඇත.
එසේම මෙය කරන කියන රැකී රක්ෂාවලින් ද වෙළඳ ව්‍යාපාරවලින්ද ලාභ ලැබෙන වසරක් ද වේ. වැඩ කටයුතු සිද්ධ වේ. නැවතී තිබුණ කටයුතු නැවත පටන් ගැනේ. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. උසස් නිලතලවලට රැකීරක්ෂා වලට පත්වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ.
ශරීරය පුෂ්ටිමත් වේ. ධන ලාභ ලැබේ. ආදායම් හොඳ වේ. බලාපොරොත්තු වූ දේ ලැබේ. තමා නිරත රාජකාරිය පහසු කරගැනීම සහ යහපත් වැඩකරුවන් ද හිතවත් ආධාරකරුවන් ද ලැබේ.
එමගින් අනාගත දියුණුවට හේතුවන වැඩපිළිවෙළක් සැකසේ. ගෙදර වාසනාවන්ත ප්‍රීති උත්සව පවත්වන්ට ලැබේ. අලුත් ස්ථානවලට යාමට ලැබේ. සිතේ සතුටට හේතු වන දේ ලැබේ. එසේම වසර පුරාවටම වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් උපකාර ලැබේ.
මීන ලග්නය
ඔබට මෙම උදාවන නව වසර ශුභ ඵල මෙන්ම අශුභ ඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත ගුරු-ශනි ග්රහයින්ගේ ගෝචර ගමන සුබාසුබ මිශ්‍රව ගතවන නිසා ඔබට උදාවන අලුත් අවුරුද්ද සිතට සතුට දනවන දේත් සමගම සිතට අසතුට දනවන දේත් එලෙසම ගොඩනැගෙයි. පොදුවේ මෙම නව වසරේ දී ඔබ ඔබ සමග මෙන්ම ලෝකය සමග කරන කටයුතුවලදී ද හැකිතාක් අවංක වන්න.
ඔබේ වැරදි මෙන්ම යහගුණ ද පිළිගනිමින් ඒ අනුව සකස්වීමට සූදානම්වන්න. ඔබට එරෙහි අය ගැන කුතුහලයෙන් පරීක්ෂාකාරී විය යුතුය. ඔවුන් සිදු කරන පාඩු හා ඇති කරන සිත් කලබල ඔබ නොදන්නා බැවිනි. එසේම මෙම වසරේ අගෝස්තු - දෙසැම්බර් අතර මාස තුන කරදර කනස්සලු ඇති වේ. සෞඛ්‍යය පීඩා වී උසස් අයගෙන් රජයෙන් අප්‍රසාදය හිමි වේ. ඇස් රෝග උදරාබාධ වැලඳේ.
ණය ගනුදෙනුවලදීත් සිත් තැවුල් හා භය ඇති වේ. වියදම් අධිකවේ. ආරවුල් සහිතය. පවුලේ අයගේ අසනීපාදියට වෙහෙසෙන්ට ද සිදුවේ. නඩු හබවලින් බේරෙන්ට වැඩ කිරීම සඳහා නීතියේ ලියකියවිලිවලට බලපත්‍රවලට අත්සන් තබන්ට සිතුවේ. සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ධන හානි ද ඇති වේ. දුක් විපත් ඇතිකළ හැකියි. ස්ත්‍රීන් නිසා සිත් අසතුටක් ඇති වේ. බලාපොරොත්තු රහිත වියදම් දරන්ට සිදු වේ. අසනීපයක් වැලඳුණහොත් ඉතා අමාරු වේ. තිබුණ ගෞරවය නැතිවේ. වියදම් අධික කරයි. සමහරවිට ස්ථානවල හෝ කරගෙන ආ කටයුතුවල වෙනසක්ද ඇතිකළ හැකියි.
එසේම ඔබට මෙම වසර තුළ අපේක්ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ණය ගනු දෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන්වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. පොදු වශයෙන් බලන කල ලැබෙන මුදල් ඉතිරිකර ගැනීමට අපහසු වන වසරකි. පියපස ඥාතීන්ගෙන් හා වැඩිහිටි පක්ෂයෙන් ද වරින් වර මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසේ. රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල උනන්දුවෙන් නිරත වීමට වාතාවරණය සැකසෙන්නේ නමුදු රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් විවිධ ප්රශ්නකාරී දෑ හටගනී. සතුරු කුමන්ත්‍රණ විරුද්ධවාදිකම් නිසා සිතේ සහනයෙන් තෘප්තිමත්ව මේවායේ නිරතවීමට අසීරු වන හෙයින් උපේක්ෂාවෙන් සිතා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න.
දවසට තුන්වතාවක් ආහාර ගත යුතු බව නියමයකි. නමුත් ඒ අතරින් පතර ද කෙටි ආහාරයක රස විඳීමට අප ගන්නා අතිරේක ආහාර වේල් රැසකි. ඉතින් මිනිසාට ආහාර කොයිතරම් වැදගත්
“බුලත්” යන නාමය සෑදී ඇති ආකාරය පිළිබඳව වියතුන් විවිධ අදහස් දක්වා තිබේ. ඒ අතුරින් වඩාත් ප්‍රචලිත අරුත් ගැන්වීම වනුයේ නා ලොවින් භූමියට ලැබුණා යන අරුත මත
මෙම අප්‍රේල් මස දාහතර වැනි සඳුදා දින උදාවන නව වසරේ මැයි මස තුළ ප්‍රබල ග්‍රහ මාරුවීම් දෙකක් සිදුවෙයි. මැයි 14 දින ගුරු ග්‍රහයා මිථුන රාශියට පිවිසෙන අතර, මැ
එළඹෙන්නේ බක් මාසය බව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමට පෙරාතුවම ඉස්සර නම් අපට කීවේ කොහා ය. නමුත් දැන් අවුරුදු ළඟ බව කොහාටත් කලින් අපිට කියන්න
සිංහල අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබෙන අතර මේ සමය රටේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සැමදෙනාම සතුටින් කල් ගෙවන කාලයකි.ඊට අවුරුදු සමයේ කෙරෙන ජන ක්
සිංහල දමිළ අලුත් අවුරුදු නිවාඩුව මෙරට බොහෝ වෘත්තිකයන් විවේකයක් ගැනීම සඳහා ඇස ගසාගෙන සිටින දින කීපයකි. අවුරුදු නිවාඩුව විවේකයෙන් ගතකිරීමට සැලසුම් කර
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොවුල් හඬ සමගින් උදාවන අලුත් අවුරුද්දේ ග්‍රහ ගමන ඔබේ ලග්නයට