අදහස් : කේ. සී. ජේ. රත්නායක
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප්‍රේල් මාසයේ 14 වෙනිදායින් පසුවය.
2025 අවුරුද්දේ පෙබරවාරි මාසය වෙන විටම ලංකාවේ දැනට තියෙන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර තියෙන පාර්ලිමේන්තුවේ බලය කොහොම වෙතත් දේශපාලන ප්රවාහයන් තුළ ඇති බල තුලනය වෙනස් වීමට අරම්භ වෙනු ඇත. එමගින් පාර්ලිමේන්තුවෙන් පිටත සිටින, ආණ්ඩුවේ මතවාදයට එරෙහි පිරිසත් සාපේක්ෂ වශයෙන් වේගයෙන් නැගීසිටීමක් පිබිදීමක් නැවත සංවිධානගත වීමේ මූලික බීජ ලක්ෂණ පෙබරවාරි මාසයේ දෙවෙනි සතියේ සිටම දකින්නට ලැබෙනු ඇත. පෙබරවාරි මාසයේ දෙවෙනි සතියේ සිට ඇතිවෙන පුංචි පුංචි බීජ අවස්ථාවන් මැයි මාසේ තුන්වැනි සතිය වන විට විපක්ෂයේ කොටස් නිලනොවන සංවිධානගතවීමක් හැටියට සහ විධිමත් සහ අවිධිමත් ආකාරයෙන් ආණ්ඩුවට එරෙහිව තදින් ඉස්මතු වීම් පැන නැගෙනු ඇත. ඒ ඉස්මතු වීම් හැම එකකදිම පාර්ලිමෙන්තුවෙන් පිටත මහජනය මතයට බලපෑම් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන විපක්ෂ බලවේග වල විශාල හඬක් ඉදිරියට ඒමක් දකින්නට ලැබේ.
කුම්භ රාශියට සම අධිපති ග්‍රහයින් දෙදෙනෙකි. ඒ යුරේනස් සහ සෙනසුරුය. මාර්තු 29 සිටම සෙනසුරු කුම්භ ලග්නයෙන් ඉවත් වී කුම්භ ලග්නයෙන් දෙවැන්න වූ මීන රාශියට ගමන් කරනු ලබයි. ඒ එක්කම යුරේනස් ග්‍රහයා රටේ ලග්නයේ සිට හතරවැන්න වන වෘෂභ රාශීයට ගමන් කරනු ඇත. මෙම පිහිටීම් දෙක අතරට 2025 මැයි මාසේ තුන්වැනි සතියේ රාහු ග්‍රහයාගේ මාරුවීමත් සමඟ ආණ්ඩුව සහ විපක්ෂය මහජන මතය දිනාගැනීමේ සටන්කාමි අවස්ථාවකට පැමිණෙනු ඇත. ඒ අනුව දැනට මන්දගාමීව යන ආණ්ඩුවේ ක්‍රියාවලිය එකවරම වේගවත් වීමක් දක්නට ලැබෙනු ඇත.
එකොළොස්වැන්ධිපතියා සහ දෙවැන්නැධිපතියා වක්‍රවන විට එහෙම නැතිනම් දුබල වන විට රාජ්‍ය ආදායමට, ජනතාවගේ ආර්ථීකයට තදබල පහරවල් වැදුනත්, ආර්ථිකය හැකිළුණත් පෙබරවාරි පසුවෙනවාත් සමඟම ගුරු ග්‍රහයා බලවත්වේ. එම බලවත් වීම වසරකුත් මාස 4 කට ආසන්න කාලයක් ගමන් කරනු ඇත. එම නිසා කෙටි කලකදී සතුටු විය හැකි මට්ටමකට රාජ්‍ය ආදායමට, රටේ ආර්ථිකයට, මිල මුදල් අතේ ගැවසෙන රැකියා මාර්ග විවෘත වීම් සිදුවෙනවා ඇත. කෙසේ නමුත් මේ සුභ ග්‍රහචාරය විසින් පෙන්වන කාලය බොහොම කෙටිය. උපරිම වසර එකහමාරක් පමණි. කෙසේ වෙතත් සමස්ථයක් ලෙස ගතහොත් රටේ තිබුණු තත්ත්වය ට වඩා හැම අංශයකින්ම යහපත් වනු ඇත.
ඒ වගේම විපක්ෂයේ පාර්ශ්වයෙන්ද අලුත් රැඩිකල් බලවේග මතුවීම සිදු වේ. පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂය පමණක් නොව අලුත් රැඩිකල් බලවේග මතුවීමේ හැකියාවද පවතී. විශේෂයෙන් අංකුර දේශපාලන චරිත ඉතා වේගයෙන් නැගී සිටිමක් දක්නට ලැබෙනු ඇත. ඔවුන්ගේ සටන් ක්‍රම බවට පත්වෙන්නේ සටන් පාඨ, පෙල පාලි නොව, වැඩවර්ජන නොව, ඔවුන් කැරලි ගසන්නේ ඩිජිටල් තාක්ෂණිකවය. විශේෂයෙන් දැනට සිටින විපක්ෂය දුබල වුනත් ඔවන් සැහෙන මට්ටමේ නවීකාරක භාවයකින් යුතුව කරළියට එන බවක්ද පෙන්නුම් කරනු ඇත.
1956 සිට ම අවසන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ 2020 දක්වා මැතිවරණ 11ක් පවත්වා ඇති අතර මේ වසර එකොළහෙදීම සෙනසුරු, ගුරු, යුරේනස්, රාහු, යන ග්‍රහයින් බලය ගැනීම සම්බන්ධයෙන් ප්රබලවම බලපානු ලබයි. සෙනසුරු සහ ගුරු වක්‍ර වී සිටියදී බලයට පත් වූ ආණ්ඩුවලට සිදුවූ පොදු ඉරණම, ඔවුන්ට තමන්ගේ නියමිත දූර කාලය අවසන් කර ගැනීමට නොහැකි වීමය. ඇතැම් අයට ඉතාම කෙටි කලකදී ඉතාම ජන අප්රසාදකට ලක්වීමට සිදු විය. මෙවර ආණ්ඩුවද බලයට පත්වන විටත් ලබා තිබුණේ 2020 දී ජය ලැබීමේදී ලබා තිබූ ග්රහචාරයමය. එනම් ගුරු සහ සෙනසුරු වක්රවීමය. මේ ග්‍රහයින් දෙදෙනා වක්‍රව සිටියදී බලයට ආ සෑම ආණ්ඩුවක්ම ඉක්මණින් අප්‍රසාදයට පත් විය. වර්ථමාන ආණ්ඩුවටද ඉදිරියේදී මුහුණ දීමට සිදුවෙන අභියෝග වැඩිවේ. හැම ආණ්ඩුවකටම වූ ඉරණම මේ ආණ්ඩුවට නොවෙන්න නම් මේ ආණ්ඩුව සතුව අසහාය බලයක් තිබිය යුතු වේ. ‘‘අපි තමයි ශූරයෝ, අපි පිරිසිදුම, අනිත් ඔක්කොම දූෂිතයි, අනිත් ඔක්කොම මෝඩයෝ’’ කියලා තනි මතයේ හිටියොත් මේ ආණ්ඩුවටත් වෙන්නේ ශෝකාන්තයක් වූ සුරංගනා කතාවක් හැටියට මේය අවසන් කිරීමටය.
