IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ගාල්ල දැන් තීරණාත්මකයි


ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (26 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් තරගයක් බවට පත්ව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මග සකස් කර ගැනීමට මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත්ය. 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ මේ දක්වා තරග අටකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 50 ක් හිමි කර ගැනීමට සමත් විය.

ඉන්දියාව මේ වෙනවිට තරග 10 කට සහභාගිවී තරග 7 කින් ජය ගෙන ප්‍රසාද ලකුණු 71.67 ක් ලබා පළමු ස්ථානයේ පසුවෙන අතර, පසුගිය වසරේ ටෙස්ට් ලෝක ශූර ඕස්ට්‍රේලියාව තරග 12 කින් 8 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 62.50 ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.

ගාල්ල ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් වෙන නවසීලන්තය තරග7 කින් 3ක් ජය ලබා ප්‍රසාද ලකුණු 42.85 ක් හිමි කරගනිමින් සිවුවැනි ස්ථානයේ පසුවීම නිසා දෙවැනි ටෙස්ට් තරගය නවසීලන්තයේද ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබුණි.  

ශ්‍රී ලංකාවට මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලියේ ගාල්ල දෙවැනි තරගය හැර තවත් තරග හතරක් ඉතිරිව ඇති අතර මෙම වසර අග දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග දෙකට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන වසරේ ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට නියමිතය.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු පිරිනැමීමට අනුව තරගයක් සඳහා ලකුණු 12 ක් පිරිනමන අතර ඒ අනුව එක රටකට ලකුණු 156 ක් රැස්කිරීමේ අවස්ථාව තිබේ.  

ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරග පහම ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු 69.23 ක් හිමිකර ගැනීමේ අවස්ථාව ඇති අතර එසේ වුවහොත් පසුගිය වසර සමග සැසඳීමේ දී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබේ.

ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉතිරි තරග පහෙන් හතරක් ජයග්‍රහණය කළහොත් ප්‍රසාද ලකුණු 61.58 ක හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවේ. එසේ සෙසු රටවල් අතර තරගවල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම තීරණය වෙනු ඇත.  

ශ්‍රී ලංකාව තරග තුනක් ජය ලබා තරග දෙකක් පරාජය වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 53.85 ක් බවට පත්ව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවේ. පසුගිය වසර දෙකේම ප්‍රසාද ලකුණු 55 ට අඩුවෙන් හිමිකරගත් සියලු‍ම රටවල්වලට අවසන් මහා තරග වරම් අහිමි විය.

නවසීලන්තයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය තීරණාත්මක වීමත් සමග ශ්‍රී ලංකාව එම තරගයට වෙනස්කම් දෙකක් සමගින් පිවිසියේය. ටෙස්ට් පිටියට කෝඩුකාරයෙකු වූ පිට දඟපන්දු යවන නිශාන් පීරිස්ට මෙම තරගයෙදී ටෙස්ට් වරම් හිමිවිය. ඒ අනුව 27 හැවිරිදි නිශාන් පීරිස් ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එකතු විය.

නිශාන් පළමු පෙළ තරග 41 කදී පළමු කඩුලු‍ 172 ක් දවාගෙන සිටි අතර ශ්‍රී ලංකා ඒ’ පිලේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී කඩුලු‍ තුනක් දවාගැනීමෙන් පසුව නිෂාන් මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට නැවත කැඳවීමට තේරීම් කමිටුව පියවර ගත්තේය.

“මෙම තරගයට නිශාන්ව ගෙනත් තියෙනවා. දකුණු අප්‍රිකාවෙන් ඔහු කැඳෙව්වේ අවශ්‍ය වුවහොත් ටෙස්ට් තරගාවලියේ දී ක්‍රීඩා කරවන්නයි” යැයි ශ්‍රී ලංකා පිලේ පිතිකරු පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පැවසීය.

එංගලන්ත සංචාරයේ දී තුන් ඉරියව් දස්කම් දැක්වුවද නවසීලන්තයට එරෙහිව පළමු තරගයේදී කණ්ඩායම සමතුලිත කිරීමේදී ස්ථාන අහිමි වූ තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක නැවත කණ්ඩායමට කැඳවා තිබුණි. එම වෙනස්කම් දෙකත් සමග පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් සහ ළහිරු කුමාරට ස්ථාන අහිමි විය.

“නවක ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් දිවිය අවසන් වෙද්දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ටත් පීඩනයක් තියෙනවා. අපි සියලු‍ ක්‍රීඩකයන්ට නිදහසේ පන්දුවට පහරදීමට අවස්ථාව දුන්නා. ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කළා. අංක අටේ සිට පිතිකරුවන්ට අනෙක් අන්තයේ පිතිකරුට සහාය දෙන එක ප්‍රධාන කාර්යය ලෙසයි උපදෙස් දෙන්නේ. ලෝකයේ අනෙක් කණ්ඩායම් සමග සංසන්දනය කරද්දී අපේ අග පෙළ පිතිකරුවන් දුර්වල බවක් ප්‍රදර්ශනය කරනවා. ඔවුන්ගෙන් එම දුර්වලතාව මගහරින්න සෑම පුහුණු සැසියකම අවධානය යොමු කරනවා. ඒ පිතිකරුවන්ගෙන් අඩුම තරමේ ලකුණු 30 ක් 40ක්වත් ලැබෙනවා නම් හොඳයි.” යැයි තිළිණ කණ්ඩම්බි  වැඩිදුරටත් කීය.

දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත් කළ රමේෂ් මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු‍ 6 ක් දවා ගැනීමට සමත් වුවද ඔහුගේ පන්දු යැවීමේ දී නවසීලන්තය ලකුණු 184 ක් රැස්කිරීම අවාසියක් ලෙස තේරීම් කමිටුව සලකයි. වේග පන්දු යවන ළහිරු කුමාරට පළමු තරගයේදී කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම ස්ථානය අහිමිවීමට හේතු විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මේ දක්වා පවත්වා ඇති ටෙස්ට් තරග 45 කදී පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම තරග 24 ක් ජයගෙන ඇති අතර දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග 15ක් පමණක් ජය ලබා තිබේ.

ශ්‍රී ලංකාව පළමු තරගයේ දී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් අතර දෙවැනි තරගයේ ද කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීමේ වැඩි ඉඩක් ඇති විය හැකි බවට මේ වෙනවිට අනාවැකි පළවී තිබෙන අතර එසේ වුවහොත් එය ශ්‍රී ලංකාව පැත්තෙන් දැඩි අවාසියකි.  

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පසුගිය සතියේ පිටත්ව ගියේය.

ආසියානු කුසලාන විස්සයි - 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමෙන් පසුව නව පිබිදීමක් ලබා සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පෙරළියක් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වටයේදී පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ‘ඒ’, කාණ්ඩයේ තරග ආරම්භ කරමින් පකිස්තානයට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා (3වැනිදා) සාජාහි දී පැවැත්වීමට නියමිතය.

එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා කරයි.

කාණ්ඩ දෙකේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින ඩුබායි සහ සාජාහි දී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය ඔක්තෝබර් මස 20 වැනිදා ඩුබායිහි දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


සස්මින් භාසුර


 



අදහස් (0)

ගාල්ල දැන් තීරණාත්මකයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 15 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 25 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 62 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 45 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 24 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 24 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site