IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කෝටි 200 ක වියදම් මැද ක්‍රීඩා ධවල මන්දිරයට පැමිණි ආගන්තුකයා


ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ


ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බන්ඩාර


ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු


 

ජාතික ජන බලවේගය රජයේ ක්‍රීඩා ඇමැතිවරයෙකු නිදහසින් පසුව වසර 70 කට පසුව වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයකට ලක් නොවුණු පුද්ගලයෙකු වන වෘතියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු වූ සුනිල් කුමාර ගමගේය.

ඔහු වැඩ බාර ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය පිහිටි රීඩ් මාවත ධවල මන්දිරයේදී පැවැසුවේ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පුනරුදයක් උදා කරන බවයි. මේ කතාවේ අළුත් දෙයක් නැත්තේ මීට පෙර පත්වූ ක්‍රීඩා ඇමැතිවරුන් ගණනාවක්ද වැඩ බාර ගනිමින් මෙවැනි සුරංගනා කතා කියා තිබූ බැවිණි. 

අලු‍ත් ක්‍රීඩා ඇමැතිවරයා වැඩ බාර ගන්නා විට මෙම වසරේ මේ දක්වා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කර තිබේ. එය මිලියන වලින් නම් 2000 කට ආසන්න වේ. වාර්තා වන පරිදි මෙම අවුරුද්දේ ඉතිරි කාලසීමාව ගෙවා දැමීම සඳහා වන මුදල් ද ක්‍රීඩා අමාත්‍යාංශය සතුය.

දින 50 ක කාලසීමාවක් ගෙවා දැමූ වැඩ බලන ක්‍රීඩා ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය උපදෙස් ලබාදී තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබූ ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘති කීපයක් අවසන් කර උත්සව හා ප්‍රසිද්ධියෙන් තොරව විවෘත කර ජනතාවට භාර කරන ලෙසයි.

කොළඹ හා මාතලේ හොකී ක්‍රීඩාංගණ, වවුනියාව හා බිංගිරිය වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණ ඒ අතර විය.

මේ ආකාරයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කළ වයඹ පළාත්, මන්නාරම් දිස්ත්‍රික්, රත්නපුර සබරගමුව පළාත්, වතුපිටිවල ගම්පහ දිස්ත්‍රික්, දියගම මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘති අවසන් කර තිබේ.

කොළඹ ටොරිංටන් ක්‍රීඩා අමාත්‍යාංශ පිටිය, කොටවිල ක්‍රීඩා සංකීර්ණය, කිළිනොච්චිය උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය, පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, බන්ඩාරගම කළුතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය, බෙලිඅත්ත හම්බන්තොට දිස්තික් ක්‍රීඩා සංකීර්ණය, දඩැල්ල ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය යන ව්‍යාපෘති මේ වන විට පවතින්නේ අවසන් අදියරේය.

කෙසේවුවත් මෙම සියලු කටයුතු සිදුවෙමින් තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ අධ්‍යක්ෂණය යටතේය. ඒ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා සභාව, එහි නීති උපදේශක ධුර, ඔම්බුඩ්ස්මන්වරයා හෙවත් ක්‍රීඩා දුක්ගන්නාරාළ ධුරය ක්‍රියාත්මක නොවූ සමයක් බැවින් තනිව එම කටයුතු අධීක්ෂණය කිරීමට ෂේමල් ප්‍රනාන්දු මහතාට සිදුවූ බවද වාර්තාවේ.

කෙසේවුවත් එම පත් කිරීම් තවමත් යාවත්කාලීන කර නැත. මෙවැනි කාලසීමාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෙවෙමින් තිබෙන අතර ජාතික ජන බලවේගයේ ක්‍රීඩා ඇමැතිවරයා වැඩ බාර ගැනීම සිදු විය.

වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා වැඩ බාර ගැනීමටත් කලින් අමාත්‍යාංශයේ වියදම් සීමා කර තිබුණි. මේ අතර වාර්තා වන්නේ ලබන මාර්තු දක්වා වන කාලසීමාවක් සඳහා වන අත්‍යවශ්‍ය වියදම්වලට මුදල් ගැටලුවක් නොවන බවයි.

මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයට අළුත් ලේකම්වරයෙකුද පත්ව සිටියි. ඔහු 1994 සිට පරිපාලන සේවයේ ඉහළ තනතුරු රැසක් දරා ඇති අරුණ බන්ඩාර මහතාය. එය මෙතෙක් දරමින් සිට ඉවත්ව ගියේ කේ. මහේෂන් මහතාය.

