IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


ගිනිදලු මැදින් දැරියකගේ දිවි බේරූ රත්නායක


යුද හමුදාවේ ගමන් මග වූ කලී ඉවසීම, දරාගැනීම, අසීමාන්තික කැපකිරීම හමුවේම පසුකළ එකකි. එසේම එහි  විශේෂම කාරණය වනුයේ එසේ පසුකළ මග ඔස්සේ දේශය වෙනුවෙන් දහස් ගණනක ගේ ජීවිත ද පූජාකොට ඇති හෙයිනි. ඒ අසමසම කැපකිරීම හමුදාවකට, නො එසේ නම් රණවිරුවන්ට හැර, අන් අයෙකුට සිදුකළ නොහැක. එවන් අභිමානයක් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඓතිහාසික 75 වෙනි සංවත්සරය, 2024 ඔක්තෝබර් 10 වැනි දිනට යෙදී තිබිණ. එම ඓතිහාසික අවස්ථාවට සමගාමීව “යුද සමයේ සැඟවුණු කතාවක්” තුළින් මෙවර ලිපිය පෙළගස්වන්නේ නිහතමානී ආඩම්බරයක් ද සමගිනි. 

යුද්ධයේ අවසන් සමය වනවිට උතුරේ එතෙක් පැවති ත්‍රස්තවාදය ක්‍රමිකව මුලතිව් දෙසට තල්ලු වෙමින් තිබිණ. එනිසාම ආරක්‍ෂක හමුදා සියලු බර ඒ වෙත යොදා තිබූ අතර, යාපනය ප්‍රදේශයේ පැවතියේ බරපතළ සිදුවීම් වාර්තා නොවන පසුබිමක්ය. විශේෂයෙන්ම සිවිල් ජන ජීවිත සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වී නොතිබුණ ද, ක්‍රියාන්විත පරිසරය අතරේ වුව - ඒ සඳහා ඔවුන් තුළ යම් පෙලඹවීමක් ඇතිවෙමින් තිබිණ. යුද ජයග්‍රහණය ලබන අතරේ එම ප්‍රදේශවල සිවිල් ජනමතය දිනාගැනීම වෙනුවෙන් ද, හමුදාව සාධනීය අයුරින් මානසික සංග්‍රාමයක් අරඹා තිබූ අතර, බොහෝ විට එම කටයුතු සිදුවූයේ අප්‍රකටවය. රණවිරුවන් ගිනි අවි අත දැරුව ද, ඒවා හැඬවූයේ සමස්ත ජනතාව හා රටේ යහපත පිණිස මිස, අනවශ්‍ය ලෙස කිසිවකුට හානි කිරීමේ අදහසකින් නොවේ. එසේම, ආයුධ නොමැතිව එම ක්‍රියාන්විත භූමියේ සිටි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉටුකළ නිහඬ මෙහෙවරක් ද තිබිණ. මේ අප්‍රකට කතාව එවැනි එකකි.

2007 මාර්තු 12 පෙ.ව. 10.20 වනවිට කෝප්‍රල් ප්‍රසන්න රත්නායක ඇතුළු භට පිරිස සුපුරුදු ලෙස පාමුර සංචාරයක නිරතව සිටියහ. ඔවුන් යාපනය නගරයේ මනෝරාජ් හන්දිය අසලට පැමිණෙත්ම, යාබදින් ඇසුණේ මර ළතෝනියකි. කෝප්‍රල්  රත්නායක යුහුසුළුව එදෙස විපරම් කර බැලූ විට දුටුවේ, බුරබුරා නැගෙන ගිනිදැල්වලින් වටව තිබූ නිවසකි. එතුළින් ඇසුණු  දැරියකගේ විලාප හඬත් සමග, සිදුවන්නට යන විපත ඔහුට අමුතුවෙන්  වටහා ගැනීමට අවශ්‍ය නොවීය. මොහොතකුදු පමාව ජීවිතයක ඉරණම තීන්දු කරන බැව් අවබෝධ කරගත් රත්නායක වහා ක්‍රියාත්මක විය.

