පූබාලසිංහම් යාපනය පොත්හල
රූපවාහිනි හා අන්තර්ජාල පහසුකම් නොමැති යුගයක වේදිකා නාට්‍ය, චිත්‍රපට නැරඹීම හා පොත් කියවීම ශ්‍රී ලාංකිකයාගේ රස වින්දන මාධ්‍යය අතර ඉහළින්ම තිබුණේය. ඒ අතීත කාලයේ බොහෝ ප්‍රදේශවල සිටියේ සංචාරක පොත් වෙළෙන්දන් ය. උතුරු අර්ධද්වීපයේ යාපනයේ ද සංචාරක දමිළ පොත් වෙළෙන්දෝ බහුලව සිටියහ. 1945 තරම් ඈත කාලයක යාපනයේ “පූබාලසිංහම්” යනුවෙන් “පොත් අලෙවිසලක්” ආරම්භ විය. එදා එසේ ආරම්භ වූ පොත් අලෙවිසල, අද වෙන විට කොළඹ නගරය දක්වා ව්‍යාප්ත වී අලෙවිසැල් දෙකක්ම පවත්වාගෙන යන ප්‍රකට දමිළ මාධ්‍යය පොත් අලෙවි සල් බවට පත්ව ඇත.
පූබාලසිංහම් |
ශ්‍රීධර සිං |
නමුත් “පූබාලසිංහම් පොත් අලෙවිසල” මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ, ගින්දර, අළු හා දුහුවිලි මතින් බව සඳහන් කළ යුතුය.
පූබාලසිංහම් පොත් අලෙවි සැලෙහි වර්තමාන හිමිකරු වන්නේ ශ්‍රීධර සිං ය. ජාතිවාදී ගිනිදැල් වලින් ගිනි තබා විනාශ කරන ලද තම ව්‍යාපාරය නැවත නඟාසිටුවීම ගැන පමණක් නොව, ලංකාව තුළ තිස් අවුරුදු යුද්ධය යාපනය පුස්තකාලය ගිනි තැබීම මෙන්ම - 83 කළු ජූලියේ දී පවා ඔහු ලත් අත්දැකීම් බොහෝමයකි. ශ්‍රීධර සිං සිය අතීත මතක සැමරුම් “ඉරිදා ලංකාදීප” ය ට ප්‍රකාශ කළේ මෙසේය.
“ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මගේ පියා. එයාගේ නම පූබාලසිංහම්. 1945 වසරේ දී තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. මුල දී තාත්තා කළේ යාපනයේ මුද්‍රණය කරන දමිළ පුවත්පත් සඟරා ආදිය විකිණීමයි. පියවරෙන් පියවර තමයි ව්‍යාපාරික කටයුතු සාර්ථක වුණේ. ඒ අනූව 1960 අවුරුද්ද වෙද්දී යාපනය දුම්රියපොළ, බස්නැවතුම්පොළ ඉදිරිපිට හා වෙෙළඳ සංකීර්ණය යන තැන් තුනක පුවත්පත් අලෙවි සල් තිබුණා. 1960 න් පස්සේ යාපනයේ මුද්‍රණය කරන පුවත්පත්, සඟරා විතරක් නෙමෙයි, කොළඹ මුද්‍රණය කරන භාෂා තුනේම දිනපතා සහ සතිඅන්ත පුවත්පත් ගෙන්වාගෙන අලෙවි කරනවා. එදා සිට අද දක්වාම පුවත්පත් නියෝජිත වශයෙන් කටයුතු කරන්නේ අපි තමයි. එහෙම පසුකාලය වෙන විට අලෙවිසලේ උගතුන් බුද්ධිමතුන් යන එන ස්ථානයක් බවට පත්වුණාට පස්සේ දමිළ සාහිත්‍ය පොත්පත් වගේම, ඉන්දියාවෙන් නිකුත් කරන පොත්පත් යාපනයට ගෙනවිත් අලෙවි කළා.”
“කොළඹ ඉඳන් යාපනයට පාන්දර 5.30 ට එන කෝච්චියෙන් තමයි පුවත් පත් එන්නෙ. මමයි මගේ සහෝදරයන් තුන්දෙනයි බයිසිකල් වලින් ඒ පත්තර අරන් ඇවිත් යාපනය බස් නැවතුම, දුම්රියපොළ ඉදිරිපිට, මාර්කැට්ටුව අසල ඇති අපේ අලෙවිසල්වල විකුණනවා. උදේ 8 වෙද්දී සියලු කටයුතු අවසන් කරලා තමයි අපි පාසලට යන්නෙ. ඒ අපි ඒ දවස්වල දිනපතා සිදු කරන කටයුත්තක්.”