ජනතා විමුක්ති පෙරමුණේ පළමු ක්‍රීඩා ඇමැතිවරයාගේ වැඩ බාර ගැනීමේදී සිදු කළ ඉහත ප්‍රකාශය ලු‍හුඩින් බැහැර කිරීමට නොහැකි වන්නේ මින් පෙර ක්‍රීඩා ඇමැතිවරුන් ගෙන් අපේක්ෂා නොකළ තරම් විශ්වාසයක් සුනිල් කුමාර ගමගේ ඇමැතිකම් දරන පුනුරුද රජය කෙරෙහි ජනතාවගේ ගොඩනැගී තිබෙන බැවිණි.

සුනිල් කුමාර ගමගේ මෙරට 21 වැනි ක්‍රීඩා ඇමැතිවරයායි. වසර 2018 අප්‍රේල් මාසයේ සිට මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් හත් දෙනෙකු ධුරය දරා තිබේ. දැන් සුනිල් කුමාර ගමගේ අළුත් ක්‍රීඩා ඇමැතිවරයාට එල්ල වී තිබෙන ප්‍රධානතම අභියෝග මොනවාද යන්න කෙටියෙන් සළකා බලමු.

ඔහු වැඩ භාර ගත්තේ ගිණුම් හිස්ව ඇතැයි කියන ක්‍රීඩා අමාත්‍යාංශයකය. මෙම අමාත්‍යාංශය හා රේඛීයව යන යොවුන් කටයුතු අමාත්‍යාංශය බාරව ඇත්තේත් සුනිල් කුමාර මහතාටය. ජාතික ක්‍රීඩා අරමුදල පසුගිය කාලයේදී වියදම් ඉහළ යාමෙන් හිස්ව තිබෙන බවත් වාර්තා විය.

 සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමැති සහෝදරයාට ඇති ඊළඟ සංකීර්ණම ප්‍රශ්නය නම් හැමදාමත් ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රශ්නයක් වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. බිලියන ගණනෙන් ගැවසෙන මුදල් කන්දරාව නිසා මීට පෙර කටයුතු කළ බොහෝ ක්‍රීඩා ඇමැතිවරුන්ගේ අවධානය දිනා ගත් ක්‍රිකට් ආයතනයට අලු‍ත් ක්‍රීඩා ඇමැතිවරයා මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී ජනතාවගේ දැඩි අවධානය යොමු වනු ඇත.

ඊළඟ වැදගත් කාරණාව වන්නේ ජාතික ඔලිම්පික් කමිටුව හා සුනිල් කුමාර අතර ඇති වන ගණුදෙනුවයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට වග වන මෙරට ක්‍රීඩා සංවිධානයක්ද වන බැවින් එහිදී කටයුතු කිරීමේදී අළුත් ක්‍රීඩා ඇමැතිවරයාට විශේෂයෙන්ම පරිස්සම් විය යුතු කාරණාවක් දැන් උදාවී තිබේ. 

ඒ එම කමිටුවේ ප්‍රධානියා හා මහ ලේකම්වරයා අතර මේ වන විට එළිපිටම ගැටුමක් නිර්මාණය වීමෙන් එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම්ද දෙපාර්ශ්වයකට බෙදී සිටින තත්වයක් තුළය.

මෙම ගැටුම කෙතෙක් දරුණුවී තිබේද යත් බ්‍රහස්පතින්දා (21) ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාට චෝදනා ගණනාවක්ම ගොනු කරමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරිආරච්චි කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරීය. ඒ එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට පක්ෂපාතීත්වය පළ කරමින් බවද වාර්තාවේ.

කේසේවුවත් මෙරට ජාතික ඔලිම්පික් කමිටුව රටේ නීතිය අබිබවා යමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට වග කියන තත්වයක් තුළ ක්‍රීඩා ඇමැතිවරයාගේ හැසිරීම එහි දැඩි අවධානයට යොමු වනු ඇත.

 එසේම මතු දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතපෙවීමේ චෝදනා මත ඉතා මෑතකදී අන්තර් ජාතික ක්‍රිකට් සභාව හෙවත් අයි.සී.සිය ශ්‍රී ලංකාවට ළිහිල් තරග තහනමක් පැනවීම මෙහිලා සිහිපත් වේ. 

ශ්‍රී ලංකාවේ මෙම ක්‍රිකට් ප්‍රශ්නය කෙතෙක් නරක අතට හැරුණේද යත් අවසානයේදී ක්‍රීඩා ඇමැති ධුරයත් අහිමිව ගෙදර යාමට සිදුවූයේ රොෂාන් රණසිංහ මහතාටය. හොරා හොරා කියමින් එකළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාට චෝදනා කළ රොෂාන් රණසිංහ මහතාට ක්‍රීඩා ඇමැති ධුරය හැරයාමට සිදුවුණත් ඔහු විසින් තනතුරෙන් නෙරපා දැමූ ශම්මි සිල්වා තවමත් ක්‍රිකට් සභාපතිකම දරයි.