ඒ වනවිට එහි රැස්ව සිටි අයවළුන් ගින්න නිවා දැමීමට උත්සාහ ගනිමින් තිබිණ. එහෙත් බුර බුරා නැගෙන ගිනිදැල් හමුවේ කිසිවකුත් නිවස තුළට වැද දැරිය බේරාගැනීමට ඉදිරිපත් නොවූයේ, එයින් තම ජීවිතය ද අනතුරට ලක්වන්නට ඉඩ තිබූ හෙයිනි. දැරියගේ දෙමාපියන් මිදුලට වී කෑ මොර දෙමින් තම දියණිය බේරාදෙන ලෙස ඉල්ලා දෙවියන් යදින්නට වූයේ, අන් කළහැකි කිසිවක් නොවූ නිසාය. එහෙත්, ඒ වනවිටත් දේශයේ මුරදේවතාවකු බඳු රණවිරුවකු ඒ සඳහා සූදානම් වන බව ඔවුන් නොදත්තේය. තමන් සමග ගිය සෙසු සගයින් ගින්න නිවා දැමීමේ කටයුත්තට යොමු කළ රත්නායක, වහ වහා නිවසට ඇතුළුවන්නට උත්සුක විය. නමුත් - නිවසෙහි දොරගුලු ලා තිබීමත්, තදබල ලෙස ගින්න පැතීරීයාමත්, හේතුවෙන් ඔහුගේ උත්සාහයට තිරිංග වැටුණි.  එහෙත්, නිවස තුළින් ඇසෙන දැරියගේ විලාපය හමුවේ - කුමන අවදානමක් වුව බිඳලිය හැකි මහා ජවයකින් රත්නායක ගේ ගතසිත ශක්තිමත් වුණි. හෙතෙම තම ජීවිතයට සිදුවිය හැකි උපද්‍රවය තුට්ටුවකට මායිම් නොකර දොරගුලු කඩා බිඳ දමමින් ගෙතුළට පැන්නේය. ගින්නට හසුවීමට ආසන්නව ජීවිතයත් මරණයත් අතර සිටි එහි වූ දැරිය සැණින් සිය දෑතට ගත් රත්නායක, ඉහළට නැගෙන ගිනි ජාලා දුම් රොටු අතරේ සැබෑ යුද විරුවකුගේ විලාශය කියාපාමින් නිවසින් එළියට ආවේය. ඒ වනවිට එම නිවස සහ එහි වූ බඩු මුට්ටු සියල්ල අඟුරු ගොඩක් බවට පත්ව විනාශ වෙමින් තිබුණ ද, ඒ සියල්ල පරයා සොල්දාදුවකුගේ වීරත්වය හා සැබෑ මනුෂ්‍යත්වය ඉස්මතු වී තිබිණ. 

පිටතට පැමිණි කෝප්‍රල් රත්නායක අවට විපරම් කරද්දී දුටුවේ, ඒ වනවිටත් විශාල පිරිසක් නිවස වටා රැස්ව සිටින බවකි. එහිදී, ඔහු අත්විඳි පුදුමය නම් ප්‍රදේශයේ ද්‍රවිඩ තරුණයන් රැසක් ද ඒ අවට සිටින බවකි. ඒ සෑම අයෙක්ම ගින්න නිවීමට උත්සාහ ගෙන තිබුණා මිසක්, කිසිවකුත් නිවස තුළට පැන අදාළ දැරිය පිටතට ගැනීමට ඉදිරිපත්ව නොතිබිණ. යම් හෙයකින් ඒ මොහොතේ තමා ඇතුළු හමුදා භටපිරිස් එහි නොපැමිණියේ නම්, එම දැරිය නිසැකවම ගින්නට හසුවනවා නොවේදැයි ඔහුට සිතිණ. ඒ සමගම බේරාගත් දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ද ඔවුහු යුහුසුලු වූහ. රත්නායක එම දැරිය තුරුළු කරගනිමින් පැමිණි නිසාම, ඇයව තවදුරටත් ගින්නට නිරාවරණය වීමට තිබූ අවස්ථා මගහැරගැනීමට ද ඔහුට හැකිවිය. එනිසාම එම දැරියට බරපතළ පිලිස්සුම් තුවාල සිදුනොවීම කෝප්‍රල් රත්නායක ගේ ඉමහත් අස්වැසිල්ලට හේතු වී තිබිණ. කෙසේ නමුත් කෝප්‍රල් රත්නායක ගේ හිසකෙස් සේම සිරුරේ රෝම සියල්ල දැවී තිබූ අතර, කමීසයේ හා කලිසමේ ස්ථාන කිහිපයක්ම පිච්චී තිබුණේ සිරුරට දැනෙන තරමේ හානි ගෙන දෙමිනි.

සිය කර හරහා එල්ලා ගෙන තිබූ ගිනි අවිය ද, ගින්නට හසුවීම නිසාම ගිනියම්ව තිබුණේ - සිය ක්‍ෂණික මෙහෙයුමේ තරම කියාපාමිනි.

විරුවන් බිහිවන්නේ යු බිමේ දී පමණක් නොවේ. සැබෑ වීරත්වයට තැනක් නොතැනක් නොමැත. කුමන තැනක කුමන මොහොතක හෝ කිසියම් අයකු විපතට පත්ව ඇත්නම්, නොවළහා පෙරට විත් ඔහුට උපකාර කිරීම සැබෑ මිනිස් ගතියකි. එසේම තම ජීවිත අවදානම ද නොතකා අතිශය බිහිසුණු අවස්ථාවන්ට මුහුණ දෙමින්, තවත් අයෙකුගේ දිවි රැකගැනීමට ඉදිරිපත් වීම, මිනිස්කම ඉක්මවා ගිය වීරෝදාර කටයුත්තකි.

සෙබළා යනු - මිනිස්කමේත්, වීරත්වයේත්, සංකලනයෙන් බිහිවූ අයෙකි. අවැසි කල ඔබටත්, සදාකල්හිම රටටත්, ඔහුගේ රැකවරණය හා ආරක්ෂාව සැලසෙනු නියතය. කෝප්‍රල් ප්‍රසන්න රත්නායක යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉහත ගුණාංගවලින් පිරිපුන් අයෙකි. 