“මගේ පියා වාමාංශිකයෙක්. එයා තමයි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කළේ. තව එයත් එක්ක දේශපාලන වැඩකටයුතු සිදුකළ තව කීප දෙනෙක් හිටියා. වී පොන්නම්බලම්, ඒ. වෛතියලිංගම් හා එම්.සී. සුබ්‍රමනියම් යන අය මූලික වශයෙන් කටයුතු කළා. 1960 අවුරුද්ද වෙන විටත් යාපනයේ හිටපු ලේඛකයන්, සාහිත්‍යකරුවන්, කවීන්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු හා පාසල් ගුරුවරුන් අපේ අලෙවිසැලට පැමිණ වාද විවාද සාකච්ඡාවල නිරත වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන - මහාචාර්ය කෛලාසපති, මෞනගුරු, සිවතම්බි, නුහුමාන් වගේ උගතුන් මෙන්ම ඩැනියෙල්, සෙන්ගලියාන්, එස්. පොන්නුදුරෙයි හා මෑතකදී අප අතරින් වෙනක් වූ ඩොමිනික් ජීවා යන ලේඛකයන්, කවීන්, පුවත්පත් හා පොත් කියවමින් සාකච්ඡාවල යෙදෙනවා.”
ශ්‍රී ලංකාවේ දුක්බර පශ්චාත් - නිදහස් ඉතිහාසය තුළ 1956, 1958, 1977 සහ 1981 ආදී වර්ෂයන්හි දී දමිළ ජනතාව මහ පරිමාණ ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වූහ. ඒ සියල්ලට වඩා දරුණුතම අවස්ථාව වූයේ “1983 කළු ජූලියේ” විනාශය යි. ශ්‍රීධර සිං ඒ පිළිබඳ මතකයන් අවද්‍ි කළේ මෙසේ ය.
“1977 දී අප රටට නව ආර්ථික ක්‍රමයක් හඳුන්වා දුන්නා. නමුත් කාලයට ගැලපෙන ලෙස එය නවීකරණය කිරීම සඳහා අවධානය යොමු නොකර තරගකාරි, අදූරදර්ශී සහ විනාශකාරි පටු දේශපාලනයක නිරත වුණා. එජාපය 1977 පැවති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තා. එජාපයේ මැතිවරණ ජයග්‍රහණයත් සමග ඇති වූ ජාතිවාදී කෝලාහල නිසා ජේ. ආර්. ජයවර්ධන අගමැති ලෙස දිවුරුම් දුන් දිනම රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීම සිදුවුණා. එහි ප්‍රතිඵලය, 1977 අවුරුද්දේ දමිළ ජනතාවට එරෙහිව එල්ල කරන ලද ප්‍රචණ්ඩත්වයෙන් අපේ අලෙවි සල ගිනි තැබීමට ලක් වුණා.”
කොළඹ පූබාලසිංහම් පොත් අලෙවි සැල
|
1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මගින් එජාප අපේක්ෂකයෙකු වූ ඒ. තංගරාජා මැයි 24 වෙඩි තබා ඝාතනය කළ අතර, මැයි 30 මැතිවරණ ප්‍රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයින් දෙදෙනකු ද ඝාතනය කරන ලදී. ඉන් ප්‍රකෝපයට පත් පිරිස් 1981 දී ග්‍රන්ථ සහ අත්පිටපත් 97,000ක් පමණ තිබූ යාපනය සිව් මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී.
ඒ දවසෙම යාපනයේ පිහිටි අපේ පොත් අලෙවිසැල් තුනම ගිනි තැබීම්වලට ලක්වෙලා විනාශයට පත්වුණා. ඒ වගේම එදිනම තමයි යෝගේෂ්වරන් මන්ත්‍රීතුමන්ගේ නිවස හා ඊළනාඩු පුවත්පත් කාර්යාලය ගිනි තැබීම්වලට ලක් වුණේ.”
“මේ සිදුවීම් වලින් පස්සේ තාත්තා රෝගාතූර වුණා. 1982 අවුරුද්දේ දි තාත්තා නැති වුණා. වැඩිමහල් දරුවා විදිහට පවුලේ වගකීම මගේ පිට පැවරුණා. නැවත අමාරුවෙන් පොත් අලෙවිසල පටන් ගත්තා. එහෙම පටන්ගෙන මගේ සහෝදරවරුන් සමග පොත් අලෙවිසල පවත්වාගෙන ගියා”
1983 ආරම්භ වෙන විට ආයුධ අතට ගත් කල්ලිවල දේශපාලන බලය වර්ධනය වී තිබුණු අතර, ඒවා අතරින් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය ප්‍රධාන විය. කොටි සංවිධානයේ සාමාජිකයන් වැඩි පිරිසක් ඉන්දියාවේ සන්නද්ධ පුහුණුව ලැබූ අය වූහ. 1983 මැයි මස පැවති පළාත් පාලන මැතිවරණය ආයුධ අතට ගෙන සිටි කල්ලිවල ශක්තිය උරගා බැලුණු ප්‍රධාන අවස්ථාවක් විය.