ඒ වගේම ලංකා කේන්ද්‍රයේ 7 වැන්නෙන් පෙනවන්නේ ලංකාව සමග සම්බන්ධ වන ප්‍රතිවාදීන්ය. විශේෂයෙන් විදේශ රටවල් සමඟ පවතින සම්බන්ධය එතරම් යහපත් විදිහට පවතින ආකාරයක් ඉදිරියට පෙන්නුම් නොකරන අතර මැයි මාසයෙන් පසු, විශේෂයෙන් විදෙස් රටවල් වලින් ලංකාවට ලැබෙන සහාය හිතන තරම් ප්‍රමාණවත්ව නොවනු ඇත.
එමෙන්ම 4 වැන්නේ ගමන් කරන යුරේනස් ග්‍රහයාගේ ගමන නිසා අධිතාක්ෂණික දියුණුවක් පෙන්වයි. කෘෂිකර්මය පැත්තෙනන් වගාබිම් වල සාම්ප්‍රදායික ගොවිතැන අලුත් තාක්ෂණයෙන් වැඩි වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. ඉන්ධන සහ බලශක්ති පැත්තෙන් ද කැපී පෙනෙන වෙනසක් ඇති වේ. ජෛව රසායනික පැත්තෙන් ලෝකේ තියෙන අති නවීන කෘෂිකාර්මික අංග ලංකාවේ ක්‍රියාත්මක කරන්න අවස්ථා ලැබෙනවා. වසර 6 ක් මේ ග්‍රහචාරය පවතින නිසා ලංකාවේ කෘෂි විප්ලවයක් ඇති කරගැනිමේ අවස්ථාවද උදාවෙනු ඇත.
ග්‍රහයන් යනු අපේ ජීවිතේ ඉදිරියට තියෙන ගමන් මාර්ග පෙන්වන සංඥා දර්ශක, එහෙම නැත්නම් මග සලකුණු පමණකි. කොහොම වුනත් මේ වසර සියළුදෙනාට යහපත් ප්‍රතිඵල අත්පත් කරගත හැකි වසරක් වෙන අතර පසුගිය වසරට වඩා බලාපොරොත්තු සහ යම් අපේක්ෂාවන් පෙරදැරි කරගනිමින් කටයුතු කරීමේ හැකියාව ලැබෙන වසරකි. ජීවිතයේ කෙතරම් අභියෝග ඇති වුවත් තම තමන්ගේ ග්‍රහචාරය අනුව ඒ බල දුර්වලතා හඳුනාගෙන සියළුම දෙනාට ජය ගැනීමේ වාසනාව හැකියාව මේ වසරේ උදා වෙනු ඇත.
මේෂ ලග්න හිමියන්ට 2025 උදාවෙන්නේ ලග්නය උඩ සිටින යුරේනස් සහ ලග්නයෙන් දෙවැන්නේ ගුරු ග්‍රහයා වක්රවෙලා සිටින මොහොතකය. එසේනම් 2025 ආරම්භක මාසය මේෂ ලග්න හිමියන්ට එතරම් යහපත් වෙන්නේ නැත. නමුත් පෙබරවාරි ආරම්භ වෙනවාත් සමඟම මේෂ ලග්න හිමියන්ට 2025 නියම ආකාරයෙන් ආරම්භ වෙනු ඇත. මේෂ ලග්න හිමියන්ට දිගු කාලයක් තිස්සේ මානසික වශයෙන් තිබුණ ව්යාකුලතාවයන්, මානසික වශයෙන් තිබුණ අසහනකාරි තත්ත්වයන්, ගැටළු නිරාකරණය කරගෙන ඉතා යහපත් විදිහේ ආර්ථක තත්ත්වයකට යාමට හැකියාව ලැබේ. සෙනසුරු ගමන් කරමින් ඉන්නේ 11 වැන්නේය.
ජීවිතේ හැම ජයග්රහණයක්ම පෙන්වන තැන එතන රැකියාවක්, ව්‍යාපාර වල ලාභය, විභාග ජය මේ හැම දේකින්ම මේෂ ලග්න හිමියා අනෙක් ලග්න කරුවන්ට වඩා ඉදිරිගාමීව බලවත් තත්ත්වයක පවතී. සෙනසුරු 11 වැන්නේ බලවත් වනවා සේම එම ග්‍රහයා ඊසාන දිශාවේ සිටන බැවින් මේෂ ලග්න හිමියාට ලැබිය යුතුව තිබුණ මෙතෙක් ප්‍රමාද වූ සියළුම යහපත් ප්‍රතිඵල, උදාහරණයක් ලෙස අලුත් රැකියවකට යන්න, රැකියා උසස්වීම් ලබන්න, අලුත් ව්‍යපාර ආරම්භ කරනන් සුබ කාලයක් වනු ඇත.
රාහු ග්‍රහයාගේ ගමන තරමක් දුර්වල වනු ඇත. සෑම දෙයකම දෙගිඩියාවෙන් සිටිය හැකිය. එම තත්වයන්ද දුරු කරමින් මැයි මාසයේ දෙවෙනි සතිය වන විට ඒ සියල්ල දුරු වී මේෂ ලග්න හිමියා ඉතා බලවත් තත්ත්වයකට පත් වේ. විශේෂයෙන් දේශපාලනික, ක්‍රීඩා, ව්‍යාපාර කේෂේත්‍ර වෙන්න පුළුවන්, සිනමා කලා සංගීත ජනමාධ්‍ය ක්ෂේත්රයේ සිටින නව නිර්මාණ කරන හැම දෙනාටම අවුරුදු පහකට හයකට පස්සේ ලබන හොඳම අනර්ඝ කාලයක් උදාවන අතර කෙටි කලකදී බොහෝ ජයග්‍රහණද ලැබෙනු ඇත.
ඒ වගේම සෙනසුරු ලග්නයෙන් 12 වැන්නට ගමන් කරනු ඇත. විශේෂයෙන් කිව යුතු කාරණයක් වන්නේ සෙනසුරු ලග්නයෙන් 12ට හෝ ලග්නයට නැතිනම් දෙවැන්නට එන්නේ නම් ඒ කාලය ඒරාෂ්ඨක ලෙස ලංකාවේ මුල් බැසගත්ත වැරදි මතයක් පවතී.
