IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගුවනින් බර අදින්නන්ට 67 යි


එදින අගෝස්තු මස 28 බදාදා දිනයයි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර වෙත මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ඒ වෙනවිටත් පැමිණ සිටියේ ගුවන් හමුදාවේ අංක දෙක ප්‍රවාහන බලගණයේ මගින් සංවිධානය කරන ලද ගුවන් සංචාරයට සහභාගී වීමටය. මෙම ගුවන් සංචාරය සාමාන්‍ය මහජනතාවට අත්විඳින්නට අවස්ථාවක් නොමැති දුර්ලභ වූත් වින්දනීය වූ අත්දැකීමකි. කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ ගුවන් ගමන් පර්යන්තයේ ලහි ලහියේ එහෙ මෙහෙ ගමන් කරමින් ගුවන් සංචාරය සඳහා සියලු පහසුකම් සූදානම් කරමින් සිටි අංක දෙක බලගණයේ නිලධාරීන් පිරිස තම තමාට පැවරී තිබූ රාජකාරි කටයුතුවල යෙදී සිටින ආකාරය අපට දැකගන්නට ලැබිණි. වේලාව දහවල් 12පසු වී තිබිණි. මාධ්‍ය කණ්ඩායම් රැඳී සිටින කාමරය වෙත  පැමිණි එක් නිලධාරියෙකු සඳහන් කර සිටියේ ගුවන් සංචාරය සඳහා සියලු කටයුතු සූදානම් බවයි. ඔහුගේ උපදෙස් පරිදි දොළොස් දෙනෙකුගෙන් පමණ සැදුම්ලත් අපගේ මාධ්‍ය කණ්ඩායම සංචාරය සඳහා සූදානම් කර තිබූ AN 32B ගුවන් යානයට ගොඩවීමු.  

ගුවන් යානයේ ප්‍රධාන කපිතාන්වරයා ලෙස වින්ග් කමාන්ඩර් මුදිත සමරකෝන්, සහයක ගුවන් නියමුවරිය ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් පවිත්‍රා ගුණරත්න, නැවිගේටර්වරයා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් සෙනරත්, ඉංජිනේරුවරයා ලෙස වින්ග් කමාන්ඩර් තුෂාන් ප්‍රනාන්දු සහ ලෝඩ්මාස්ටර්වරයා ලෙස ෆ්ලයිට් සාජන් බුද්ධික යන අය සේවයේ නියුක්ත වූහ. මිනිත්තු 35කට ආසන්න කාලයක් පොළව මට්ටමේ සිට අඩි 10,000ක් උඩින් රැඳී සිටි මාධ්‍ය කණ්ඩායමට ලැබුණු එම අත්දැකීම අතිශය නැවුම් වූවකි. ප්‍රධාන කපිතාන්වරයා ඉදිරිපත් කළ තොරතුරු අනුව අප ගමන් කළ AN 32B ගුවන් යානය ඒ වෙනවිට පැයට කිලෝමීටර 400ක වේගයෙන් ගමන් කර තිබුණි. එම ගුවන් සංචාරයේ දී කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ සිට අනුරාධපුර ප්‍රදේශය දක්වා ගුවනින් ගමන් කර එ් රමණීය ගුවන් චාරිකාවේ අවසානය සනිටුහන් කළේ නැවත කටුනායක ළඟා වෙමිනි.      

මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබනC-130 හර්කියුලීස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලගණය සිය 67 වැනි සංවත්සරය 2024 සැප්තැම්බර් 01 වන දින අභිමානවත් අයුරින් සමරනු ලබයි. වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අණදෙන නිලධාරියෙකු ලෙස මෙන්ම ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කරනු ලැබු මෙම බලගණය දේශයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත. ගුවන් හමුදා ලුතිනන් පී.එච්. මෙන්ඩිස් මහතා යටතේ 1957 සැප්තැම්බර් 01 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී මෙම බලගණය ස්ථාපිත කරන ලද අතර, වර්තමාන අණදෙන නිලධාරි ලෙස ගෲප් කැප්ටන් දිනේෂ් කසාගල කටයුතු කරමින් සිටී. මේ දක්වා බලගණයට අණදෙන නිලධාරීන් තිස් තුන් දෙනෙකු පත්ව ඇත. 1985 වර්ෂයේදී මෙම බලගණය රත්මලාන ගුවන් හමුදා කඳවුරට මාරු කර ඇති අතර පසුව 2011 වර්ෂයේදී එය නැවත කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙන යන ලදී. 