“83 ජූලි හිංසනය ඉබේ ඇති වූ දෙයක් නෙවෙයි. ඒක සංවිධානගත ක්‍රියාවලියක්. එහෙන් මෙහෙන් කීප දෙනෙක් ස්වේච්ඡාවෙන් ඊට එක් වුණා වෙන්න පුළුවන්. නමුත් විවිධ තැන්වල සංවිධානගත කණ්ඩායම් මේ ක්‍රියාවන් සැලසුම් කරලා ක්‍රියාත්මක කළා. 83 ජූලි කලබල අවස්ථාවේ දීත් පොත් අලෙවිසල ගිනි තැබීමට ලක් වෙලා විනාශ වුණා. කලබල සමනය වුණාට පස්සේ නැවත වතාවක් මගේ සහෝදරවරු සමග පොත් අලෙවි සල ගොඩ නංවලා පවත්වාගෙන ගියා. 80 දශකය අග භාගයේ දී දරුණු ලෙස කොටි ත්‍රස්තවාදී කලබල ඇතිවුණා. මම සහ සහෝදරයන් එකම තැනක රැඳිලා මේ ව්‍යාපාරික කටයුතු කරන එක තේරුමක් නැහැ කියලා මට හිතුණා. අනාගතය අවිනිශ්චිතයි කියලා හිතුණා. ඒ නිසා යාපනය අලෙවි සල සහෝදරයන්ට බාර දීලා මම කොළඹ ආවා.”
“යාපනය පූබාලසිංහම් අලෙවිසැල ගිනිතැබීම්වලට ලක් වුණාට පස්සේ නැවත වතාවක් ගොඩනැඟෙන්න යාපනයේ ලේඛකයෝ සහ මාධ්‍යවේදීන් අපිට ලොකු පිටුවහලක් වුණා.”
1992 වසරේ දී ශ්‍රීධර සිං කොළඹට පැමිණෙන්නේ ද පොත් අලෙවි සලක් ආරම්භ කිරීමේ සිතුවිල්ල ඇතිවය.
“වයස 15 ඉඳන් මම තාත්තා එක්ක එකතු වෙලා පත්තර පොත් රස්සාව තමයි කළේ. ඒ හැර මට වෙන ව්‍යාපාරයක් ගැන හිතන්නවත් බැහැ. ඒ අත්දැකීම් තමයි මට කොළඹ ඇවිත් කටයුතු කරන්න පහසු වුණේ. විශේෂයෙන් තාත්තා සාහිත්‍ය ප්‍රේමියෙක් නිසා සාහිත්‍ය මිතුරන්, මාධ්‍ය මිතුරන්, විශේෂයෙන් සිංහල මිතුරන් - කොළඹ වගේ නගරයක පූබාලසිංහම් පොත් අලෙවි සලක් ආරම්භ කිරීමට ගොඩාක් උදව් කළා. දමිළ වගේම සිංහල අලුත් මිතුරන් මට හමුවුණා. ඇන්ටනී ජීවා, සෝමකාන්තන්, නේමන් කවි වගේ සාහිත්‍ය මිතුරන් මට හමු වුණා.”
“විශේෂයෙන් සිංහල මිතුරෙකු ලෙස ගුණසේන විතාන හමු වුණා. ඔහු මාර්ගයෙන් තවත් සිංහල ලේඛකයන්, කවීන් හා පුවත්පත් කලාවේදීන්ගේ ඇසුර මට ලැබුණා. කොළඹ ජීවිතයේ දී මට උදව් කළ බොහෝ සිංහල මිතුරන් පිරිසක් ඉන්නවා.”