මේ කාරණය සම්පූර්ණයෙන් බැහැර කළ යුතු මිත්‍යාවකි. මෙය හේතුකොටගෙන මේෂ ලග්න හිමියෙක් බිය යුතුවන්නේ නැත. දුෂ්කර විභාගවලට මුහුණ දෙන අය වේ නම් වෙහෙස නොබලා පාඩම් කිරීමෙන් ජය ගැනීමේ හැකියාව ලැබේ. නිවසක් හදන්න බලාසිටියානම් මේක තමයි නිවස තැනීමට සුදුසුම කාලය.
ශාරීරික, මානසික සෞඛ්‍ය පැත්තෙන් ගතහොත් මේෂ ලග්න හිමියන් ගන්නා ආහාර පාන සම්බන්ධයෙන් පරිස්සම් විය යුතු වේ. යුරේනස් ග්‍රහයාගේ දෙවැන්නේ ගමන නිසා නිතර නිතර දත්රෝග, උගුර ආසාධන, කාන්තාවන්ට තයිරොයිඩ් සම්බන්ධ රෝග බහුලව ඇතිවීමේ අවදානම මේෂ ලග්න හිමියන්ට වැඩි බැවින් සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. සමස්ථයක් ලෙස ගතහොත්, මේෂ ලග්න හිමියන්ගේ, රැකියාවේ හොඳ තත්ත්වයක්, ආදායම් මාර්ගවල හොඳ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ඇත.
2025 විජයග්‍රාහි ලග්න කිපයකි. ඉන් එක් ලග්නයක් වන්නේ වෘෂභ ලග්නයයි. ඔවුන්ට 2025 වසරේදී ලබන ග්‍රහචාරය ඉතාම සුභ කාලයක් වනු ඇත. හේතුව වන්නේ ලග්නය මත ගුරු ග්‍රහයා ගමන් කරන අතර වෘෂභ ලග්නයට ගුරු අයහපත් ග්‍රහයකු ලෙස සාම්ප්‍රදායික මතයක් තිබුණත් ලග්නය මත ගමන් කරන ගුරු ඉතා ප්‍රබල වේ. එයට හේතුව නම් 11 සහ 8 වැන්නාධිපතියා ලග්නය උඩ ගමන් කිරීමයි. 8 සහ 11 යනු අනපේක්ෂිත මට්ටමෙන් ලැබෙන ජග්රණය වන අතර වෘෂභ ලග්න හිමියන්ට අධ්‍යාපනික, ආර්ථක, සමාජීව වශයෙන් ලොකු සම්භාවනියත්වයක් සහිතව වසර ආරම්භ වේ. අධ්‍යපනයට ඉතා සුබ වසරකි.
ව්‍යපාරිකයන්ට ද හොඳ ආයෝජන තෝරාගෙන නිසි මුදල් යොදා ඉහළ ආදායම් ලැබිය හැකි කාලයකි. ලංකාව තුළ සිටිමින් විදෙස් ධනයද ඉපයීමේ හැකියාව පවතී.
සෙනසුරු ගමන් කරනුයේ 10 වැන්නේ නිසා රැකියා අවස්ථා වලින් ඉහළ ජයග්‍රහණ ලැබිමේ වාසනාවද ඇත. යුරේනස් ලග්නයෙන් දෙවැන්නේ ගමන් කිරීම තරමක් අසුබ වන අතර අක්ෂි රෝග සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු වේ. ඒ වගේම ස්නායු සම්බන්ධ රෝග, නින්ද නොයෑමේ තත්ත්වයන් ඇතිවීම, ඉරුවාරදය, කල් ගිය හිසරදය නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ.
නෙප්චූන් ග්‍රහයා ගමන් කරනුයේ ලග්නයෙන් 11 වැන්නේ නිසා ඕනෑම දෙයක් වශි කරගැනීමට ජනකාන්ත භවයක් ඇති කරගන්න අවස්ථාව ලැබෙන ඇත. දේශපාලන ක්ෂේත්රයේ සිටින අයටද වෙනදාට වඩා මහජන ප්රසාදයන් ලබාගැනීමේ වාසනාව උදාවනු ඇත. වෘෂභ ලග්න හිමියන්ගේ ප්‍රේමය සහ විවාහය සම්බන්ධව ගත්තාම විවාහයට සහකරුවකු නොමැතිව සිටියානම් ඉතා හොඳ සහකරුවන් මුණ ගැසෙනු ඇත.
මිථුන ලග්න හිමියන් 2025 ආරම්භ වන්නේම රාහු ග්‍රහයා බලවත් ස්ථානයක සිටියදීය. කේන්දරයක ආලෝකය වැඩිපුරම විහිදෙන ස්ථානය දසවැන්නයි. මිථුන ලග්න හිමියන් වෘත්තිය, ව්‍යපාර, රැකියාව සම්බන්ධව පසුබැසීමේ තත්ත්වයක සිටියත් ඔවුන්ට 2025 ආරම්භයේ සිටම එම රැකි රක්ෂා කටයුතු ව්‍යපාර ආර්ථික පැත්තෙන් කෙටි කලකදී ජයග්‍රහණ ලබාගත හැකි අවස්ථා උදා වනු ඇත.
දැනට 12 වැන්නේ වක්‍ර වී සිටන ගුරු ග්‍රහයා පෙබරවාරි මුලදි වක්‍රයෙන් මිදෙන අතරඑම ග්‍රහයා මැයි මාසයේදී මේ කේන්දරයේ ලග්නය මතට පැමිණීම සිදුවේ. එහිදි මිථුන ලග්න හිමියා පසුගිය වසර හතරක කාලයක් තිස්සේ ලැබූ අසාර්ථක ක්‍රියාවලියක් අවසන් කිරීමක් ලෙස පෙන්නුම් කරනු ඇත. විශේෂයෙන් ම විභාග අසමත් වූ මිථුන ලග්න හිමියන් සිටී නම් ඒ විභාගවලට නැවත පෙනී සිටින්න පුළුවන් නම් කෙටි කලකදී ජයග්‍රහණ ලැබීමේ වාසනාව පවතිනු ඇත.
ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන්ද ලබන වසරේ මැයි මාසයේ සිට ජයග්රාහි අවස්ථාවන් උදාවනු ඇත. දැනට 10 වැන්නේ ගමන් කරන රාහු ග්‍රහයා මැයි මාසයේදී ඒ ස්ථානය වෙනස් කරන අතර එම අවස්ථාවේදී මිථුන ලග්න හිමියා තරමක් පරෙස්සම් විය යුතු වේ.
මන්ද ඔබ ඔබ කරන රැකියාවට වඩා දියුණුවක් ලබා ගත හැකි අවස්ථා උදාවනු ඇතැයි සිතා ඔබ කරන රැකිවලින් ඔබ කරන ව්‍යාපාරවලින් ඉවත් වුවහොත්, විදේශ ගත වුවහොත් වැරදි කල්පනාවක් නිසා අසාර්ථක වන්නට ඉඩ පවතී. එම නිසා කිසි විටෙකත් තමන් කරන රැකියාවන්ගෙන් ව්‍යාපාරයන්ගෙන් ඉවත් වීම නොකළ යුතුය. දැනට 9 වැන්නේ ගමන් කරමින් සිටින සෙනසුරු, ලග්නයෙන් 10 වැන්නට පැමිණම ඉතාම හොඳ පිහිටීමකි. මෙය වසර පහක් දක්වා ඉදිරියට පවතී.
