IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුයි. අපි ගොඩාක් කතා කරලා තමයි මේ වෙනස කළේ. චන්දිමාල් සමඟත් කතා කරලා, එයා උඩට ඇවිල්ලා මැදට වෙන පිතිකරුවෙක් ගේනවා. ‘ලෝවර් මිඩ්ල් ඕඩර්’ එකට කඩුලු‍ රකින්නෙක් ගේන්න පුළුවන් නම් ඒක තමයි මේ කණ්ඩායමේ සමතුලිතතාවයට හොඳම” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු, හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගයට පෙර දින පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආනාගතය වෙනුවෙන් ටෙස්ට් කණ්ඩායම තුළ කරන දැවැන්ත පෙරළිය පිළිබඳව සනත් ජයසූරිය ඉහත ප්‍රකාශයත් සමඟ දීර්ඝ ලෙස පැහැදිළි කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (18 වැනිදා) නවසීලන්තයට එරෙහිව ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනස් කරන තරගයක් බවට එම වෙනස්කම්  පරිවර්ථනය විය.

ශ්‍රී ලංකා මාතාවට දායාද කළ ක්‍රිකට් පුස්තකාලයක් වැනි සනත් ජයසූරිය, නවසීලන්තයට එරෙහිව එම තරගයේදී කණ්ඩායමේ දැවැන්ත වෙනසක් කිරීමට පියවර ගත්තේය.

 

කමිඳු

ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 යන ඕනෑම තරගයක ඕනෑම කණ්ඩායමක අංක තුන පිතිකරු ස්ථානය වඩාත් තීරණාත්මක බව ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පොඩි හෝ දැනුමක් තියෙන ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. ටෙස්ට් තරගයකදී ආරම්භක පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ගොඩනැගීමට අසමත් වුවහොත් අංක තුන පිතිකරුට අතිරේක වගකීමක් ද පැවරෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය ගෙන බැලුවහොත් මෙරටින් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා සහ අසංක ගුරුසිංහ ආදී පිතිකරුවන් අංක තුන සහ හතර ස්ථානවල පන්දුවට පහර දුන්හ. එම ක්‍රීඩකයන් ක්‍රීඩා කළ කාලය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයන් බවට ද පත්විය.

කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ අංක තුන පිතිකරු ස්ථානය ස්ථාවර නොවීම වසර කීපයක සිට ගැටලු‍වක් බවට පත්ව තිබුණි. මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ සනත් ජයසූරිය, එයට පිළියම් කිරීමට මෙම නවසීලන්ත සංචාරය යොදාගත්තේය.

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර 2008 කාලයේදී කඩුලු‍ රැකීම අත්හැරීමෙන් පසුව ප්‍රසන්න ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් ඇතුළු කීපදෙනෙක් කඩුලු‍ රකින්නන් ලෙස කටයුතු කළ අතර එහිදී සංගක්කාර අංක තුන පිතිකරු ලෙස ටෙස්ට් සහ එක්දින පිලේ අති සාර්ථක ගමනක් ගියේය.

සංගක්කාර 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල කඩුලු‍ රකින්නන් ලෙස කටයුතු කළහ. එම කාලය තුළ අංක තුන පිතිකරු ස්ථානයේ කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ පිතිකරුවන් කීපදෙනෙක් පන්දුවට පහර දුන්න ද සංගක්කාර ආසන්නයටවත් ඒමට අසමත්වීම කැපී පෙනුණි.

අංක තුන පිතිකරුගේ අසාර්ථකත්වය 2015 වසරේ අගෝස්තු මස සිට වසර 10 කට ආසන්න කාලයක් පුරා පෙනුණ ද එයට පිළිගත හැකි විසඳුමක් දීමට කිසිවකු ඉදිරිපත් නොවීම කැපී පෙනුණි.  

සනත් ජයසූරිය එයට කදිම පිළිතුරක් සොයාගනිමින් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ අංක තුන ස්ථානයට ගෙන ආවේය. චන්දිමාල් එංගලන්ත සංචාරයේදී අංක 5 ස්ථානයේ පන්දුවට පහර දුන්නේය.

අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් අංක හත ස්ථානය දක්වා පහළට දැමීමට සනත් ජයසූරිය නොබියව තීරණය කළේය.

