IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


නවසීලන්ත සංචාරය නරකමත් ’ නෑ


නවසීලන්තය බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්වී නැවත පැමිණියේය. තරගාවලි දෙකෙහිම අවසන් තරග ජය ගැනීමට ඔවුන්ට හැකි විය. විදේශයකදී තරගයක් හෝ ජයගැනීම විශේෂත්වයක් වන තැනට ලෝකයේ සෑම තරගාවලියක්ම පරිවර්තනය වෙමින් තිබෙන බව සැබෑවකි. එහෙත් මෙවර නවසීලන්ත සංචාරයේ විස්සයි20 තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද ජයගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබූ බව පැහැදිලිය. අප අත්හැර ගත්තේ කාලයකින් ලැබෙන අවස්ථාවකි. 

තරග තුනකින් සමන්විත තරගාවලියකදී පළමු තරග දෙක එක් කණ්ඩායමක් විසින් දිනා ගැනීමෙන් පසු තෙවැනි තරගය ප්‍රතිවාදීන් ජය ගැනීම දෙස ආකාර දෙකකින් බැලිය හැකිය. පළමු ආකාරය නම් තරගාවලිය ජය ගත් කණ්ඩායම ජයග්‍රහණය නිසාම යම් ආකාරයකින් සැහැල්ලුවෙන් තෙවැනි තරගයට පැමිණීමය. අනෙක් කාරණය නම් ජයග්‍රහණය කළ කණ්ඩායම තෙවැනි තරගය ද ජයගැනීමේ අපේක්ෂාවෙන් පැමිණෙද්දී පරාජිත කණ්ඩායම පළමු තරග දෙකේ සිදුවූ වැරදි නිවැරදි කරගෙන තෙවැනි තරගයට අවතීරණ වීමයි. අපට පෙනෙන හැටියට ශ්‍රී ලංකාව කළේ දෙවැනි කාරණයයි. මෙයින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව හොඳ කණ්ඩායමක් බවයි. එහෙත් තවමත් විදේශයකදී තරගකාරී කණ්ඩායමක් වී නැති බවයි. 

විස්සයි20 තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග පැවැත්වූ ක්‍රීඩාංගණවල අතීතය නිවැරදිව කියවා නොගෙන තරග කිරීමෙන් පාඩුවක් සිදු කරගත්තේය. පළමුව පන්දුවට පහරදීමට අවශ්‍ය අවස්ථා දෙකකදී අපි එම අවස්ථාව ලබා නොගත්තෙමු. එය පැහැදිලි පාඩුවක් විය. අනෙක් අතින් එක්දින තරගාවලියේ දී තරග තුනේදීම නායක චරිත් අසලංක ලකුණු අතරට නොපැමිණීම කණ්ඩායමට පාඩුවක් විය. පසුගිය කාලය පුරාම ලකුණු අතර සිටි අසලංක ලකුණු අතරට නොපැමිණෙන විට ඔහුට ඉහළින් සිටින පිතිකරුවා සහ පහළින් සිටින පිතිකරුවා වගකීම භාර ගැනීම සිදුවිය යුතු තත්ත්වයයි. පළමු තරග දෙකේ දී එය නිවැරදිව ඉටු වූයේ නැත. දෙවැනි තරගයේ දී ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් අසලංකගේ පමණක් නොව අනෙක් ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාගේද අසාර්ථකත්වය වසා ගැනීමට උත්සාහ කළද ලකුණු 22 කට කඩුලු 4 ක් වැටීම ලෙහෙසි තත්ත්වයක් නොවීය. කෙසේ වුවද තෙවැනි තරගයේ දී ජනිත් ලියනගේ ක්‍රීඩා කළ ආකාරය නියම අංක 6 පිතිකරුවෙකු ගේ ඉනිමකි. එක්දින තරගවල අංක හය නිවැරදිව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය තත්ත්වයක් වන අතර ජනිත් තෙවැනි තරගයේ දී එය ඉතාම ඉහළින් සිදු කළේය. මෙය තවත් වර්ධනය වීම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ඉතාම හොඳ තත්ත්වයක් බව නොකිව මනාය. 