මෙම කාරණා මෙතරම් විග්‍රහ කිරීමට සිදුවූයේ ජාත්‍යන්තරයට ඉහළින්ම වග කියන හා ජාත්‍යන්තර අරමුදල් වලින්ම යැපෙන මෙම සංවිධානවලට මැදිහත්වීම් කරන්නට මෙරට ක්‍රීඩා ඇමැතිවරයාට සිතන තරම් ලේසි පහසු නොවන නිසාය.

දැන් අපි ආසන්නයේදීම ක්‍රීඩා අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී හරීන් ප්‍රනාන්දු විසින් ඉතිරි කර ගිය ප්‍රශ්නයකට අවධානය යොමු කරමු.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා රග්බි සංගමය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අත්හිටුවමින් හරීන් ප්‍රනාන්දු නිකුත් කළ නියෝගයට එරෙහිව මෙම ජාතික ක්‍රීඩා සංගම් හතරම මේ වන විට අධිකරණයේ නඩු පවරා තිබේ.

මෙතෙක් පත්ව කටයුතු කළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරුන්ගේ 

ලේඛනය (ඊට වැඩ බැලූ ක්‍රීඩා ඇමැතිවරුන් ඇතුළත්ව නැත)

• ඩබ්.ඒ. සුගතදාස (1966 -1970)
• කේ.බී. රත්නායක (1972 -1977)
• වින්සන්ට් පෙරේරා (1977 -1988)
• නන්ද මැතිව් (1989 - 1993)
• එස්.බී. දිසානායක (1994 - 2001)
• මංගල සමරවීර (2001)
• ලක්ෂ්මන් කිරිඇල්ල (2001 - 2002)
• ජොන්ස්ටන් ප්‍රනාන්දු (2002 - 2008)
• ජීවන් කුමාරණතුංග (2004 - 2007)
• ගාමිණී ලොකුගේ (2007- 2010)
• සී.බී. රත්නායක (2010)
• මහින්දානන්ද අළුත්ගමගේ (2010 - 2015)
• නවීන් දිසානායක (2015)
• දයාසිරි ජයසේකර (2015 - 2018)
• ෆයිසර් මුස්තාෆා (2018)
• හරීන් ප්‍රනාන්දු (2018 - 2019)
• ඩලස් අලහප්පෙරුම (2019 - 2020)
• නාමල් රාජපක්ෂ (2020- 2022)
• රොෂාන් රණසිංහ (2022 -2023)
• හරීන් ප්‍රනාන්දු (2023 -2024 සැප්තැම්බර් දක්වා)
• සුනිල් කුමාර ගමගේ (2024 නොවැම්බර් 19 වැනිදා සිට)


 නාමල් පතිරගේ


 



අදහස් (0)

කෝටි 200 ක වියදම් මැද ක්‍රීඩා ධවල මන්දිරයට පැමිණි ආගන්තුකයා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ලොව ප්‍රථම ආසියානු බොදු සමුළුව
2024 නොවැම්බර් මස 27 7 0

පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දි


අතුරුදන් සැමියා ගැන වසරකට පසු තොරතුරක්
2024 නොවැම්බර් මස 27 14 0

මොරවැව ක්‍රියාන්විත පරිසරයේ දිවි ගෙවීම වඩා පීඩාකාරී වූයේ කුමුදුට වඩා ඇගේ දියණියට ය. රට වෙනුවෙන් තම සැමියා සදාකාලිකවම ජීවිතය පූජා කොට තිබූ තත්ත්වයක් ත


කෝටි 200 ක වියදම් මැද ක්‍රීඩා ධවල මන්දිරයට පැමිණි ආගන්තුකයා
2024 නොවැම්බර් මස 27 11 0

ජාතික ජන බලවේගය රජයේ ක්‍රීඩා ඇමැතිවරයෙකු නිදහසින් පසුව වසර 70 කට පසුව වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයකට ලක් නොවුණු පුද්ගලයෙ


සුදු පන්දුවෙන් රතු පන්දුවට
2024 නොවැම්බර් මස 27 10 0

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තය හමුවේ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ දී හෝ ඉන් පිටතදී නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් ශ්


යුරේනස් අයිස් යෝධයා විද්‍යාඥයන් මුළා කළ හැටි
2024 නොවැම්බර් මස 27 16 0

පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙ


මොකා වතුයාය මැදින් ගාඩ්මොර් සහ මරේ දියඇලි මනාලිය බලන්න යමුද?
2024 නොවැම්බර් මස 21 99 0

මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site