මිථුන ලග්න හිමියාගේ කේන්දරයේ දස වැන්න වෘත්තිය සමාජ තත්ත්වය තුළ ප්රබුද්ධ භාවය, නිර්මාණශිලිභාවය, ආකර්ෂණය නිසැකයෙන්ම ලැබේ. සිනමාව, කලාව, සංගිතය, දේශපාලන, ජනමාධ්‍ය යන ජනප්‍රිය දහරාවේ වෘත්තින්වල නියැලෙන අයට මෙය ඉතාම යහපත් කාලයකි.
එමෙන්ම විදේශීය දැනුම, විදේශ ධනය ලංකාවේ සිටම ලබා ගැනීමට උත්සාහ කරන අයට සාර්ථක ප්‍රතිඵල අත්වනු ඇත. යුරේනස් ඉන්නේ කෙන්දරයේ 11 වැන්නේය. එය ඉතා බලවත් පිහිටීමකි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම කොන්දේ අශ්‍රිතව ඇද වීම්, තෙරපීම්, තයිරොක්සින් ඌණතා, දියවැඩියාව අධිරුධිරපිඩය තිබෙන අය ඉතා පරෙස්සම් විය යුතු වේ.
කටක ලග්න හිමියන් 2025 වසර ආරම්භ කරන මොහොතේදී සෙනසුරු ග්‍රහයා ගමන් කරමින් සිටින්නේ 8 වැන්නේය. මේ තත්ත්වය විපත්ති තත්ත්වයක් හැටියට පවතිනවායැයි සාම්ප්‍රදායිකව හංවඩු ගැසුවත් එහි කිසිදු සත්‍යයක් නැත. නමුත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිය යුතු වෙනවා. වකුගඩු, අක්මා, පිටකොන්දේ යටි කොටස අාශ්‍රිතව නිදන්ගත රෝග තිබුණ අයට තරමක් අයහපත් කාලයක්. කොහොම නමුත් 2025 මාර්තු 29 සෙනසුරු නරකයි කියන 8 වැන්නෙන් මිදී 9 වැන්නට ගමන් කරනු ලබන අතර ඉන් පසු ජීවිතේ කාලයකට පසුව තීන්දු තිරණ අරගෙන සැහැල්ලු මනසකින් වැඩ කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එය ඉතාමත් සුභ ග්‍රහ පිහිටීමක් වනු ඇත.
ගුරු ග්‍රහයා මේ වන විට 11 වැන්නේ ගමන් කිරීම ඉතාම යහපත් වේ. ඒ වගේම කටක ලග්න හිමියාගේ කෙන්දරයේ ගුරුට අයිති වන ස්ථාන දෙකක් පෙන්වන අතර ඒ 6 සහ 9 වැන්නයි. මෙහිදී පෙබරවාරි මාසයේ සිට ලංකාව තුළ සිටියත් විදේශ ධනය ඉපයීමේ හැකියව පවතී.
විදේශ ගතවෙන්න බලාපොරොත්තුවෙන් සිටියානම් ඒය තිබු බාධාවන් ඉවත් වේ. උසස් අධ්‍යපනය සඳහා ඉගෙනීමට විදේශ ගත වීමට බලාපොරොත්තු වූවා නම් ඔවුන්ට ද ඒ අවස්ථාව ලැබෙනු ඇත.
ඒ වගේම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කරන්න බයෙන් හිටපු කටක ලග්න හිමියන්ට කිසිම බයක් නැතුව ව්‍යපාර කටයුතු ආරම්භ කිරීමට සුභ කාලයක් උදා වනු ඇත. ඒ වගේම කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ රාහු ග්‍රහයාගේ මාරුවක් සිදුවන අතර රාහු ගමන් කරමින් සිටින්නේ 9 වැන්නේය.
මෙහිදී රැකියාවේ තිබු අස්ථාවර භවයන් නැති වී ඔවුන් තුළ අනපේක්ෂිත මට්ටමේ ජයග්‍රහණ රැකියා ස්ථීර වීම්, තනතුරු ලැබීම්වලට වාසනාව උදාවනු ඇත. එහි අවාසියක් ද ඇත. ඒ වගේම ගින්දර, විෂකුරු සතුන්, විදුලිය, රසායනික ද්‍රව්‍ය වැනි දේවලින් වැඩ කරන අය සිටි නම් ඉතා පරිස්සම් විය යුතු වේ.
මේ අශ්‍රිතව අනතුරුවලට ලක්වීමේ අවදානම වැඩි වේ. ආහාරපාන විෂ වීම් ඇතිවිය හැකියි. ඒ නිසා රැකියාවේ හෝ අනෙක් කටයතු වලදී පරිස්සම් විය යුතු වේ.
උසස් අධ්‍යාපනයේ නියුතු අයට මෙය සුභදායි කාලපරිච්ජේදයකි. නෙප්චූන් 9 වැන්නේ ගමන් කිරීමද හොඳ පිහිටිමක් වන අතර අධ්‍යාපනයේ නියැලෙන්නන්ට සෑහෙන කාලයකට වාසි සහගත වේ. අධිතාක්ෂණික විෂයන් හදාරන අයට රැකියා කරන අයට වැඩි වාසි අත්වේ.
සිංහ ලග්න හිමියන්ට 2025 ආරම්භ වන විට 7 වැන්නේ ගමන් කරමින් සිටින සෙනසුරු ග්‍රහයා මාර්තු මාසයේදි 8 වැන්නට පිවිසේ. මෙය මහා ව්‍යසනයක ආරම්භයක් ලෙස මිත්‍ය මතයක් පැතිර ඇතත් එය සම්පූර්යෙන්ම මිත්‍යා මතයක් බවම සිහි තබාගත යුතුය. මේ ග්‍රහචාරය පිළිබඳව තරමක සැලකිල්ක් දැක්විය යුත්තේ, සිංහ ලග්න හිමියන්ගෙන් සිමිත පිරිසක් පමණි. ඒ අයට අවාසි සහගත වෙන්නේ සෞඛ්‍ය පැත්තෙන්ය. අක්මා, වකුගඩු අශ්‍රිත රෝගි තත්ත්වයන් ඇති අය කොඳුඇටපෙළ අස්ථි, සන්ධි රෝග වලින් පෙලෙන අය, විකලාංග ප්‍රතිකාර ලබන අය පමණක් පරිස්සම් විය යුතුය.