එක්දින තරගවලදී අසිත ප්‍රනාන්දුගේ පන්දු යැවීම කැපී පෙනුණි. පළමු තරගයේ දී අසිත වෙනුවට ළහිරු කුමාර ක්‍රීඩා කළේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් විය.​ එහෙත් දෙවැනි තරගයේ සිට එය නිවැරදි විය. තීක්ෂණ සහ අසිත වඩාත් හොඳින් එක්ව පන්දු යැවූහ. වනිඳු හසරංග ප්‍රතිවාදියාට නිරන්තර තර්ජනයක් විය. චමිඳු වික්‍රමසිංහට පන්දු යවන්නෙකු ලෙස තමන්ගේ කාර්යය නිවැරදිව කර ගැනීමට නොහැකි වීම විශේෂ පාඩුවක් විය. මේ තරගාවලියේ දී පන්දුවෙන් යමක් කළ යුතුව තිබූ ක්‍රීඩකයා ඔහුය. එහෙත් තරුණයෙකු වශයෙන් මෙය ඔහුට යම් ආකාරයක අත්දැකීමක් විය හැකිය. එහෙත් අංක හත ස්ථානයේ ක්‍රීඩා කරන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස කල්පනාවෙන් ක්‍රීඩා කිරීම ඔහුගෙන් කණ්ඩායම අපේක්ෂා කරන තත්ත්වයකි. තෙවැනි තරගයේ දී ඔහුගේ ඉනිම ගැන සෑහීමකට පත්විය නොහැකි වුවත් ඔහු යම් උත්සාහයක් ගත් බව දැකගැනීමට තිබිණි. 

ශ්‍රී ලංකාව ජයගත් තෙවැනි එක්දින තරගයේ දී කණ්ඩායම ඉතා හොඳින් පන්දු රැකීමේ කාර්යයේ යෙදුණේය. එය ඊට පෙර තරගවලදී මෙන්ම විස්සයි20 තරගවලදී ද කැපී පෙනන තත්ත්වයක නොතිබුණි. ආගන්තුක තත්ත්ව යටතේ දී උපරිමයෙන් පන්දු රැකීමේ අවශ්‍යතාව වඩාත් හොඳින් තේරුම්ගැනීමට තෙවැනි තරගය හොඳ උදාහණයකි. 

මේ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ ඔස්ට්‍රේලියාවයි. ජනවාරි 29 වැනි දින ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග ඇරඹෙයි. මේ ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගණයේ දීය. මෙය නම් ප්‍රශ්නයකි. වසංගත තත්ත්වයක් හෝ ආරක්ෂාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබෙද්දී ශ්‍රී ලංකාව මේ තරග දෙක ගාල්ලට සීමා කළේ ජයග්‍රහණඋදෙසාම බව පැහැදිලිය. එහෙත් ලෝක ටෙස්ට් ශූරතාවයට යාමට හැකියාවක් නොතිබෙද්දී එක් තරගයක් කොළඹට හෝ මහනුවරට ගෙන යෑමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති බව පැහැදිලිය. ලෝක ටෙස්ට් ශූරතා කාලසටහන ඉදිරිපත් කරද්දීම මෙම තරග සැලසුම් කර තිබුණත් දැන් මතුව ඇති තත්ත්වය අනුව මේ තරග දෙකෙන් එකක් ගාල්ලෙන් පිටතට ගෙනැවිත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම් අත්දැකීමක් ලබා දීමේ අවස්ථා තිබුණි. එය ලබා නොගැනීම පුදුම සහගතය. 


