IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


තාක්ෂණයේ සිරවීම

 

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. තාක්ෂණික දියුණුවත් සමග ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු සොයා ගැනීම අද කළුනික සොයනවාටත් වඩා අපහසුය. නමුත් ජංගම දුරකථන භාවිතයේ ඛේදනීය තත්වය වන්නේ නූතන තරුණ පරපුර ජංගම දුරකථනයේ සිරකරුවෙකු බවට පත්ව තිබීමයි.


දියුණු ලෝකයේ තාරුණ්‍යයට තාක්ෂණය කියන්නේ අත්‍යවශ්‍යම දෙයකි. ජංගම දුරකථනයේ ප්‍රයෝජන රැසක් පවතින බව සැබෑය. නමුත් ‘පිහිය රත්තරන් වුණු පලියට බෙල්ල කපා ගන්නේ නැත.’ කොතරම් ප්‍රයෝජන ලබාදුන්නද ඇබ්බැහි භාවිතා කිරීම තුළින් ජීවිත විනාශය කරා රැගෙන යාමේ හැකියාවද ජංගම දුරකථනය සතුවේ. මේ සියලු දේවල් තීරණය වන්නේ භාවිතා කරන්නා මත වේ. කෙතරම් සාර්ථක මෙවලමක් වුවත් වත්මන් තරුණ පරපුර මෙය අවභාවිතයකින් තොරව පරිහරණය කරනු ලබයි. ඔවුන් හුරුවී තිබෙන්නේ ජංගම දුරකථනය තුළම ජීවත් වීමටයි. නිවස තුළ බස්නැවතුම්පොළ මහ මග යන ඕනෑම තැනකදී ඔවුන්ගේ සිත යොමුවන්නේ ජංගම දුරකථනය වෙතටයි. තමන්ගේ මව්පියන් සමග කතා කරන්නට, නිදහසේ පොතක් කියවන්නට, පරිසරය විඳින්නට අද තරුණයන්ට කාලයක් නොමැත. මන්ද ඒ තරමටම ඔවුන් ජීවත්වන්නේ ජංගම දුරකථනයට කොටුවෙලා ය.
ඔවුන් මොහොතකට හරි ජංගම දුරකථනයෙන් දුරස් වන්නේ නින්දට යන මොහොතේ දී පමණි. අද තරුණ තරුණියන්ගේ පරිකල්පන ශක්තිය, ලේඛන හැකියාව, සාහිත්‍ය රසවින්දනය ගිලිහී ගොස්ය. ජංගම දුරකථනය තුළම ජීවත්වන ඔවුන් නොදැනුවත්වම සාහිත්‍ය රසය දුරස් වී ඇත. අද භාෂාව දියුණු වනවාට වඩා සිදු වී ඇත්තේ භාෂාව විකෘති වීමයි. ජංගම දුරකථනය ඔස්සේ තරුණ පරපුර සිංglish  භාෂාවකට හුරු වී ඇත. එදා මෙන් සාහිත්‍යධරයන්, කවියන් බිහි නොවීම ගැන පුදුම වන්නට දෙයක් නැත. අද සෑම සම්බන්ධතාවක්ම ජංගම දුරකථනයට කොටු වී ඇත.


 ජංගම දුරකථනයට කොටුවෙලා පවත්වන සම්බන්ධතා හරිම කෘත්‍රිමයි. ඇතැම් අවස්ථාවන්වලදී තරුණ තරුණියන් ජංගම දුරකථනය ඔස්සේ නාඳුනන පුද්ගලයන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගැනීම සිය ජීවිත අඳුරට ඇදගන්නා අවස්ථා අද සමාජයේ ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. කෙසේ නමුත් ජංගම දුරකථන භාවිතයෙන් මුළුමනින්ම ඉවත්වීමේ හැකියාව නැත. වැදගත් වන්නේ අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමයි.


නිලූෂි නිලුනිකා කුමාරි
කැලණිය විශ්වවිද්‍යාලය.



අදහස් (0)

තාක්ෂණයේ සිරවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

තක්සලාව

එදා ඉන්දියාවත් මවිත කළ උපාලි ෆියට් හා මැස්ඩා කාර්
2025 මාර්තු මස 31 25 0

ලංකාවේ හදපු කාර් රජය විසින් පසුගිය මාසයේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමත් සමග වාහන 9,012ක් ගෙන ඒම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත්, එහි


උතුරට ගොස් දමිළ බස පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් ලැබු දකුණේ හාමුදුරුවෝ
2025 මාර්තු මස 31 8 0

භාෂාව සහ සමාජය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. භාෂාව යනු සමාජ සංස්කෘතියේ කොටසක් වේ. එය සමාජය විසින් නිර්මාණය කරනු ලබන අතර, සමාජය


කූරගල සෙල්ලිපිය පෙර ආත්මයකදී කොටන්න ඇත්තෙ මම
2025 මාර්තු මස 31 23 0

රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කූරගල පුදබිම දැනට වසර හතරක පමණ සිට මෙරට වැඩියෙන්ම කතාබහට ලක්වූ


හෙනහුරාගේ වළලු හොරු අරන්
2025 මාර්තු මස 31 15 0

අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් පියවි ඇසට පෙනෙන ග්‍රහයන් පස් දෙනා අතරින් සෙනසුරු සුවිශේෂ තැනක් ගනියි. ඒ සෙනසුරු ගේ ඇති දීප්තිමත්, වර්ණවත් වළලු‍ නිසාය. සෞරග්


ලෝක වාර්තාවකට සැරසෙන පුංචි කංෂිකාට අතදෙන්න
2025 මාර්තු මස 22 37 0

උපතින්ම ගෙන එන සහජ දක්ෂතාවන් ලෝකයා හමුවේ තබා ලෝක වාර්තා තැබීමට තරම් දක්ෂතා දක්වන කුඩා පාසල් දියණියන් අප රට තුළ ජීවත්වීම අපට මහත් ආඩම්බරයක් ගෙන දෙන්නක්


ආපසු ආ ගගනගාමීන් දෙදෙනා
2025 මාර්තු මස 22 69 0

නව ගගන කැප්සියුලයක් අත්හදා බලමින් දින 8 ක අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති අන්තර් ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් - ආපසු පෘථිවියට පැමි


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 32 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 663 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 745 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site