ඒ වගේම සෙනසුරු 8 වැන්නේ සිටියදී කරන යහපත් කටයුතු අතර සිංහ ලග්න හිමයන් තමන්ට වූ අසාධාරණයක් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබේ නම්, විනිශ්චය ප්‍රමාද වී තිබුණා නම් ඒ තීන්දු ලැබී සිංහ ලග්න හිමියාට වාසි වන අන්දමට කරණා සිදු වනු ඇත. මේ අයට ඉහළ පෙළේ ජයග්‍රහණ ප්රසාදයන්වලට ලක්වීමේ වාසනාවද හිමිවේ. ඒ වගේම උරුමයෙන් ලැබිය යුතුව තිබු දේපලක් ලැබීමේ වාසනාවටද 8 වැන්නේ සිටින සෙනසුරු උදව් කරනු ඇත. විශේෂයෙන් ආහාර පාන ගැනීමේදී සිංහ ලග්න හිමියන් අතිශය පරෙස්සම් විය යුතුය. ක්‍රිඩා කරන අයට පාද, කොඳු අශ්‍රිත ස්ථානයන්ට හානි නොවන අයුරින් ඒවා සිදුකරගත යුතු වේ.
ගුරු ග්‍රහයාගේ ගමන ලගන්යේ 10 වැන්නේ ගමන් කරන අතර මැයි මාසය වන විට ගුරු 11 වැන්නට ගමන් කිරීම සිදුවන අතර එය සිංහ ලග්න හිමියන්ගේ කේනදරයේ බලවත් ග්‍රහමාරුවක් ලෙස පෙන්නුම් කරනු ඇත. මෙහිදී රැකියා වෙනස් වීම් ඇති විය හැකිය, එය තරමක් අසිරු විය හැකි වුවත් ඒ වෙනස්වීම්වලට ඔරොත්තු දීම් තුළ විශාල ජයග්‍රණයන් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. නිතර නිතර සූරිය පිරිත සඡ්චායනා කිරිම යහපත් වෙනවා.
විදේශ රටවල්, විදේශජාතිකයින් සමග කරන කටයුතුවලින් ඉහළ ප්‍රතිපල ලැබිය හැකි සුබ කාලයකි. විදෙස් සිහින සැබෑ වේ. 2025 සිංහ ලග්න හිමියන්ට අභියෝගාත්මක සහ පෙරළිකාර තීරණ ගැනීමට සිදුවන ජයග්‍රාහී වසරකි.
කන්‍යා ලග්න හිමියන් 2025 වසර ආරම්භ කරන්නේ සෙනසුරු ග්‍රහයා බලවත් ලෙස 6 වැන්නේ සිටියදීය. 6 සිටි සෙනසුරු පසුගිය වසරේ නොවැම්බර් 16 වන තෙක් සිට ඇත්තේ දුබල තත්ත්වයක වුවත් දැන් එයින් මිදී ඇත. සෙනසුරු ග්‍රහයා 2025 මාර්තු 29 වැනිදා තවත් ප්‍රබල තත්ත්වයකට පත්වනු ඇති අතර සෙනසුරු ලග්නයෙන් 7 වැන්න්ට ගමන් කරනු ලබයි.
7 යනු සෙනසුරුගේ දික්බල ස්ථානයයි. සෙනසුරු 7 සිටින විට බොහෝ දෙනා විවාහය අසාර්ථක වේද විවාහය ප්‍රමාද වේද යැයි අනියත බියක් දක්වති. මෙය සම්පූර්ණ මිත්‍යා තත්ත්වයකි. යුග ජීවිතේ සහ පෙම් සම්බන්ධතා වල ගැටළු ඇති වෙන්න පුළුවන් කාලයක් තිබුණත් ඒ බාධාව ඉවත් වී යනු ඇත. එයට හේතුව දැනට ලග්නය මත සිටින කේතු සහ ලග්නයෙන් 7 වැන්නේ ඉන්න රාහු ග්‍රහයා මේ දෙදෙනාම මරුවීමක් සිදු වෙනවා කේතු 12 වැන්නටත් රාහු ග්‍රහයා 6 වැන්නටත් ගමන් කරනවා. මෙය කන්‍යා ලග්න හිමියන්ට ඉතාම වාසි දායක තත්ත්වයකි.
ඔවුන්වද පුදුම කරවන ආකාරයේ හැකියාවන් ඉදිරියටට එනු ඇති අතර පරිපාලන ක්ෂේත්රයේ, දේශපාලන ක්ෂේත්රයේ, ව්‍යපාර ක්ෂේත්රයේ සිටින කන්‍යා ලග්න හිමියන් වැඩි වේගයකින් තමන්ගේ බලය තහවුරු කරගැනීමේ වාසනාව උදා වනු ඇත. කාලයක් මුළුගැන්විලා සිටියා නම් වේගයෙන් තමන්ගේ ජයග්‍රහණය කරා නැවත පිවිසෙනවා. යුගජීවිතේ සහ හවුල් ව්‍යපාර සම්බන්ධයෙනුත් පැවති බාධා ඉවත් වෙලා අලුත් වාසි දායක තත්ත්වයන් අත්පත් කරගැනීමේ වාසනාව උදා වනු ඇත. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියානම් මැයි මාසය වන විට ඒ කාරණා ඉෂ්ඨ කර ගැනීමේ වාසනාව ලැබෙනු ඇත. ඒ අනුව සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම සහ රාහු ග්‍රයාගේ මාරු වීම යන දෙකම සුභ දායක වනු ඇත. දැනට 9 වැන්නේ ගමන් කරන ගුරු ග්‍රහයාගේ මාරුවත් ලග්නයෙන් 10 වැන්නට සිදුවන අතර තරගකාරි ක්ෂේත්‍ර වලින් කන්‍යා ලග්න හිමියන්ට තමන්ගේ ප්‍රතිවාදින් අභිබවා කැපිනෙනෙ පරිදි ඉරිදියට ඒමේ හැකියාව ලැබෙනු ඇත. ගින්දර, ගැස් පරිහරණයේදී පරිස්සම් විය යුතු කායලකි. හවුල් ව්‍යාපාරයන්ගෙන් ප්‍රවේසම් විය යුතුය.
තුලා ලග්නයෙන් උත්පත්තිය ලැබූ අය 2025 ආරම්භ කරන්නේ ජය පරාජයන් සමසමව විඳදරාගත් අවස්ථාවකදීය. පළමු මාසය හමාර වන විට කෙන්දරයේ වෙනස් වීම් ආරම්භ වේ. ගුරු ග්‍රහයා කෙන්දරයේ ගමන් කරමින් ඉන්නේ ඉතා නරක අවස්ථාවකය. මේ තත්ත්වය තුලා ලග්න හිමියන්ගේ ශාරිරික මානසික සෞඛ්‍යට තර්ජනයක් එල්ල වෙලා තියෙන්නේ. නමුත් ඒ තර්ජනයෙන් ඔවුන්ට පෙබරවාරි මුල සිට අත්මිදීමට හැකියාව ලැබෙනු ඇත.