මෙම තරග දෙකෙන් පසුව පෙබරවාරියේ දී එක්දින තරග දෙකක් පැවැත්වෙයි. ඒ තරග ශූරයන්ගේ කුසලානයට යන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පෙරහුරු තරග ලෙස පැවැත්වෙයි. එහෙත් එම තරග ජයගැනීම ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත්ය. එයට හේතුව ඉදිරි ලෝක කුසලාන තරගාවලියට මේවා අත්දැකීම් වන නිසාය.
නවසීලන්ත තරගාවලියේ පළමු තරග දෙකේ පැහැදිලිව දැක ගත හැකිව තිබූ තත්ත්වය වූයේ ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු එකවර සාර්ථක නොවීමයි. සාර්ථක වෙනවා යනු එක් පිතිකරුවෙකු ලකුණු 50 ට වැඩි සංඛ්‍යාවකට යද්දී අනෙක් පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු 35 ක සීමාවට යෑමයි. මෙය තෙවැනි තරගයේ නිවැරදි වූ සැණින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් හිමිවිය. මේ නිසා ඉදිරිපෙළ පිතිකරුවන් සිව් දෙනාට පැවරෙන වගකීම ඉතාම ඉහළය. එය නිරන්තරයෙන් මතක් කළ යුතු දෙයක් නොව ක්‍රීඩකයන් පුරුද්දෙන් දැන සිටිය යුතු තත්ත්වයකි. 

ශ්‍රී ලංකාව තරග ජයගන්නේ කුඹුරුවල ක්‍රිකට් ගසා යැයි නැගෙන චෝදනාව යම් ආකාරයකින් පාලනය කර ගැනීමට එක්දින සහ විස්සයි20 තරග එක බැගින් හෝ ජයගැනීම නිසා අවස්ථාව ලැබුණි. එහෙත් එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකාවට ලැබුණු බරපතළ පරාජයන්ය. විස්සයි20 තරගාවලියේ නම් පළමු තරගයේ දී හොඳ තරගයක් දීමට ශ්‍රී ලංකාවට හැකි විය. එම තරගය නවසීලන්තය ජයගත් තරගයක් නොව ශ්‍රී ලංකාව විසින් පරාජය උදාකරගත් තරගයක් ලෙස දැක්විය හැකිය. 

මේ සියල්ල ගත්කල තරගාවලිය නවකයන්ට හොඳ අත්දැකීමක් විය. නායකයෙකු ලෙස චරිත් අසලංකට අත්දැකීම් රාශියක් ලැබුණි. දැන් අවශ්‍ය වන්නේ මේ අත්දැකීම් තවත් විදේශ සංචාරයකදී යොදාගැනීමය. තරගයක් ඉක්මනින් අවසන් වූවිට හෝ වැස්සක් වැටුණු විට ​කොළ පනස්දෙකේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉඳහිට    හෝ    බරපතළ  ක්‍රිකට් සාකච්ඡාවලට වැටෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුවටත් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දියුණුවටත් ඉතාම වැදගත් බව මතක් කළ යුතුය. කළ යුත්තේ උගත් පාඩම් පෙට්ටියක තබා පසෙකින් තැබීම නොව අනාගතයේ දී යොදා ගැනීමයි. 


කාංචන දසනායක


 



අදහස් (0)

නවසීලන්ත සංචාරය නරකමත් ’ නෑ

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

නවසීලන්ත සංචාරය නරකමත් ’ නෑ
2025 ජනවාරි මස 22 21 0

නවසීලන්තය බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්වී නැවත පැමිණියේය.


ඔලිම්පික් මහගෙදර රණ්ඩුවට ක්‍රීඩා ඇමැතිත් පැටළෙයි
2025 ජනවාරි මස 22 15 0

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ප


පුතුගේ අවසන් මොහොතට රණවිරු පියා රෝහලේ සිට එයි
2025 ජනවාරි මස 22 49 0

සැමියාට තුවාල සිදුවීම ද පුතුගේ වියෝව ද හමුවේ නෙලීකා තුළ වූ අසීමිත පීඩනය ඇයට දරාගත හැකි සීමාවක නොවීය.


කැලඹුණු ලොස් ඇන්ජලීස් “ දේව දරුවා ”
2025 ජනවාරි මස 22 21 0

සති දෙකක් තිස්සේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ළැව්ගිනි පැතිරෙයි. ජීවිත බිලි ගනිමින්, නිවාස සහ දේපළ වනසමින්, ලක්ෂ ගණනකට උන්හිටිතැන්


‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 88 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 84 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 521 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site