සනත් ජයසූරිය මෙම තරගයේදී තවත් අභියෝගාත්මක තීරණයක් ගැනීම කැපී පෙනුණි. එනම් එංගලන්තයේ පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායකට කණ්ඩායමේ ස්ථානය අහිමි කිරීමයි. මිලාන් වෙනුවට එම ස්ථානයට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබුණි.

ටෙස්ට් කඩුලු‍ 63 ක් දවාගෙන ඇති, තවමත් 29 වැනි වියේ පසුවෙන රමේෂ් මෙන්ඩිස්ට නැවත කණ්ඩායමේ ස්ථානය හිමිවීම වඩාත් වැදගත් වී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස රමේෂ් දස්කම් අතරට පැමිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සුබ තත්ත්වයකි.

මෙම වෙනස්කිරීම පිළිබඳව ද සනත් ජයසූරිය මෙසේ කරුණු පැහැදිලි කළේය.

‘‘කණ්ඩායමක් තෝරනවා කියන්නේ පහසු කටයුත්තක් නෙවෙයි. මිලාන් රත්නායක ඔහුගේ පළමු සංචාරයේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා.  එය එසේ වුවද අවාසනාවකට මිලාන් රත්නායක මේ තරගයට ගේන්න බෑ. අපිට අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස සිටිනවා. මිලාන් තුන්වෙනි වේග පන්දු යවන්නායි. මම මිලාන්ට පෞද්ගලිකව කථා කර එය තේරුම් කළා. මම ඔහුට කිව්වා කණ්ඩායමේ  සම තුළතතාවය සඳහා එය සිදු කරන්න වෙන බව’’ යැයි සනත් ජයසූරිය පැවසීය.

ක්‍රිකට් සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමේ බුද්ධිය සනත් ජයසූරිය සතුව ඇති බව, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් මීට පෙර පැවැති ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත දමා සිටි දිනේෂ් චන්දිමාල්ට මෙවැනි වගකීමක් පැවරීමෙන් ප්‍රදර්ශනය වේ.

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වෙන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු‍ හතක් දැවී ලකුණු 302ක් රැස්කර සිටියේය.

දිනේෂ් චන්දිමාල් පන්දු 71 කදී කඩුල්ල රැකගනිමින් ලකුණු 30 ක් රැස්කර තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය.

එහිදී කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරමින් ශතකයක් රැස් කිරීම කැපී පෙනුණි. කමිදු පන්දු 173 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 114 ක් රැස් කිරීමට සමත් විය.

කමිදු මෙම ඉනිමේදී ලකුණු 50 ඉක්මවා යාමත් සමඟ ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙක් පළමු තරගයේ සිට අඛණ්ඩව තරග හතකදී ලකුණු 50 කට වඩා රැස්කළ දෙවැනි ක්‍රීඩකයා වෙමින් ලෝක වාර්තාවක් සම කළේය. මීට පෙර  පාකිස්තානු  හිටපු පිතිකරු සෞද් ශකීල් එම වාර්තාවට තනිව හිමිකම් කීය.

අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටියදී මෙම තරගයේදී අංක 7 ස්ථානයට තල්ලු‍ කළ කුසල් මෙන්ඩිස් ද ලකුණු 50 ක් රැස් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වෙන ඊයේ (21) දිනයේ මෙම ටෙස්ට් තරගයට විවේක දිනයක් හිමිවිය. මෙම සටහන තබන විට තරගයේ තවත් දින හතරක් ඉතිරිව තිබීම නිසා තරගය පිළිබඳව අනාවැකි පළකිරීම එතරම් සුබදායි නොවේ.

තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකක් වීම නිසා රටවල් දෙකටම මෙම තරගාවලිය වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ ද, නවසීලන්තය දෙවැනි ස්ථානයේ ද, රැඳී සිටියි. එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම් දෙරටටම මෙම තරග දෙක වඩාත් වැදගත් වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත පිලේ විශේෂඥ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්ව සිටීම කැපී පෙනේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතීරුව රංගන වැඩිම කඩුලු‍ දවාගත් තණතීරුව වීම නිසා ඒ පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී 2019 වසරේ එස්.එස්.සී. සහ ගාල්ල ක්‍රීඩාංගණවලදී ටෙස්ට් තරගවලට සහභාගි වී ඇති අතර එහිදී තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය. දෙරට අතර ටෙස්ට් තරග 39 කදී නවසීලන්තය තරග 18 ක් ද, ශ්‍රී ලංකාව තරග 9 ක් ද ජය ලබා ඇති අතර තරග 11 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අගෝස්තු මස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද, අගෝස්තු මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස හර්ෂිතා මාධවී ද නම් කිරීම පසුගිය සතියේ කැපී පෙණෙන සිද්ධියක් බවට පත්විය.

වෙල්ලාලගේ පසුගිය ඉන්දීය සංචාරයේදී දැක්වූ දස්කම් සහ හර්ෂිතා ආසියානු කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය සති කීපය මෙන්ම එළඹෙන මාසයක පමණ කාලය වඩාත් කාර්යබහුල වෙනු ඇත. ශ්‍රී ලංකා ‘ඒ’ පිල දකුණු අප්‍රිකානු සංචාරයක ද, ශ්‍රී ලංකා කාන්ත ‘ඒ’ පිල බංග්ලාදේශ ‘ඒ’ පිලට එරෙහිව මෙරට දී තරගාවලියකට ද සහභාගි වී සිටියි.


සස්මින් භාසුර


 



අදහස් (0)

නිවැරදි දැක්මක සාර්ථක අස්වනු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

මරදානේ පරණ පොත් කඩ වීදියේ දවසක්
2024 සැප්තැම්බර් මස 24 46 0

ඉඩෝරයක් අවසන් වී මහ වැස්සක් ඇදහැලෙන තෙක් ගොවියෝ ආසාවෙන් බලා සිටින්නේ ඊළඟ කන්නයේදී කුඹුරක් හෝ වගාවක් කරගෙන අස්වැන්නක් ලබා ගැනීම සඳහාය.


තරුණ හා ළමා පරපුරේ කියවීමේ රුචිය නැංවීම
2024 සැප්තැම්බර් මස 24 26 0

පොත් අපේ හොඳම මිතුරෝ ය. එනිසා හොඳම මිතුරන් ඇසුර නරක මිතුරන් ඇසුරට වඩා හැමතින් ම යහපත් ය. මේ යහපත්කම කෙමෙන් සමාජයෙන් අඩු වෙමින් පවතින බවට චෝදනාවක් පවතී.


නිවැරදි දැක්මක සාර්ථක අස්වනු
2024 සැප්තැම්බර් මස 21 35 0

“ටෙස්ට් තරගයකදී ගොඩක් වෙලා පන්දු රැක්කොත් කඩුලු‍ රකින්නා කියන්නේ ලොකු වගකීමක් තියෙන තැනක්. වැඩි වෙලාවක් පන්දු රැක්කොත් අංක තුන බැට් කරන්න හරි අමාරුය


ලේඛිකාවන් තිදෙනෙකුගෙන් පොත් පොකුරක්
2024 සැප්තැම්බර් මස 21 43 0

තනූජා ලුම්බිණි තඹවිට රචිත ‘‘ ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද’’ නමින් කවි පොතක් ඉකුත්දා එළිදැක්වූ අතර මෙහි ආදරය, විවාහය, කූටුම්භ ජීවිතයේ ස්ත්‍රී පුරුෂ භූමික


2023 දී පාඨක රැල්ලක් හදපු පොතක්
2024 සැප්තැම්බර් මස 21 22 0

‘විෂාදය ඇතුළු මානසික රෝගවලින් නිහඬව තැවී පීඩා විඳින සියලු නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පිදුම වෙන් කර තබමු”...


යුද බිමේ සහකාරිය ගිනි අවිය පමණයි
2024 සැප්තැම්බර් මස 21 60 0

සාමාන්‍ය බංකර් රාජකාරිවලදී මුර වාරයක් ආවරණය කිරීම සඳහා එක් සෙබළෙකු බැගින් යොදවන නමුත්, ක්‍රියාන්විත අවදානම මත ඒ සඳහා වරකට දෙදෙනා බැගින් (Dubble Laentre) යොදවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site