ඉන් පසු මැයි මාසයේදී ගුරු 9 වැන්නට ගමන් කරන අතර මෙය තුලා ලග්න හිමියා ලබන විශාල අස්වැසිල්ලකට හේතු වනු ඇත. විශේෂයෙන්ම නිදන්ගත අක්මා වකුගඩු සම්බන්ධවත් ශරිරයේ බර සම්බන්ධවත් පිඩාවලදී තුලා ලග්න හිමියන්ට ඉන් මිදීමට වාරතාවරණයක් සැකසෙනු ඇත. අධ්‍යපනික වශයෙන් විශාල පසුබැමකට ලක් වෙලා සිටි තුලා ලග්න හිමියන් ඔවුන් ඒ සියළු බාධාවන් මැඩගෙන උසස් අධ්‍යාපන අවස්ථා ඉතා වේගයෙන් නැවත ප්‍රතිසංස්කරණය කරගෙන ඉදිරියය යෑමේ අවස්ථාද උදාවනු ඇත.
විදේශ ගත දැනුම, විදේශගත අධ්‍යාපනය විදේශ මුදල් බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ වාසනාවද උදා වනු ඇත. විදේශ ශිෂ්‍යත්වය ද ලැබීමේ වාසනාව හිමවනු ඇත. ව්‍යාපාරවලට හොඳ කාලයකි. රැකියාවන්හි දියුණුව ඇතිවේ. ගුප්ත ශ්‍රාස්ත්‍රය වැනි විෂයන් හදාරන තුලා ලග්න මිහියන්ට එම විෂයන්වල ගැඹුරට හදැරීමටත්, අලුත් විෂයන් ඉගෙන ගැනීමටත් ඒ ලබාගත් දැනුම හොඳින් සමාජගත කරීමටත් ඒවායින් කීර්තිය ප්‍රශංසාව ලැබිමේ වාසනාව උදා වේ.
එමෙන්ම සංචාරක කර්මාන්ත, පිරිස් පාලනය, නිෂ්පාදන කටයුතුවල නියැලෙන අයට සුවිශේසි වරප්‍රසාද ලබන්න අවස්ථා ලැබෙනු ඇත.
දුශ්කර විභාග වලින්ද ජය අත්වේ. යුරේනස් ග්‍රහයා ගමන් කරන්නේ කෙන්දරයේ 7 වැන්නේ නිසා විශේෂයෙන් ප්‍රේමය හා විවාහයේදි ආවේගකාරි තත්ත්වයන් ඇතිවිය හැකි නමුත් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. ගර්භාෂගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ස්ත්රින් සැලකිලිමත්විය යුතුය.
වෘශ්චික ලග්න හිමියා 2025 ආරම්භ කරන්නේම තරමක පීඩනයක්, අවාසි සහගත කොන්දේසි සහිතවය. හේතුව වන්නේ වෘශ්චික ලග්න හිමියාගේ ලග්නාධිපති වූ කුජ දිගුකාලයකට කේන්දරයේ නව වැන්නේ වක්‍ර ගමනක යෙදෙනු ඇත. එම ගමන සිදුවන්නේ 8 සහ 9 වැන්න අතරේය. ඒ නිසා මුල් මාස 6 ඔවුන් ගතකරනුයේ තරමක් අවිනිශ්චිත මට්ටමකය. ගන්නා තින්දු තිරණ සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් පසුගාමි තත්ත්වයන් හට ගත හැකි අතර අවාසි ධායක තත්ත්වයන් ඇත. කෙසේ නමුත් මාර්තු 29 වැනිදා කේන්දරයේ 4 වැන්නේ ගමන් කරමින් සිටින සෙනෙසුරු 5 වැන්නට මාරු වේ. විජයග්‍රාහි අවස්ථාවක් යම් හීන වීමක් මෙමඟින් සිදු වේ.
රැකියාව, අධ්‍යාපනය වෙනස් කිරීමක් නෙකොට දිගටම කරගෙනන ගියොත් සාර්ථක වනු ඇත. නමුත් කේෂෙත්රයන් හෝ අධ්‍යාපනයේ විෂයන් මාරු කළහොත් කඩා වැටීම් සිදු වේ. තරමක් ආර්ථකයට අභියෝගාත්මක කාලයකි. අවාසි දායක ලෙසස ක්‍රියාත්මක වන රාහු ග්‍රහයා වාසි දායක ස්ථානයකට මාරු වනු ඇත. එය යහපත් වෙනසක් වනු ඇත. ගුරු ග්‍රහයා සිටින්නේ 7 වැන්නේ නිසා ලබන මැයි මාසයේදි ගුරු 8 වැන්නට ගමන් කරන අතර මෙය සැලකිය යුතු මට්ටමේ පරිස්සම් සහගත අවස්ථාවක් වන අතර විශේෂයෙන් ම රුධිරගත සීනි, අධික තරබාරුව, අක්මා, වකුගඩු රෝගයන්ගෙන් පෙළෙන අය ගැස්ට්‍රිටිස් තිබෙන අය මුත්‍රා අසාධන තිබෙන අය ඉතාම පරෙස්සම් විය යුතු වේ. කොහොම නමුත් වෘශ්චික ලග්න හිමියන්ට අභියෝගය ඇත්තේ ඔබ සමගමය. ඒ අභියෝගයන් භාරගෙන බුද්ධිමත්ව කටයුතු කළහොත් ඔබව 2025 සාර්ථක කරගැනීමේ ශක්තිය හිමිවේ.
ධනු ලග්න හිමියන් 2025 වසර ආරම්භ කරන්නේ අවාසිදායක තත්ත්වයන් රාශියක් තිබියදි වුවත් පෙබරවාරි මාසය අවසන් වනවත් එක්කම ඔවුන් මෙම අවාසිදායක තත්ත්වයන් සැලකිය යුතු මට්ටමකින් අවසන් කරගනු ඇත. ලග්නාධීපති වූ ගුරු වක්‍ර ග්‍රහයකු හැටියට 6 වැන්නේ ගමන් කිරිම ධනු ලග්න හිමියන්ගේ ශාරිරක සුවතාවයට විශාල තර්ජනයක් වුවත් පෙබරවාරි මාසයේ ආරම්භ වන විටම එම තර්ජන වලින් ඔවුන් නිදහස් වනු ඇත.
මැයි මාසයෙන් පසු ගුරු 7 වැන්නේ ගමන් කරන අතර එය ඔවුන්ට වාසාදායක වනු ඇත. සෞඛය සම්පන්නව තිබු බලවත් තර්ජනයක් මග හැරි යනු ඇත. එමෙන්ම තමන්ගේ රැකියාව කුසලතාව වෘත්තිය සම්බන්ධව අදෘෂ්‍යමාන සතුරු තර්ජන මග හැරි යයි. තවද ජිවතේ මෙතෙක් මුණ ගැසි නැති ප්‍රභු පුද්ගයවක් මුණ ගැසිමට, ගුරුවරුන් මුණ ගැසිමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව උදා වනු ඇත. ඒ වගේම යහපත් සමාජ සම්බන්ධතා ද ගොඩ නැගෙනු ඇත. ප්‍රේමය හා විවාහය සම්බන්ධයෙනුත් පැහැදිලි ප්‍රගතියක් ධනු ලග්න හිමියාට ලැබෙන වසරකි.