බලගණයේ ප්‍රධාන කාර්යභාරයන් වශයෙන් රාජකාරි ගුවන් ගමන්,  වෛද්‍ය හේතු සාධක මත සිදු කරන ඉවත් කිරීම්, පැරෂුට් පුහුණුව, VIP/VVIP ප්‍රවාහනය සහ විදේශීය ගුවන් ගමන් මෙහෙයුම් වැනි ගුවන් ප්‍රවාහන මෙහෙයුම් සිදු‍කිරීම දැක්විය හැකිය. නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ ගුවන් ගමන් පැවැත්වීමද මෙම බලගණයට පැවරී ඇත.

අංක 2 ප්‍රවාහන බලගණය උතුරේ මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අතර මෙම බලගණයේ ගුවන්යානා සතුරු ප්‍රහාරයන්ටද බඳුන් විය. ඒ අනුව HS 748 ගුවන් යානා දෙකක්, AN 32 (ඇන්ටනෝව්32) ගුවන් යානා දෙකක් සහ Y-8 ගුවන් යානයක් එලෙස සතුරු ප්‍රහාරයන්ට ලක්වී විනාශ විය. 1991 සිට 2009 දක්වා යාපනය අර්ධද්වීපය කොළඹ හා සම්බන්ධ කරමින් වසර 20කට ආසන්න කාලයක් ගුවනින් යා කරමින් බලගණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. එය යුද්ධයේ ප්‍රමුඛතම ගුවන් මෙහෙයුමක් බවට පත් විය. දෙවන ඊලාම් යුද්ධය ආරම්භයේදී A9 ප්‍රධාන සැපයුම් මාර්ගය පාලනය කිරීම, භාණ්ඩ ප්‍රවාහනය, භට පිරිස් ප්‍රවාහනය සඳහා මෙන්ම වඩාත්ම අනතුරට පත්වූවන් තුවාලකරුවන් ප්‍රවාහනය සඳහාද යොදාගන්නා ලදි. 

ඒ අනුව 2009 වසරේ දී අංක 2 බලගණයට ජනාධිපති වර්ණ පිරිනමන ලද්දේ ජාතිය වෙනුවෙන් කළ දීර්ඝ කාලීන සේවය අගයමිනි.

1950 සහ 1960 වසරවලදී හෙරොන්ස් (Herons) සහ ඩී. හැවිලන්ඩ් (De Havilland) අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා ගංවතුර සහන මෙහෙයුම් සඳහා භාවිත කරන ලදී. 1971 කෝලාහල සමයේ රටේ ප්‍රදේශ කිහිපයකට ආහාර ප්‍රවාහනය කිරීම මෙම බලගණය මගින් සිදු කෙරිණි. අංක 2 බලගණය බොහෝ හමුදා සැපයුම් ගෙන ඒම සඳහා පකිස්තානය, බල්ගේරියාව සහ චීනය යන රටවලට පියාසර කර මානුෂීය මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. මීට අමතරව මානුෂීය මෙහෙයුම අතර වාරයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා සඳහා අවශ්‍ය වැදගත් ආයුධ රැසක් හර්කියුලීස් ගුවන් යානය උපයෝගී කරගෙන ප්‍රවාහනය කිරීම සිදු විය. තවද, ශ්‍රී ලංකා යුද හමුදාවට කඩිනමින් අවශ්‍ය ආයුධ සහ පතොරම් චීනයේ සිට ප්‍රවාහනය කරන ලද්දේ C-130 Hercules ගුවන් යානය මගිනි.

