මෙරට නිෂ්පාදිත ගිනි අවි
වර්තමානය වනවිට පිටරට නිෂ්පාදිත ගිනි අවිවලට වඩා මෙරට නිෂ්පාදිත ගිනි අවි වලින් කෙරෙන වෙඩි තැබීම්, බිය ගැන්වීම් ආදිය වැඩි වෙමින් පවතින බව අපරාධ ගැන තොරතුරු සෙවීමේ දී අනාවරණය වෙයි. මීට පෙර නාගරික ප්‍රදේශවල සිදුවු ගිනි අවි භාවිත කර කළ අපරාධ දැන් ග්‍රාමීය මට්ටමට ද ව්‍යප්තවී ඇති බව ඒ සම්බන්‍ධයෙන් ලැබෙන පොලිස් වාර්තා අනුව පෙනීයයි. සතියකට අවම වශයෙන් වෙඩි තබා කළ මිනිස් ඝාතන තුනක් ගැනවත් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවෙයි.
ගිනිඅවි ගැන කතා කරද්දී යුද සමයේ යුද්ධය පැවති ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශවල සිදුවූ අපරාධ ටී56 ගිනිඅවි භාවිතයෙන් බව පොලිස් විමර්ශන වාර්තා දෙස බලද්දී පෙනී ගියේය. දැන් යුද්ධය නිමාවී වසර දාහතරක් එළැඹ ඇති නිසා ටී56 ගිනිඅවි වලින් කෙරෙන වෙඩිතැබීම් සහ ඝාතන ටී56 උණ්ඩ භාවිතා කරන වෙනත් ගිනි අවිවලින් කළ ඒවා බවට පොලිස් විමර්ශන වලදී සැක මතුව තිබේ.
නීතිවිරෝධී ගිනිඅවි ගැන කතාබහට ලක්වූ මුල් වකවානුවේ ගල්කටස් ගිනි අවිය අපරාධකරුවන්ගේ සමාජයේ බොහෝ ජනප්‍රිය විය. එය බෝර 12 තුවක්කුවට යොදන උණ්ඩය යොදන මෙරට නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් විය. බෝර 12 තුවක්කුව මෙන් දිග නොමැති නිසා හොර රහසේ තැනින් තැනට ගෙන යා හැකි විය. එසේ නමුත් ගල්කටස් තුවක්කුව ද අඩියක්, අඟල් දාහතරක් දිගවිය.
මේ ගල්කටස් ගිනි අවි නිපදවන්නේ දේශීය ශිල්පීන් අතින් ය. බෙහෙත් කොටන තුවක්කුවෙන් විකාශය වූ ගල්කටස් ගිනි අවිය ගමේ කම්මලේ, නැත්නම් කම්මල් වැඩ දන්නා දැනුම ඇත්තෙක් නිෂ්පාදනය කළේ හොර රහසේ ය. එවැන්නක් නිපදවූයේ ඉල්ලුම්කරුවෙකුගේ ඇණවුමකට පමණි. එසේ නොමැතිව වැඩිපුර නිපදවා, තමන්ට කැමති එකක් මිලදී ගතහැකි ලෙස මේ ගිනිඅවි විවෘතව අලෙවි නොවුණි.
මෙරට නිෂ්පාදිත ගිනි අවි
වර්තමානය වනවිට ගිනි අවි භාවිතාකර සිදුකරන අපරාධ විමර්ශනයේ දී ටී56 ගිනිඅවි උණ්ඩ යොදන මෙරට නිපදවන ගිනි අවි හමුවී තිබේ. ඒවා මිනි ගල්කටස්, බේබි ගල්කටස්, නමින් සමහරු අතර ප්‍රසිද්ධ බව විමර්ශන නිලධාරීහු කියති. ඇතැම් අවස්ථාවල එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට නම වෙනස් වෙයි. සමහර ප්‍රදේශවල ටී-කටස් යනුවෙන්ද හඳුන්වයි. ටී.56 උණ්ඩය යොදන ව්‍යාජ තුවක්කුව හෙයින් තණමල්විලදී මෙම තුවක්කුව ටී කටස් ලෙස හැඳින්වේ.