දැනට අවිනිශ්චිත භාවයකින් යුතුව 4 වැන්නේ ගමන් කරන රාහු ග්‍රහයා බලවත් ස්ථානයකට ගමනු කරනු ඇත. මෙහිදී සහජ හැකියාවන් ඉස්මතු කරන, ඒ සඳහා හොඳ අවස්ථාවන් ලබන තමාගේම වෘත්තින් ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන තරගකාරි ක්‍රිඩා අංශ නිර්මාණ අංශයෙන් වෙන්න පුළුවන්. මේ ඕනෑම අංශයකින් කැපි පෙනෙන ජයග්‍රහණ ලබාගැනීමට හොඳ අවස්ථාවන් ලැබිය හැකි වසරකි. රැකියාවන්ට විදේශ ගතවීමට බලාපොරොත්තු වන ධනු ලග්න හිමියන්ටද සුබ කාලයකි. ගුරු ග්‍රහයාගේ පිහිටිමත් රාහු ග්‍රහයාගේ පිහිටමත් සුබදායි ලෙස වෙනස් වෙමන් සිටියදි සෙනසුරු ග්‍රහයාගේ ගමනද වඩා බලවත් තත්ත්වයකට පත් වනු ඇත. ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ හතරවැන්නේ සෙනසුරු ග්‍රහයා සිටීම, නිවාස ඉදිකිරිමට සුබ කාලයක් වගේම උසස් අධ්‍යාපනයට සුබ කාලයකි. දේපල වස්තු ලාභ, භුමිලාභ ලැබෙන කාලයකි. අධ්‍යාත්මික වශයෙන් සුවිශේෂි වූ වරප්‍රසාද තත්ත්වයකට පත්වේ.
2025 වසර මකර ලග්න හිමියන් ආරම්භ කරන්නේම 7 වැන්නේ වක්‍ර කුජ ග්‍රහයා සිටියදිය. මෙය ඔවුන්ගේ විවාහ ජීවිතය, ප්‍රේම සම්බන්ධතා යන සෑම දෙකටම තර්ජනයක් ලෙස පෙන්නුම් කරනු ලබුවත් පළමු මාස 5 අවසානය වන විට එම බාධාවන් ඉවත් වෙන අතර ඉන් පසුව ඒ සම්බන්ධව ආරම්භ වන්නේ වර්ධනීය තත්ත්වයකි. දැනට සෙනසුරු ගමන් කරනුයේ දෙවැන්නේය. එම සෙනසුරු මාර්තු මාසයේ 29 වැනිදා සිට ගමන් කරනුයේ තුන්වැන්නේය.
මෙම ග්‍රහ පිහිටීම මකර ලග්න හිමයාගේ ජීවිතේ වසර හතහමාරක පසු සුබ දායක කාල පරිච්ජේදයක ආරම්භ ලක්ෂ්‍යය වනු ඇත. රැකියාව, වෘත්තිය, ව්‍යාපාර, අධ්යායපනය කියන හතරටම ඉතා සුබ දාය ලෙස ක්‍රියාත්මක වනු ඇත. තමන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කොට ගෙන වෘත්තිය මට්ටමින් කැපිපෙනෙන නායකත්වයක් ලබගැනිමටත් මකර ලග්න හිමියාට හැකි වනු ඇත. රැකියාවේ උසස්වීම් ලැබෙන කාලයකි.
ඒ වගේම තුන්වැන්නේ ගමන් කරන රාහු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ ගමන් කිරිම තරමක් අයහපත් වන අතර විශේෂයෙන් තයිරොක්සින්, උගුර, කන, නාසය සම්බන්ධවත්, ඇස් සම්බන්ධවත් මකර ලග්න හිමියන් තමන්ගේ ආහාර පාන සම්බන්ධව සැලකිලිමත් විය යුතුය. එවැනි රෝග උග්‍රවිය හැකියි. වියදම් වැඩිවන කාලයකි. අදහස් හුවමාරු කරගැනීමේදී අනෙකාගේ සිතුවිලි නොතකා ඔබගේ අදහස් ප්‍රකාශයට ඉක්මන්කාරි වීමක් සිදුවිය හැකි නිසා අඩුවෙන් කතා කරමින් උපාය ශීලිව කටයුතු කළ යුතුය.
නෙප්චූන් ග්‍රහයා සිටින්නේ ඉතාම බලවත් ස්ථානයක නිසා විශේෂයෙන් තරගකාරී ක්ෂේත්රවල (ක්‍රිඩා, තරගකාරි වෙළෙඳ ක්කේෂත්ර, දේශලාපන, ජනමාධ්‍ය)සිටින මකර ලග්න හිමියන්ට අනෙක් සියළුම ලග්න හිමියන්ට නැති ආකාරයේ සුවිශේෂි වාසිදායක තත්ත්වයක් ජනකාන්ත භාවයක් ලැබේ. තරුණ ස්ත්‍රීන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන්ද වැඩිහිටි ස්ත්‍රීන් තමන්ගේ පෙනහලු සම්බන්ධයෙන්ද පරෙස්සම් විය යුතුය. රැකියා කටයුතු උසස් වේ. ඇසුරට සුදුසු යහපත් අය ඇසුරට ලැබෙන කාලයකි.විදෙස් අධ්‍යාපනයට වාසනාව ඇත. සමාජයේ උසස් අවස්ථාවන්, උසස් පුද්ගලයන්ගේ ඇසුර, දැනුම ලැබෙන වසරකි.
මෙම වසර කුම්භ ලග්න හිමි ඔබට සුබ අසුබ මිශ්‍ර පල දෙන වසරකි. වසර ආරම්භ වන්නෙම සෙනසුරු ග්‍රහයා ලග්නය මත සිටියදිය. එය තරමක් පිඩා කාරි අවස්ථාවකි. කෙසේ වුවත් මාර්තු මාසේ සිට සෙනසුරු දෙවැන්නට පිවිසිම ඉති යහපත් වනු ඇත. මානසික වශයෙන් සැහැල්ලවෙන් කටයුතු කිරිමට කුම්භ ලග්න හිමියන්ට අවස්ථාව හිමිවනවා. ඒ වගේම ස්ථාවර ධනය, තැන්පතු ධනය, යුගජීවිතය, අධ්‍යාපනය, පැතිවලින් තිරසාර පිළිවෙලකට යොමු විමට හැකියාව ලැබෙනු ඇත.