පසුගිය වසර 67 තුළ මෙම බලගණය එයාර් ස්පීඩ් ඔක්ස්ෆර්ඩ් (Air Speed ​​Oxford), ප්‍රෙස්ට්වික් පයනියර් (Prestwick  Pioneer), ඩි හැල්විලෑන්ඩ් ඩෝව් (De Havilland Dove), ඩීසී3 ඩැකෝටා (DC3 Dakota), ඩි හැවිලන්ඩ් හෙරොන් (De Havilland Heron), ඩි හැවිලන්ඩ් රිලි හෙරොන් (De Havilland Rily Heron), සෙස්නා 337 ස්කයි මාස්ටර් (Cessna 337 Sky Master)  ඇතුළු විවිධ වර්ගයේ ගුවන් යානා 17ක් පියාසර කර ඇත. වත්මන් බලඇණිය ඇන්ටනොව් 32 බී සහ හර්කියුලිස් සී-130 යන යානාවලින් සමන්විත වේ. තවද රාජකීය ලංකා ගුවන් හමුදාවේ පළමු හෙලිකොප්ටරය වූ S-51 Dragonfly හෙලිකොප්ටරය මෙම බලගණයට අනියුක්ත කරන ලදි.  අංක 2 ප්‍රවාහන බලගණයේ ගුවන් ශක්තිය වැඩිකිරීම සඳහා 1996 වසරේ දී AN 32 (ඇන්ටනෝව්32) ගුවන් යානා හතරක් බලගණයට එක්කර ගන්නා ලදි.  ප්‍රවාහන මෙහෙයුම් වැඩිවීමත් සමග එය සපුරාලීම සඳහා 2000 වසරේ දී මෙම බලගණයට C-130 හර්කියුලීස් ගුවන් යානා දෙකක් සහ AN 32 (ඇන්ටනෝව්32) ගුවන් යානා තුනක් ද එක්කර ගන්නා ලදි.

1959 සැප්තැම්බර් මාසයේදී De-Havilland Heron ගුවන් යානා දෙකක්  එංගලන්තයෙන් මිල දී ගැනීමත් සමග මෙහෙයුම් හැකියාව වැඩි දියුණු කිරීමට මෙම බලගණයට හැකි වූ අතර Heron ගුවන් යානා පැමිණීමත් සමග නැගෙනහිරින් ඉන්දුනීසියාව සහ බටහිරින් කයිරෝ දක්වා විහිදුනු රාජකීය ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යාන්තර මෙහෙයුම් සඳහා සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි. 1973 දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර Heli Tours මෙහෙයුම් වැඩි දියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Eastern Airlines වෙතින් Convair 440 ගුවන් යානා අංක 02 ප්‍රවාහන බලගණයට එක් කරනු ලැබු අතර, 1975 දී DC 3 Dacotas හා 1979 අවසානයේ දී HS 748 Avro යන ගුවන් යානා අංක 2 බලගණයට එක්කරන ලදි. 1983 සිට 1985 දක්වා කාලය තුළ බලගණය විසින් Siai Marchetti SF 260TPs ගුවන් යානා තුනක් , Avro ගුවන් යානාවක් සහ Beech King ගුවන් යානාවක් එක්කර ගන්නා ලදී. SF 260 TPs ගුවන් යානා පියාසර කිරීම ආරම්භයත් සමගම, පළමු ඊලාම් යුද්ධයට සහය දැක්වීම සඳහා සටන්කාමී භූමිකාවක් ඉටු කිරීමට මෙම බලගණයට බලගණයට හැකි විය.

මෙම බලගණයේ විශ්වාසනීය ගුවන් සේවයක් ලබා දෙන්නේ  Antonov AN-32B ගුවන් යානයයි. මෙය යුක්රේනයේ නිෂ්පාදිත ද්විත්ව එන්ජින් සහිත ටර්බෝප්‍රොප් හමුදා ගුවන් යානයකි. AN-32B යනු AN-26 වර්ගයේ ගුවන් යානයකින් නිර්මාණය කරන ලද අනුවාදයකි. 1995 අප්‍රේල් මාසයේදී Avro ගුවන් යානා දෙකක් නැති වූ අතර ගුවන් හමුදාවට ගුවන් යානා තොගයක් එකතු කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇති විය. ඒ අනුව 1995 අගෝස්තු මාසයේදී තවත් AN-32B ගුවන් යානා තුනක් මෙම බලගණයට  ඇතුළත් කරන ලදී. මෙමගින් වඩා කාර්යක්ෂම කාර්යභාරයක් ඉටු කිරීමට මෙම බලගණයට හැකියාව ලැබුණ අතර ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන හැකියාවද වැඩි විය. කෙසේ වෙතත්, AN-32B ගුවන් යානා කිහිපයක් මෙහෙයුම් කිහිපයකදී අහිමි වී ඇත. සාමාන්‍ය ගුවන් කාර්ය මණ්ඩලයට ගුවන් නියමුවන් දෙදෙනෙක්, ගුවන් ඉංජිනේරුවෙක් සහ එක් ලෝඩ් මාස්ටර්වරයෙක් සිටී. AN-32B යානයේ උපරිම ගුවන්ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 27,000 ක් වෙන අතර එහි ගමනාන්තය වෙත කිලෝමීටර් 540 ක වේගයකින් යාත්‍රා කළ හැකිය.     