‘බේබියක් තියනවා. හොඳ වැඩ්ඩෙක් හදපු එකක්. කේවල් නොකර ගන්න කෙනෙකුට දෙනවා’ ටී56 උණ්ඩ යොදන ගිනි අවියක් අලෙවියේදී අලෙවිකරු සහ ගැණුම්කරු අතර සිදුවන වචන හුවමාරුවකි.
‘හොඳ බේබියක් හොයාගන්න ඕනෑ.’ එවැන්නක් වුවමනා කෙනෙකුගෙන් පිටවන්නේ එලෙසය. නොදන්න කෙනා මේ ගැන අවධානය යොමු නොකරත් දන්න කෙනා ඒ වෙෙළඳාම ගැන දනී. සමහර ප්‍රදේශ අනුව මේ ගිනි අවියේ නම් වෙනස් වෙයි.
ටී 56 උණ්ඩ යොදන ගිනි අවියක සාමාන්‍ය දිග අඟල් 09ක් පමණ වෙයි. ගල්කටස් එකකට වඩා අඟල් පහක් පමණ කොට නිසා භාවිතා කරන්නන් අතර ජනප්‍රිය බව පොලිස් විමර්ශකයන්ගේ අදහසයි. රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේ මේ ගිනිඅවි හදන්නේ ඒ ගැන හොඳ පළපුරුදු අය බවයි. සමහර විට ඔවුන්ගෙන් ඉගෙන ගන්නා තරුණ කොටස් වැඩිපුර අත්හදා බැලීම් කර අලුත් අංගද එකතු කර නිපදවා ඇති බව අත්අඩංගුවට ගත් සමහර ගිනි අවිවලින් පෙනෙන බවයි.
ටී56 උණ්ඩ යොදන කුඩා ගිනි අවියක් 1997දී අවුරුදු විසිනවයක් වයසැති තරුණයෙකු සමග කහවත්තේ දී වත්මන් සහකාර පොලිස් අධිකාරීවරයෙක් වූ රොහාන් ඕලුගල මහතා විසින් අත්අඩංගුවට ගත් නිලධාරි කණ්ඩායමේ සාමාජිකයෙක් වූ වර්තමානයේ වේවැල්වත්ත පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ජයතිලක මහතා මතකය අවදි කරවමින් සඳහන් කළේය. ටී56 උණ්ඩ තුනක් එකවර යෙදිය හැකි රිවෝල්වර ගණයේ ගිනි අවි පවා දේශීය වශයෙන් නිපදවා ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වි තිබේ. රිවෝල්වර වලට යොදන්නේ මි.මී. 09 උණ්ඩය. එකවර හයක් ඊට යෙදිය හැකිය. නමුත් ටී56 උණ්ඩ යෙදිය හැකි අයුරින් තනන රිවෝල්වරයේ උණ්ඩ ගැබ පට්ටලයක ලියවා සියුම්ව සැකසීමට මේ ශිල්පීන් වග බලා ගනී.
යුද්ධය නිමාවත් සමග අපරාධකරුවන් අතර ටී56 ගිනිඅවි බහුල විය. අපරාධකරුවන්ගෙන් රුපියල් තිස් දහසේ සිට ඉහළට මීට දසවසරකට පෙර ටී56 ගිනිඅවියක් මිලදී ගැනීමේ හැකියාව තිබුණි.