“යාපනයේ ඉන්න කාලයේ එවකට ශ්‍රී ලංකාවේ ප්‍රකටව තිබු පොත් ප්‍රකාශන ආයතන සමග සම්බන්ධතා තිබුණා. ඒ වගේම පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකත්වය දැරීම නිසා කොළඹ පොත් අලෙවිසලක් ආරම්භ කර පවත්වාගෙන යෑම ලොකු ගැටලුවක් වුණේ නැහැ. ඒ අනූව මම ඩැනියෙල්, තෙනියාන් හා මාතලේ වඩිවේලු යන සාහිත්‍යධරයන්ගේ සහ කවීන්ගේ පොත් මුද්‍රණය කරලා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම දමිළ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන පොත් කීපයක්ම ප්‍රකාශයට පත් කරන්නත් මට අවස්ථාව ලැබුණා. එයින් නොනැවතුණු මම - කල්කි, ඉන්දුමති, බාලකුමාරන්ගේ මෙන්ම නූතන නවකතාකරුවෙකු වන රාමනිචන්ද්‍රන් යන ඉන්දියා ලේඛකයන්ගේ සාහිත්‍ය, ආගම, වෛද්‍ය විද්‍යාව හා ජ්‍යොතිෂය වගේ පොත්පත් ලංකාවට ගෙන්වලා බෙදා හරින එකම පොත් අලෙවිසැල බවට අපි පත්වුණා. ඊට අමතරව ඉන්දියානු දමිළ සඟරා වන කල්කි, ආනන්ද විගඩන්, කුමුදම්, ශක්ති විගඩන් යන සඟරා හා මේ වෙන විට උතුරේ සියලු ලේඛක ලේඛිකාවන්ගේ පොත් ප්‍රකාශයට පත් කරන්න අවස්ථාව හිමි වුණා.”
“ඒ වගේම තමයි වර්තමානයේ යාපනයේ මුද්‍රණය කරන ජීවනදි යන සඟරාව ගෙන්වලා අලෙවි කරනවා. ඩොමිනික් ජීවා සිංහල කෙටිකතා දමිළ භාෂාවට පරිවර්තනය කර තිබෙනවා. ඒ පොත් ප්‍රකාශයට පත් කළේ මම යි.”
සිය ජීවිතයේ වසර 60ක්ම පොත් පත් සමඟම ගත කළ ශ්‍රීධර සිං මේ වෙන විට කොළඹ නගරයේ පූබාලසිංහම් පොත් අලෙවිසල් දෙකක් පවත්වාගෙන යයි. වැල්ලවත්තේ පිහිටි පොත් අලෙවිසැලේ සිටින්නේ ඔහුගේ සහෝදරයාය. හෙට්ටිවීදියේ පිහිටා ඇති දෙමහල් ගොඩනැගිල්ලකින් යුත් පූබාලසිංහම් පොත්හලේ සිටින්නේ ශ්‍රීධර සිං ය. ඉන්දියාවෙන් ප්‍රකාශයට පත්වෙන අලුත් පොත් ගෙන්වා, ලංකාවේ සාහිත්‍යකරුවන් එක්රැස් කර ගනිමින් සාහිත්‍ය වැඩමුළු පැවැත්වීම ඔහුගේ විනෝදාංශයකි.
“මගේ අලෙවිසලේ සිංහල පොත් මෙන්ම දමිළ පොතුත් විකිණීමට තිබෙනවා. නමුත් බහුතරයක් තිබෙන්නේ දමිළ පොත්. දමිළ පාඨකයන් පිරිසක් තමයි අප වටා සිටින්නේ.”
එදා යුගයට සාපේක්ෂව අද පොත් කියවන පාඨකයන් යම් තරමකට අඩු වුවත්, නව තාක්ෂණය අනූව ඔවුන් සාහිත්‍ය අතැර නොමැති බව ශ්‍රීධර සිං පවසා සිටියි. එසේම වත්මන් තාරුණ්‍ය ද නව තාක්ෂණය භාවිතයෙන් කියැවීමෙන් ද ඈත් වී නොමැති බව ද අවසානයේ සඳහන් කළේය.
එම්. තාරික්
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී පසුගිය පෙබරවාරි 24 වැනිදාට වසර තුනකි. තමන් ජනාධිපති වූ සැණින් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බව පැවැසූ ඇමෙරිකන් ජනාධ
ආදි මානවයා දිවි ගෙවූයේ කැලෑවේ තිබූ ගල් ගුහාවල ය. එහෙත් මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවත් සමගම මිනිස්සු ගල් ලෙන් වලින් නිවාස වෙත සංක්‍රමණය වන්නට පටන් ගත්හ.
හඳගනාව නාමය ලක් ඉතිහාසය හා එක් වන්නේ පූර්ව ඵෙතිහාසික යුගවල සිටය.
බ්‍රිතාන්‍ය කිරුළට, වික්ටෝරියා මහරැජිනගේ රුවට සහ ජෝර්ජ් රජතුමාගේ රුවට හිසනමා ඇතුළුවිය යුතු විස්මිත බුදුමැඳුරක් .....? ඔව් මේ, අපේ විහාරස්ථානයක විහාර මන
වර්තමානයේ මුදල් තැන්පත් කිරීම, ණය දීම ආදිය සිදුවන්නේ බැංකු මගිනි. රජයේ හා පෞද්ගලික බැංකු මෙන්ම අන්තර්ජාල මූල්‍ය ක්‍රම වර්තමානයේ භාවිත වෙයි.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
දමිළ පාඨකයන්ගේ පවස නිවන පූබාලසිංහම්