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ පුරා වසර 67 ක් විශිෂ්ට සේවාවක් ඉටු කරනු ලැබු අංක 2 ප්‍රවාහන බලගණය හමුදාමය සහ යුදමය අවස්ථාවන්හිදී මෙන්ම දේශීය හා විදේශීයව සිදුවු හදිසි අපදා තත්වයන්හිදීද තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් මානුෂීය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශියන්හිදී අපදාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් තම රට වෙත ප්‍රවාහනය කිරීමද සිදු කරමින් දේශයේ ආරක්ෂාව හා උන්නතිය වෙනුවෙන් අපිරිමිත දායකත්වය ලබාදී ඇත.  

  • ලිහිණි ලියනගේ

ඡායාරූප- ඒ.එන්. ප්‍රනාන්දු



අදහස් (0)

ගුවනින් බර අදින්නන්ට 67 යි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

හෙළ මියැසිය සොඳුරු කළ හියුබත් දිසානායක
2024 සැප්තැම්බර් මස 13 18 0

මෙවන් සොඳුරු රසාලිප්ත ගේය පද සමුදායක් 50/60 දශකයේ දී සිංහල මියැසියට හඳුන්වාදුන් කවියකු, ගත්කතුවරයකු හා හෙළ භාෂා විද්වතකු වූ හියුබත් දිසානායක සූරීන්ගේ යු


ශ්‍රී ලංකා නාමය රැව්දෙයි
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්තයේ දී වසර 10 කට පසුව ටෙස්ට් ජයක් ලැබීමෙන් කීර්තිය දිනාගත් ශ්‍රී ලංකාව පසුගිය සතියේ දී එවැනිම කීර්තිමත් ක්‍රීඩා ජයග්‍රහණ දෙකක් අත් කර ගැනීමට සමත


සමාජ කියවීම කවිය තුලට ගෙනා තුරුණු කිවිඳිය
2024 සැප්තැම්බර් මස 13 9 0

මෙරට කාව්‍ය ඉතිහාසයට වඩා වර්තමානය තුළ කිවිඳියන්ගේ භූමිකාව ප්‍රබල හා කැපීපෙනෙන්නක් බවට පත්වී ඇත.


ඕවල් පිටියෙන් ගාල්ලට
2024 සැප්තැම්බර් මස 13 18 0

එංගලන්ත සංචාරය ආරම්භයේ දී ම අප කියූ පරිදි ඕවල් පිටියේ ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.


පතල් කුහරයෙන් හමුවූ ලවණ මිනිසා
2024 සැප්තැම්බර් මස 13 23 0

අතීතයේ පර්සියාව, අද ඉරානයයි. ඉරානයට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයකි. මීට වසර 30 කට පමණ පෙර, ඉරානයේ ලු‍ණු කැණීම් කළ පතලකින් ස්වාභාවිකව මමීකරණය වුණු මිනිස් සිරුරක ක


රාත්‍රී බංකරයේ හොර ඩියුටිය
2024 සැප්තැම්බර් මස 11 72 0

යුද පිටියේ නිදි වැරීම යනු, වෙඩි සද්ද තරමටම සුලබ දෙයකි. අවදානම වැඩිවත්ම, නිදිවැරීම ද වැඩිය. එසේ නොවන තැන්වල - ගෙදරට වඩා හොඳින් නිදාගන්න අය ද නැතුවා නොවේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site