ටී56 යනු 1956දී චිනයේ නිෂ්පාදිත ගිනි අවියකි. ටී යනු TYPE යන වචනයේ මුල් අකුරය. T56-1, T56-2, T56-3 ආදී වර්ග කිහිපයකින් ටී56 ගිනිඅවි කෝටියක පමණ ප්‍රමාණයක් ලොව විවිධ රටවලට චීනය විසින් ලබාදී ඇත. එකවර උණ්ඩ 20, 30 සහ 40 ලෙස යෙදිය හැකි මැගසින් ඊට සම්බන්‍ධ කිරීමේ හැකියාව තිබේ. කිලෝ ග්‍රෑම් 2.8 සිට කිලෝ ග්‍රෑම් 3.8 දක්වා වූ බරකින් මේ ගිනිඅවි ඇත. ටී56 ගිනිඅවියක දිග අඟල් 34.7කි. එහි බැරලයේ දිග සෙ.මී. 41.6කි. මේ නිසා විශාල දුරක (මීටර් 800ක) ඉලක්කයකට වෙඩි තැබිය හැකිය. දකුණු ආසියා කලාපයේ ශ්‍රී ලංකාව 1980න් පසුව ද, බංගලාදේශය ද, මෙම ගිනි අවිය භාවිත කරයි. වියට්නාම් යුද්ධයේ දී සහ ඉරාන ඉරාක යුද්ධයේ දී ටී56 ගිනිඅවිය භාවිතයට ගැණුනි. පුද්ගලිකව ගිනිඅවි නිපදවීම නීති විරෝධී ය. නීතිය නොසලකමින් මේ ගිනිඅවි නිපදවන්නේ ඇයි ද යන්න සාමාන්‍ය ජනතාවට ගැටලුවකි. එවැනි ගිනිඅවි නිපදවන කර්මාන්තශාලා අනවසරයෙන් පවත්වාගෙන යන පුද්ගලයින් සිටීද? ආදි වූ ගැටලු ගණනාවක් පොදු ජනතාව අතර ඉස්මතු වන කරුණකි.
ටී56 උණ්ඩයක් යොදන කුඩා ටී කටස් ගිනි අවියක් නැත්නම් බේබි ගල්කටස් එකක් නිපදවීමට දින කිහිපයක් ගතවෙයි. ඒ සඳහා යකඩ බට පෑස්සීම, උණුකිරීම කළ යුතුය. ගිනිඅවියෙන් අවියට හැඩය වෙනස් ය. අතින් නිපදවු බේබි ගල්කටස් දෙකක් ගත්තොත් එහි වූ කොටසින් කොටසේ පුංචි පුංචි වෙනස්කම් ඇත. එහෙත් ගැනුම්කරු මේ නිෂ්පාදන සසඳන්නේ නැති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති.
ටී56 උණ්ඩ යෙදිය හැකි කුඩා ටීකටස් ගිනිඅවි අපරාධකරුවන් අතර ජනප්‍රිය වී ඇත්තේ හේතූන් කිහිපයක් මතය. අපරාධයක විමර්ශකයන් නොමග යැවීම එකකි. කාටත් නොපෙනෙන ලෙස ගෙනයාමේ පහසුව තවෙකකි. අපරාධය ඇසින් දුටුවෙක් සාක්කි දුන්නොත් ඒ සාක්කිකරු නීතිය ඉදිරියේ බොරු සාකකිකරුවෙකු යැයි ඔප්පු කිරීමට දක්‍ෂ නීතිඥයෙකුට හැකියැයි යන මතය ද එකකි.
මේ වනවිට ටී56 උණ්ඩ විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් බැහැරව විවිධ අපරාධකාරී පුද්ගලයින් සතුව ඇතැයි සැකකෙරේ. ටී56 ගිනිඅවි වල හිඟය නිසා එම උණ්ඩ අලෙවි කරගත නොහැකි තත්ත්වයක් මත ටී56 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවි වලට ලොකු ඉල්ලුමක් ඇති බව විමර්ශකයන්ගේ විශ්වාසයයි.
සටහන සහ ඡායාරූප:
අජිත්ලාල් ශාන්තඋදය
දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ
වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ
හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා සම්බන
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රි.ව. 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චීනා හැදූ ටී 56 ට අපේ අය හදන ’ටී කටස් ’