ගුරු ග්‍රහයා පසුගිය කාලය පුරාම ගමන් කළේ අගතිගාමි ගමනක වුවත් පෙබරවාරි සිට එම ග්‍රහයා බලවත් වීම නිසා ඉඩකඩම් දේපල මිලට ගැනිුම විකිණීම, අලුත් අධ්‍යපාන ආරම්භ කිරිම වැනි දේවල් තුළින් සාර්ථකත්ව ලැබිමේ හැකියාව ඇත.
රාහු ගමන් කරමින් සිටිනේ දෙවැන්නේ ය. එම රාහු මැයි මාසයේදි ලග්නය මතට ගමන් කරනු ලබයි. මෙය හොඳට නරකට දෙකටම එන ග්‍රහ පිහිටීමකි. හරියට පාවිච්චි කළහොත් රාහුගේ ගමන ජිවිතේ සුබසිද්දියට පාවිච්චි කළ හැකිය. වරද්ද ගතහොත් සියළු සුබපල දායක තත්ත්වයන් තනි තීන්දුවකින් වෙනස් වි යාමේ අවදානම ඇත. ප්‍රේමය සහ විවාහය සම්බන්ධ සහ හවුලේ කරන ව්‍යාපාර ලංකාවේ මෙන්ම විදේශ රටවල් සමග ඇති කරගන්නා වු ධනය හෝ දැනුම සම්බන්ධව කටයුතුවලදි කුම්භ ලග්නට වැඩි සාර්තකත්වයක් පෙන්නුම් කරනු ඇත. ධනය නිකරුනේ වියදම්වේ. ඉංජිනේරු පරිගණක ක්සේත්‍ර වල රැකියා කරන අයට සුබ වේ. ඒ වගේම කුම්භ ලග්න හිමියන් සෞඛ්‍ය කෙරෙහිද වඩාත් සැලකිලිමත් විය යුතුය. කුම්භ ලග්නයෙන් උපන් ස්ත්‍රි පක්ෂය අතර හෝමෝන ඌණතාවයන්ට ප්‍රතිකාර ලබන අය විශේෂයෙන් ඒ අය තමන්ගේ සෞඛ්‍ය පිළිබද විමසිලිමත් විය යුතුය. විදේශ ගමන් අති සාර්ථක වනු ඇත. අලුත් විශයන් ඉගෙන ගැනිමට වාසනාව ඇති අතර තරග විභාග වලින් ජයගැනිමෙ හැකියාව ඇත.
2025 මීන ලග්න හිමියන් ආරම්භ කරන්නේම රාහු සහ නෙප්චූන් ලග්නය මත සිටිමින් ඇති කරන්නාවු පීඩාකාරි තත්වයකිනි. එසේ නමුත් රාහු මැයි මාසයේදි මීන ලග්න හිමියාගේ මානසික වශයෙන් තිබු විශාල පීඩනයක් අවසන් කරමින් ලග්නයේ 12 වැන්නට ගමන් කරනු ඇත එය මීන ලග්න හිමියන් 2025 ලබන ලොකුම ජයග්‍රහණයකි. යුග ජීවිතය හවුලේ කරන ව්‍යාපාර කායික මානසික සංතුෂ්ඨය සාමකාමි මානසිකත්වයකින් වැඩි කරගගැනිමට තිබුණ දිගුකාලින බාධාවක සියයට පනහක හරි අඩක කොටසක් නිදහස් වීමක් හැටියට පෙන්නුම් කරනු ඇත. ලග්නයෙන් 12 වැන්නේ ගමන් කරන සෙනසුරු ඒරාස්ඨක තත්වයන් නොවෙනු ඇත.
විශේෂයෙන් අධ්‍යාපනය හදාරන, යම් විෂයන් ගවේශණය කරන මීන ලගන් හිමියන්ට සුබ වේ. විභාගවලින් ජය අත්වේ. රැකියාව තුළ ඉතා ඉවසිමෙන් බුද්දිමත්ව කටයුතු කිරිමෙන් දියුණුව ඇතිවේ. ධනය අතින් තමාගෙන් ගිලිහුනු නායකත්වයන් වෘත්තිමය වශයෙන් අත්පත් කර ගැනිමේ හැකියව ඔවුන් ලබනවා. ඒ සඳහා යම් වෙහෙසක් දැරිමය සිදු වේ. ගුරු ග්‍රහයා ලග්නාධිපති මේ වන විට ගමන් කරන්නේ ලග්නයෙන් තුන්වැන්නේ ඉතාම නරක ස්තානයක වුවත් මැයි මාසයේදි ගුරු ග්‍රහයා මාරු වෙනවා බලවත් ස්තානයකට. එය ඔවුන්ගේ අධ්‍යාපනයට, ඉඩ කඩම් මිලදි ගැනිමට, විකිණීමට ආදි සෑම අංශයකටම සුබ දායක වෙනවා. නමුත් හෘද රෝග, පෙහළු රෝගවලින් පෙලෙන අය ඉතාම පරෙස් සම් විය යුතුවේ.
ඒ වගේම අධ්‍යාපනය සදහා විදේශ ගතවිමට, ක්ෂේත්‍ර මාරු කිරිමට හෝ රැකියා ව්‍යාපාර වලින් මීන ලග්න හිමියන්ට හොද අවස්ථාවන් ලැබිමේ වාසනාව පවතී. බාධාවකට පවතින්නේ මානසික සෞඛය තත්ත්ව බිඳ වැටිමයි. එය පාලනය කරගතහොත් 2025 වසර ජග්‍රහණයක් ලැබිය හැකිය.
නදිශා අතුකෝරළ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු
මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැ
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2025 නව වසර ලංකාවේ සමජ ආර්ථක දේශපාලනයටත්, රටේ ජීවත් වෙන රට වැසියන්ටත් අලුත් ආරම්භයක් සිදුවෙන්නේ අප
2006 අප්‍රේල් 27 වන විට නෙලීකා රෝහල්ගතව දින 10 කට ආසන්න වී තිබිණ. එම කාලසීමාව තුළ මේජර් සමීර රාජකාරී අතර වූවද, දිනකට දෙවරක් ඈ බලන්නට නොවරදවාම පැමිණියේය .
‘ජීවිත සුරැකීම සහ මිතුදම් පවත්වාගැනීම’ යන තේමාව යටතේ මානුෂීය මෙහෙයුම්වල නියැළෙන ‘ඩයිෂාන් ඩාඕ’ චීන රෝහල් නෞකාව, චීන ඉන්ජිනේරු විස්මයක් යැයි කීවොත් එහ
දුර්වල මිනිසුන් වාසනාව සොයා යද්දි බොහෝ දිරියවන්ත මිනිසුන් සොයා යන්නේ අවස්ථා පමණි, කියන වදන ඔබ අසා ඇති. ජීවිතය යන සිදුවීම් සමුදාය තුළ අවස්ථාවන් සොයා යම
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ටොලමියානු ජෝතිෂ්‍ය ඇසින් 2025 රටට සහ ඔබට කොහොමද ?