1970 මාර්තු 12 වන දින ජේ. රත්නායක සහ ඩබ්. පී. ප්‍රේමාවතී යුවලට දාව උපන් රත්නායක - ගාල්ල පිලාන විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීය.

මෙහෙයුමක් අතරතුරදී


1990 ඔක්තෝබර් 07 වන දින යුද හමුදාවට එක්ව, 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අනුයුක්තව රාජකාරී අරඹා ඇති ඔහු, පසුව අන්තර් ඒකක මාරුවීම් ලැබ 20 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට ඇතුළත්ව ඇත. පස්දරු පියකු වන රත්නායකගේ දයාබර බිරිඳ යූ .ආර්. කුසුමාවතී ය. යමුනා, සුරංගි, සචිනි සංජීවනී, ප්‍රසංග, සන්දීප, තක්ෂිලා සෙව්වන්දි හා දිනිඳු මෙත්සර ඔහුගේ ආදරණිය දූ දරුවෝ වෙති. එම සිදුවීමෙන් දශක එකහමාරක් ඉක්මවා ඇති වර්තමානයේ බලලත් නිලධාරීවරයකු ලෙස විශ්‍රාමිකව හිඳිමින් පවා ඔහු එම අතීත මතකය සිහිකොට අත්විඳිනුයේ මහත් වූ ආශ්වාදයකි.

රණවිරුවන්ගේ මෙහෙවර කිසි ලෙසකින් ප්‍රදේශයකට හෝ ජන කොටසකට සීමා වී නොමැත. තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී පවා, ඔවුහු වීරත්වය සේම මානව දයා ගුණ ද පිළිබිඹු කළේය. රට බේරාගැනීමේ මහා මෙහෙවරට දායක වෙමින් වුවද, ඔවුන් නිරතුරුව සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට ද, වගබලා ගත්තේ එබැවිණි. ද්‍රවිඩ ජනතාව අතර යුද හමුදාව පිළිබඳ පැවති ප්‍රතිරූපය බිඳ දැමීමට විවිධ බලවේග හිස ඔසවමින් තිබූ සමයක, කෝප්‍රල් රත්නායක පෙන්වූ මහඟු ආදර්ශය ඔවුනට එල්ල කළ අතුල් පහරක් වැනිය. මීට පෙර ද රණබිමේ දැක් වූ දස්කම් හේතුවෙන් ඇගයුමට පාත්‍රව සිටි රත්නායක, ඉහත වික්‍රමය හරහා තව දුරටත් සිය මෙහෙවරට වටිනාකමක් ලබාදී ඇත්තේය. සිය ජීවිත අවදානම නොතකා, මරණාභිමුඛව සිටි අන් අයෙකුගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් පිරිනැමෙන්නා වූ “වීරෝදාර විභූෂණය (WV) කෝප්‍රල් ප්‍රසන්න රත්නායක නමට පිදෙනුයේ ඔහුගේ එම උත්තම මෙහෙවර සදාතනිකව අගයනු රිසියෙනි. 

සැබැවින්ම රණවිරුවන් යනු - වීරත්වයේත්, මිනිස්කමේත් සංකලනයෙන් බිහිවූ පිරිසකි. අවැසි කල ඔබටත් සදාකල්හිම රටටත් ඔවුනගේ සෙවණ සැලසෙනු නියතය. “දිනාදී මව්බිම - තනා මග සුරකින” යුද්ධ හමුදාව තුළ අදට ද එවන් ලක් පුතුන් හිඟ නැත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර සිය 75 වන ඓතිහාසික අභිමානය සමරනුයේ, අතීතය මතින් ලද පන්නරය ද, අභිමානය ද, සමග අනාගතය දෙස බලාපොරොත්තු සහගත බැල්මක් හෙළමිනි. 
-නිමි-



අදහස් (0)

ගිනිදලු මැදින් දැරියකගේ දිවි බේරූ රත්නායක

ඔබේ අදහස් එවන්න

තක්සලාව

ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 18 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 28 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


අවසන් නිවාඩුවට පෙර අවසන් සමුගැනීම
2024 දෙසැම්බර් මස 17 65 0

තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.


‘හෝමෝ ’ මානවයාට මොකද වුණේ ?
2024 දෙසැම්බර් මස 17 48 0

මානව පරිණාම ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ එකකි. එම සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට චීන විද්‍යාඥයන්ට දැන් හැකි වී තිබේ.


හැදෑරීම් තුළින් නිර්මාණ කරනවා නම් වැඩි වටිනාකමක් ලැබෙනවා - ප්‍රවීණ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකා
2024 දෙසැම්බර් මස 11 30 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


අපේ රටට තාමත් ශබ්ද මානව වංශවේදය ආගන්තුක විෂයක් - ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ
2024 දෙසැම්බර් මස 11 38 0

ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් ම


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site